සිම් කාඩ් නිදහසත් කපෝතියි

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    සිම් කාඩ් තහනම ගැන එලකිරි එකේ අය මොකක්ද හිතන්නේ?


    මම මෙච්චර දවසක් කිසිම පොලිටිකල් ත්‍රෙඩ් එකක කිසිම පෝස්ට් එකක් දාල නෑ නමුත් මේ වගේ ඒවා දකිද්දි නම් මහින්දගේ නෑදෑ පරපුර මතක් වෙනවා

    නමුත් මම ලග තියෙන්නෙත් සිම් 2 යි , දුරකතන සමාගම්ම තියෙනව 5ක් ඉතින් ඒ හැම ජාලයකම කට්ටියට කතා කරන්න උනාම ඉතින් අතින් අම්බානකට ගානක් කපාගෙන ......................

    අනිත් එක තමයි ෆේස්බුක් තහනම් කරන්න යන එක

    මම හිතන විදිහට මේකට ප්‍රධාන හේතුව වෙන්නේ ඔය ගැහැනු ලමයින්ගේ පින්තූර අරගෙන කරල තියෙන වැඩ ( වැඩ කිව්වම කට්ටිය දන්නවනේ )


    ඕනේ කෙනෙක් දන්නවනේ මේක පබ්ලික් එකක් කියල එහෙම එකේ මොකටද තමන්ගේ පුද්ගලික තොරතුරු , හැම පින්තූරයක්ම වගේ ඕකට ඔබන්නේ ( එහේම ඔබන්නම ඕනේ නම් ඉතිං ඕක පෙන්නන ඕනේ කෙනාට විතරක් පේන්නුවම ඉවරයිනෙ )

    ෆේස්බුක් කියන්නේ මට නම් ඉස්කෝලයක් වගේ
    දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහගන්න , තමන් කරපු වැඩවල හොද නරක දැන ගන්න , මම නම් ඔය වගේ දෙවල් වලට තමයි ෆේස්බුක් පාවිච්චි කරන්නේ , අඩු වෙන්ම කරන වැඩෙ තමයි චැට් ( චැට් කරන්නේ නෑමයි කියල කිව්වෙ නෑ )

    ඔන්න ඔකයි මට නම් හිතෙන්නේ
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මොකද හැමෝම දන්නව ඇතිනෙ හට්ච් , එයාර්ටෙල් වගේ නිකන් දෙන සිම්
    අපේ අය අරගෙන කරන්නෙ මොනාද කියලා, බොහෝ විට කාටහරි කරදර කරන්න තමයි
    යොදාගන්නෙ ඒක නිසා එක්කෙනෙක්ට සිම් 3ක් හොඳටම ඇති

    ගොන් කතා කියන්න එපා බං.කරදර කරන මිනිහා තියෙන සිම් එක පාවිච්චි කරලා හරි, වෙන එවුන්ගෙන් ඇරගෙන හරි කරදර කරයි.ඒක සිම්පල්.
    මේක හොරුන්ට ප්‍රශ්නයක් නෑ.
    මෙහම හිතපං.ගෑනු ලමයෙකුට දිගටම කරදරයක් වෙනවනම්, එයාට ලේසියෙන් පුලුවන් සිම් එක මාරු කරලා බේරෙන්න. මම දන්නව සමහර කෙල්ලො ලව් පල් හිලව් අප්සැට් ගියාම සිම් එක මාරු කරලා බේරෙනවා.නමුත් ඒ අවස්තාව මේ අයට නැති වෙනවා..
    උඹට එක සිම් එකක් ඇති වෙන්න පුලුවන්.නමුත් හැමෝටම එහෙම නෑ.
    ආයතනයකින් 3ක් දෙනවානම්, ආයතන 6න් 18ක් ගන්න පුලුවන්.ඒකයි ඒක ප්‍රශ්නයක් නොවුනේ.ඒකවත් හිතන්න බැරිද?
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මූන පොත තහනම් කරන්නේ ගෑනු ලමයි හින්දම නෙවෙයි.මේකේ මිනිස්සු දේශපාලනය, ඇමතිවරුන්ගේ දූෂනය ගැන කතා කරනවා.මේ රටෙන් එලකිරි වගේ සයි‍ටුත් වහලා දාන දවස වැඩි ඈතක නෑ.දේශපාලනය ගැන නොදන්න එවුන්ට රට දුන්නම මේක තමයි වෙන්නේ.
    මූන පොතේ ඉන්නවලු ලෝකෙන් බාගයක් විතර ජනතාව




    internet_censorship.jpg
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මොනා කරන්නද බන් විරෝදී උනා කියල රජය හිතුමතේට ගන්න තීරන වෙනස් කරනවා නම් මොනා කරන්න බෑරිද,,
    තව ටික දවසකින් ලගතියාගන්න පුලුවන් ඈදුම් ගනනත් සීමා කරන්න නීතියක් දායි.
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මේ රටේ කොච්චර දේවල් කරන්න තියනවද... මුන්ට නම් පිස්සු බන්...
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    අපි කෑගැහුවා කියලා උන් ගන්න තීරණ වෙනස් කරන්නෙ නැහැනෙ බන්....
    මාර සිද්දිය වෙන්නෙ තාත්තගෙ අඩී එකට තමයි ගෙදර හැමෝටම මොබිටෙල් සිම් ගත්තෙ.....(අම්මට,තාත්තට,මට,නගාට..ආච්චිට...) දැන් අයින් කරන්න වෙන්නෙ කාගෙ සිම් 2ද දන්නෙ නෑ...:(:(:(:(
     

    DJ__MAL

    Member
    Dec 21, 2009
    107
    5
    0
    ata kota upahara sim walata mokada wanna.sim5k akkana kuta ganna puluwan kamatebunana.dan sim 2k cancel waida
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ ආණ්ඩුව තරම් ජනතාවගේ මුඛයට වෛර කරන ආණ්ඩුවක් හිටීයේ නැති තරම්. මහින්ද කටටම තමයි බාධා කරන්නේ.
    මිනිස්සුන්ට කතා කිරීමේ නිදහස නෑ. මාධ්‍යය වලට මුකවාඩම් දාලා.
    ලාභ සිම් කාඩ් මාරු කර කර කතා කරන්න බෑ.සිම් සීමා කරලා.ෂුවර් එකටම ලොකු ජරාවක් පාස් වෙලා තියෙනවා.මේක බහු ජාතික සමාගමක් ආරක්ෂා කරන්න කරපු දෙයක්

    මිනිස්සුන්ට කන්න නෑ.බඩු ගිනි ගනන්.ඉස්සර මිනිස්සු කීරී සම්බා, චිකන්, ‍තෝරා මාලුද, කිරිද පැණිද කෑවා.අද කන්න පාන් නෑ.ගිනි ගනන්.නාඩු හාල් ගනන්.කටට මරු පහරක්
    දුප්පත් තරුණයන්ට තමන්ගේ පෙම්වතිය සිප ගන්න මහින්ද ඉඩ දෙන්නේ නෑ. අත් අඩංගුවට ගන්නවා. කෙල්ලට කොල්ලට කිස් එකක් දෙන්න බෑ.

    no_free_speech.jpg
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මුන්ට රට දියුණු කරන්න බැරි නිසා, මිනිස්සුන්ට තුන් වේල කන්න දෙන්න බැරි නිසා විකාර වැඩ කරනවා.සිම් කාඩ් 3කට වඩා ලඟ තියාගත්තොත් අත් අඩංගුවට අරන් රක්ෂිත බංධනාගාර ගත කරන්න මුන් යන්නේ. අහිංසක මිනිස්සු අපරාධ කාරයෝ කරන්න ගේන බලු නීතියක්.බලපං අහිංසක පෙම්වතුන් අද නීති විරෝධි කරලා. මුන්ට නෂ්ට කාමය තිබුනා කියලා මේ පොඩි කොල්ලන්ට, කෙල්ලන්ට නීතී ගේන්නේ මොකද?අද බහු ජාතික කොම්පැනි පගා දෙනවනම් මුන් ඕන ජරා වැඩක් කරනවා.හොරු දේශපාලනය කරන නිසා තමයි මේ වගේ වැඩ වෙන්නේ. මේ දහදුරා දේශපාලනය මේ රටෙන් තුරන් කරලා,මේ දහදුරා දේශපාලුවන් මේකෙන් එලවලා, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදි, දූෂනයෙන් තොර, විපක්ෂ දේශපාලනයට, විකල්ප දේශපාලනයට ඉඩ දෙන පාලන රටාවක් වෙනුවෙන් විප්ලවීය වෙනසක් ඕනීමයි.
    91gf3.jpg
     
    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    සාමාන්‍ය ජනතාවට සිම් කාඩ් 10-15 තියාගන්න තියෙන අවශ්‍යතාව මොකක්ද???
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    හැම රෙද්දටම ආණ්ඩුවට බණින එක උබලට පුරුද්දක් වෙලා...
    මේකෙන් මහ ජනතාවට වෙන අසාධාරණය මොකක්ද???
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    Mata nam machan meke ehara waradak penne naa.Mata dan awurudu 6kata wada kaalaya thibbe eke numbr ekai.:)