සිමෙන්ති දාන හැටි කියහන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    සිමෙන්ති දාන හැටි කියහන්

    මේකයි මචන් සීන් එක. අපේ ගෙදර ටයිල්ස් මුකුත් නෑ. පරන වලව් ටයිප් එකේ ගෙයක්.(වලව්වක් නෙමේ). සෝ බිම සිමෙන්ති විතරයි තියෙන්නෙ. දැන් මගේ කාමරේ බිම සමහරක් තැන් කැඩිල පොඩි පොඩි වලවල් වගේ. දැන් මේවාට සිමෙන්ති දාගන්න ඕනෙ. හැබැයි floor එකේ අනිත් තැන්වලට සමපාත වෙන විදියට සුමටව. ඒක කරගන්නෙ කොහොමද කියල තමා දැනගන්න ඕනෙ. ඔය එලියෙ සිමෙන්ති ටිකක් අතුල්ලල තිබ්බට මෙහෙම තැනවල දාලම නෑ බන්. :(
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බාස්ලා ඕනා නෑ බන්...උබම බදාම ටිකක්, ගල් කැට ටිකක් පාවිච්චි කරලා වලවල් ටික වහගෙන ඊට පස්සේ සිමෙන්ති වතුරෙ දිය කරලා කොලොප්පු ගාපන් සුමට වෙන්න ලස්සනට :D

    වලවල් වහන්න කලින් වතුර ටිකක් ඉහලා තෙත් කරගෙන හිටියනම් බදාමේ හොදට ෆිට් වෙයි පොලොවට :nerd:

     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    වැලි ටික හලලා ගනින් මුලින්ම , මුල් කෑලි , කොල අනම් මනම් අයින් කරලාම , ඒතකොට වැඩේ ලේසියි ලස්සනයි

    4:1 වගේ දාපන් එතකොට හොද හයීයට හිට්නවා.
    වතුර ගානට දා ගනින්, මදි උනොත් හරියට තුනි කරන්න බෑ .

    සිමෙන්ති දාන්න කලින් වලවල් වලට වතුර ටිකක් ඉහලා , සිමෙන්ති කුඩු ටිකක් ගහලා ඉදින්, එතකොට අයින් වලින් කැඩෙන්නේ නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    වලවල් පොඩි වැඩි නම් ටිකක් ලොකු වෙන්න කඩා ගන්න. වලවල් වල තියෙන ඩස්ට් එක හොදට අයින් කරන්න. බදාම ටිකක් අරගෙන ඒවා වහලා ඊට උඩින් සිමෙන්ති කුඩු ඉහලා මේසන් හැන්දෙන් හොදට තද කරලා ස්මූත් එකට ගනින්.
     

    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    තව පොඩි ට්‍රික් එකක්. ෆිනිෂින් එක ගන්න බාස්ලා කරනවා දැක්කා අපේ office එක හදන කාලේ.

    සිමෙන්ති වේලීගෙන එද්දී ස්පොන්ජ් එකක් පොඟවලා ඒකෙන් ගානට පොඩ්ඩක් මදින්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    වැලි ටික හලලා ගනින් මුලින්ම , මුල් කෑලි , කොල අනම් මනම් අයින් කරලාම , ඒතකොට වැඩේ ලේසියි ලස්සනයි

    4:1 වගේ දාපන් එතකොට හොද හයීයට හිට්නවා.
    වතුර ගානට දා ගනින්, මදි උනොත් හරියට තුනි කරන්න බෑ .

    සිමෙන්ති දාන්න කලින් වලවල් වලට වතුර ටිකක් ඉහලා , සිමෙන්ති කුඩු ටිකක් ගහලා ඉදින්, එතකොට අයින් වලින් කැඩෙන්නේ නෑ.

    4:1 monawada?
     

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    වලවල් පොඩි වැඩි නම් ටිකක් ලොකු වෙන්න කඩා ගන්න. වලවල් වල තියෙන ඩස්ට් එක හොදට අයින් කරන්න. බදාම ටිකක් අරගෙන ඒවා වහලා ඊට උඩින් සිමෙන්ති කුඩු ඉහලා මේසන් හැන්දෙන් හොදට තද කරලා ස්මූත් එකට ගනින්.

    that s right:)
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඉසේල්ලම වල ටිකක් තෙමහන්

    අනාගත්ත සිමින්ති දාපන්

    වැලි අඩුවෙන්

    රිගිෆොර්ම් කැල්ලක් අරන් අතුල්ලලා මට්ටම් කරපන්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොඩි වැඩක් නම් දවසකින් ශේප් නම් බාසෙක්ට
    කියහන් බන් ශේප් එක ගියොත් උඹටත් අප්සට් නේ බන් ඌගේ
    දවසේ කුලිය වගේ නෙවේ මොකෝ උඹ එක දවසකට ඇහ් කාමරේ බොට :growl:


    ඕන උනොත් කාශි එක්කාසු කරලා ටයිල් කරහන් කොහොමත් ටිකක් කල්
    ගත වෙනකොට ඉරිතලලා ඒ තැන් පුපුරනවා බන් එක එක හේතූන් නිසා :baffled: