සිමෙන්ති මිල ඉහළට
රජය විසින් එක්වරම සිමෙන්ති කොට්ටයක මිල රුපියල් විසිපහකින් වැඩිකරන ලද අතර මේ වන විට රටපුරා දැඩි සිමෙන්ති හිඟයක් ඇති වී තිබේ. සිමෙන්ති හිඟය හේතුවෙන් ඇතැම් වෙළෙන්දෝ වැඩි මිලට සිමෙන්ති අලෙවි කිරීමද සිදු කරති.
මේ පිළිබඳව වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා පැවැසුවේ මුළු ලොව පුරාම සිමෙන්ති හිඟයක් ඇති බවත් ආසියාවට එය වැඩි වශයෙන් බලපා ඇති බවත්ය. ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවටද අලෙවියට සිමෙන්ති නොමැතිවීම නිසා වහාම සිමෙන්ති තොග ගෙන්වීමට පාකිස්තානය හා ඉන්දියාව සමග සාකච්ඡා පවත්වන බවද හෙතෙම පැවැසීය.