සියදිවි නසාගැනීම්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සියදිවි නසාගැනීම්

    සියදිවි නසාගැනීම් වැලැක්වීම අප සැමගේ වගකීමකි

    2014 වසර සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව ලොව රටවල් 172 ක් අතරෙන් 4 වන ස්ථානයට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවයි. ඒ පුද්ගලයන් 100,000 කට 28.8 අනුපාතයකිනි. ලොව සාමාන්‍ය සිය දිවි නසාගැනීමෙ අනුපාතය ලෙස සැළකෙන 11.4 : 100,000 හා සසඳන විට එය ඉතාම ඉහල අගයක් වේ.

    විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙය වන්නේ එසේ සිය දිවි නසා ගන්නා බහුතරයක් පිරිස නව යොවුන් වියේ හා යොවුන් වියේ පසුවන්නන් වීම අභාග්‍ය සම්පන්න හා ඛේදනීය තත්වයක් වන බව ය.

    දුක, තනිකම, කළකිරීම, බිය, දෙගිඩියාව, කණස්සල්ල ආදී වූ මානසික තත්වයන් ජීවිතයේ ඉදිරියට යන විට සියල්ලන්ටම මුහුණ පෑමට සිදුවන දෑ බව නොරහසකි. එහෙත් යම් කිසිවෙක් එවන් තත්වයන් නිසා දිගින් දිගටම පීඩා විඳින්නේ නම්, ඒ හැඟීම් නිසා පෞද්ගලික ජීවිතය, වෘත්තීය හා සමාජයීය ජීවිතය යන අංශයන් බිඳ වැටීමට ලක්වීමේ අවදානමක් දක්නට ලැබේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම අතිශය වැදගත් ය.බටහිර රටවල නම් මානසික අවපීඩන තත්ත්ව සඳහා ප්‍රතිකාර ගැනීමට මනෝ වෛද්‍යවරුන් හා උපදේශකවරුන් කරා යාම සුලබ තත්වයක් වුවද අප රටේ එවැන්නක් දක්නට නොලැබේ. අදාළ තැනැත්තාගේ පවුලෙන් පවා ඒ සම්බන්ධව මග පෙන්වීමක් ඔහුට හෝ ඇයට නොලැබේ. මෙයට ප්‍රධාන හේතු ලෙස ලැජ්ජාව හා පවුලේ ගෞරවයට කැළැලක් වේ යැයි පවතින බිය හඳුනා ගත හැක. මීට අමතරව,

    1. අදාළ තැනැත්තා තුල පවතින අධික කෝපය හා කලකිරීම.
    2. පිළිගැනීමක් හා සැලකිල්ලක් නොලැබීම.
    3. තමාගේ දුක, පීඩාව අන් අය විසින් හඳුනාගෙන සහය වේ යැයි බලාපොරොත්තු වීම.
    4. දැනටමත් සිය දිවි නසා ගැනීමට සැලසුම් කරමින් සිටීම.
    5. පලක් නොවේ යැයි සිතා සිටීම.
    6. රහස්‍ය භාවය පළුදු වේ යැයි සිතීම.

    අවශ්‍ය වුවත් අනුන්ගේ සහය නොපතා සිටීමේ තීරණයට එළඹීම සඳහා හේතු ලෙස දැක්විය හැක.

    ඔබේ සමීපතමයෙකු හෝ හඳුනන අයෙකු පහත ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම වටී.

    1."මම වැඩි කාලයක් ඉන්නෙ නෑ..හැමදාමත් මෙහෙම දුක් විඳින්න බෑ..මාව දැන් හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ" වැනි දෑ නිතර ප්‍රකාශ කිරීම.
    2. ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයෙක් හෝ මිතුරෙක් මීට පෙර සිය දිවි නසා ගෙන හෝ නසා ගැනීමට උත්සාහ කර තිබීම.
    3.එදිනෙදා කටයුතු පිළිබඳ උනන්දුවන් නොදක්වා, මුළු ගැන්වී සිටීම.
    4. දුක්මුසු අසරණ බවකින් සිටීම හා නිතර කල්පනා කරමින් සිටීම.
    5. කෑම අරුචිය, නින්ද නොයාම හා වෙනත් ශාරීරික අපහසුතා පිළිබඳ කලක පටන් ප්‍රකාශ කිරීම.

    ඉහත ලක්ෂණ පෙන්වන පුද්ගලයන් සිය දිවි නසා ගැනීමේ අවදානම් මට්ටමේ සිටින්නන් ලෙස සැලකිය හැකි අතර එවන් තත්වයන් තුලදී ඔබට ගත හැකි පියවර පහත පරිදි පෙන්වා දිය හැක.

    1. එම පුද්ගලයාගේ හැඟීම් පිලිබඳ විවෘතව කතා කිරීමට ඔහුව හෝ ඇයව පෙළඹවීම.
    2. තනි නොකිරීම හා ඔහු හෝ ඇය පිළිබඳ සැලකිලිමත් වන බව දැනෙන්නට හැරීම.
    3. ඔහු හෝ ඇය අතින් වරදක් වී තිබුනද එම වරද ඉස්මතු කරමින් ඔවුන්ව පීඩාවට පත් නොකිරීම.
    4.සිය දිවි නසා ගැනීම පිළිබඳ නිතර පවසයි නම් එසේ කරන්නට බලාපොරොත්තු වන්නේ කෙසේ දැයි විමසා සිටීම.
    5.සිය දිවි නසා ගැනීමට භාවිතා කළ හැකි යැයි සැක සහිත දෑ ඉවත් කිරීමට පියවර ගැනීම.
    6.හැකි ඉක්මනින් මනෝ වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු කරවීම.

    අදාල උපදේශන සේවා සඳහා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය මෙන්ම "සුමිත්‍රයෝ" වැනි සංවිධාන කරා එවන් අයව යොමු කිරීමේ හැකියාව පවතී.

    ඊට අමතරව පැවසිය යුතු ඉතාම වැදගත් කරුණක් ඇත. එය නම් සියදිවි නසා ගන්නේ දුර්වල මනසක් සහිත පුද්ගලයන් පමණක් බවත් තමාට කිසිම දිනෙක එවන් සිතිවිල්ලක් උදා නොවනු ඇති බවටත් බොහෝ දෙනා තුල ඇති මතය මිත්‍යාවක් බවය. සිය දිවි නසා ගැනීමේ හැඟිම ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකු තුල ඇතිවිය හැකිය.වැදගත් වන්නේ එවන් පුද්ගලයන්ව අපහාසයට හා උපහාසයට ලක් නොකර ඒ හැඟිම් වලින් මුදවා ගැනීම වේ.

    එය සමස්ථ සමාජයේ ම දෙවුර මත ඇති වගකීමක් බව අප විසින් සිතට ගත යුතු ය.

    සුමිත්‍රයෝ සංවිධානයේ දුරකථන අංකය - 0112682535
    ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ දුරකථන අංකය : 0112578234/237

    http://www.colomboweek.com/index.php/youth/item/277-responsibilty-of-preventing-suicides
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මේ එලකිරියෙම කී දෙනෙක් ආවද පහුගිය ටිකේ මං ජීවිතේ විනාස කරගන්නවා කියලා..ගොඩාක් වෙලාවට කෙල්ලෙක් සම්බන්ධ ප්‍රශ්නයක්..මේ තොරතුරු වැදගත් වෙයි ඒ වගේ අයට..ඕකට injection එකක් තියෙනවලු final treatment එක විදිහට.කවුරු හරි ඔය කියපු විදිහට කියනවනම් බොහෝ දුරට මානසික රෝගයකින් පෙලෙනවා වෙන්න පුලුවන්.

    රෙප් ++
    bookmarked
     
    උබේ ත්‍රෙඩ් ත් සැහෙන වටිනවා ,දැන් ඇගිල්ල හොදයිද ?

    TFS machan

    :cool::cool::cool::cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සියදිවි නසාගන්නෙ දුර්වල මනසක් තියෙන උන්ලු :dull: :dull: :dull:
    ලබ්බ තමා :dull: :dull: :dull: :dull:
    එතකොට මනෝ ඩොක්කු කියන්නෙ හසලක ගාමිණී දුර්වල මනසක් තිබ්බ කෙනෙක් කියලද :dull: :dull: :dull:
    සයිනයිඩ් කාපු කොටි දුර්වල මනස් තිබ්බ උන් කියලද :dull: :dull: :dull:
    දුර්වල මනසක් තියෙන එකෙක්ට පුළුවන්ද මරණ භය පැත්තකිං තියල වෙඩි කකා මරන්න යුද්දෙට යන්න :dull: :dull: :dull:
    සියදිවි නසාගන්න ඕනෙ උන් නසාගනිල්ල හසලක ගාමිණී සියදිවි නසාගත්ත වගේ හොඳ අරමුණක් ඇතුව කොහෙවත් යන චීත්ත වෙනුවෙන් නොනැහී. :dull: :dull: :dull:

    දැන් සියදිවි නසාගැනීම ප්‍රොමෝට් කරනව කියල රෙප් කපපල්ල :dull: :dull: :dull:
    හැමදාම මෙ වගේ ත්‍රෙඩ් එකක් දාපුවාම ඕකනෙ වුනේ :dull: :dull: :dull:
    මට කටවහං ඉන්නත් බෑ, ඒව කියෝන උන්ට රෙප් නොකප ඉන්නත් බෑ :dull: :dull: :dull:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සියදිවි නසාගන්නෙ දුර්වල මනසක් තියෙන උන්ලු :dull: :dull: :dull:
    ලබ්බ තමා :dull: :dull: :dull: :dull:

    වලිගෙ පාගාගෙන ,උබ හිතපු දේම තමා කියන්නේ ,මනස දුර්වල හෝ නොවෙන ඕනේ කෙනක් ට මේක වෙන්න පුළුවන් කියලා
    එතකොට මනෝ ඩොක්කු කියන්නෙ හසලක ගාමිණී දුර්වල මනසක් තිබ්බ කෙනෙක් කියලද :dull: :dull: :dull:
    සයිනයිඩ් කාපු කොටි දුර්වල මනස් තිබ්බ උන් කියලද :dull: :dull: :dull:
    දුර්වල මනසක් තියෙන එකෙක්ට පුළුවන්ද මරණ භය පැත්තකිං තියල වෙඩි කකා මරන්න යුද්දෙට යන්න :dull: :dull: :dull:
    සියදිවි නසාගන්න ඕනෙ උන් නසාගනිල්ල හසලක ගාමිණී සියදිවි නසාගත්ත වගේ හොඳ අරමුණක් ඇතුව කොහෙවත් යන චීත්ත වෙනුවෙන් නොනැහී. :dull: :dull: :dull:
    මේ ටිකනම් හරි බන් ,උබ බුට් කාලා නැ වගේ
    දැන් සියදිවි නසාගැනීම ප්‍රොමෝට් කරනව කියල රෙප් කපපල්ල :dull: :dull: :dull:
    හැමදාම මෙ වගේ ත්‍රෙඩ් එකක් දාපුවාම ඕකනෙ වුනේ :dull: :dull: :dull:
    මට කටවහං ඉන්නත් බෑ, ඒව කියෝන උන්ට රෙප් නොකප ඉන්නත් බෑ :dull: :dull: :dull:
    ඊට අමතරව පැවසිය යුතු ඉතාම වැදගත් කරුණක් ඇත. එය නම් සියදිවි නසා ගන්නේ දුර්වල මනසක් සහිත පුද්ගලයන් පමණක් බවත් තමාට කිසිම දිනෙක එවන් සිතිවිල්ලක් උදා නොවනු ඇති බවටත් බොහෝ දෙනා තුල ඇති මතය මිත්‍යාවක් බවය. සිය දිවි නසා ගැනීමේ හැඟිම ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකු තුල ඇතිවිය හැකිය.වැදගත් වන්නේ එවන් පුද්ගලයන්ව අපහාසයට හා උපහාසයට ලක් නොකර ඒ හැඟිම් වලින් මුදවා ගැනීම වේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සියදිවි නසාගන්නෙ දුර්වල මනසක් තියෙන උන්ලු :dull: :dull: :dull:
    ලබ්බ තමා :dull: :dull: :dull: :dull:
    එතකොට මනෝ ඩොක්කු කියන්නෙ හසලක ගාමිණී දුර්වල මනසක් තිබ්බ කෙනෙක් කියලද :dull: :dull: :dull:
    සයිනයිඩ් කාපු කොටි දුර්වල මනස් තිබ්බ උන් කියලද :dull: :dull: :dull:
    දුර්වල මනසක් තියෙන එකෙක්ට පුළුවන්ද මරණ භය පැත්තකිං තියල වෙඩි කකා මරන්න යුද්දෙට යන්න :dull: :dull: :dull:
    සියදිවි නසාගන්න ඕනෙ උන් නසාගනිල්ල හසලක ගාමිණී සියදිවි නසාගත්ත වගේ හොඳ අරමුණක් ඇතුව කොහෙවත් යන චීත්ත වෙනුවෙන් නොනැහී. :dull: :dull: :dull:

    දැන් සියදිවි නසාගැනීම ප්‍රොමෝට් කරනව කියල රෙප් කපපල්ල :dull: :dull: :dull:
    හැමදාම මෙ වගේ ත්‍රෙඩ් එකක් දාපුවාම ඕකනෙ වුනේ :dull: :dull: :dull:
    මට කටවහං ඉන්නත් බෑ, ඒව කියෝන උන්ට රෙප් නොකප ඉන්නත් බෑ :dull: :dull: :dull:

    prashna walata baya wela suicide karaganna ekai prashna walata wisaduma widihata suicide karaganna Ekai dekak.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    habai api kochchara kagahuwath suicide karannna ona kenekta ehema karanna aithiya thiyenna one. mokada apita eyage jiwithaya gana thiranaya karanna aithiyayak naha. there should be a assisted suicide process in sri lanka :yes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මේ එලකිරියෙම කී දෙනෙක් ආවද පහුගිය ටිකේ මං ජීවිතේ විනාස කරගන්නවා කියලා..ගොඩාක් වෙලාවට කෙල්ලෙක් සම්බන්ධ ප්‍රශ්නයක්..මේ තොරතුරු වැදගත් වෙයි ඒ වගේ අයට..ඕකට injection එකක් තියෙනවලු final treatment එක විදිහට.කවුරු හරි ඔය කියපු විදිහට කියනවනම් බොහෝ දුරට මානසික රෝගයකින් පෙලෙනවා වෙන්න පුලුවන්.

    රෙප් ++
    bookmarked

    :shocked::shocked::shocked::shocked: මු ගැන ඇහැ ගහගෙන ඉඳපන්. bookmark කරගත්තේ හොඳකට වෙන්න බහ. හෙට අනිද්දම සියදිවි හානි කරගනීද දන්නේ නැහැ :shocked::shocked::shocked::shocked:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    habai api kochchara kagahuwath suicide karannna ona kenekta ehema karanna aithiya thiyenna one. mokada apita eyage jiwithaya gana thiranaya karanna aithiyayak naha. there should be a assisted suicide process in sri lanka :yes:
    මට ඕනේ කියලා මැරෙන්න බැ
    බේරුනොත් එහෙම වෙලා ,රු 10000 ක් දඩ ගහනවා දන්නා විදිහට ,
    ඒවගේම ඇග බදිනවා ...මාස 6 හෝ අවුරුද්දක් යනකන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට ඕනේ කියලා මැරෙන්න බැ
    බේරුනොත් එහෙම වෙලා ,රු 10000 ක් දඩ ගහනවා දන්නා විදිහට ,
    ඒවගේම ඇග බදිනවා ...මාස 6 හෝ අවුරුද්දක් යනකන්

    eka thamai e nithi wens wela assisted suicide karana process ekak thiyenna one ethakota marenna ona kenata required qualifications thiyanawaanam, painless widiyata marenna puluwan