සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,943
    1
    6,817
    113
    මම අහන්නේ නිවන් ලැබෙන්න හේතු වෙන මුකුත් නැද්ද ?
    අහේතුක ද ?

    නිවන කියන්නෙ හේතු නැති කිරීම, නිවීම
    නිවන කියන්නෙ පරමාර්ථයක් ... සැබැවින්ම පවතින්ස් දෙයක් ... අහේතුක දෙයක්

    ඒත් පුද්ගලයාගෙ කර්ම ය අනුව නිවණ සාක්ෂාත් කරගැනීමෙ පහසුතාව රඳා පවතිනව

    නිවණ අසංඛතයි ... හේතුබ් ගෙන් තොර යි
    ඒත් නිවණට යන මාර්ගය වෙනයි, හේතූන් පහ කිරීමයි.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    නිවන අනිත්‍ය ද ?
    නිවන කියන්නේ ස්වභාවයක්...පවතින දෙයක් නෙමෙයි...හේතුවකින් හටගත්තා යයි කියන්න පුළුවන් දෙයක් නෙමෙයි...

    මම අහන්නේ නිවන් ලැබෙන්න හේතු වෙන මුකුත් නැද්ද ?
    අහේතුක ද ?
    නිවන ලැබෙන්න හේතුවෙන්නේ නිවීමයි....සිත නිවීගෙන යද්දි...දේවල් වලට තියෙන් බැදීම නැතිවේගෙන යද්දි නිවීම පටන් ගන්නවා...ලෝභ ද්වේෂ මෝහ නැති වුනාද එතන නිවීමයි...
    ------ Post added on Jul 12, 2025 at 1:15 AM

    නිවන අනිත්‍ය ද ?
    නිත්‍යත් නැහැ අනිත්‍යත් නැහැ...දෙයක් නිත්‍ය වෙන්නත් අනිත්‍ය වෙන්නත් පවතින්න ඕන මේ ලොකේ නැත්තම් විශ්වයේ..නිවන කියන එක එහෙම දෙයක් නෙමෙයි ඒක ස්වභාවයක්..
    ------ Post added on Jul 12, 2025 at 1:18 AM
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    934
    715
    93
    සංස්කාර ධර්මයක් ද කියලා නෙවෙයි ඇහුවේ .
    ඉතිං බං OP කියල තියෙන්නෙ "සංස්කාර ධර්මයෝ" අනිත්‍යයි කියලනෙ මම කිව්වෙ බෞද්ධ දර්ශනයේ අදහස් කරන නිවන සංස්කාර ධර්මයන්ට අයිති එකක් නෙමෙයි කියල. නැත්තං ඉතිං උඹ අදහස් කරන නිවනත් අනිත්‍යයි තමයි. දෙයක් තියෙනව කියල හිතා ගත්තොත්/ගොඩ නගාගත්තොත් ඒ දේ අනිත්‍යයි. නිවන ඕකට ප්‍රතිවිරුද්ධ දේ - ගොඩනොනගන ස්වභාවය...
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මම අහන්නේ නිවන් ලැබෙන්න හේතු වෙන මුකුත් නැද්ද ?
    අහේතුක ද ?

    නිවන ලැබෙනවා කියලා එකක් නැ අන්කල්. නිවන තමයි තියෙන්නේ. සෑම අරමුනකම යථා ස්වභාවය තමයි නිවන. නිවන නොවෙන්න හේතු වෙන්නේ අවිද්‍යාව.

    සිත නිවීගෙන යද්දි

    හිත කියන්නේ මොකක්ද?
    ------ Post added on Jul 12, 2025 at 9:11 AM

    නිවන ඕකට ප්‍රතිවිරුද්ධ දේ - ගොඩනොනගන ස්වභාවය...

    ප්‍රතිවිරුද්ධ දේ ගැන ප්‍රතිවිරුද්ධ දේ දැකපු නැති කෙනෙක්ට කතා කරන්න බැහා. නිරෝධය අත් නොදැකපු කෙනෙක්ට නිවන ගැන කතා කරන්න බැහැ. (සක්කාය දිට්ටිය නැතුව)
    ------ Post added on Jul 12, 2025 at 9:15 AM
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    934
    715
    93
    ප්‍රතිවිරුද්ධ දේ ගැන ප්‍රතිවිරුද්ධ දේ දැකපු නැති කෙනෙක්ට කතා කරන්න බැහා. නිරෝධය අත් නොදැකපු කෙනෙක්ට නිවන ගැන කතා කරන්න බැහැ. (සක්කාය දිට්ටිය නැතුව)
    ------ Post added on Jul 12, 2025 at 9:15 AM
    වෙන කියන්න ක්‍රමයක් නැති හින්ද කියල දැම්ම මල්ලි... කොහොමත් සක්කාය දිට්ටිය නිසා තේරුම් ගන්නේ "ප්‍රතිවිරුද්ධ දේ" කියන්නෙ තවත් මොකක් හරි එකක් කියල... මොනව කරන්නද ඉතිං....

    ඔළුවේ කැක්කුම හැදෙනව පෘතක්ජනයින්ට දේවල් පැහැදිලි කරන්න ගියහම....😩
     
    • Like
    Reactions: Fiona Dabare