සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......
සියළු පූස් යාළුවන් වෙත කරන කාරුණික නිවේදනයයි....



මගේ වෙන්ට වයිෆ් නොහොත් සුදු පූසිය වනාහී සුදු පූසා නැමති මෙම මගේ ඔරිජිනල් අයිඩී එකෙන් දැන් දැන් එලකිරි ලොග් වීමට පුරුදු වී ඇති බැවින් අනවශ්‍ය ආතල් වදන් පැවසීමට පෙර මේ ලොග් වී සිටින්නේ සුදු පූසාමදැයි නිෂ්චය කරගන්නා ලෙසට දැනුම් දෙමි.එසේ නොකිරීමෙන් ඔබ මුවින් පිට වන ආතල් වදනක් ඔබතුමන්ලා ලැදි සුදු පූස් පැටියාගේ බෙල්ල මුලින් ගොස් කරටි උඩින්ම කැඩී යාමට හේතු වන බව කරුණාවෙන් සලකන්න.





මීට සුදු පූසා









