සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය පිණිස

    හෙට දින වෙසක්පුර පසලොස්වක පොහෝදිනයයි. බුදුරජාණන් වහන්සේගේ තෙමගුලසමර වෙසක්පොහෝදින මෙවර ඇතිවිශේෂත්වය නම් සිදුහත් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී අවුරුදු 2600 පිරීමයි.
    2600 සම්බුද්ධත්ව ජයන්තියත් සමග රටේ විශාල පිබිදීමක් සිදුවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ අතර මුල් තැනක්දී ඇත්තේ ප්‍රතිපත්තිපුජාවට වඩා ආමිසපුජාවටයි.

    ඉතින් වසර 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන අපට අපේ භාග්‍යවත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට කල හැකි ලොකුම උපහාරයනම් උන්වහන්සේ විසින් අපට දේශනාකල උතුම් ශ්‍රීසද්ධර්මය අපේ ජීවිතයට ඈදා ගනිමින් ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන්කිරීමයි. ඒ නිසා අප 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමේදී ආමිස පූජාවට මෙන්ම ප්‍රතිපත්ති පූජාවටත් මුල් තැනක් දියයුතුයි.

    ඉතින් යාළුවනේ මේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට ලැබීමත් අපට මේ ජීවිතයේදී ලැබෙන්නාවූ ඉතා දුර්ලභ භාග්‍යවන්ත අවස්ථාවක්. ඉතින් අපි මේ උතුම් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගතයුතුයි. ඉතින් අපිත් මේ උතුම් දවස මුල්කරගෙන අපේ ජීවිතය යහපත් මාර්ගයකට යොමුකරගමු.
    අවුරුද්දක් ගෙවිල අලුත් අවුරුද්දක් ලබනාවිට අපේ අතින් පවුගිය වසරේ සිදුවූ වැරදි අඩුපාඩු තේරුම් අරන් අලුත් අවුරුද්දේ අලුත් වැඩපිළිවෙසක් සමගින් අලුත්වෙනවාසේ මේ සම්බුද්ධත්ව ජයන්තියත් මුල්කරගෙන අපි අපේ ජිවිතය යහපත් මාර්ගයකට යොමුකරගමු.

    විශේෂයෙන් අපට මේ සදහා අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසකි.
    යාළුවනේ මේ ගැනත් ටිකක් කල්පනාකරල බලන්න මුස්ලිම් අය හැම සිකුරාදම අනිවාර්යයෙන් පල්ලියට යනවා, ඒ වගේම කිස්තියානි අයත් හැම ඉරිදම අනිවාර්යයෙන් පල්ලියේ දේවපූජාවට සහභාගීවෙනවා. නමුත් කණගාටුවට කරුණනම් අනිත් ආගම් වල මෙන් බෞද්ධයන්ට නීතිරීති නැති නිසාමදෝ බොහෝ පිරිසක් මාසයකට වතාවක් උදාවෙන පසලොස්වක පොහෝයදිනයටවත් ආගමානුකූලව ගතකරන්න උත්සාහකරන්නේ නැහැ.

    ඒවගේම මේ එක්කම තවත් දෙයක් කියන්න ඕනේ බලන්න මුස්ලිම් තරුණයෙකු සිකුරාදා පල්ලියට ගියෙ නැතිනම්, ක්‍රිස්තියානි තරුණයෙක් ඉරිද පල්ලියේ දේවමෙහෙයට සහභාගී උනේ නැත්නම් ඔහු ඔවුන්නේ අනික් අයගෙන් දොෂාරෝපනයට ලක්වෙනවා.
    නමුත් බෞද්ධ තරුණයෙක් අඩුමතරමින් පසලොස්වක පොහොය දවසටවත් ආගමානුකූලව ගෙවන්න හිතාගෙන සිල්ගන්න පන්සලට යන්න හැදුවොත් අපේ අයම අහනවා "මොකදබන් ඔය වෙලාතියෙන්නේ, සිල්ගන්න යන්නේ වයසක අයනේ, මොකද මේ ඒකපාරටම සිල්ගන්න යන්න හිතුනේ ඇයි සසර කලකිරිලවත්ද" කියල ඔන්න ඕකයි අපට වෙලා තියෙන්නේ.
    ඔන්න ඕවගේ ආකල්පයක් තමයි බොහෝ බෞද්ධයන් තුල ඇතිවෙලා තියෙන්නේ. ඕකත් හරියට "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා" කියන කියමන වගේ එකක්. ඒ විදිහට තමයි අපේ ආකල්ප අපටත් නොදැනිම වෙනස් කරල තියෙන්නේ. ඒත් අපි දැන් දන්නව ඒ කියමනේ සත්‍ය අසත්‍යතාව මොකක්ද කියලා.

    තරණ පරපුර මේ මතය බිදිමින් ඉදිරියට එමින් සිටිනවා. අද තරුණ බොහෝපිරිසක් ත්‍රිපිටකය ආදී ධර්ම ග්‍රන්ථ පරිහරණය කරමින් ධර්මය ඉගෙන ගැනීමට පටන් අරන් තියෙනවා. වෙනදා සීල ව්‍යාපරයකදී තරුණයන් කලාතුරකින් දැකගැනීමට අපහසු උවත් දැන් දැන් ක්‍රම ක්‍රමයෙන් තරුණ පිරිස් බොහෝදෙනා මේ සීල ව්‍යාපාරවලට සහභාගී වෙමින් සිටී. ඒයයි අපට අවශ්‍යවන ආකල්පමය වෙනස.

    ඒ එක්කම සතුටෙන් මතක් කරන්න ඔනේ දේකුත් තියෙනවා. ඒ තමයි දැන් අපිට ඉන්නවා බුද්ධිමත්ව හිතන්න පුළුවන් තරුණ පිරිසක්. ඔවුන් ආවට ගියාට සම්ප්‍රදායෙන් ආ පමණින්ම යමක් යමක් පිළිනොගෙන බුද්ධිමත්ව කල්පනා කර වැඩ කරන පිරිසක්. දැන් වසර කිහිපයක සිට ඒ වෙනස පැහැදිලිවම දැකගන්න පුලුවන්.

    බලන්න කලින් ත්‍රිපිකට ග්‍රන්ථ කියවලා තියන බෞද්ධයන් සිටියේ ඉතාමත් සුළු පිරිසක් නමුත් අද බොහෝ බෞද්ධ සහෝදර සහෝදරියන්ට ඒ ත්‍රිපිටකය ආදී ධර්ම ග්‍රන්ථ පරිහරණය කරමින් ධර්මය අධ්‍යනය කරනවා.

    මේ සමගම තවත් දෙයක් මතක් කරන්න ඕනේ. වෙනදා දුරකථන සංවාදයක් අවසානයේ " චෙරියෝ, බායි" කියන්න පුරුදුවී සිටි අප දැන් දැන් "බුදුසරණයි, තෙරුවන්සරණයි කියන්න පුරුදුවී සිටිනවා දැකගන්න පුලුවන්, විශේෂයෙන් පෙම්වතා පෙම්වතියට කතාකර අවසන් කරනකොට පවා මෙසේ කියනවා බොහෝවිට මා දැක ඇත. ඒයයි ඇතිවිය යුතු ආකල්පමය වෙනස.

    හැමදෙයක්ම කිරීමට වයසක් ඇත. නියමිත දෙය නියමිත වෙලාවට කලහොත් පසුව පසුතැවීමට හේතුවක් නොමැත. ඉගෙන ගැනීම, ධනය හරිහම්බ කරගැනීම, මෙන්ම ධර්මය ඉගෙන ගැනීම ධර්මානුකූලව ජීවත්වෙමින් සිල් රැකීමත් තරුණ කාලයේදීම කල යුතුයි. මහලුවී මේ දේවල් කිරීම අපහසුය.
    තමාට අවශ්‍ය දේවල් තරණ කාලයේදීම සපුරාගතහොත මහළුවී දුකවීමට අවශ්‍ය නැත. නැතහොත් මිල මුදල් ,විනෝදය පමණක් සොයමින් පමණක් තරුණ කාලය ගතකලහොත් මහළුවී පසුතැවෙමින් ජීවත්වීමට සිදුවෙනු ඇත.

    ඉතින් මම මේ එලකිරියේ ඉන්න සියළුම බෞද්ධ සමාජික, සමාජිකාවන්ගෙන් ඉල්ලන්නේ අපිට ලැබුනමේ උතුම් අවස්ථාව අපතේ යන්න නොදී මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අපි අපේ ජීවිතවල යහපත් වෙනසක් ඇතිකරගමු කියලා.

    හෙට උදාවෙන වෙසක් දිනයේදී අපි හැම කෙනෙක්ම සිල්සමාදන්වෙලා වෙසක් දිනය සිල්වත්ව ගතකරමු. ඒ වගේම වෙසක් දිනයේ අධිෂ්ඨානයක් ඇතිකරගන්න මම අද ඉදල මට පුලුවන් උපරිමයෙන් පංචසීලය ආරක්ෂාකරමින් සැබෑ බෞද්ධයෙකු වනබව.
    හැබැයි හෙට දිනයේ හැම කෙනෙකුටම සිල්ගන්න බැරිවෙයි. මොකද වෙසක් දිනය නිමිත්තේන් සංවිධානය කරල තියෙන විවිධ වැඩසටහන් වලට සහභාගී වෙන්න වෙයි. ඉතින් ඒ අයටත් කියන්න තියෙන්නේ තමන්ට හෙට සිල්ගන්න බැරි උනත් උදෙන්ම පංසිල් අරගෙන "මම අද දවස තුල මොනම හේතුවක් නිසාවත් පන්සිල් පද පහ කඩන්නේ නැහැ කියලා තමන්ටම පොරොන්දුවෙලා දවගේ වැඩ කතයුතු ආරම්භ කරන එකයි.

    අවසාන වශයෙන් ඔබසියළු දෙනාටම කියන්න තියෙන්නේ අපට ලැබී තිබෙන මේ දුර්ලභවූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගමු. විශේෂයෙන් අපි සියළුදෙනා ආකල්පමය වෙනසක් ඇති කරගනිමු. ඒ වෙනස අපි මුළු රටපුරා වෙනස් කරමු. අපිට ලෝකයවත්, රටවත් වෙනස් කිරීමට බැහැ. නමුත් අපි තනි තනිව හැදුනොත් ඉබේටම රටත් ලෝකයත් වෙනස් වනු ඇත.
    ඒ නිසා ඔබත් බෞද්ධ දරුවෙක් නම් මේ සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ වෙසක් දිනයේ ආකල්මය වශයෙන් වෙනසක් ඇතිකරගන්න.
    ඔබ සැමට තෙරුවන් සරණයි.
    සිල් සුවද දසත පැතිරෙන පින්බර වෙසක් මංගල්‍යක්මවේවා.:)

    හොද අදහස් ටිකක් යහලුවා.
    දහමින් සිත් සෑනහෙන පින්බර වෙසක් තෙමගුලක් වේවා....!
     
    Mozilla

    Well-known member
  • :yes::yes::yes:
    ඔවු දෙයක් කියන්න ඕන එක තේරුම් ගන්න ශක්තියක් තියන කෙනෙකුට.
    මම ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න හදලත් එක කරේ නැත්තේ ඒ නිසයි.
    අනෙක් කාරණේ තමයි තර්කය හැමවෙලාවෙම සත්‍ය නෙවෙයි කියන දේ අපි පිළිගන්න ඕන.
    ඔය මහා ලොකුවට තර්ක කරන උදවිය පෙනී සිටින දේවල් කිසිම තර්කානුකුල බවක් නැති හුදු මිත්‍යා විශ්වාස මත පදනවුන මැවීම් විතරයි.

    අනිවාර්යෙන්ම.:yes:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    meka mata adaladeyak nemey.ath me thread 1 gana sathutuy yahaluwa.eka niwaradi kireemak karanna one methana.katholika aya palli giye naththan iridata dosharopanayata lak weemak neme wenne :) pasu thaweemak.akedi api papocharanayak balaporothu wenava.ethanadi api wishwasa karanava apita manasika washayen wagema api wishwasa karana dewindun thulinuth samawak labenava kiyala.mokada barima unoth misak irida diwya poojawata saha bagee wenna kiyala apita kiyanava.etanadi api uthum kriya piliweth wagayak sidu karana nisa.:)aka api hithata aran saha bagee wenava.neethiyak kiyana dekata api hira wen na.aka niwaradi karanna witaray ona une.sthoothi

    hamotama arthawath sambudhdha jayanthiyak :)
    ekama de api hope karana gathanu gathika samahara dewal wenas karaganna.:) buddhagamata api garu karanava.:) godak.honda darshanayak.a wagema an aya kerehith gawrawaya labadenna.lankawe samahara bauddayangen aththatama epa wenava.meka randu kirillak neme.anith minissuth piliganna.nihathamanee baudda sahodara sahodariyanta me.lankwe jathi kula mala bedha athi wena widihata katha kireema , kriya kireema nawathanna :)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2600 සම්බුද්ධත්ව ජයන්තිය යෙදෙන මේ සුපින්බර වෙසක් දින සියළු දෙනා හට ඥානාලෝකය පහල වේවා..........!!!!!!!!
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    meka mata adaladeyak nemey.ath me thread 1 gana sathutuy yahaluwa.eka niwaradi kireemak karanna one methana.katholika aya palli giye naththan iridata dosharopanayata lak weemak neme wenne :) pasu thaweemak.akedi api papocharanayak balaporothu wenava.ethanadi api wishwasa karanava apita manasika washayen wagema api wishwasa karana dewindun thulinuth samawak labenava kiyala.mokada barima unoth misak irida diwya poojawata saha bagee wenna kiyala apita kiyanava.etanadi api uthum kriya piliweth wagayak sidu karana nisa.:)aka api hithata aran saha bagee wenava.neethiyak kiyana dekata api hira wen na.aka niwaradi karanna witaray ona une.sthoothi

    hamotama arthawath sambudhdha jayanthiyak :)
    ekama de api hope karana gathanu gathika samahara dewal wenas karaganna.:) buddhagamata api garu karanava.:) godak.honda darshanayak.a wagema an aya kerehith gawrawaya labadenna.lankawe samahara bauddayangen aththatama epa wenava.meka randu kirillak neme.anith minissuth piliganna.nihathamanee baudda sahodara sahodariyanta me.lankwe jathi kula mala bedha athi wena widihata katha kireema , kriya kireema nawathanna :)
    අනිවාර්යයෙන්ම..:yes:
    අන්තවාදීන්ට ආගමක් නෑ.. ඒ නිසා කිසිම විදියකට ආගමකට ගරහන කෙනෙක්ව බෞද්ධයෙක් කියලා පිලිගන්නෙපා
    අපිටත් ක්‍රිස්තියානි කතෝලික යාළුවො ඉන්නවා.ඒ අයත් එක්ක අපි කොච්චර සතු‍ටෙන් ඉන්නවද..වෙන ආගමක කියල මතක් වෙන්නෙත් නෑ

    නමුත් එහෙම සතුටින් ඉන්නවට අකමැති කොට්ඨාශයකුත් ඉන්නවා..:dull:
     
    • Like
    Reactions: cresendo

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    අනිවාර්යයෙන්ම..:yes:
    අන්තවාදීන්ට ආගමක් නෑ.. ඒ නිසා කිසිම විදියකට ආගමකට ගරහන කෙනෙක්ව බෞද්ධයෙක් කියලා පිලිගන්නෙපා
    අපිටත් ක්‍රිස්තියානි කතෝලික යාළුවො ඉන්නවා.ඒ අයත් එක්ක අපි කොච්චර සතු‍ටෙන් ඉන්නවද..වෙන ආගමක කියල මතක් වෙන්නෙත් නෑ

    නමුත් එහෙම සතුටින් ඉන්නවට අකමැති කොට්ඨාශයකුත් ඉන්නවා..:dull:

    kawruth gana nokiya api ape de issarahata geniyamu.ehema aya innava thama.eyala ehema hithanna hethu una hethuwa nathi karanava misak banala wadak na.:) :) dumak naginne ginnak nisa sahodaraya.a nisa a ginna mulin nathi karagamu.hithatay mulin kadulu bandinna one.kawruth perfect na.ath math athuluwa ona kenek thama thamange adu padu hadan anith ayata karadarayak apahasayak nokara jeewath wenna balanna one.:):)ithin illanne baudda tharuna parapurawath me paramparika udangu kam walin thora wela hama manuissayekma piliganna gawrawe dena samagiyen jeewath wena kattiya wenna kiyala.meka oyala wage nihathamanee bauddayanta :) samahara ayatanan kiyala wadakma na :) oyage nihathamanee kama age karanava.ath anith ayata angilla dik karanna kalin api ape diha balamu.:):)mekema innava agamakata apahasa wenna post 1k dala sathutu wenna adu manasika karayo.:) me sambudda jayanthiyewath a gathi guna wenas wenna pathanava:)
     
    • Like
    Reactions: cresendo

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවාර්යයෙන්ම..:yes:
    අන්තවාදීන්ට ආගමක් නෑ.. ඒ නිසා කිසිම විදියකට ආගමකට ගරහන කෙනෙක්ව බෞද්ධයෙක් කියලා පිලිගන්නෙපා
    අපිටත් ක්‍රිස්තියානි කතෝලික යාළුවො ඉන්නවා.ඒ අයත් එක්ක අපි කොච්චර සතු‍ටෙන් ඉන්නවද..වෙන ආගමක කියල මතක් වෙන්නෙත් නෑ

    නමුත් එහෙම සතුටින් ඉන්නවට අකමැති කොට්ඨාශයකුත් ඉන්නවා..:dull:

    ඔවුන් කරන්නේ කෙහෙන් හරි යන කුණු ගොඩක ට බෞද්ධකම ගාවනවා....kasp (සහෝදරියක් වෙන්න ඇතැයි මම සිතනවා) ට වගේ සහජීවනයක් ඔවුන් හට නෑ. මොනව කරන්නද? අපි ඔවුන්ටත් මෛත්‍රී කරමු. සම්මා දිට්ඨිය පහල වේවා කියලා......!!!:cool::cool:
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    අනිවාර්යයෙන්ම..:yes:
    අන්තවාදීන්ට ආගමක් නෑ.. ඒ නිසා කිසිම විදියකට ආගමකට ගරහන කෙනෙක්ව බෞද්ධයෙක් කියලා පිලිගන්නෙපා
    අපිටත් ක්‍රිස්තියානි කතෝලික යාළුවො ඉන්නවා.ඒ අයත් එක්ක අපි කොච්චර සතු‍ටෙන් ඉන්නවද..වෙන ආගමක කියල මතක් වෙන්නෙත් නෑ

    නමුත් එහෙම සතුටින් ඉන්නවට අකමැති කොට්ඨාශයකුත් ඉන්නවා..:dull:

    ඒක ඇත්ත යාලුවා..:yes::yes:
    මටත් බෞද්ධ යාලුවෝ ගොඩාක් ඉන්නවා.. ඒත් අපි සැබෑ ජීවිතයේ හම්බ වුනාම කවදාවත් ආගම් වලට ගහ මරා ගන් නෑනේ..අපිට මතකත් නෑනේ ආගම් ගැන.. Internet එකේ නිකම් වීරයෝ වෙන්ඩ යන අය තමා මේ ප්‍රශ්න වලට මුල..
    ඔබ සැමට ප්‍රීති වෙසක්..:):)
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    "ඉතින් යාළුවනේ මේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට ලැබීමත් අපට මේ ජීවිතයේදී ලැබෙන්නාවූ ඉතා දුර්ලභ භාග්‍යවන්ත අවස්ථාවක් "

    ඇය් ඒ?

    මචන්ලා මූ මේ ප්‍රශ්නයක් අහලා තියෙන්නෙ.. දන්නවා නම් කියලා දියන්:) නැතුව හෙණ පොර ටෝක් දෙන්න එපා!:lol:

    මචං වටිනා කම දෙන්න මනුස්සයා එක දන්නවා.මොකද එකට පොඩි කලේ ඉදලම බෞද්ධ කම ඇගේ තියෙන්න ඕන.ලේ වල තියෙන මනුස්සයට එක දැනෙනවා.උබලට එක දන්වන්න හරි අමාරුයි.මෙච්චර පින්වත් දවස් වල උබත් එක්ක රණ්ඩු කරලා උබ වගේ වෙන්න අපිට ඕන නැහැ මචං.මේ තේර්ඩ් එක කැත කර ගන්න අපිට ඕනි නැ මචං..බුදු සරණයි....සුබ වෙසක් දිනයක් වේවා!!!!

    බෞද්ධයෙක් උනානම් ඒක ඒක හොදට තේරෙනවා

    ඇයි මේක දැක්කෙ නැද්ද?
    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය පිණිස

    මේක දුර්ලබ අවස්ථාවක් වෙන්නෙ කොහොමද? මට පේන විදිහට නම් උඹලා දෙන්නා දන්නෙත් නැහැ:lol::lol:
     
    Mozilla

    Well-known member
  • මචන්ලා මූ මේ ප්‍රශ්නයක් අහලා තියෙන්නෙ.. දන්නවා නම් කියලා දියන්:) නැතුව හෙණ පොර ටෝක් දෙන්න එපා!:lol:

    මේක දුර්ලබ අවස්ථාවක් වෙන්නෙ කොහොමද? මට පේන විදිහට නම් උඹලා දෙන්නා දන්නෙත් නැහැ:lol::lol:

    අනේ උබ දන්නවනම් කියපන්කො/අපි දන්නෙත් නැ බං
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මචන්ලා මූ මේ ප්‍රශ්නයක් අහලා තියෙන්නෙ.. දන්නවා නම් කියලා දියන්:) නැතුව හෙණ පොර ටෝක් දෙන්න එපා!:lol:

    මේක දුර්ලබ අවස්ථාවක් වෙන්නෙ කොහොමද? මට පේන විදිහට නම් උඹලා දෙන්නා දන්නෙත් නැහැ:lol::lol:
    ආපෝ පොරට කියල දෙන්න යන්නෙපා බං..පොර ඔය දැනගෙන බොරුවට අහන්නෙ :P
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    පුරුද්ද වෙනස් කරන්න බෑ නමුත්.

    මෙතන බලාපොරොත්තු වෙන්නෙ මේක කියෝලා... අනේ ලස්සන පෝස්ට් එක කියන එක විතරයි.. එහෙම නැතුව මුකුත් වෙනස් කරන්න ඕන නැහැ.. දැන් මේකට එකඟ සෙට් එකත් පෝය දවසේ දවසම ඔන්ලයින් ඉදීවි:lol:! එකෙක් වත් සිල් ගන්න යන්නෙ නැහැ... ඇත්ත කතා කරන්න විතරයි තහනම්!! :)