සිරකළ_මව්_සෙනෙහස

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සිරකළ_මව්_සෙනෙහස

    -කුටියක සිර කළ මව් සෙනෙහස-

    tVXRdmX.jpg


    මහලු මවක් කූඩුවක රඳවා තබා ඇති බවට ගල්කිස්ස පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව එම කාර්යංශයේ නිලධාරීන් විසින් වැටලීමක් දියත් කර තිබේ.දරුවකුට තමාව ලේ කිරි කර පොවා හැදූ වැඩූ තම මව, මහලු වූ කල කුටියක අතහැර දමා සිටිය නොහැකි වුවත්, එවැනි අනුවේදනීය පුවතක් ගල්කිස්ස ගල්වලපාර ප්‍රදේශයෙන් වාර්තා විය.

    එහිදී දෙහිවල මෙම ස්ථානයට යන විටත් නිවසකට යාබඳව පිටතින් ඉදිකළ අඩි 04ක් පමණ පළල , අඩි 05ක පමන දිගින් යුත් ලෑලි හා සිමෙන්ති ගල් යොදා ඉදිකළ කුඩා කුටියක බිම මෙම මහලු මව වැතිර සිටින ආකාරය දක්නට ලැබී තිබේ.86 වියැති මෙම කාන්තාවට දියණියන් තිදෙනෙකුගේ හා එක් පුතෙකු සිටියි.ඇය මෙලෙස රඳවා සිට ඇත්තේ ඇගේම දියණියකගේ නිවසට යාබඳව පිටතින් පිහිටි කාමරයකයි.

    තමා හැදූ වැදූ මව මෙලෙස රඳවා තැබුවේ ඇයි දැයි විමසූ විට එම දියණිය පවසා සිටියේ රැකවරණය සැලසීමේ දුෂ්කරතාව මෙලෙස මව වෙනම කුටියක රැදවූ බවයි.අවසානයේ මහලු මව කළුබෝවිල රෝහලට යොමුකෙරුනු අතර දියණිය පොලිස් බාරයට ගැණුනි.



    --------------

    Source
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මෙහෙම දෙයක් වෙච්ච 3න් වෙනි පාර නේද. බලු කුඩුවකත් දාල හිටියේ එකපාරක්.
    අමු සක්කිලි. :no::angry:
     
    • Like
    Reactions: Wolverine GTR

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මටත් ඕක හිතාගන්න බැ ඔය වගේ සීන් වෙන හුගක් දෙමොපියන්ට ළමායි 3 4 ඉන්නවා හොද ජොබ් කරනවා අනේමන්ද ...පිට රටවල වගේ එල්ඩර් රීටයර්මන්ට් ප්ලෑන් එකක් හදුන්වා දෙන්න ඕනේ ..