සිරප් සමග කෘමීන් විකුණලා
මහව ප්‍රදේශයේ පුද්ගලික ඔසු සැලක් මගින් කෘමියෙක් සහිතව අලෙවි කළ සිරප් වර්ගයක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ඔසු සැල් වල අලෙවි කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජාතික විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබේ.
Apetamin -P නැමති සිරප් වර්ගය අලෙවි කිරීම මෙසේ තාවකාලිකව අත්හිටුවීමට එම අධිකාරිය මගින් තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සිරප් සමග කෘමීන් විකුණලා - අලෙවිය අත්හිටුවයි
කෘමියෙකු සහිතව අලෙවිකළ සිරප් බෝතලය එය මිලට ගත් පුද්ගලයා විසින් කුරුණෑගල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක නිහාල් ප්‍රේමරත්න මහතා වෙත බාර දී ඇත.
මෙම සිරප් වර්ගය ආසාත්මිකතාවන්ට හා ආහාර රුචිය වර්ධනය කිරීම සඳහා භාවිත කරන ඖෂධයක් බව අදාළ නිවේදනයෙහි දැක්වේ.
ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද මෙම ඖෂධය ආගන්තුක ද්‍රව්‍යයන් සහිත වීම නිසා එම ඖෂධ කාණ්ඩය පුද්ගලික අලෙවි සැල් වල අලෙවි කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවරගත් බව ජාතික විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.
මෙය අදාළ ඖෂධ සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියේ බරපතල වරදක් බැවින් කෘමියෙක් සහිත මෙම සිරප් වර්ගය සම්බන්ධව රසායනාගාර පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සඳහන්ය.
Apetamin -P නැමැති මෙම ඖෂධය පුද්ගලික ඔසු සැල් වල අලෙවි කිරීම තාවකාලිකව අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය වහාම නිකුත් කිරීමට පියවර ගත් බව වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.
Source - Ada Derana

oyath mea syrup eka bonawa wage 