සිරප් සමග කෘමීන් විකුණලා

ir0n_guy

Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    සිරප් සමග කෘමීන් විකුණලා

    මහව ප්‍රදේශයේ පුද්ගලික ඔසු සැලක් මගින් කෘමියෙක් සහිතව අලෙවි කළ සිරප් වර්ගයක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ඔසු සැල් වල අලෙවි කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජාතික විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබේ.

    Apetamin -P නැමති සිරප් වර්ගය අලෙවි කිරීම මෙසේ තාවකාලිකව අත්හිටුවීමට එම අධිකාරිය මගින් තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    සිරප් සමග කෘමීන් විකුණලා - අලෙවිය අත්හිටුවයි

    කෘමියෙකු සහිතව අලෙවිකළ සිරප් බෝතලය එය මිලට ගත් පුද්ගලයා විසින් කුරුණෑගල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක නිහාල් ප්‍රේමරත්න මහතා වෙත බාර දී ඇත.

    මෙම සිරප් වර්ගය ආසාත්මිකතාවන්ට හා ආහාර රුචිය වර්ධනය කිරීම සඳහා භාවිත කරන ඖෂධයක් බව අදාළ නිවේදනයෙහි දැක්වේ.

    ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද මෙම ඖෂධය ආගන්තුක ද්‍රව්‍යයන් සහිත වීම නිසා එම ඖෂධ කාණ්ඩය පුද්ගලික අලෙවි සැල් වල අලෙවි කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවරගත් බව ජාතික විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

    මෙය අදාළ ඖෂධ සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියේ බරපතල වරදක් බැවින් කෘමියෙක් සහිත මෙම සිරප් වර්ගය සම්බන්ධව රසායනාගාර පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සඳහන්ය.

    Apetamin -P නැමැති මෙම ඖෂධය පුද්ගලික ඔසු සැල් වල අලෙවි කිරීම තාවකාලිකව අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය වහාම නිකුත් කිරීමට පියවර ගත් බව වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

    Source - Ada Derana
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අප්පට කෙලා........ අපේ සීයගෙ අරිෂ්ඨ වලත් හිටපු ගමන් කැරපොත්තො ඉන්නව කියල පැමිණිලි ඇවිත් තියෙනව........
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අප්පට කෙලා........ අපේ සීයගෙ අරිෂ්ඨ වලත් හිටපු ගමන් කැරපොත්තො ඉන්නව කියල පැමිණිලි ඇවිත් තියෙනව........

    කැරපොත්තො witharak oke hitiya athi... Ali koti inne nathuwa...:D
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com

    ( මෙම සිරප් වර්ගය ආසාත්මිකතාවන්ට හා ආහාර රුචිය වර්ධනය කිරීම සඳහා භාවිත කරන ඖෂධයක් බව අදාළ නිවේදනයෙහි දැක්වේ )

    ඒකට ඉතින් කෘමියෙක් දාලා දීලා හරියනවද අනේ...:lol:
     

    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM

    ( මෙම සිරප් වර්ගය ආසාත්මිකතාවන්ට හා ආහාර රුචිය වර්ධනය කිරීම සඳහා භාවිත කරන ඖෂධයක් බව අදාළ නිවේදනයෙහි දැක්වේ )

    ඒකට ඉතින් කෘමියෙක් දාලා දීලා හරියනවද අනේ...:lol:

    :rolleyes: oyath mea syrup eka bonawa wage :lol: