සිරාවටම අපි පව් බං 😓

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    164332053_10219915053203183_5620135862960232276_n.jpg

    Annotation-2021-03-22-164623.png


    සිංහරාජෙට අත දාලා මටත් උනේ අර 69 ලක්ෂයක් මහජනතාවට වෙච්චි වැඩේ.

    එළියට දැම්මේ ගමට පාරක් කියලා. ලංකාගමට පාරක් කැපෙනවට මම කැමතියි. ගිහින් බලපු වාම වනයට වන හානිය අවමව, මේ ඉන්න මිනිස්සුන්ට පාරක් හැදුවාම හොඳයි කියන මතයේ මා හිටියේ. විශේෂයෙන් මේ පාර හදන්නේ හෝටලයක කියලයි විරෝධතාව ආවේ. එහෙම හෝටලයක් හැදෙන බවක් කියැවුනේ නෑ. සමහරුන්ට නඩුත් වැටුනා ඒ නිසාම.

    ඒ විරෝධතාවල බොහෝම කෙළවරේ තමයි මේ ගිං ගඟ හරස් කරන ව්‍යාපෘතියක කසු කුසුව එළියට ආවේ. එතකොට දෝනාව ගොඩක් දුර ගිහින්. ගමේ මිනිස්සුන්ට පාරක් කපන මුවාවෙන් මේ එළියට එන්නේ උමා ඔය part two කියලා දැන ගෙන හිටියේ නැති තරම්.

    මේකත් හරියට අර නැගෙනහිර වරාය ජැටිය පෙන්නලා බටහිර දුන්නා වගේ. මිනිස්සු නැගෙනහිර ජැටියට කෑ ගහලා මහන්සි වෙලා, අවධානය අඩු වෙලා, සටනේ peak එකෙන් පහලට ගෙනාවට පස්සේ ඔන්න බටහිර ජැටිය දීලා ඉවරයි 51% ක් අදානිට.

    දැන් මේ සිංහරාජයට පාර කපන විරෝධය මැඩ ගෙන ,රට වටේම කැලෑවල් කපා ගෙන ඒකත් peak එකටම ගෙනාවා. දැන් ඔන්න දඩයම කර ගන්නයි හදන්නේ.

    අපිට ඉන්නේ හරි පුදුම ජනපති කෙනෙක්. ලෝකයේ කවදාවත් නොවෙන විදියට එයා පත්වෙන්න කලින්ම චීනය විසින් මාස 3 ක පුහුණුවක් ලබා දුන්නානේ. එහෙම වෙච්චි පලවෙනි පාර වෙන්නැති ලෝක ඉතිහාසයේ. දැන් පුරුදු කරපු විදියට ගෝලයා වැඩ. රටේ ණය ගෙවා ගන්න බැරුව ආයෙත් ඩොලර් බිලියන 1.5 ක අතමාරුවක් දුන්නනේ. ඒකෙන් ඇමෙරිකානු ඩොලරය ස්ථාවර වෙයි කියලා හිතුවට එහෙමත් නෑ, ආයෙත් උඩ යන්න පටන් අරගෙන. අතමාරු ගත්තට මොකද ඊළඟට ඒවට හරියන්න මොනවා හරි දෙන්නත් වෙනවා.

    ඉතිං දෙන්න වෙන්නේ හම්බන්තොටට වතුර. ගේන්න හදන්නේ සිංහරාජයෙන්. හම්බන්තොට චීන වරාය දිහා අහසේ ඉඳලා බැලුවම පේන්නේ CHINA SW ( South West හෙවත් නිරිත දිග චීනය ) කියලා. වරාය අරගෙන නිකන් ඉන්නේ නෑ. ඊට පස්සේ එන්න ඕනේ ව්‍යාපෘති. චීනයෙන් පිටමං කරන්න හදන අධික කාබන් විමෝචනය වන කර්මාන්ත ටික ගෙනියන්න තැන් ඒ අයට ඕනේ. චීනයේ වායු දූෂණය අධික නිසා වගේම ඒ අයගේ කාබන් පා සලකුණ අඩු කර ගන්නත් ඒවා චීනයෙන් පිටත් කරන්න ඕනේ. ඒ වගේම චීනයේ සමහර කර්මාන්ත ලෝකයේ වෙනත් ස්ථාන වලට අරගෙන යන්න ඕනේ ඒවායේ මිල හෙවත් ප්‍රසිද්ධ "China Price" එක අඩුවට තියා ගන්න. මා මේ ගැන මීට පෙර ලිපියකත් ලිව්වා. ඒ නිසා කර්මාන්ත ගෙන්න ඉඩම් ඕනේ. යටිතල පහසුකම් ඕනේ.ඉඩම් ගන්නනේඔය හම්බන්තොට අලිමංකඩක් එළි කරන්නේ. හම්බන්තොට ගියාම බැලුවොත් තේරෙයි වෙන කොහෙවත් නැති අලි වැටවල් පවා ගහලා තියෙනවා. ලුණුගම්වෙහෙරේ ඉඩම් වලටත් ඉව වැටිලා තිබුනේ. දැන් මෙහෙට වතුර ඕනේ. වතුර මවන්න බෑ. තියෙන ටික ගෙනියන්න ඕනේ. උමා ඔය ෆේල්. එහෙනම් ඊළඟට තව කොහෙන් හරි ගෙනියන්න ඕනේ. ඔන්න අවා ඊළඟ තැනට. දැන් හම්බන්තොට මිනිස්සුන්ට බොන්න වතුර ගෙනියන මුවා වෙන් , ලංකාගම මිනිස්සුන්ට පාරක් දෙන මුවා වෙන්, වැඩේට අත ගහන්නයි හදන්නේ. මේ ආවේ කස කාරයෝ.

    තාමත් ලංකාගමට , එහේ මිනිස්සුන්ට එහෙම පාරක් හැදිච්ච එක ගැන මම ඉන්නේ ඒ පැත්තේ. ඒක හැදෙන්න ඕනේ. ඒත් ඒක හැදුවේ මිනිස්සුන්ට නෙවෙයි නම්, ඒකත් රැවටීමක් නම්, ඒ හෙණේ මටත් වදීවී. ඒ කරුමේ මාත් එක්කම දවසක වැලළේවි.

    ඒත් මේ වැව් කියලා දේශීයත්වය දාගෙන එන ව්‍යාපෘති වලට විරුද්ධ වෙන්න අපිට වෙනවා. මේ මහ කාලකන්නි යුගයක්.

    රටට ණය අරං කෙලවෙලා කියන්න කෙනෙක් නෑ. කිව්වොත් ඒ අයම රට පත් කරපු තැන ගැන දොස් අහන්න වෙනවා. එහෙම නොකියා තවත් ණය උගුලේම හිර කර කර කෑලි කෑලි සින්න වෙන්න අරිනවා. අපි මේ පොඩි ඉඩේ ඉන්න පුංචි ඉත්තො වගේ. එහාට විසි වෙනවා මෙහාට විසි වෙනවා. අපිත් දන්නෙම නැතුව අපිව විකිනෙණවා. අපි හුරේ දානවා.

    අපි පව්!

    -පැතුම් කර්නර්-
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මට තියන ප්‍රස්නෙ සිංහරාජෙ කපලා වැවක් හදලා ගිරුවාවපත්තුවට වතුර දෙන්න යන එක නෙමෙයි.

    +1947 ඉඳන් 1965 වෙනකන් D A රාජපක්ෂ බෙලිඅත්ත ආසනේ මන්ත්‍රී.
    +මහින්ද රාජපක්ස 1970 ඉඳන් මේ වෙනකන් පාලිමේන්තු මන්ත්‍රී.
    +අවුරුදු 10 ක් ජනාධිපති.
    +ඇමතිකං හය හතක් කළා.
    +දෙපාරක් අගමැති.
    +විපක්ෂ නායක වෙලා හිටියා.
    +ඔය කතාව කියපු චමල් රාජපක්ෂ 89 ඉඳන්ද කොහෙද පාලිමේන්තුවෙ.
    +ඇමතිකං කළා.
    +කතානායක වෙලා හිටියා.
    +අදටත් ඇමති.
    +බැසිල් රාජපක්ස 2007 ඉඳන් 2015 වෙනකන් පාලිමේන්තුවෙ ආර්ථික සංවර්ධන ඇමති.
    +නාමල් රාජපක්ස 2010 ඉඳන් පාලිමේන්තුවෙ.
    +ශෂේන්ද්‍ර රාජපක්සත් පාලිමේන්තුවෙ (මොනරාගල දිස්ත්‍රික්කෙ)
    +ගෝටාබය රාජපක්ස දැන් ජනාධිපති.

    හම්බන්තොට දිස්ත්‍රික්කෙ වීරකැටිය, බෙලිඅත්ත, ගිරුවාවපත්තුව කියන්නෙ රාජපක්සලගෙ ගම.
    යන්න පුලුවන් උඩම තැන් වල පරම්පරාවම අවුරුදු ගානක් තිස්සෙ ඉඳලා දැන් අපිට කියනවා
    ගමේ උන්ට බොන්න වතුර ගන්න ලෝක උරුම සිංහරාජෙ වැව් කපන්න ඕනෙ කියල :angry:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    කවුද බං පැතුම් කර්නල් කියන්නේ?
    හමුදාවේ අයියා කෙනෙක්ද ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    හමුදාවේ දොස්තර කෙනෙක් නේද ?
    යුද්ධ කාලේ සීමාවාසික පුහුණුවත් එක්කම හමුදාවට ගිය කෙනෙක්. එහෙම දොස්තරලා බොහොම අඩු ගාණක් ඉන්නේ. යුද්ධ කාලේ හමුදාවේ කොල්ලන්ගේ ජීවිත බේර ගන්න සෑහෙන්න උර දුන්න කෙනෙක්. නියම රණ විරුවෙක් තමා. යුද්ධේ ඉවර වුනාම හමුදාවෙන් පෑනලා සින්ගප්පුරුවේ දොස්තර කෙනෙක් හෑටියට අවුරුදු ගාණක් වෑඩකලා. ඊට පස්සේ ලන්කාවේ මහ මෑතිවරණයට ඒ රස්සාවෙන් අස් වෙලා ආවා. දෑන් ඉන්නේ එන්ගලන්තේ. එයාගේ නෝනාගේ පශ්චාත් උපාදියට එහේ ගිහින්. මෑන් එහෙ උපාදියක් කරනවා මම හිතන්නේ පරිපාලනය සම්බන්ධ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    යුද්ධ කාලේ සීමාවාසික පුහුණුවත් එක්කම හමුදාවට ගිය කෙනෙක්. එහෙම දොස්තරලා බොහොම අඩු ගාණක් ඉන්නේ. යුද්ධ කාලේ හමුදාවේ කොල්ලන්ගේ ජීවිත බේර ගන්න සෑහෙන්න උර දුන්න කෙනෙක්. නියම රණ විරුවෙක් තමා. යුද්ධේ ඉවර වුනාම හමුදාවෙන් පෑනලා සින්ගප්පුරුවේ දොස්තර කෙනෙක් හෑටියට අවුරුදු ගාණක් වෑඩකලා. ඊට පස්සේ ලන්කාවේ මහ මෑතිවරණයට ඒ රස්සාවෙන් අස් වෙලා ආවා. දෑන් ඉන්නේ එන්ගලන්තේ. එයාගේ නෝනාගේ පශ්චාත් උපාදියට එහේ ගිහින්. මෑන් එහෙ උපාදියක් කරනවා මම හිතන්නේ පරිපාලනය සම්බන්ධ
    මිනිහගේම් ගන්න දේවල් සෑහෙන්න තියෙනව.හිටවපු ගස් නඩත්තු කරන්නත් යනවා මිනිහා නිවාඩු දවසට.දැන් කැලේ වවනන් හැටි ගැන අතින් වියදමින් කියලා දෙනවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    යුද්ධ කාලේ සීමාවාසික පුහුණුවත් එක්කම හමුදාවට ගිය කෙනෙක්. එහෙම දොස්තරලා බොහොම අඩු ගාණක් ඉන්නේ. යුද්ධ කාලේ හමුදාවේ කොල්ලන්ගේ ජීවිත බේර ගන්න සෑහෙන්න උර දුන්න කෙනෙක්. නියම රණ විරුවෙක් තමා. යුද්ධේ ඉවර වුනාම හමුදාවෙන් පෑනලා සින්ගප්පුරුවේ දොස්තර කෙනෙක් හෑටියට අවුරුදු ගාණක් වෑඩකලා. ඊට පස්සේ ලන්කාවේ මහ මෑතිවරණයට ඒ රස්සාවෙන් අස් වෙලා ආවා. දෑන් ඉන්නේ එන්ගලන්තේ. එයාගේ නෝනාගේ පශ්චාත් උපාදියට එහේ ගිහින්. මෑන් එහෙ උපාදියක් කරනවා මම හිතන්නේ පරිපාලනය සම්බන්ධ
    සීමාවාසික පුහුණුවක් කියන්නේ මොකක්ද ?
    මම හිතුව නමට කර්නල් කැල්ලක් එනකොට
    කැලේට ආදරේ ඇත්තේ හමුදාව කලේ කැලේමනේ ඉන්න ඇත්තේ
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සීමාවාසික පුහුණුවක් කියන්නේ මොකක්ද ?
    මම හිතුව නමට කර්නල් කැල්ලක් එනකොට
    කැලේට ආදරේ ඇත්තේ හමුදාව කලේ කැලේමනේ ඉන්න ඇත්තේ
    කර්නල් Neme Pako කර්නර්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    පානිය ජල ප්‍රශ්නයට තිසාරස විද්‍යත්මල විසදුමක් දෙන්න ඕනේ .
    මේක තමයි හොදම විසදුම .
    චමල් ඇමති තුමලගේ කොන්ඩේ සුදු වෙලා තියෙන්නේ වයසට ගිහින් නෙමයි ,
    මේ වගේ දැවෙන ජනතා ප්‍රශ්න වලට විද්‍යත්මල විසදුමක් හොයන්න ගිහින් .

    ගෂ් ලක්ෂයක් කපල හරි කමක් නැ රටේ ජල ප්‍රශ්නේ විසදනවනම්
    ඒ පිනම ඇති මතු බුදුවෙන්න
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    "ගමේ මිනිස්සුන්ට පාරක් කපන මුවාවෙන්"

    පව් ඉතින්. අවුලක් නෑ දැන් හරි තේරුනානේ.ඔය පාර කපන එක පට්ටම ගොබ්බ තීරනයක්. මේකෙත් ඔය එකෙක් දෙන්නෙක් ඉන්නවා වගා කරලා මිනිස්සු විතරක් ජීවත් වුනාම ඇති කියල හිතන මන්ධබුද්ධික ඩයල් ටිකක්. ජෛව විවිධත්වයේ වටිනාකමක් දන්නේ නැති හරි හමන් ඉස්කෝලෙක ඉගෙන ගෙන නැති උන්ගෙන් ඔය වගේ දේවල් විතරයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. වතුර නැති වෙනකල් තේරෙන්නෙ නෑ. වතුර හිග වෙන්න ගත්තම තමයි හික් වෙන්නේ වගා මෙන්ටැලිටි උන්ට. ඕනි තරන් මුඩු බිම් තියෙනවා වගා කරන්න ඕනි නන් කියන එකවත් තෙරෙන්නේ නෑ.