සිරිධම්මට කුණු බිත්තර
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී ඊයේ (26) ඉරිදා පවත්වන්නට යෙදුණු පිටිදූවේ සිරිධම්ම (අරහත් සිරි සමන්තභද්‍ර භද්‍ර) හිමියන්ගේ ධර්ම සංවාද වැඩසටහනකට එරෙහිව අවට සිටි පිරිස් ගල්මුල් කුණු බිත්තර ප්‍රහාර එල්ල කර අවසානයේ පිටිය මැද විරෝධතා පළ කිරීම හේතුවෙන් අතරමග අත්හැර දමන්නට සිදුවූ බව වාර්තාවේ.
සිරි සමන්ත භද්‍ර නමින් පෙනී සිටින මෙම හිමියන් තමන් අරහත් තත්වයට පත්වූ බව පවසන අතර පසුගිය කාලයේ මහායාන භික්ෂුවකට සමාන ආකාරයට හැසිරෙමින් ථෙරවාද ශාසනය විනාශ කරන බවට ඇතැමුන්ගේ විවේචන පළ විය. විශාල කේක් කපමින් විනෝද වන, සියලුම ආකාරයේ මස් මාංශ ආහාර පිළිගන්වමින් උපන්දින උත්සව පන්සලේ තබන, ජීවතුන් අතර සිටියදීම තමාගේ පිළිම පන්සලේ පිහිටුවන, පාරේ වැඩමවද්දී ගෝලයින් ලවා දෙකකුල වෙත මල් ඉසගන්න මෙම හිමියන්ට එරෙහිව මීට වසර කිහිපයකට එපිට සිටම විවිධ පාර්ශ්ව විවේචන එල්ල කර තිබුණි.