40 වැනි උපන්දිනය දා?
සමන්ත භද්‍ර හිමි පන්සල ඇතුළේ උපන් දිනය සමරලා... mawbima
උෟරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, මාළු ඔළු...
උයලා තියෙන්නෙත් ආශ්‍රමය ඇතුළෙමයි දානය අතරතුර කේක් එකකුත් කපලා.
පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. උන් වහන්සේගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී ඊයේ (24දා) පැවැත්විණි.
එය දානමය පූණ්‍යකර්මයක් යැයි පැවැසුවද සැබැවින්ම එය සාදයක සිරි ගත් අයුරු අපට දැකිය හැකි විය. උෟරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සමඟ ප්‍රණීත දානයක් එහි වැඩම කළ භික්ෂුන් වහන්සේටත්, උපන් දින උත්සවයට පැමිණි අයටත් දිවා ආහාරය පිණිස ලැබිණි. ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට ගොස් දානය පූජා කිරීමේ ක්‍රමය එහිදී වෙනස් කර තිබිණි. ඒ වෙනුවට බුෆේ ක්‍රමයට තබා ඇති තැනට ගොස් ස්වාමීන් වහන්සේට දානය ලබා ගැනීමට සිදු විය.
සිරි සදහම් ආශ්‍රමයේම මස් මාළු බදිමින් දානයක් යැයි පවසමින් පැවැත්වූ සාදයට ආහාර සැකැසුණු අතර සුදු පැහැති මලකින් හිස සරසාගත් කතුන් විසින් දන් පිළිගන්වනු ලැබිණි.
මුහුදක් මත රැඳුණු හක්ගෙඩියක ස්වරූපයක් ගත් උපන් දින කේක් ගෙඩිය කපනු ලැබුවේ එදිරිසිංහ සමූහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය විසිනි. ස්වාමීන් වහන්සේ දානය වළඳන අතරතුර කේක් ගෙඩිය කැපූ අතර එය අතුරුපස වශයෙන් ස්වාමීන් වහන්සේට බෙදා දෙනු ලැබුණේ මියුරු සංගීත රටාවක් මධ්‍යයේය.
මේ උපන්දින සැමරුම අවස්ථාවේදී ගාල්ල විජයානන්ද පිරිවෙනේ අභිවෘද්ධිය වෙනුවෙන් සමන්තභද්‍ර හිමි විසින් රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමීය. එම මුදල් බේරුතුඩුවේ ඥානවිසුද්ධි හිමියෝ විසින් භාර ගන්නා ලදී. ඥානවිසුද්ධි හිමියන් සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ගුරු ස්වාමීන් වහන්සේද වෙති.
-------------------------------------------------------------------
පිටිදූවේ හිමියන්ගේ 40 වැනි ජන්ම දිනය දා... rivira
නොපැහැදුණු අයගේ සිත් පැහැදීමටත්, පැහැදුණු සිත්වල පැහැදීම දෙගුණ තෙගුණ කිරීමටත් පිටිදූවේ සමන්ත භද්‍ර හිමියන් ඊයේ (24) සිය 40 වැනි ජන්ම දින සැමරුම් දානමය පිංකම බෙල්ලන්තර ශ්‍රී සදහම් ආශ්‍රමයේදී සංවිධානය කර තිබුණි. ලංකාවේ සිව්දෙසින් වැඩම වූ සියයකට වැඩි ෙතේරනිකායික සංඝයා වහන්සේ උදෙසා පැවැත්වුණු පිංකම සමන්ත භද්‍ර හිමියන් හැඳින්වූයේ පිඬු සිඟා යාමක් ලෙසයි.
දානය වෙනුවෙන් ව්‍යංජන සියයකට ආසන්න ගණනක් සැකසී තිබිණි. දානය පැවැත්වුණු ශාලාවට ඇතුළුවීමට අවසර ලැබි තිබුණේ සංඝයා වහන්සේලාට සහ සමන්ත භද්‍ර හිමියන්ගේ දායකයන්ට පමණි. දානය අතරතුර සෝමා එදිරිසිංහ මහත්මිය සමන්ත භද්‍ර හිමියන්ගේ උපන් දින කේක් ගෙඩියද කැපුවාය.
දානයට වැඩම කර සිටි සෑම ස්වාමීන් වහන්සේ නමකටම උපන් දින කේක් ද ලැබිණි. දානය අවසන් වෙද්දී සෑම හිමි නමකටම පිරිකර සහ තායිලන්ත සම්ප්‍රදායට අනුව නිමැවුණු බුදු පිළිමයක්ද මුදල් තෑගිද ලැබිණි. අවසානයේ අනුශාසනාවක් පැවැත් වූ සමන්ත භද්‍ර හිමියන් පැවසූයේ පිරිකරට පූජා කළ සියලු භාණ්ඩ ඇමෙරිකාව, එංගලන්තය, තායිලන්තය, සිංගප්පූරුව වැනි රටවල සිටින තම දායකයන්ගෙන් ලැබුණු බවයි. මෙම ජන්ම දින සැමරුම් දානය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක් වැය වූ බවත් ඉන් රුපියල් ලක්ෂ 12 ක්ම ලැබුණේ එක් දායකයකුගෙන් බවත් කියැවිණි.
ස්වාමීන් වහන්සේලා ජීවත් විය යුත්තේ සැප විඳිමින් බවත් දානයක් පවත්වනවා නම් පැවැත්විය යුත්තේ තමන් මෙම දානය පැවැත් වූ තරම් උත්කර්ෂවත් ලෙසින් බවත් සමන්ත භද්‍ර හිමියෝ කීහ.
මල් වියන යටින් වඩිමින්
ධර්ම දේශනයක් පවත්වමින්
සෝමා එදිරිසිංහ මහත්මිය ඇතුළු පිරිස කේක් කපමින්
භික්ෂූන් වහන්සේලා දානයට වඩිමින්
දානය පිළිගන්වමින්
දානය පිළිගන්වමින්
දහවල් දානය සඳහා භික්ෂූන් වහන්සේලා සූදානම්ව

Last edited:

gihi jiwithayak gatha karanam iwaraine.