මචන් උබ ඔය ගැඹුරු ධර්ම කරුණු වලට ඔච්චර රැවටෙන්නේ ඇයි? බිලී බාද්දිත් ඇමට දාන්නෙත් දැක්ක ගමන් මාළුවගේ රස නහර පිනා යන කෑමක් තමයි. ඒත් මාළු බාන කෙනාට ඕනේ මාළුවගේ රස නහර පිනවන්නද? නැත්නම් මාළුවව අල්ලගෙන තමන්ගේ රස නහර පිනව ගන්නද? කියන ප්‍රශ්නෙට උත්තරය උබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ බන්. ඔය සමන්ත බද්‍රත් කරන්නේ ඒකමයි. අපේ හාමුදුරුවරු සාමාන්‍ය බණ ගෙදරක දානෙ ගෙදරක කියන බනට වඩා වෙනස් ශෛලියකින් තමයි උන්දා දෙසන්නේ. අනික පිටිදූවේ හාමුදුරුවො කියන්නෙ පොඩි පහෙ කෙනෙක් නෙවෙයි. ත්‍රිපිටකය හොඳට කියවපු කෙනෙක්. උන්දා මෝඩ බෞද්ධයින්ගේ නිලය අල්ලගෙන ඉන්නේ. උන්දා ඔය ඇඩ්වාන්ස් බන කියන්නේ කාව වත් නිවන් දක්වන්න නෙවෙයි. තමන්ගේ ලාභ ප්‍රයෝජනයට. එහෙව් කෙනෙක් බව දැන දැනත් උන්දගේ හැසිරීම විවේචනය කර කර ගැඹුරු ධර්මය කිය කියා ඇයි බන් රැවටෙන්නේ? මේ රටේ මාර්ග ඵල ලබපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒත් උන් වහන්සේලා කවදාවත් එලියට එන්නේ නෑ. මොකද උන්වහන්සේලා දන්නවා තමන් ගැන වරදවා හිතලා හරි කොහොම හරි පවක් සිද්ද කරගත්තොත් ඒකේ තියෙන බරපතලකම.
අනික අමතක කරන්න එපා දේවදත්ත හාමුදුරුවො, පැවිද්දන්ට කසාද බඳින්න ඉල්ලුවේ නෑ, මත් වෙන්න අවසර ඉල්ලුවේ නෑ. ඒ ඉල්ලීම් සේරම බැලූබැල්මට ගොඩක් ධාර්මිකයි ගැඹුරුයි. හැබැයි අනවශ්‍යයි. උවමනාව තිබ්බේ වෙන එකක්.
මම දන්නවා උබට මොන සක්කරයා ඔලුවෙන් හිටගෙන කිව්වත් උබට ඔය ගැඹුරු ධර්මය අමතක කරන්න බැරි බව. ඒත් පොඩ්ඩක් රටේ තියෙන ආරන්ය කීපයක් ආශ්‍රය කරලම තේරුම් ගන්න බලන්න.
නෑ නෑ මමත් මේ එහෙමට එයාව ෆලෝ කරනවා නෙමෙයි.. කට්ටිය බනින නිසාම තමයි මමත් ඔය මොකද්ද කියන්නේ බලන්න youtube වීඩියෝ සෙට් එක බැලුවේ... හැසිරීමේ ඇවතුම් පැවතුම් ගැන ප්‍රශ්නයක් තිබුනට ඒ කියන දේවල් වල ඇත්තක් මට නං පේනව..
ඔකත් අර හදෙයි ඇගිල්ලෙයි කතාවම තමයි.. පිරිසක් ඉන්නවා හද දිහා විතරක්ම බලන.. උන් බලන්නේ හද දිහා විතරයි.. ඇගිල්ලෙ ඇදේ දකින්නෙම නෑ... අන්න එහෙම පිරිස තමයි එයාගේ අනුගාමිකයෝ වෙලා ඉන්නේ.. පස්සෙන්ම වැටිලා ඉන්නවා...
තවත් පිරිසක් ඉන්නවා ඇගිල්ල දිහා විතරක්ම බලන.. උන් තමයි ඔය බැන බැන ඉන්නේ.. පෙන්නන හද මොකද්ද කියලවත් දන්නෙ නෑ.. නිකමට වත් එකපාරක් වත් හද දිහා බලලා මොකද්ද මේ පෙන්නන්නේ කියලා බලලවත් ඉන්නේ නැතුව ඇගිල්ලෙ ඇදේ දිහා බලල ඒකම ගැන කියව කියව ඉන්නවා..
මම කියන්නේ ඇගිල්ලයි හදයි දෙකම දිහා බලල මම දැක්ක දේ.. ඔව් ඇගිල්ල ඇදයි.. ඒ වගේම ඒ පෙන්නන හදත් එලියයි...
පස්සේ වැටිලා එයා පස්සේ දුවන්න අවශ්‍ය නෑ.. කියනදේ මොකද්ද කියලා අහල බැලුවම හරි...