සිරියානු යුද්ධයේ අවි-7
සිරියානු යුද්ධයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව කෲස් මිසයිල බහුලව භාවිතා කරන අවියකි.මින් වඩාත් කැපී පෙනෙන ප්‍රහාර එල්ල කරන ලද්දේ අලුතින් පත්වූ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අණ පරිදිය.සිරියාවේ සිවිල් ජනයා ඉලක්ක කරගෙන රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ යන චෝදනාවට ලක්වූ බෂාර් අල් ෂාඩ්ගේ රජයෙන් පළි ගැනීමක් වශයෙන් එක්සත් ජනපද සිරියානු ගුවන් හමුදා කඳවුරකට පසුගිය අප්‍රේල් මාසයේදී කෲස් මිසයිල ප්‍රහාර 59ක් එල්ල කරන ලදි.
පළමුවරට භාවිතය:2014 සැප්තැම්බර් අග,එක්සත් ජනපද හමුදාව විසින් සිරියාවේ වයඹදිග අයිඩ්ලිබ් ප්‍රදේශයේ සිටි අල්කයිඩා මෙහෙයුම්කරුවන් පිරිසක්/කොරාසන් කණ්ඩායම ඉලක්ක කරගෙන කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදි.එක්සත් ජනපද බලධාරීන්ට අනුව මෙම කණ්ඩායම සිරියාවෙන් පිටත සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධය.
බලපෑම:කෲස් මිසයිල යනු ඉතා දුරින් වූ ඉලක්ක වෙත නිරවද්‍යව ප්‍රහාර එල්ල කල හැකි අවියක් බව සිරියානු යුද්ධයේදී එක්සත් ජනපදය සහ රුසියාව නැවත වතාවක් තහවුරු කරන ලදි.තවද ප්‍රහාර සඳහා ප්‍රමාණවත් මිසයිල සංචිතයක් තමන් සතු බවද ඔප්පු කලහ.
එක්සත් ජනපදය:ටොමහොක් ගොඩබිම්-ප්‍රහාරක කෲස් මිසයිල වලට ගමන් කල හැකි උපරිම දුර සැතපුම් 1,500ක් තරම් වේ.එක් මිසයිලයක් ඇ.ඩො. මිලියන 1.5ක් පමණ මිලය.2014 සැප්තැම්බර් මාසයේදී අරාබි මුහුදේ තිබූ පිලිපීන් නම් කෲසර් වර්ගයේ නෞකාවෙන් සහ රතු මුහුදේ තිබූ අර්ලිග් බර්ක් නම් ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකාවෙන් ටොමහොක් කෲස් මිසයිල 47ක් දියත් කරන ලදි.
ප්‍රංශය:2015 දෙසැම්බර් 15දා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානයෙන් ගුවන් ගත වූ රැෆල් නම් ප්‍රහාරක ජෙට් යානාවලින් SCALP/ස්ට්‍රෝම් ෂැඩෝ නම් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කරන ලදි. SCALP/Stormshadow මිසයිලයක් මිල ඇ.ඩො. 930,000ක් පමණ වේ.ලිබියානු යුද්ධයෙන් පසුව ප්‍රංශය කෲස් මිසයිල ප්‍රහාර එල්ල කල ප්‍රථම අවස්ථාව මෙයයි.මෙවර ඔවුන්ගේ ඉලක්කය වූයේ උතුරු ඉරාකයේ ISIS ත්රස්තවාදීන්ය.
බ්‍රිතාන්‍යය:බ්‍රිතාන්‍ය යුද ගුවන් යානා(ටෝර්නේඩෝ ජෙට් යානා)2016 ජූනි මාසයේදී ප්‍රථම වරට ස්ට්රෝම්ෂැඩෝ කෲස් මිසයිල යොදාගෙන උතුරු ඉරාකයේ ඉලක්ක වෙත පහර දුන්නේය.
රුසියාව:3M14T Kalibr නම් ගොඩබිම්-ප්‍රහාරක කෲස් මිසයිල භාවිතා කරයි.2015 ඔක්තෝම්බර් මාසයේදී රුසියාව කෲස් මිසයිල 26ක් දියත් කරන ලදි.ඉන් මිසයිල 4ක් පමණ වයඹදිග ඉරානයට කඩා වැටුණු බව එක්සත් ජනපද බලධාරීන් ප්‍රකාශ කරන ලදි.එම වසරේම නොවැම්බර් 23-24 දිනවල තවත් කෲස් මිසයිල ප්‍රහාරක අනතුරු ඇගවීම් නිසා ඉරාකය ඊසානදිග ප්‍රදේශයේ ගුවන් තොටුපොලවල් වසා දමන ලදි.
මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර තිබූ රුසියානු සබ්මැරීනයකින් කෲස් මිසයිල දියත් කරන අයුරු,2015 දෙසැම්බර් 8
රුසියානු කෲස් මිසයිල සිරියානු අහසේ පියාසර කල අයුරු
Source:defenseone.com
-HarshaLulzSec-

ටොමහොක් ගොඩබිම්-ප්‍රහාරක කෲස් මිසයිලයක්
ප්‍රංශය:2015 දෙසැම්බර් 15දා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානයෙන් ගුවන් ගත වූ රැෆල් නම් ප්‍රහාරක ජෙට් යානාවලින් SCALP/ස්ට්‍රෝම් ෂැඩෝ නම් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කරන ලදි. SCALP/Stormshadow මිසයිලයක් මිල ඇ.ඩො. 930,000ක් පමණ වේ.ලිබියානු යුද්ධයෙන් පසුව ප්‍රංශය කෲස් මිසයිල ප්‍රහාර එල්ල කල ප්‍රථම අවස්ථාව මෙයයි.මෙවර ඔවුන්ගේ ඉලක්කය වූයේ උතුරු ඉරාකයේ ISIS ත්රස්තවාදීන්ය.
SCALP කෲස් මිසයිල දෙකකින් සන්නද්ධ Rafale ප්‍රහාරක යානයක්
බ්‍රිතාන්‍යය:බ්‍රිතාන්‍ය යුද ගුවන් යානා(ටෝර්නේඩෝ ජෙට් යානා)2016 ජූනි මාසයේදී ප්‍රථම වරට ස්ට්රෝම්ෂැඩෝ කෲස් මිසයිල යොදාගෙන උතුරු ඉරාකයේ ඉලක්ක වෙත පහර දුන්නේය.
ස්ට්රෝම්ෂැඩෝ කෲස් මිසයිල දෙකකින් සන්නද්ධ ටෝර්නේඩෝ ප්‍රහාරක යානයක්
රුසියාව:3M14T Kalibr නම් ගොඩබිම්-ප්‍රහාරක කෲස් මිසයිල භාවිතා කරයි.2015 ඔක්තෝම්බර් මාසයේදී රුසියාව කෲස් මිසයිල 26ක් දියත් කරන ලදි.ඉන් මිසයිල 4ක් පමණ වයඹදිග ඉරානයට කඩා වැටුණු බව එක්සත් ජනපද බලධාරීන් ප්‍රකාශ කරන ලදි.එම වසරේම නොවැම්බර් 23-24 දිනවල තවත් කෲස් මිසයිල ප්‍රහාරක අනතුරු ඇගවීම් නිසා ඉරාකය ඊසානදිග ප්‍රදේශයේ ගුවන් තොටුපොලවල් වසා දමන ලදි.
රුසියානු Kalibr කෲස් මිසයිලයක්