සිරිසේන උපරිම දඩුවමට යටත් වෙයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
සිරිසේන උපරිම දඩුවමට යටත් වෙයි

පිස්සෙක් උනාට විධායක බලතල සහ ජනාධිපතිධූරය එක්ක සෙල්ලම් කරලා රටට අනතුරක් උනොත්,විනාසයක් උනොත් ඔහුට 2019 පටන් ගන්නත් කලින් ගෙදර යන එක කෙසේ වෙතත් හුගක් ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා.විධායක ජනාධිපතිධූරයේ හිටියා කියලා ඔහු ආරක්ෂිත නෑ.
 
  • Like
Reactions: salinthe

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් දීම සඳහා කොමිසමක් ඕනෑ.! -අනුර

(ලංකා ඊ නිව්ස් -2018.දෙසැ.05, ‌පෙ.ව.6.05) ඔක් 26 දා සිදුකළ රාජ්‍යද්‍රෝහී කුමන්ත්‍රණයේ කුමන්ත්‍රණ කරුවන්ට දඬුවම් ලබා දීම සඳහාත් ඊට උදව් කළ මාධ්‍ය ආයතනවලට දඬුවම් ලබා දීම සඳහාත් අලුත් පණතකින් පිහිටුවන ලද පාර්ලිමේන්තු කොමිෂන් සභාවක් අවශ්‍ය යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

පෙරේදා(03) පැවැති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායකයා මෙසේද කීය.

“14වැනිදා පාර්ලිමේන්තුවේ සම්මතවූ විශ්වාභංගයත් 15වැනිදා කතානායකවරයාගේ විශේෂ ප‍්‍රකාශයත් අභියාචනාධිකරණය විසින් තහවුරු කොට තිබෙනවා. අපි මෛතී‍්‍රපාල සිරිසේනට කියනවා, ඔහුගේ තීරණ වැරදි බව ඕනෑවටත් වැඩියෙන් දැන් ඔප්පු කර තිබෙන බව. පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය, අගමැතිවරයා පත් කිරීමේ ගැසට් නිවේදනය, ඇමතිවරුන් පත් කිරීමේ ගැසට් නිවේදනය, අධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා. ජනාධිපතිවරයෙකුගේ තීරණවලට අත්විය හැකි බරපතළම තත්වය ඇතිවෙලා තිබෙනවා. එම නිසා අපි ජනාධිපතිවරයාට කියනවා, එම ගැසට් නිවේදන ඉල්ලා අස්කරගත යුතුයි කියලා. පාර්ලිමේන්තුවේදීත් අධිකරණයේදී දෙවතාවකුත් ඔහුගේ කි‍්‍රයාමාර්ග පරාජයට පත්කර තිබෙනවා. ජනාධිපතිවරයා දැන් විකෘති සිහියෙන් මිදිය යුතුව තිබෙනවා. බහුතර කණ්ඩායමට ආණ්ඩුව ලබාදිය යුතුව තිබෙනවා.

මේක රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණයක්. මෛතී‍්‍රපාල සිරිසේනත්, මහින්ද රාජපක්‍ෂත් එක්වී බලය පැහැරගත් දේශපාලන කුමන්ත‍්‍රණයක්. එම රාජ්‍ය ද්‍රෝහී කුමන්ත‍්‍රණය අදාල බරින් තේරුම් ගත යුතුව තිබෙනවා. රනිල්, මහින්ද යාලූ මිත‍්‍රයන්වී කරට අත දා ගැනීමෙන් මෙම ප‍්‍රශ්නය කෙළවර කිරීමට අපි ඉඩ තබන්නේ නැහැ. මෙවැනි රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණවලට පිළිතුරක් ලබාදිය යුතුයි. එනිසා මෙම දේශපාලන කුමන්ත‍්‍රණයට හවුල්වූවන්ට දඬුවම් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුව මැදිහත්වී පනතක් සම්මත කරගැනීමෙන් කොමිසමක් පත්කළ යුතු බව අපි අවධාරණය කරනවා. එම කොමිසමේදී අපේ රටේ මාධ්‍ය ආයතන කුමන්ත‍්‍රණකරුවන්ගේ පැත්තේ සිට කි‍්‍රයාකිරීම සම්බන්ධයෙන්ද වගවිභාග කළ යුතුව තිබෙනවා. මෙවැනි දේශපාලන කුමන්ත‍්‍රණයක් සිදුවනව විට ඊට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍යවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. නමුත් අපේ රටේ මාධ්‍ය ආයතන වැඩි ප‍්‍රමාණයක් සිටගත්තේ කුමන්ත‍්‍රණකරුවන්ගේ පැත්තේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මෙම දේශපාලන කුමන්ත‍්‍රණය සහමුලින්ම පරාජයට පත්කොට කුමන්ත‍්‍රණකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා කොමිසමක් පත් කිරීමත් ඉන් අනතුරුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පනත සම්මත කර ගැනීමත් කරගත යුතු බව අපි නැවතත් අවධාරණය කරනවා.

අදාල වීඩියෝව මෙතැන ක්ලික් කර නරඹන්න

---------------------------
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ජනාධිපතිවරයෙක්ට යම් කිසි බුද්ධිමත් බවක් තියෙන්න ඕන.සිරිසේන ගැන ලොකු වෛරයක් රට තුල ජනතාව තුල තියෙනවා.ඔහු මහින්ද සරම අස්සේ රිංගලා ආරක්ෂාව හොයනවනමේක මෝඩ වැඩක්.හුගක් වෙලාවට දෝෂාබියෝගයක් නැතිව එලියට විසික් කරලා දාන ජනාධිපති වෙන්න පුලුවන්.දෙසැම්බර් හත් වෙනිදා ලැබෙන තීන්දුව ඉතාම වැදගත්.
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
දෙසැම්බර් හත් වෙනිදා ලැබන තීන්දුව සිරිසේනගේ දෛවය තීරනය කරන බරපතල තීන්දුවක්.
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
සිරිසේනට 2020 පෙබරවාරි වෙනකම් පාර්ලිමන්ට් එක විසුරුවන්න බෑ.ඒ කියන්නේ සිරිසේනට දැන් තියෙන පාර්ලිමන්ට් එක කොහොමවත් විසිරුවන්න බෑ.2019 අවසන් වෙනකොට ඔහුගේ බලය ඉවරයිනේ.ඔහුගේ ජනපතිධූරය ඉතාම සීමිත කාලයක්.මාස ගනනක් තියෙන්නේ.ඒ තත්වය තුල ඔහු දැන් ඉන්නේ ඉතාම දුර්වල තත්වයක.ඔහු මහින්ද කියන ඕන අනත බලු ජඩ වැඩක් කරන වෙනවා.මහින්දගේ සිරකරුවෙක්.මොකද මහින්ද ඔහුව අතහැරියොත් ඔහුගේ ජනාධිපතිධූරය එතනින්ම ඉවරයි.ඔහු කෙලින්මසිරගත වෙනවා.ඒක තමයි ඔහු කීවේ රනිල් මාවත් විනාශ කරා කියලා.මහින්ද සිරිසේනට කිසිම බයක් දක්වන පාටක් නෑ.ආපහු පොහොට්‍ටුවෙන් ජනාධිපති අපේක්ෂක කම හම්බ වෙන පාටක් නෑ.මේ තත්වය තුල ඔහුට පාර්ලිමන්ට් බලයක් හෝ රට තුල ජන බලයක් ,ජනප්‍රියත්වයක් රහිත අතිශයින්ම දුර්වල මිනිසෙක්.ඔහුගේ එකම ආරක්ෂාව විධායක ජනාධිපතිධූරය සහ මහින්ද .ඔහුට ජනාධිපතිකම නැත්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔහුව වැඩක් නෑ.ඩිලාන්ලට ,එස්බීලට,අමරවීරලාට ඔහුව වැඩක්ම නැත.
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
හත් වෙනිදා සිරිසේනට වාසි වෙන තීන්දුවක් එන්නේ නෑ.මේ තත්වය තුල ඔහු 2019 ජනාධිපති වෙලා ඉන්න චාන්ස් එකක් නෑ..
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
this man is playing with the constitution, and the life of the people.at the end he is going to get fucked up.no one will come to save him.:nerd:
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ME
LATEST NEWS
තාප්පයට ‌හේත්තු කළොත් ධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට යනවා - ජනපති කියූ බව මනෝ කියයි
- 5 12 2018 - 09:39 - 2798 views - රුවන් කාශ්‍යප

තමන්ව තාප්පයට හේත්තු කිරීමට කටයුතු කළහොත් ජනපතිධූරයෙන් ඉවත්වී ජාතිය අමතා පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ජනපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර සඳුදා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේ යැයි මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කළේය.