කුමන්ත්රණකරුවන්ට දඬුවම් දීම සඳහා කොමිසමක් ඕනෑ.! -අනුර
(ලංකා ඊ නිව්ස් -2018.දෙසැ.05, පෙ.ව.6.05) ඔක් 26 දා සිදුකළ රාජ්‍යද්‍රෝහී කුමන්ත්රණයේ කුමන්ත්‍රණ කරුවන්ට දඬුවම් ලබා දීම සඳහාත් ඊට උදව් කළ මාධ්‍ය ආයතනවලට දඬුවම් ලබා දීම සඳහාත් අලුත් පණතකින් පිහිටුවන ලද පාර්ලිමේන්තු කොමිෂන් සභාවක් අවශ්‍ය යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.
පෙරේදා(03) පැවැති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායකයා මෙසේද කීය.
“14වැනිදා පාර්ලිමේන්තුවේ සම්මතවූ විශ්වාභංගයත් 15වැනිදා කතානායකවරයාගේ විශේෂ ප්‍රකාශයත් අභියාචනාධිකරණය විසින් තහවුරු කොට තිබෙනවා. අපි මෛතී‍්‍රපාල සිරිසේනට කියනවා, ඔහුගේ තීරණ වැරදි බව ඕනෑවටත් වැඩියෙන් දැන් ඔප්පු කර තිබෙන බව. පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය, අගමැතිවරයා පත් කිරීමේ ගැසට් නිවේදනය, ඇමතිවරුන් පත් කිරීමේ ගැසට් නිවේදනය, අධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා. ජනාධිපතිවරයෙකුගේ තීරණවලට අත්විය හැකි බරපතළම තත්වය ඇතිවෙලා තිබෙනවා. එම නිසා අපි ජනාධිපතිවරයාට කියනවා, එම ගැසට් නිවේදන ඉල්ලා අස්කරගත යුතුයි කියලා. පාර්ලිමේන්තුවේදීත් අධිකරණයේදී දෙවතාවකුත් ඔහුගේ කි‍්‍රයාමාර්ග පරාජයට පත්කර තිබෙනවා. ජනාධිපතිවරයා දැන් විකෘති සිහියෙන් මිදිය යුතුව තිබෙනවා. බහුතර කණ්ඩායමට ආණ්ඩුව ලබාදිය යුතුව තිබෙනවා.
මේක රාජ්‍යද්‍රෝහී කුමන්ත්‍රණයක්. මෛතී‍්‍රපාල සිරිසේනත්, මහින්ද රාජපක්ෂත් එක්වී බලය පැහැරගත් දේශපාලන කුමන්ත්‍රණයක්. එම රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණය අදාල බරින් තේරුම් ගත යුතුව තිබෙනවා. රනිල්, මහින්ද යාලූ මිත‍්‍රයන්වී කරට අත දා ගැනීමෙන් මෙම ප්රශ්නය කෙළවර කිරීමට අපි ඉඩ තබන්නේ නැහැ. මෙවැනි රාජ්‍යද්‍රෝහී කුමන්ත්රණවලට පිළිතුරක් ලබාදිය යුතුයි. එනිසා මෙම දේශපාලන කුමන්ත්‍රණයට හවුල්වූවන්ට දඬුවම් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුව මැදිහත්වී පනතක් සම්මත කරගැනීමෙන් කොමිසමක් පත්කළ යුතු බව අපි අවධාරණය කරනවා. එම කොමිසමේදී අපේ රටේ මාධ්‍ය ආයතන කුමන්ත්රණකරුවන්ගේ පැත්තේ සිට කි‍්‍රයාකිරීම සම්බන්ධයෙන්ද වගවිභාග කළ යුතුව තිබෙනවා. මෙවැනි දේශපාලන කුමන්ත්‍රණයක් සිදුවනව විට ඊට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍යවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. නමුත් අපේ රටේ මාධ්‍ය ආයතන වැඩි ප්‍රමාණයක් සිටගත්තේ කුමන්ත්රණකරුවන්ගේ පැත්තේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මෙම දේශපාලන කුමන්ත්‍රණය සහමුලින්ම පරාජයට පත්කොට කුමන්ත්රණකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා කොමිසමක් පත් කිරීමත් ඉන් අනතුරුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පනත සම්මත කර ගැනීමත් කරගත යුතු බව අපි නැවතත් අවධාරණය කරනවා.
අදාල වීඩියෝව මෙතැන ක්ලික් කර නරඹන්න
---------------------------