සිරි දළදා පුවත

rapa

Member
May 5, 2006
17,049
48
0
සසර ගමන තුළ
සිරි දළදා පුවත

මහාචාර්ය ජේ.බී. දිසානායක
දළදා පෙරහර කෘතියෙනි

ලෝකවාසී බෞද්ධ නරපතීන් හා ජනතාව විසින් අපරිමිත ශ්*රද්ධා භක්තියෙන් පුදනු ලැබූ ස්වර්ණාභරණයෙන් වැසුණු මේ දළදා කරඬුව යට තවත් රන් කරඬු හයක් ඇත. දළදා වහන්සේ වැඩ සිටින්නේ එහි යට ම පිහිටි කුඩා ම කරඬුවෙහි ය. එය හේමමාලා කුමරිය දඹදිවින් ගෙන ආ කරඬුව යැයි සැලකෙයි.

අද දළදා වහන්සේ වැඩ සිටින්නේ කරඬුවක බැවින් උන් වහන්සේ සිය දෑසින් දැක බලා ගැනීමට කිසිවෙකුට නුපුළුවන. දළදා වහන්සේට මල් පහන් පිදිය යුත්තේ උඩු මාලේ පිහිටි පිරිත් මණ්ඩපය අසල දී ය.


The%20Tooth%20of%20Buddha_%20Kandy%201920%20-%20Ceylon.jpg


වැඩි විස්ත*ර

http://www.lakehouse.lk/budusarana/2009/03/10/tmp.asp?ID=fea01
 
Last edited: