~~//..සිරි ලංකා funny පොලිස්...!!!
සිරි ලංකා Funny පොලිස්...!!!

වේග මාපකය උඩු-යටිකුරු කර රියැදුරුට දවල් තරු පෙන්නලා..!!!
අනුරපුර රථවාහන පොලිසියේ නිලධාරීන් 2කගේ අපූරු සෙල්ලම
Dinamina -27-07-2012 අනුරාධපුර මධ්‍යම විශේෂ
අනුරාධපුර රථවාහන පොලිසියේ නිලධාරින් වේග මාපක යන්ත්‍රය උඩුයටිකුරු කර අපූරු මෙහෙයුමක නිරතවන බව රියැදුරෝ පවසති.
පසුගිය 25 වැනි දින අනුරාධපු ර පණ්ඩුලගම හංදිය ආසන්නයේ මාර්ග රාජකාරියේ යෙදී සිටි අනුරාධපුර මුලස්ථාන
පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනෙක් මේ අපූරු ක්‍රියාව සිදුකර ඇත. මේ සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා තම මෝටර් රථය නොච්චියාගම සිට අනුරාධපුර දෙසට රථය ධාවනය කර ඇති අතර පණ්ඩුලගම මංසන්ධිය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි රථවාහන පොලිස් නිලධාරින් වේග මාපකය මෝටර් රථය දෙසට අල්ලා රථය නවත්වන ලෙස සංඥා කර ඇත. පොලිස් සංඥාවලට අවනත වූ මෝටර් රථයේ හිමිකරු මෝටර් රථය නවතා ඇති අතර ඔහු එම අවස්ථාවේ රථය පදවා ඇත්තේ පැයට කිලෝමීටර් 68 ක වේගයකිනි.
මෝටර් රථය නැවැත්වූවත් පොලිස් නිලධාරින් ඒ අසලට නොපැමිණීම නිසා මෝටර් රථයේ හිමිකරු මෝටර් රථයෙන් බැස පොලිස් නිලධාරින් වෙත ගිය අවස්ථාවේ වේග මාපකයේ පැයට කිලෝමීටර් 89 ක් සටහන්ව ඇති බව පෙන්වා ඇත.
‘එලොව පොල් පෙනුනු’ මෝටර් රථ හිමිකරු තමන් පැමිණියේ පැයට කිලෝමීටර් 68 ට බව පොලිස් නිලධාරින්ට පවසා ඇත. එහෙත් නිලධාරින් ඔහු සමඟ බහින්බස් වී ඇති අතර මීටරය උඩු යටිකුරු කර තිබෙන බව දුටු මෝටර් රථ හිමිකරු මහත්තයා මීටරයේ පැත්ත මාරු වෙලා නේද තියෙන්නේ යැයි විමසා ඇත. එය දුටු පොලිස් නිලධාරින් නෑ ඔයාගේ වේගේ වැඩියි. ඒක පෙන්නන්නයි නැවැත්තුවේ කියමින් රියදුරා මුදාහැර ඇත.
මේ අරුම පුදුම සිද්ධියට මුහුණ පෑ මෝටර් රථයේ හිමිකරු පවසන්නේ තමන් විමසිල්ලෙන් රිය පැදවු නිසා නිලධාරින්ගේ ක්‍රියාව පිළිබඳ විමසිලිමත් වු නිසාත් අනුරාධපුර අධිකරණයේ නඩුවක් පවරා ගැනීමට පොලිස් නිලධාරින්ට තිබූ අවස්ථාව ගිලිහී ගිය බවයි.

Last edited: