කරන්න බැරිකමක් නැනේ බන්, මෙයලම කිවනේ ටෙස්ට් 2500ක් දවසට කරන්න පුළුවන් කියල, මාසයක් වහල තිබ්බේ වෙලාවේ ඇයි එක නොකරේ?
දොස්තරලා කොච්චර කීවද මේ ටික කරන්න කියල. දැන් බලපන් වෙලා තියෙන දේ, මාසයක් වහපු එකෙන් වැඩකුත් නෑ
ටෙස්ට් කරන්න Capacity එක 2500 උනාට . ඔය 2500 ම දවසට කරන්න බැහැ. අැයි එහෙම වෙන්නේ.
1. Test එක කරන්න උගුරෙන් ස්ලේෂ් පටල අරගන්න පොඩි ප්ලාස්ටික් කෑලි නැහැලු පිටරට වලින් ගෙන්නන්න. ඒවා හදන රටවල් මේවා export කරන එක නාවත් බලා (දැන් මේ කෑල්ල ජනාධිපති තුමාගේ ඉල්ලීම පරිදි හෝමාගම Nano Tech එකේ අපීම හදනවා)
2. Capacity එක 2500 උනා කියල PCR මැෂින් ඔක්කොම පැය 24 ම පාවිච්චි කරෙත් කඩලා යනවා සති යෙන්. තියෙන PCR Mchine ටික පරිස්සමින් පාවිච්චි කරන එක අපේ වගකීම නැත්නම් තියෙන ඒවා ටිකත් කෙළව ගත්තොත් ආයේ කවදද Import කරන්නේ එදා වෙනකං බලාගෙන ඉන්න වෙනවා .
3. මේවා Test කරන්නේ molecular biologist ලා . අපි ගාව PCR Machine 100 තිබුණා කියලා මේ ඔක්කොම පාවිච්චි කරන්න බැහැ පුහුණු molecular biologist ලා නැතුව. Machine වැඩි කාරා කියලා තේරුමක් නැහැ මේ වෙලාවේ ඉන්නේ තියෙන PCR Machine ගානට සෑහෙන molecular biologist ලා විතරයි.
4. PCR Test එක කරන PCR Tube වල හිගයක් මුළු ලෝකෙම තියෙනවා .
5. Capacity එක 2500 උනා කියල molecular biologist ලා ට පැය 24 ම වැඩකරන්න බැහැ.
6. මේ sample එකතු කරන එක හරි පරිස්සම් ට පිළිගත් ක්‍රමවේදයක් උඩ කරන්න ඕනේ . පොඩ්ඩ වැරදුනොත් ඉවරයි Lab එකේ ඇතුළේ Virus එක බෝ උනොත් Lab එකේ ඉන්න molecular biologist ඔක්කොම ට ම බෝවෙලා තමා නවතින්නේ .
7. ලෙඩ්ඩුන් ගෙන් Sample එකතු කරන එක පළපුරුදු අය කරන්න ඕනේ නැත්නම් එතනින් තමා අනිත් අයටත් වයිරස් එකට නිරාවරණය වෙන්නේ (චීනෙ උණේ මේක තමා කොරෝනා නැති ගොඩක් අයට බෝවෙලා තියෙන්නේ හොස්පිටල් එකෙන්)
8.සමහර අය කියනවා ටෙස්ට් ටෙස්ට් ටෙස්ට් කියලා . එහෙම හතර වටේ ටෙස්ට් කරලා තියෙන Test කරන්න ඕනේ Testing බඩු ටික ඉවර කරගත්තම හදිසිය ට වත් ඊළඟට එන ලෙඩ්ඩු Test කරන්න බැහැ බඩු නැති නිසා. මේ ටෙස්ට් කරන ඒවට ගන්න කිසිම දෙයක් ලංකාවේ හදන්නේ නැති නිසා . ඇමරිකාවේ මාස්ක් හිටං නැති එකේ අපි ගැන මොන කථා ද.
ආණ්ඩුව විදියට දැන් කරන්නේ තෝරා බේරා ගත් කණ්ඩායම් වලට Test කරන එක තියෙන සම්පත් පරිස්සම් කරගෙන .
9. හැම දෙයකටම වියදමක් තියෙනවා නිකං වෙන්නේ නැහැ එක PCR test එකකට රුපියල් 6000 වගේ යනවලු.මෙච්චර වියදමක් යන Test එකක් තෝරා නොගෙන අනවශ්‍ය අයට කරන එක තේරුමක් නැහැ