ලංකාවෙ ඉන්නෙ මචං ආකෘතික වැඩ්ඩො විතරයි. ඒ කිව්වෙ ශිශ්‍යත්ව, ඕ ලෙවල්. ඒ ලෙවල් අයිලන්ඩ් ෆස්ට් ලා,රැන්කර්ස් ලා , කැම්පස් වල බැච් ටොප්ලා,ඉස්කොල වල නම් අපෙ කොල්ලො කියන්නෙ පට්ට මීටර් පොරවල් ,පට්ට ගිරව් ,වගෙ උන් .එතකොට ටෙක්නිකල් පැත්තෙන් ඉන්නෙත් ඒ ආකාරයෙ ආකෘතික වැඩ්ඩො .ඒත් අපෙ රටෙ නැත්තෙ විද්‍යාඥයො ,අළුතෙන් හිතන චින්තකයෝ.
අයි ටි සයිඩ් එකෙත් ඉන්නෙ බී පී ඕ ප්‍රොසෙස් එකට ශ්‍රමය දන්දෙන එක්තරා වහල්ලු පිරිසක් වගෙ උන් මිසක් අළුත් දෙවල් කරන උන් නෙමෙ. හැබැයි එහෙම උනත් ඒ ඒ අයට ආකෘතියට සාපෙක්ෂව වැඩ්ඩෙක් වෙන්න පුළුවන්. ඒ කිව්වෙ ලොකු ටෙක් ෆර්ම් එකක වැඩ කරන එකෙක් හොඳ ප්‍රෆොර්මන්ස් පෙන්වනවා වෙන්න පුළුවන් ඒ කම්පැණි එකෙ ප්‍රොසෙස් එකට ප්‍රඩක්ට් එකට සාපෙක්ෂව .මේ ආකාරයෙ ආකෘතික වැඩ්ඩො හැම රටෙම ඉන්නවා, ඇමරිකාවෙත් ඉන්නවා. ඒත් වෙනස ඒ රටවල් වල කොහෙ හෝ අළුතෙන් හිතන එවුන් අඩුවක් නැතිව ඉන්නවා
සිරා කතාව.ඕක තේරුම් ගන්ඩ හොඳම උදාහරණය තමයි ඇපල් එකේ ස්ටීව් ජොබ්ස්.
ස්ටීව් ජොබ්ස්ගේ තින්කින් පැටර්න් එකට ඇපල් එකේ ඩිවලොපර්ස්ලට අරහන් වුනා.ස්ටීව් ජොබ්ස්ව නෝන්ඩි කලා ප්‍රෝග්‍රමැන්ග් බෑ කියලා.ඒ උන්ගේ ඊගෝ එක.
හැබැයි ස්ටීව් ජොබ්ස් නොහිටින්ඩ අද ඇපල් නෑ.අයිපොඩ් එක අයිපෝන් එක නෝඑන්ඩ ඩිවලොපර්ස් ලට ෆේස්බුක් එකේ ස්ටේටස් දාගන්ඩ දෙයක් ඉතුරු වෙන්නේ නෑ.
ලන්කාවේ ගොඩක් ඩිවලප්‍රස්ල තේරුම් නොගත්ත එක දෙයක් තමයි ලංකාවේ දැනට තියෙන සිස්ටම් එක ඇතුලේ ඩිවලොප්මන්ට් කියන්නේ සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් ලයිෆ් සය්කල් එක විතරක් කියල හිතාගෙන ඉන්න එක.මොකද ඒක විතරනේ උගන්නන්නේ.කැම්පස් එකේ.

