සිව්මාන ලෝක

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
* ත්‍රිමාණ ලෝකෙන් එහාට ගිය ලෝකයක් ගැන තියෙන සුරංගනා කතාවක්. හෙන දිගයි. සිව්මාන ලෝක වලට ආසනම් කතන්දරේ කියවහල්ල නැත්තං නිකා ඉඳහල්ල :D *

කාලය තවත් එක් දෛශිකයක් වූ ලොවක..
_____________________________________
මේ සියල්ල මහා රාත්තිරී දොලහට එකට පමණ ස්නානය කරද්දී පහළ වුනු අදහස් වේ. මෙහි සත්‍යාසත්‍ය තාවය ගැන මා වග නොකියන බව කරුණාවෙන් සලකන්න..

මෙම පෝස්ටුව නිර්මාණය කිරීමේදී කිසිඳු සත්වයෙකුට හෝ මිනිසෙකුට හිංසාවක් සිදුවී නොමැත ▬ ඇමරිකන් හියුමේන් ඇසෝසියේශන්..

මාක් සකර්බර්ග් කෝලං ප්‍රිසෙන්ට්ස්..

අප ජීවත් වන්නේ ත්‍රිමාණ ලොවකය.. එනම් අපට සැබෑවටම අත්විඳිය හැක්කේ මාන තුනක් පමණි.. එනම් x අක්ෂය, y අක්ෂය හා z අක්ෂයයි.. අප ඇඳගන්නා ඛණ්ඩාංක තලයක අප එදිනෙදා ජීවිතයේදී දකින පුටුව මේසය ෆෑන් එක ඕනෑම කෙහෙම්මලක ඕනෑම ස්ථානයක් x y z ඛණ්ඩාංක භාවිතයෙන් ලකුණු කල හැක. ඉන් එහා කිසිවක් අපට ගෝචර නොවේ. අප ජීවත් වන ලොවෙහි ජීවත් වන ඕනෑම ජීවියෙකු සිටිනා තැනද x y z ඛන්ඩාංක ඇසුරෙන් කිව හැක. (විශ්වයට ආදේශ කිරීමේදී මෙය 100%යක් ප්‍රායෝගික හා සාර්ථක නොවූවද හිතෙන් හෝ ඕනෑම දෙයක ස්ථානයක් x y z ඇසුරෙන් පැහැදිය හැක)
නමුත් අපට ගෝචර වන්නේ මෙම මාන තුන පමණක් වීමෙන් මෙම මාන තුන මත පදනම් වූ ලෝක පමණක් විශ්ව පමණක් තිබෙනවායැයි කීම සම්ප්‍රදායෙහිම ඇලීමක් වනු ඇත. එසේ නොවන ලෝක තිබෙනා බවක් සාක්ෂි සහිතව පෙන්වා දීමට නොහැකි වීමෙන් පමණක් එසේ ලෝකවල් නොතිබෙනවා යැයි නොසිතා මාන තුනකින් එහාට ගිය ලොවක් ඇතැයි සැලකුවහොත් එහි ජීවිතය මොන වාගේ වේවිදැයි මාගේ ස්නානය වෙමින් පවතින ඔළුවට ආ අදහස් කීපයකි මේ..

x y z ලොවක ජීවත් වන අපට x y z අක්ෂ ඔස්සේ ඕනෑම දුරක් යා හැකිය. ‍ ‍x යනු ඉදිරිය හා පසු පසට දිවෙන අක්ෂය ලෙසද, y යනු වම් පසට හා දකුණු පසට දිවෙන අක්ෂය ලෙසද, z යනු ඉහලට හා පහලට දිවෙන අක්ෂය ලෙසද සැලකුවහොත් (තමාට සාපේක්ෂව) අපට ‍x දිගේද y දිගේද ගුවන් යානයක් හෝ රොකට්ටුවක් භාවිතයෙන් හෝ ඉනිමඟක් භාවිතයෙන්, යටට යන්නේ නම් පතලක් හාරගෙන හෝ z දිගේ නිදහසේ යා හැක. ඕනෑම වස්තුවක පිහිටීම x y z ඇසුරෙන් ප්‍රකාශ කල හැක.

නමුත් මේ මාන තුනෙන් වියුක්ත වූ තවත් මානයක් ඇතැයි සැලකුවහොත් එහේ මෙහේ වෙසෙන බොහෝ වූ විද්‍යාඥයන්ට අනුව ඒ හතරවන මානය කාලය විය හැක. අපට කාලය දැනේ> මනසේ නිර්මාණයක් ලෙස හෝ දැනේ. එක් එක් අයට වෙන් වෙන් විදිහට දැනේ. නමුත් අපට x y z අක්ෂ ඔස්සේ හිතේ හැටියට ඇවිදින්නාක් මෙන් කාලය හෙවත් t අක්ෂය දිගේ හිතේ හැටියට යා නොහැක. කාලය යනු ත්‍රිමාන ලොවක වෙසෙන අපට ඉබේ ගලායන්නා වූ දෙයකි. අපට කලහැක්කේ ත්‍රිමාණ ලොවට ගැලපෙන චලිතයක් ඇසුරෙන් කාලය මැන ගැනීම පමණකි.. මෙහිදී එක් අක්ෂයකට පමණක් සිදුවන චලිතයක්ද, අක්ෂ දෙකකට සිදුවන චලිතයක්ද, අක්ෂ තුනටම සිදුවන චලිතයක්ද ඇසුරෙන් අපට කාලය මැන ගත හැක. එහිදී අප සිදු කරන්නේ අපට නිදහසේ සැරිසැරිය හැකි හා වෙනත් වස්තූන් නිදහසේ සැරිසැරවිය හැකි මාන තුන භාවිතයෙන් අපට නිදහසේ සැරිසැරිය නොහැකි මානයේ ගලායෑම ගැන නිරපේක්ෂ (මෙහිදී නිරපේක්ෂ බවත් පුද්ගලයාට සාපේක්ෂ වේ, එනම් ස්කන්ධයන් නිසා සිදුවන වෙනස් වීම් නොසලකා හරිනු ලබයි) අදහසක් ලබාගැනීමයි.

නමුත් සිව්මාන ලොවක් යනු මීට වෙනස් ලොවකි. එහි සිටින ජීවීන්ට අපට x y z මෙන් t (කාලය) යනුද තවත් එක් අක්ෂයක් පමණි. අපට x y z ඔස්සේ නිදහසේ සැරිසැරිය හා වස්තු සැරිසැරිය හැකි වන්නා සේ ඔවුන්ට x y z හා t යන අක්ෂ හතරම ඔස්සේ නිදහසේ සැරිසැරිය හා සැරිසැරවිය හැකි විය යුතුය. (මාගේ ස්නානය වෙමින් පැවතුනු හිසට අනුව) එනම් x y z ලොවක ජීවත් වන අපට බෝලයක් x y z දිශා වලිං ඕනෑම දිශාවකට යන සේ විසික් කල හැක. මන්ද අප ජීවත් වන්නේ x y z ලොවක බැවිනි. එම තර්කයම සිව්මාන t අක්ෂය ඔස්සේත් නිදහසේ සැරිසැරිය හැකි ලොවකට ආදේශ කරන්නේ නම්, සිව්මාන ලොවට ලමයෙකුට බෝලයක් ඉදිරියට හා පිටුපසට (x), වමට හා දකුණට (y), ඉහලට හා පහලට (z), මෙන්ම අතීතයට හා අනාගතයටද (t හෙවත් කාලය ඔස්සේ) විසික් කල හැකි වනු ඇත. සැබවින්ම මෙය යම්තාක් දුරට වියුක්ත වූ සඞ්කල්පයකි.
තවත් ඉතා සරලව පැහැදිලි කලහොත් කැච් ඇල්ලීමක් ගැන සිතන්න (මෙහිදී කැච් යන වචනයෙහි තේරුම යකාට ගියාවෙ. මෙය සිඞ්හල හෝ ඉඞ්ග්‍රීසි බස ගැන ලිපියක් නොවේ). ඉදිරියෙන් සිටින ළමයා බෝලය z අක්ෂය දිගේ (උඩට) ඉහලට චලනය වීගෙන ගොස් නැවත z අක්ෂය දිගේම පහලට චලනය වන ලෙසට හා, ඒත් සමඟම ඉදිරියෙන් සිටින්නා සිටින්නේ (0, 0) ඛණ්ඩාංකයට සාපේක්ෂව ඒකක
(5, 5) ක දුරකින් යැයි සැලකුවහොත් {(0, 0) ලෙස ගෙන ඇත්තේ බෝලය යවන ළමයා සිටින x, y ඛණ්ඩාංක වේ} x හා y ඛණ්ඩාංක දිගේ ඒකාකාර වේගයෙන්ද (වා ප්‍රතිරෝදය යකාට ගියාවෙ. මෙය චලිතය ගැන ලිපියක්ද නොවේ) බෝලය යවයි......
මෙය දකින අනෙක් ළමයාට නිදහසේ x දෙසට (ඉදිරියට හා පසුපසට) දුවගොස්ද, y දෙසට (වමට හෝ දකුණට) දුව ගොස්ද, අවශ්‍ය නම් z දෙසට (උඩට පැන හෝ වලක් හාරාගෙන පොලොවට බැස) ගොස්ද කැච් එක අල්ලා ගත හැක.. එය ත්‍රිමාණ ලමයා තමාට චලනය විය හැකි දිශා ඔස්සේ ගොස් සිදු කල කැච් එක අල්ලාගැනීමකි.

නමුත් සිව්මාන ලොවක හෙවත් කාලයත් එක් අක්ෂයක් එක් මානයක් වූ ලොවක කැච් ඇල්ලීමකදී එක් ළමයෙකු බෝලය විසික් කරනුයේ ත්‍රිමාණ ලොවක මෙන් ඉහලට ගොස් පහලට වැටෙනා ගමන් ඉදිරියට හා වමට හෝ දකුණට යන ලෙස නොවේ. එහිදී සිව්මාන ළමයා විසින් බෝලය ත්‍රිමාණව චලනය වන අතරතුරේදීම බෝලය අතීතයට විසික් කරනු ඇත.. ඉදිරියෙන් කැච් එක අල්ලාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ලමයා එය දැක (දැකීම ගැන පසුව ලියමි) වමට දකුණට, ඉදිරියට පිටුපසට, උඩට පහතට චලනය වන අතරතුරේදීම කාලය හරහාද ගොස් කැච් එක අල්ලාගනු ඇත. එය නම් සිරාම කැච් ඇල්ලීමක් වනු ඇත. මෙහිදී ළමයා කැච් එක අල්ලාගැනීමට අතීතයට යෑම පිට්ටනියේ බෝලය යැවූ ළමයා ඉදිරියෙන් සිට එක් වරම අපාරේට් වෙන්නාක් මෙන් (apparate ගැන නොදන්න අයට: අපාරේට් යනු හැරී පෝට කතාවෙන් උපුටා ගත් වදනකි. එහිදී සිදුවන්නේ ව්ක් වරම අතුරුදහන් වී වෙනත් තැනකට යාමයි. 6 වන කතාවෙහි හැරී පෝට විසින් ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ ගේ අතින් ඇල්ලූ විටම අතුරුදහන් වී වෙනත් තැනකට යන්නේ ඒ apparate ය) ඔබට සිතිය හැක. එසේ සිතීම සාමාන්‍යය. මන්ද යත් ත්‍රිමාණ ජීවින් සිතන්නේද තමා අත්විඳින ත්‍රිමාණ ලොවට සාපේක්ෂව බැවිනි. නමුත් එය එසේ විය නොහැක. (මෙය දෙවනි දින ස්නානයේදී පහල වුනු අදහසකි). මන්ද යත් සිව්මාන ජීවීන් සිතන්නේද, චලනය වන්නේද, දකින්නේද ත්‍රිමාණ ලොවක් නොව සිව්මාන ලොවක් බැවිනි.. එය එසේ වන්නේ කෙසේදැයි මේ ලිපියෙන්ම පැහැදිය නොහැක. ඒක ගැන මට හිතුනේ කෙසේදැයි ඊලඟ කොටසින් කොටමි. >>
 
misty9051

Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    Super මචන්, සෑහෙන දේවල් හිතන්න මාර්ගයක් හදල දුන්නා මේකෙන්. එකගයි සංකල්පය සමග. ඒවගේම වැඩිදුර තොරතුරු දැනගන්නත්/සොයන්නත්...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    greek wage

    කොතනද බං ග්‍රීක් වගේ :) තැන කියපං.. මටත් හිතුන කවුරු හරි ඔහොම කියයි කියල.. මට ලිවීමේ හැකියාවක් නෑ.. ඊලඟ එකේ උපරිම පහදන්න උත්සාහ කරන්නම්.. ස්තූතියි..

    Super මචන්, සෑහෙන දේවල් හිතන්න මාර්ගයක් හදල දුන්නා මේකෙන්. එකගයි සංකල්පය සමග. ඒවගේම වැඩිදුර තොරතුරු දැනගන්නත්/සොයන්නත්...

    අම්මට හුඩු :O මම නං මෙහෙම කමෙන්ට් එකක් එයි කියල හිතුවෙ නෑ :D සිරාවටම බලාපොරොත්තු වුනේ හොඳවයින් බයිටක්. මාන ගැන කිසිම අවබෝධයක් දැනුමක් නැතුව ලිව්ව නිසා වටවෙලා බයිට් වෙන්න වෙයි කියල හිතුනෙ.. මොනා වුනත් මං මේ ලියල තියෙන ඒව පිළිගන්න එපා කියලනං කියන්න ඕනෙ.. මට මාන ගැන තියා ඕව තේරුම් ගන්න අවශ්‍ය කරන මූළික ගණිත දැනුමවත් නෑ.. නාද්දි නිකංම හිතට ආපු දේවල් ටිකක් විතරයි. සිරාවටම මාන තේරුම් ගන්නනං විකිපීඩියා වගේ තැන් වල, පොත් වල හොයල බලන්න. :) ස්තූතියි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Matanun oya kaalaya kiyana kehel mala echchara set wenne na. Ape un hadala thiyana equations widihata gravity ekath ekka kaalaya wenas wenawa. E kiyanne gravity eka wenas looke dekaka kaala deka wenas. Batahira widyawa pissu kelinne ohoma than waladi thama. Minihek bari welawath atheethayata gihin eke mona hari wenas karanun echchara kal ein pasu anagathe hitapu un okkoma nathi wenawane mokada ethanin passe unu siddi daaamaya wenas hinda. Maha bahuboothayak ekanun. :oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Matanun oya kaalaya kiyana kehel mala echchara set wenne na. Ape un hadala thiyana equations widihata gravity ekath ekka kaalaya wenas wenawa. E kiyanne gravity eka wenas looke dekaka kaala deka wenas. Batahira widyawa pissu kelinne ohoma than waladi thama. Minihek bari welawath atheethayata gihin eke mona hari wenas karanun echchara kal ein pasu anagathe hitapu un okkoma nathi wenawane mokada ethanin passe unu siddi daaamaya wenas hinda. Maha bahuboothayak ekanun. :oo:

    jajaja කාලය ස්කන්ධ නිසා වක්‍ර වෙන සිද්ධිය සිරාය :D ඒකයි වරහං ඇතුලෙ නිරපේක්ෂ බවත් පුද්ගලයාට සාපේක්ශව කියල දැම්මෙ.. උඹ ඔය කියන්නෙ කාල තරණය ගැන තියෙන පැරඩොක්ස් එකක් ගැන :D අනික බං ඒක එහෙමයි කියල අපිට හිතෙන්නෙත් අපි ත්‍රිමාණව හිතන නිසානෙ.. අපිට කාලය හරහා කාමරේ ඉඳන් කුස්සියට යනව වගේ ගිහිං අත්දැකීමක් නැති නිසානෙ. ඒත් කාලය තවත් එක් අක්ෂයක් විතරක් වුනු ලෝකෙක මට හිතෙන දැනෙන හැටියට නම් ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එක මිනිහෙක් මරල එන පැරඩොක්ස් එක වලංගු වෙන්න විදිහක් නෑ බං. හරිද දන්නෑ. ඒ ගැන හිතෙන විදිහත් ඉදිරි කොටසකිං පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනව.. අහ් තව විභාග ගැනත් :) සිව්මාන ලොවක විභාගයක් :D
     
    Matanun hithenne time traveling kiyanne karanna bari deyak. Hithannako variable time axis eheka inna ekama minihek gewena hama thapparekata passema hitapu initial thanata yanawa kiyala. Ethakota t=0 awasthawedi e minihage copies keeyak thiyeda kiyala hithannako. Adenawane :rofl: Ekama minihekge eka eka welawal wala awasthaa laksha gaanak idiy t=0 awasthawedi. Time eka variable ekak unaama oka thama wenne. Oluwath ridenawa mewwa tika therena widihakata kiyanna gihin :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Matanun hithenne time traveling kiyanne karanna bari deyak. Hithannako variable time axis eheka inna ekama minihek gewena hama thapparekata passema hitapu initial thanata yanawa kiyala. Ethakota t=0 awasthawedi e minihage copies keeyak thiyeda kiyala hithannako. Adenawane :rofl: Ekama minihekge eka eka welawal wala awasthaa laksha gaanak idiy t=0 awasthawedi. Time eka variable ekak unaama oka thama wenne. Oluwath ridenawa mewwa tika therena widihakata kiyanna gihin :dull:

    හිතපං උඹට කිසිම පාලනයක් නැතුව (බස් එහෙක යනව කියල හිතපංකො) x අක්ෂය දිගේ (ඉස්සරහට කියල ගමුකො) ඒකාකාර වේගෙකිං, y අක්ෂයට අංශක n කෝණයක් ඇතුව යනව.. එතකොට බස් එක යන්නෙ උඹ ඉන්න තැන ඉඳන් තනි කෙලින් ඇඳපු ඉරකට අංශක n ගාණක් ඇලවෙන්න දකුණට.. එහෙම යන්න යන්න උඹ අර තනි කෙලින් ඇඳපු ඉරෙන් ඈත් වෙනවනෙ.. ඒ කියන්නෙ y = 0 අක්ෂයෙන් ඈත් වෙනව.. (බස් එක තනි කෙලින් x දිගේ යනව කියන්නෙ හැම තිස්සෙම y = 0) ඇලේට යන්න යන්න y අගය වැඩිවෙනව.. උඹ ඒ වැඩි ව්එලා y = 1 වෙන හැම තිස්සෙම උඹ y = 0 විදිහට x ඉර උඩට පනිනව. :) (බස් එකත් එක්කම පනිනව කියල හිතපංකො)... ඒ පැන්නාම ආයෙමත් උඹ යන්නෙ n කෝණයක් හරහට.. එහෙම ගියාම y = 1 වුන ගමං ආයෙමත් උඹ y = 0 වෙන්න එක්ස් අක්ෂෙ උඩට පනිනව.. :) ඒ කියන්නෙ උඹට හිතෙන හිතෙන වෙලාවල් වලට උඹ y අක්ෂය තරණය කරනව.. එතකොට උඹට නිකමටවත් හිතෙනවද උඹේ කොපි දෙක තුනක් y අක්ෂෙ උඩ තියෙනවනෙ කියල :D නෑනෙ.. මොකද y කියන්නෙත් x කියන්නෙත් අපිට නිදහසේ චලනය විය හැකි අක්ෂ දෙකක්.. අපි ත්‍රිමාණ ජීවින් නිසා.. ඒ විදිහටම t අක්ෂෙ ගැණ හිතපං.. :)
    මං හරිද දන්නෑ.. ඕක ගැන මට හිතෙන හැටිත් ඊලඟ කොටසකින් පැහැදිලි කරන්න හිතාගෙන ඉන්නෙ.
     
    E udaaharane ganna ba bun time ekata. Time kiyanne continuous deyak. Eka gatha wenawa apita control eka nathuwa. Uba oya kiyana widihata x axis eka time nun y axis eka distance nun apita physically Y axis eka dige witharak awidan yanna puluwan t=0 thiyagena (kisima kaalayak yanne nathuwa apita oni durak yanna puluwan ehema baluwoth). Ehema karanna puluwan apita time kiyana eka control karanna puluwannun ho time travel ekak karanna puluwannun. Oya nokia kiyanne time axis eken poddak aathata gihin time eka still karala ayith time axis eka 0 wena anith axis eka udata panapan kiyalane. Ethakota api time travel ekak karalane. Ethakota apita time eka 0 wena thanadi thibba okkoma dewal penna oni e welawe. Thamange t=0 awasthawe physical appearance ekath. Ethakota bokkenma ekama wele thaman wagema dennek innawa. Oka hariyanne na bun. Time kiyanne increasing continuous variable ekak witharai. Apita time kiyana eheta meheta karanna ba. Ekai oya western science waraddan thiyenne. Api hadagaththa eke waraddak thiyeddi thama eka eka wena bahubootha oppu karanna puluwan wenne. Second kiyana eka api hadagaththa sankalpayakne physical deyakin. Eka pruthuwiya uda nischalawa thiyan api hithanna hadanawa pruthuviyen baharawa accelerate wena ekekta apiwa kohoma peneida kiyala. Thanikara waradiyne bun.
     
    අහ් උඹ කතා කරන්නෙ අපි ගැනද :D මං හිතුව සිව්මාන ජීවීන් ගැන කියල.. එහෙම උන් සලකලයි උත්තරේ දුන්නෙ :D අපිට නං බෑ තමා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    උබට වයස කීයද?
    poker---face.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබට වයස කීයද?
    poker---face.jpg

    1995 මැයි 02.. හදල බලහං.. දහඅටක් හෝ දහනවයක් වගේනෙ වෙන්නෙ.. වයස හරියටම දන්නෙ නෑ.. මොකක් හරි කොලයක් පුරවන්න ඕනෙ වුනාමම ඕනෙ ඕව හොයන්න..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    1995 මැයි 02.. හදල බලහං.. දහඅටක් හෝ දහනවයක් වගේනෙ වෙන්නෙ.. වයස හරියටම දන්නෙ නෑ.. මොකක් හරි කොලයක් පුරවන්න ඕනෙ වුනාමම ඕනෙ ඕව හොයන්න..

    එල එල :D
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    අම්මට හුඩු :O මම නං මෙහෙම කමෙන්ට් එකක් එයි කියල හිතුවෙ නෑ :D සිරාවටම බලාපොරොත්තු වුනේ හොඳවයින් බයිටක්. මාන ගැන කිසිම අවබෝධයක් දැනුමක් නැතුව ලිව්ව නිසා වටවෙලා බයිට් වෙන්න වෙයි කියල හිතුනෙ.. මොනා වුනත් මං මේ ලියල තියෙන ඒව පිළිගන්න එපා කියලනං කියන්න ඕනෙ.. මට මාන ගැන තියා ඕව තේරුම් ගන්න අවශ්‍ය කරන මූළික ගණිත දැනුමවත් නෑ.. නාද්දි නිකංම හිතට ආපු දේවල් ටිකක් විතරයි. සිරාවටම මාන තේරුම් ගන්නනං විකිපීඩියා වගේ තැන් වල, පොත් වල හොයල බලන්න. :) ස්තූතියි

    :nerd::nerd: මට මේ semester එකේ Quantum Physics 3 credit subject එකක් තිබුන මචන්, ඒ නිසා මමත් හොදටම interest මේ subject ඒක ගැන. මම හොයනකොට ලැබුන තොරතුරු ටිකකුත් තියෙනවා, ඉඩක් ලැබුන වෙලාවට දාන්නම් thread එකක්. මේ දවස් වල වෙලාව ටිකක් හොයාගන්න අමාරුයි. sex නෙවේ මේවයි ලංකාවේ මිනිස්සු හොයන්න ඕන Internet එකෙන්. ජය.... :nerd::nerd:
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    :nerd::nerd: මට මේ semester එකේ Quantum Physics 3 credit subject එකක් තිබුන මචන්, ඒ නිසා මමත් හොදටම interest මේ subject ඒක ගැන. මම හොයනකොට ලැබුන තොරතුරු ටිකකුත් තියෙනවා, ඉඩක් ලැබුන වෙලාවට දාන්නම් thread එකක්. මේ දවස් වල වෙලාව ටිකක් හොයාගන්න අමාරුයි. sex නෙවේ මේවයි ලංකාවේ මිනිස්සු හොයන්න ඕන Internet එකෙන්. ජය.... :nerd::nerd:

    ඒ වගේම තවත් සංකල්පයක් තියෙනවා කාලය නොවේ පැවැත්ම/අවධිය/කාලමාත්‍රාව තමයි සිව්වන මානය කියල. සංකල්ප වශයෙන් මේවා කිසි විටත් 100% පිළිගන්න හෝ ඉවත හෙලන්න නොහැකියි. සෙවීම තමයි වැදගත්.

    http://www.youtube.com/watch?v=MN4KC_zlW4g
     
    Last edited:

    අම්මට හුඩු :O මම නං කැම්පස් එහෙකට කියල ගිහිං තියෙන්නෙ ප්‍රදර්ශනයක් බලන්න විතරයි :D විෂයක් වශයෙන් නං මේ ගැන මොකුත්ම දන්නෙ නෑ බං.. :O උඹ විශයක් වශයෙන් ඒක කරලත් ඔහොම කමෙන්ට් එකක් දාපු එක ගැන පුදුමයි.. මං ලියන්නෙ මාන ගැන මොකුත්ම නොදැන හිතට එන අදහස් ටිකක් විතරයි.. ඇත්තට සිව්මාන ලෝක මොන වගේද, ඕවගෙ ගණිතමය ඔප්පු කිරීම් එහෙම මෙලෝ දෙයක් නොදනී.. :( දැනගන්න ආස වුනත් ඒව තේරුම් ගන්න ගණිතමය දැනුමකුත් නැත
     
    Podi Poosa

    Member
    Jan 16, 2014
    31
    1
    0
    Oka maha kunuharapayak. ara Dejavu kiyana movie eka vage. Movie ekkata oka maru concept eka.
    But practical ne. Deepan oya idea eka movie producer ekekkta ... ara Speilburg , Kamaron vage..:confused:
    Podi ekaka nikan....Kolla ehema natthan kella ...(kella thama better...movie eka more popular vei) young age ekadi Jeevithe epa vela...(ara st. Johns school kella vage) 't' dimention eka (time) adu karagen "-" gihin thama ipedena eka stop karanawa...(ethkota young age eke suicide karaganna ona nene) ...:)
    Huta....:no: eth kohomada ehema karanne...:rofl: ipadune naththan young ekek inna bene apahu yanna.....ane manda.. ban...:baffled:
    oluwa ridenawa...
    will think about this later....:lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගජන්;16285002 said:
    wadakata athi deweayk dapan ban. gon athal ganne nathuwa

    එලකිරි එකට අලුත් බං.. වැදගත් යනුවෙන් ඔබතුමා අදහස් කල දේ තේරුනේ නෑ.. උදාහරණත් එක්කම පහදල දෙන්න පුළුවන්නම් වටිනව :D

    Oka maha kunuharapayak. ara Dejavu kiyana movie eka vage. Movie ekkata oka maru concept eka.
    But practical ne. Deepan oya idea eka movie producer ekekkta ... ara Speilburg , Kamaron vage..:confused:
    Podi ekaka nikan....Kolla ehema natthan kella ...(kella thama better...movie eka more popular vei) young age ekadi Jeevithe epa vela...(ara st. Johns school kella vage) 't' dimention eka (time) adu karagen "-" gihin thama ipedena eka stop karanawa...(ethkota young age eke suicide karaganna ona nene) ...:)
    Huta....:no: eth kohomada ehema karanne...:rofl: ipadune naththan young ekek inna bene apahu yanna.....ane manda.. ban...:baffled:
    oluwa ridenawa...
    will think about this later....:lol:

    :v අර පැරඩොක්ස් එක.. :D ත්‍රිමාණ අපි කොහෙ කාල තරණය කොරන්නද බං.. :(
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    අම්මට හුඩු :O මම නං කැම්පස් එහෙකට කියල ගිහිං තියෙන්නෙ ප්‍රදර්ශනයක් බලන්න විතරයි :D විෂයක් වශයෙන් නං මේ ගැන මොකුත්ම දන්නෙ නෑ බං.. :O උඹ විශයක් වශයෙන් ඒක කරලත් ඔහොම කමෙන්ට් එකක් දාපු එක ගැන පුදුමයි.. මං ලියන්නෙ මාන ගැන මොකුත්ම නොදැන හිතට එන අදහස් ටිකක් විතරයි.. ඇත්තට සිව්මාන ලෝක මොන වගේද, ඕවගෙ ගණිතමය ඔප්පු කිරීම් එහෙම මෙලෝ දෙයක් නොදනී.. :( දැනගන්න ආස වුනත් ඒව තේරුම් ගන්න ගණිතමය දැනුමකුත් නැත

    කැම්පස් එකේ තිබුනේ Quantum Physics විතරයි මලයා. අපරිමිත මාන සම්භන්ද ගණන් සහ ක්වන්ටම් යාන්ත්‍රන පමණයි Subject එකට තිබුනේ. නමුත් මාන පිළිබද සෙවීමට ඇති කැමැත්ත නිසා කියවපු Research article සහ වෙනත් විකිපීඩියා නොවන මුලාශ්‍ර තමයි දත්ත සහ තොරතුරු වලට මුලික උනේ.

    පසු සටහන : විකිපීඩියා දත්ත/තොරතුරු මුලාශයක් ලෙස භාවිතා නොකරන්න. :nerd: සංවාදයට අකමැත්තෙමි. දිගටම හොයපන්, ඒක එකා කියන කතා ගණන් ගන්න එපා. උබට ජය. Unsubscribe from thread.