සිවිල් ඉන්ජිනේරුවෙක් වෙලා කෙල විලා ඉන්නෙ...

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...
    ow ban math karapu degree eken kisi wadak naha (maths ) .
    (job nam thiyenawa , habayi dan thathwe widiyata athin wiyadam karan job ekata yanna wenne)
    eka nisa podiyata online deyak karagena yanawa.

    gedara ekama lamaya nisa migrate wenna nam baha.

    eka nisa mama baluwe japan hari korea hari yanna.
    mokada mata one salli aththatama kalpana karala balana kota.

    uba kiyapu eka hari degree ekak mehe karanawa nam IT relatedma hari MBBS hari karanna wenama
    nathnam amaruwe watenawa .
    ආයෙ Digital Marketing හොදයි Online කරනවනම් එහෙම
     
    • Like
    Reactions: sakuntha1996

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    මචන්ලා මම පේරාදෙනියෙන් Civil Engineering Degree එක අරන් 2020 Out උනේ දෑන් මේ රටේ තියෙන තත්වෙත් එක්ක ජොබ් එකට කෙලවෙලා ගෙදර ඉන්නෙ :no::no: කාට හරි කියන්න පුලුවන්ද Civil Engineering Degree තියෙන කෙනෙක්ට ලන්කාවෙ මෙ දවස් වල හොයා ගන්න පුලුවන් වෙන ජොබ්ස්? (IT Field or something :yes:) Student Visa දාල රට යන්නත් සල්ලි නෑ :no::no: Working Visa or Skill migrate වෙන්න Experience මදි :no:ඒ මදිවට Master එකත් පටන් ගත්ත පේරදෙනියෙම (MEng in Highway & Traffic Engineering) ගිය අවුරුද්දෙ :no: දෑන් කර කියගන්න දෙයක් නෑතුව ඉන්නෙ අතේ සතේ නතුව ගෙදරට වෙලා :no: කවුරු හරි උපදෙසක් දෙන්නකෝ ගොඩ යන්න:yes::yes:
    Com thiyeddi Civil kare ayi ban :(
     
    • Like
    Reactions: shenat

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ආයෙ Digital Marketing හොදයි Online කරනවනම් එහෙම
    Thank you
    poddak stable wenna baluwe ban
    awurudu kipayak rata gin awith
    Tea idamak hari rental property ekak hari hadagena.

    ita passe online wadakata bahinna baluwe.

    danata mama tutor kenek widiyata wada.
    wena ekak igena ganna welawa madi.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,971
    113
    ස්ට්‍රෝං??
    ඩොලර් මිලියන 2ක් විදේශ සංචිත නැති, නීතියක් නැති රටක බිංදුවෙන් පටන් අරන් බිස්නස් කරන්න?

    උබල ඒකට බැහැල නෑ බන්. ඒකයි ඔය කියවන්නෙ. ඔය කියනව වගේ නෙවෙයි ඇත්තට ඒකට බැහැල බැලුවම. ඕන තරං උදාහරණ තියෙනව පෙන්නන්න.

    පටන් ගන්න, හොඳ පදනමක් හදාගන්න විදියක් තියෙන්න ඕන. එහෙම පදනමක් හදාගන්න විදියක් නෑ ලංකාවේ. බිංදුවෙන් පටන් අරන් එන එකෙක් ජොබ් එකක් කරලා අමතර ආදායම් එන වෙන දෙයක් කරලා ඒකට funds එකතු කරගන්නෙ. මුන්ට ජොබ් එකක් නැතුව කොහොමද ඒක කරන්නෙ? ලංකාවෙ ණයක් වත් ගන්න පුළුවන්ද දැන්? දෑන් තියා දැන් අවුරුදු ගාණකට කලින් වත් අපිට වත් බැරි උණා අවුරැද්දක බිස්නස් එකක් හොඳට කරගෙන ආපු එක පෙන්නලත්. ඒ වගේ හුත්තෙ රටක මොන බිස්නස්ද.

    මුන් මේ කෙළවෙලා ඉන්නෙ සිවිල් කන්ස්ට්‍රක්ෂන් කොම්පැණි ප්‍රොජෙක්ට් බර ගානක් නවත්තලා දාලා. තව ඒව නවත්තනවා. නවත්තන්න වෙනවා. බඩු නෑ. බඩු ගේන්න සල්ලි නෑ. මුන්ට පඩි ගෙවන්න ජොබ් දෙන්න විදියක් නෑ. මුන්ට ජොබ් නැතුව තමන්ගෙ කියල දෙයක් කරන්න පදනමක් හදාගන්න බෑ.

    උබලට වගේ නෙවෙයි. ලංකාව පුකෙන් ගියාට උබලට ආදායම් එන්නෙ පිටරටවල් වලින්. ඒව නැති වෙන්නෙ නෑ. සිවිල් එකාට, මිකෑනිකල් එකාට එහෙම නෙවෙයි. ඒක උබලට තේරෙන්නෙ නැති එක පුදුමයි.

    ඔය ලංකාවෙ ඉඳන් බිස්නස් දියුණු කරවන කතා කියහන් ලංකාවෙ කොම්පැණියක් හදාගෙන ලංකාව ඇතුලෙ විතරක් ප්‍රොජෙක්ට් කරලා. පිටරටවල් වලින් පඩි අරන්, එහාටම අමතර දේවලුත් කරලා නෙවෙයි.

    සිවිල් ඉන්ජා වැඩ කරන්නෙ පිටරටවල් වලට නෙවෙයි. උන්ට එහෙම කරන්න විදියක් නෑ. IT ඇර වෙනත් 99% කට එහෙම කරන්න විදියක් නෑ. ඒක උන්ගෙ වරදක් නෙවෙයි. IT අයට පිටරටවල් වලට වැඩ කරන්න පුළුවන් එක උන්ගෙ අමුතු දක්ෂතාවකුත් නෙවෙයි. තනිකරම දියුණු වෙන රටවල් වල දියුණුව නිසා වෙන දෙයක්.

    ඒ නිසා කෙළවෙලා ඉන්න එවුන්ට ථව ගොං මොරාල් අරන් තව කෙළෝගන්න උල්පන්දම් දෙන්න එපා බන්. එහෙම කරනව නං උන්ගෙ තැනට බැහැල ඒක කරල පෙන්නපන්. අපි කරල බලල, කරපු අනිත් උන් ගොඩක් දැකල කියන්නෙ.

    මං කියන එක ෂුවර් නැති එකෙක් ඉන්නව නං වරෙන් ඔට්ටුවක් දාන්න.
    ඒක තමා කිව්වෙ "දෙක වැදුන ගමන් රටේත් නෑ බිස්නස් කරන්න කියල එන බහුතරය" කියල.

    ඒක ෆන්ඩමෙන්ටල් අවුලක් මිසක් සිවිල්ද , මිකැනිකල්ද කියන අවුලක් නෙවෙයි. ඔය ගොඩක් වෙලාවට ජොබ් වලටම ෆෝකස් කරල ඉගෙන ගත්තම ඔය ප්‍රශ්නෙ එන්නෙ. දීල තියෙන ටාස්ක් විතරයි අලුත් දෙයක් කල්පනා කරල බලල කරන්න බෑ. ඒක හිතන විදියෙ ප්‍රශ්නයක්.

    උබට ඔය සෝනි වගේ උන් යුද්දෙ ඉවර උන ගමන් කම්පැනි හදපු හැටි එහෙම ස්ටඩී කරල බලපන්. ඔන්ලයින් ට්‍රාන්සෆර් වගේ දේවල් නෑ. එතකොට තේරෙයි කොහොමද ඒව උන් උඩට ගෙනාවෙ කියන එක.

    ග්‍රව්න්ඩ් එකේ ඇති වෙන්න ඔපර්චුනිටීස් තියෙනව. මේක බහුතරයකට තේරෙන්නෙ තව අවුරුදු 5කින් විතර සක්සස් වෙච්ච උන්ගෙ ස්ටෝරි අහනකොට.

    මොන Eng දැනුමක්වත් නැතුව කමියුනිකේශන් එකකින් පටන් ගෙන අලුත් නිර්මාණයක් ලන්කාව ඇතුලෙ විතරක් දුවන්න හදල බිස්නස් කරල සක්සස් වෙච්ච උන් ඉන්නව.

    මේක අමාරු කාලයක් හැමොටම ප්‍රශ්න ඊයෙ තිබ්බෙ නැති ප්‍රශ්නයක් අද උදේ එත් කොහොම මොක උනත් ප්‍රශ්න නිසා දුක් විදින එක කොහොම කවුරු කිව්වත් ඒක චොයිස් එකක් විතරයි. ප්‍රශ්න නිසා දුක් විදින්නත් පුලුවන් නොවිදින්නත් පුලුවන්. ඕක ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට තේරෙන්නෙත් නෑ. මාත් මේ කියන්නෙ කුණුහරුප අහන්න බලාගෙන. 🤷‍♂️
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක

    ඕව බයිල බන්. ඕව හොඳයි නිකන් කතා කරන්න දෙයක් නැතුවට කියව කියව ඉන්න. ඒ කාලේ මැලිබන් මුදලාලියි, නවලෝක මුදලාලියි සත පනහක් අරන් කොළඹ ඇවිත් දියුණු උන ඒවා. :lol: ප්‍රායෝගික ලෝකෙ ඕව දැන් ගොං පාට්. විශේෂයෙන්ම ලංකාවෙ.

    ඔච්චර ඕන නෑ. ලංකාව ඇතුලෙ සිවිල් එකෙක් කරන්න එන කන්ස්ට්‍රක්ෂන් වලට බැහැල කරල පෙන්නපන්. අන්න ඒ ඇති. වෙන රට බයිල වලින් වැඩක් නෑ. මේක නිකන් ලැප් එකෙන් කෝඩ් එකක් ගහලා, ඇප් එකක් ලියලා, ඒක අසාර්ථක උනොත් තව එකක් ලියල කරනව වගේ වැඩක් නෙවෙයි. උබට ප්‍රායෝගික අත්දැකීම ආවම තව තේරුං කරල දෙන්න පුළුවන්. එහෙම නැතුව තේරෙන්නෙ නෑ.

    උන් සිවිල්(හෝ වෙනත්) කරනකොට රටේ ඇත්ත තත්ත්වය එතන පෙන්නුවනං ඔය එකෙක් වත් IT ඇර වෙන දෙයක් කරන්නෙ නෑ. ඒක එහෙම වෙන්නෙ නැති නිසා තමයි මම මේ මෙතන වත් ඒක කියල දෙන්න හදන්නෙ. කොච්චර නෑ කියන්න හැදුවත් ඒක රටේ අවුලක් බන්. එහෙම නෙවෙයි නං රටින් යන උන්ට වෙන රටවල් වලදිත් ඒකම වෙන්න ඕනනේ.ඒ උනාට එහෙම වෙන්නෙ නෑ.

    මං හිතන්නෙ උබ රට පටලවගෙනද කොහෙද. ඔපචුනිටීස් තියෙනව කියල උබ අර කියන්න වගේ බ්ලොක්චේන් ඇප් ලියන්න යන්න බෑ සිවිල් කරපු එකෙක්ට. ඊට කලින් ඌ එදිනෙදා ජීවත් වෙන්න ඕන. ඒකට රස්සාවක් තියෙන්න ඕන. අවුරුදු පහකින් සක්සස් වෙන්න අද ඇප් ලිය ලිය ඉන්න පුලුවන් උනා නං එහෙම කරනව නේ. එහෙම කරන්න බෑ. සිවිල් වගේ ඒවා කරපු උන්ට IT background එකක් නෑ. අද හිතුන දේවල් කරන්න පුළුවන් උනා නං අපිටත් තියෙනව දේවල් කරන්න. ඒව කරන්න බෑ අනිත් දේවල් වලින් ලිමිට් වෙනවා.

    උබලට කිව්වට තේරුම් ගන්න අමාරුයි වගේ. ඒකයි මම කියන්නෙ එහෙම අයට අත්දැකීමෙන්ම තේරුම් ගන්න ඕන වෙන කරන්න දෙයක් නෑ. මට පුලුවන් හොඳ අත්දැකීමක් ලැබෙන විදියක් සෙට් කරලා දෙන්න.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,971
    113
    ඕව බයිල බන්. ඕව හොඳයි නිකන් කතා කරන්න දෙයක් නැතුවට කියව කියව ඉන්න. ඒ කාලේ මැලිබන් මුදලාලියි, නවලෝක මුදලාලියි සත පනහක් අරන් කොළඹ ඇවිත් දියුණු උන ඒවා. :lol: ප්‍රායෝගික ලෝකෙ ඕව දැන් ගොං පාට්. විශේෂයෙන්ම ලංකාවෙ.

    ඔච්චර ඕන නෑ. ලංකාව ඇතුලෙ සිවිල් එකෙක් කරන්න එන කන්ස්ට්‍රක්ෂන් වලට බැහැල කරල පෙන්නපන්. අන්න ඒ ඇති. වෙන රට බයිල වලින් වැඩක් නෑ. මේක නිකන් ලැප් එකෙන් කෝඩ් එකක් ගහලා, ඇප් එකක් ලියලා, ඒක අසාර්ථක උනොත් තව එකක් ලියල කරනව වගේ වැඩක් නෙවෙයි. උබට ප්‍රායෝගික අත්දැකීම ආවම තව තේරුං කරල දෙන්න පුළුවන්. එහෙම නැතුව තේරෙන්නෙ නෑ.

    උන් සිවිල්(හෝ වෙනත්) කරනකොට රටේ ඇත්ත තත්ත්වය එතන පෙන්නුවනං ඔය එකෙක් වත් IT ඇර වෙන දෙයක් කරන්නෙ නෑ. ඒක එහෙම වෙන්නෙ නැති නිසා තමයි මම මේ මෙතන වත් ඒක කියල දෙන්න හදන්නෙ. කොච්චර නෑ කියන්න හැදුවත් ඒක රටේ අවුලක් බන්. එහෙම නෙවෙයි නං රටින් යන උන්ට වෙන රටවල් වලදිත් ඒකම වෙන්න ඕනනේ.ඒ උනාට එහෙම වෙන්නෙ නෑ.

    මං හිතන්නෙ උබ රට පටලවගෙනද කොහෙද. ඔපචුනිටීස් තියෙනව කියල උබ අර කියන්න වගේ බ්ලොක්චේන් ඇප් ලියන්න යන්න බෑ සිවිල් කරපු එකෙක්ට. ඊට කලින් ඌ එදිනෙදා ජීවත් වෙන්න ඕන. ඒකට රස්සාවක් තියෙන්න ඕන.
    ඒක තමා කිව්වෙ "දෙක වැදුන ගමන් රටේත් නෑ බිස්නස් කරන්න කියල එන බහුතරය" කියල. :P

    දැනුම කියන එක උබල හිතුවට ඉගෙන ගත්ත ෆීල්ඩ් එකේම යූස් කරන්න ඕනි කියල එහෙම එකක් නෑ. අනික ඔය සිවිල් වගේ කරපු අයට තමා මේ වෙලාවෙ සෑහෙන සපෝට් එකක් දෙන ප්‍රඩක්ට් උනත් හදන්න දැනුම තියෙන්නෙ. දැනට මේ කෙල වෙලා ඇද ඇද දුවන සිස්ට්ටම් වල රිසොස් මැනෙජ් කරන්න වගේ දේවල් එහෙම සෑහෙන්න කරන්න පුලුවන් මෙහෙ ඉන්න බහුතරයම.

    බිස්නස් කියන්නෙ බිස්නස් ඒකෙ කවුරු කොහොමත් කරත් ඇත්තටම කරන්නෙ හැමෝම අන්තිමට කස්ටමර් සැටිස්ෆැක්ශන්. කාගෙ උනත් බිස්නස් එක දුවන්නෙ ඒක උඩ. ඔය උබ ෆීල් කරපු හැම දේම බිස්නස් කරන හැම කෙනාටම අත්දැකීම් විදියට ලැබෙනව. අඩුම කුඩු බිස්නස් කරත් ඒක ඒ විදියටම තියෙනව.

    ගෙදර කාට හරි කෑම නැති වෙලා බඩගින්නෙ ඉන්නකොට රටේ කන්ස්ට්‍රක්ශන් කරන්න සල්ලි නෑ කියන්නද? එහෙම උත්තර දුන්න කියල කාටද හොදක් වෙන්නෙ. කාගෙවත් බඩ පිරෙනවද?

    මුලින්ම තේරුන්ගන්න ඕනි දේ තමා මේ ස්වාභාවික වරණය වැඩ කරන්නෙ අපිම අවුරුදු 74ක් තිස්සෙ ගත්ත තීරණ ටිකෙ රිසල්ට් එක තමා මේ එන්නෙ. මේකට තියෙන්නෙ විසදුම් දෙකයි එක්කො ඇඩප්ට් වෙන්න ඕනි. නැත්තන් අත ඇරල දාල යන්න ඔනී. අත ඇරල දාල යනව කියන එක සීමිත සන්ක්‍යවකට කරන්න පුලුවන් දෙයක් නිසා ඇඩප්ට් වෙන එක තමා ගොඩකට උත්තරේ.

    කරන්නම වෙන දෙයක් නන් කෙදිරිනොගා හිත සතුටෙන් කරන්න පටන් ගන්න එක තමන්ටත් හොදයි වටේ ඉන්න අයටත් හොදයි.

    මෙහෙ මුදලාලිල ගැන බලන්න එපා බිල්ඩින් කෑලි වලට කැඩිල ගිහින් හැම එකටම පෝලිම් වල ඉන්න උන යුද්දෙන් පස්සෙ සුප් විතරක් බීල දවස් දෙක තුන ගෙවපු ජපන නැගිටපු හැටි බලන්න කිව්වෙ ඒක තමා. ජර්මනියත් එහෙම තමා. දැන් යන උන් සැපට ඉදියට ඔය ඕස්ට්‍රේලියාව කැනඩාව ඇමරිකාවත් එහෙම තමා ඒ අමාරු කාලෙ මිනිස්සු හැදුවෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Fiverr එකේ structural analysis gig එකක් දාපන්. ගේමක් නැතුව කන බොන ටික ශේප් කරගන්න ගාණක් හොයා ගන්න පුලුවන් පලවෙනි මාස දෙකෙන්. ඇත්දැකීමෙන් කියන්නෙ. ඉස්සහට යන්න පුලුවන් ඊට පස්සෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සමහරු ඉතින් degree තියන් තනියම දේවල් කරන්න කරන්න කැමති නෑ. පොඩියට දේවල් කරන්න/පටන්ගන්න කැමති නෑ .
    කොහේ හරි කොම්පැනියක නමක් වෙන එකෙක්ට කියන්න පුලුවන් වෙන්න තමයි දේවල් වලට ඇලිලා ජිවිත කාලෙම ඉන්නේ. ඔය මානසිකත්වය තමයි මේකේ ගොඩක් උන්ට තියෙන්නේ. ඇහුවොත් කියනව කවුරු හරි ඇහුවොත් මොකද කියන්නේ කියල. ඌ ජිවත් වෙන්නෙම වෙන උන්ට උත්තර දෙන්න .
    හෙන ගහනවා වගේ ඇත්ත ඔයි ඕක. පට්ට හීන මානයක් තියෙන්නේ. ඒ අපේ 2500 පුකේ කල්චර් එකෙන් මිනිස්සු හදලා තියන විදිහ. ඕක තේරුම් ගත්තට පස්සේ සැහෙන්න මානසික සහ සමාජීය නිදහසක් මට නම් අවේ. අපේ මිනිස්සු කවදා ඒ නිදහස විදිද දන්නේ නැ
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    හෙන ගහනවා වගේ ඇත්ත ඔයි ඕක. පට්ට හීන මානයක් තියෙන්නේ. ඒ අපේ 2500 පුකේ කල්චර් එකෙන් මිනිස්සු හදලා තියන විදිහ. ඕක තේරුම් ගත්තට පස්සේ සැහෙන්න මානසික සහ සමාජීය නිදහසක් මට නම් අවේ. අපේ මිනිස්සු කවදා ඒ නිදහස විදිද දන්නේ නැ
    IT karanne nathuwa Engineering karannath oka hethuwak. thawamath AL class yana lamainge hithe mawila thiyenne engineering tharam hoda job ekak wena kohewath na kiyala. (tution karayoth mekata waga kiyanna one) e wagema Mora uni eke nama nisa mora hama degree ekama hodai kiyala hithana un set ekakuth innawa.
    Job market eka gana kisima idea ekak nathuwa thamai fields/courses thoraganne.
     
    • Love
    • Like
    Reactions: jennt and HAneo

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,192
    10,058
    113
    Thank you
    poddak stable wenna baluwe ban
    awurudu kipayak rata gin awith
    Tea idamak hari rental property ekak hari hadagena.

    ita passe online wadakata bahinna baluwe.

    danata mama tutor kenek widiyata wada.
    wena ekak igena ganna welawa madi.
    capital ekak hadagnin. eeta passe hemin patan ganin business ekak. ape ewun karnne hugak wlewata athe sathe natuwa business karnna gihin lellata kelawaganna eka.
     
    • Like
    Reactions: sakuntha1996

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ස්ට්‍රෝං??
    ඩොලර් මිලියන 2ක් විදේශ සංචිත නැති, නීතියක් නැති රටක බිංදුවෙන් පටන් අරන් බිස්නස් කරන්න?

    උබල ඒකට බැහැල නෑ බන්. ඒකයි ඔය කියවන්නෙ. ඔය කියනව වගේ නෙවෙයි ඇත්තට ඒකට බැහැල බැලුවම. ඕන තරං උදාහරණ තියෙනව පෙන්නන්න.

    පටන් ගන්න, හොඳ පදනමක් හදාගන්න විදියක් තියෙන්න ඕන. එහෙම පදනමක් හදාගන්න විදියක් නෑ ලංකාවේ. බිංදුවෙන් පටන් අරන් එන එකෙක් ජොබ් එකක් කරලා අමතර ආදායම් එන වෙන දෙයක් කරලා ඒකට funds එකතු කරගන්නෙ. මුන්ට ජොබ් එකක් නැතුව කොහොමද ඒක කරන්නෙ? ලංකාවෙ ණයක් වත් ගන්න පුළුවන්ද දැන්? දෑන් තියා දැන් අවුරුදු ගාණකට කලින් වත් අපිට වත් බැරි උණා අවුරැද්දක බිස්නස් එකක් හොඳට කරගෙන ආපු එක පෙන්නලත්. ඒ වගේ හුත්තෙ රටක මොන බිස්නස්ද.

    මුන් මේ කෙළවෙලා ඉන්නෙ සිවිල් කන්ස්ට්‍රක්ෂන් කොම්පැණි ප්‍රොජෙක්ට් බර ගානක් නවත්තලා දාලා. තව ඒව නවත්තනවා. නවත්තන්න වෙනවා. බඩු නෑ. බඩු ගේන්න සල්ලි නෑ. මුන්ට පඩි ගෙවන්න ජොබ් දෙන්න විදියක් නෑ. මුන්ට ජොබ් නැතුව තමන්ගෙ කියල දෙයක් කරන්න පදනමක් හදාගන්න බෑ.

    උබලට වගේ නෙවෙයි. ලංකාව පුකෙන් ගියාට උබලට ආදායම් එන්නෙ පිටරටවල් වලින්. ඒව නැති වෙන්නෙ නෑ. සිවිල් එකාට, මිකෑනිකල් එකාට එහෙම නෙවෙයි. ඒක උබලට තේරෙන්නෙ නැති එක පුදුමයි.

    ඔය ලංකාවෙ ඉඳන් බිස්නස් දියුණු කරවන කතා කියහන් ලංකාවෙ කොම්පැණියක් හදාගෙන ලංකාව ඇතුලෙ විතරක් ප්‍රොජෙක්ට් කරලා. පිටරටවල් වලින් පඩි අරන්, එහාටම අමතර දේවලුත් කරලා නෙවෙයි.

    සිවිල් ඉන්ජා වැඩ කරන්නෙ පිටරටවල් වලට නෙවෙයි. උන්ට එහෙම කරන්න විදියක් නෑ. IT ඇර වෙනත් 99% කට එහෙම කරන්න විදියක් නෑ. ඒක උන්ගෙ වරදක් නෙවෙයි. IT අයට පිටරටවල් වලට වැඩ කරන්න පුළුවන් එක උන්ගෙ අමුතු දක්ෂතාවකුත් නෙවෙයි. තනිකරම දියුණු වෙන රටවල් වල දියුණුව නිසා වෙන දෙයක්.

    ඒ නිසා කෙළවෙලා ඉන්න එවුන්ට ථව ගොං මොරාල් අරන් තව කෙළෝගන්න උල්පන්දම් දෙන්න එපා බන්. එහෙම කරනව නං උන්ගෙ තැනට බැහැල ඒක කරල පෙන්නපන්. අපි කරල බලල, කරපු අනිත් උන් ගොඩක් දැකල කියන්නෙ.

    මං කියන එක ෂුවර් නැති එකෙක් ඉන්නව නං වරෙන් ඔට්ටුවක් දාන්න.
    It උන්ට පුකෙන් යන්න වෙන්නෙ දවසට පැය 20 ක් විතර කරන්ට් එක කපන තැනට ආවම
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    meke kochchara kiwwada.. daruwek wath civil karawanna epa kiyala.. :( karuma jeewitha yako mewa.. ..
    ඒහෙමම කියන්න එපා, BIM, revit, structural, gis, surveying වගේ දෙයක් හරියට පුලුවන් නම් සෑහෙන්න චාන්ස් තියෙනවා අපේ උන් තාම හිතාන්නෙ සුපවයිසර් මට්ටමෙන්.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    ඒහෙමම කියන්න එපා, BIM, revit, structural, gis, surveying වගේ දෙයක් හරියට පුලුවන් නම් සෑහෙන්න චාන්ස් තියෙනවා අපේ උන් තාම හිතාන්නෙ සුපවයිසර් මට්ටමෙන්.
    man kiwwe.. api kana katta salary madi ban.. wena un cool eke ac eke indala , honda padi gannawa..thama design gewanneth adu padi. . .. rata giyoth awulak nah.. salry nam hondatama madi..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    IT karanne nathuwa Engineering karannath oka hethuwak. thawamath AL class yana lamainge hithe mawila thiyenne engineering tharam hoda job ekak wena kohewath na kiyala. (tution karayoth mekata waga kiyanna one) e wagema Mora uni eke nama nisa mora hama degree ekama hodai kiyala hithana un set ekakuth innawa.
    Job market eka gana kisima idea ekak nathuwa thamai fields/courses thoraganne.
    අයිටී වගේ පැත්තක් මම වැඩිය කතා නොකරන්නේ බැනුම් අහන්න වෙන නිසා. ඔය හැම ෆීල්ඩ් එකක්ම ටච් වෙන තැනක් තමා අයිටී / CS කියන්නේ. ඒ වගේම ඉන්දස්ට්‍රි එකේ වැඩිම සැලරි සෙට් වෙන්නෙත් ඔකේ. හැබැයි පිළිගැනීමක් නැ . රෙපොයුටෙෂන් එකක් නැ ලොකුවට. ලංකාවේ මිනිස්සු බලන්නේ තත්වේ නේ. එක නිසා මේ ෆීල්ඩ් එක ගැන ලොකු නුලක් මුල ඉදන් කොටලා මම නොදා හිටියා. උබ කිව්ව එක හරියටම හරි. රැකියාව කේන්ද්‍ර කරගෙන ඉගෙන ගැනීමක් නැ . එකට ශිෂ්‍යන්ට බනින්නත් බැ . දැන් හිතපන් ලංකාවේ පොස්පේට් නිදියක් තියනවා. එකෙන් මගේ දැනුමේ හැටියට ලංකාවට ඕනේ හුගක් පොහොර නිපදවන්න පුළුවන්. එත් රජයක් වශයෙන් පත් උන කිසිම කෙනෙක් එහෙම දෙයක් ලගට වත් අවේ නැ . ඒවා [පව්ද්ගලිකව කරන්නත් බැනේ.

    දැන් හිතපන් කෙමිස්ට්‍රි කරන කෑම්පස් ශිෂ්යෙක්ට මෙහෙ ජොබ් ඕනේ තරම් දෙන්න පුළුවන් අර වගේ වැඩක් කළා නම්. එක තනිකර රජයක වරද.එක නිසා තමා මේ තත්වේ ඉන්නේ. ශිෂ්‍යාගේ වරද තමා එහෙම ජොබ් හම්බෙන්නේ නැ කියල දැන දැන එහෙම එකක් තෝරා ගන්න එක. ඊට පස්සේ ජොබ් දියව් කියල කොච්චර කැ ගැහුවත් වැඩක් නැ . උන් කැ ගහන්න ඕනේ සිස්ටම් එක වෙනස් කරපන් අර වගේ රැකියා අවස්ථා හදපන් කියල නේද හරි නම්? ඔන්න ඔය වගේ රජය , විශ්ව විදියාල , මිනිස්සු ඇතුළු හැම එකාගෙම එකතුවකින් හදුනා සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ බන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    man kiwwe.. api kana katta salary madi ban.. wena un cool eke ac eke indala , honda padi gannawa..thama design gewanneth adu padi. . .. rata giyoth awulak nah.. salry nam hondatama madi..

    ඒක තමා බන් ඉගෙන ගත්ත දේටයි රටටයි බැම බැන ඉන්න වෙලාවෙ වෙන පාරක් බලන්න ඕනෙ. හතේ හත වැදිච්චි it පොරවල්ලුත් නැතුවම නෙවේ. මාත් ඔය සයිට් කෙරුවාව නැවැත්තුවා. ප්‍රයිවෙට් කන්සල්ටින් පටන් ගත්‍තා, මේ දවස්වල වැඩ අඩු වේගෙන එනව වගේ තේරුන නිසා ඔන්ලයින් සෙට් උනා. ඒකත් අවුලක් නෑ. එදිනෙදා වියදම ඇරෙන්න ලොකු අදායමක් ඕනෙ නැති නිසා ශේප් ඉතින්. කට්ට නම් අවමයි දැන්