ඒක තමා කිව්වෙ "දෙක වැදුන ගමන් රටේත් නෑ බිස්නස් කරන්න කියල එන බහුතරය" කියල.
ඒක ෆන්ඩමෙන්ටල් අවුලක් මිසක් සිවිල්ද , මිකැනිකල්ද කියන අවුලක් නෙවෙයි. ඔය ගොඩක් වෙලාවට ජොබ් වලටම ෆෝකස් කරල ඉගෙන ගත්තම ඔය ප්‍රශ්නෙ එන්නෙ. දීල තියෙන ටාස්ක් විතරයි අලුත් දෙයක් කල්පනා කරල බලල කරන්න බෑ. ඒක හිතන විදියෙ ප්‍රශ්නයක්.
උබට ඔය සෝනි වගේ උන් යුද්දෙ ඉවර උන ගමන් කම්පැනි හදපු හැටි එහෙම ස්ටඩී කරල බලපන්. ඔන්ලයින් ට්‍රාන්සෆර් වගේ දේවල් නෑ. එතකොට තේරෙයි කොහොමද ඒව උන් උඩට ගෙනාවෙ කියන එක.
ග්‍රව්න්ඩ් එකේ ඇති වෙන්න ඔපර්චුනිටීස් තියෙනව. මේක බහුතරයකට තේරෙන්නෙ තව අවුරුදු 5කින් විතර සක්සස් වෙච්ච උන්ගෙ ස්ටෝරි අහනකොට.
මොන Eng දැනුමක්වත් නැතුව කමියුනිකේශන් එකකින් පටන් ගෙන අලුත් නිර්මාණයක් ලන්කාව ඇතුලෙ විතරක් දුවන්න හදල බිස්නස් කරල සක්සස් වෙච්ච උන් ඉන්නව.
මේක අමාරු කාලයක් හැමොටම ප්‍රශ්න ඊයෙ තිබ්බෙ නැති ප්‍රශ්නයක් අද උදේ එත් කොහොම මොක උනත් ප්‍රශ්න නිසා දුක් විදින එක කොහොම කවුරු කිව්වත් ඒක චොයිස් එකක් විතරයි. ප්‍රශ්න නිසා දුක් විදින්නත් පුලුවන් නොවිදින්නත් පුලුවන්. ඕක ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට තේරෙන්නෙත් නෑ. මාත් මේ කියන්නෙ කුණුහරුප අහන්න බලාගෙන.