සිසිර ගේ ක්‍රමය

obama2

Member
Apr 18, 2012
424
30
0
සිසිර ගේ ක්‍රමය

සිසිර ගේ ක්‍රමය

Posted on 02 February 2013.

සිසිර කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති අංශයේ හිටපු නායකයෙක්. සිසිර කසාද බැඳලා එයාට බබෙක් ඉන්නවා. එයාගේ වයිෆ් ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ. එයාලා පදිංචි වෙලා හිටියේ ගල්කිස්ස පැත්තේ. සිසිරගේ පුතා ගියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට. දේශපාලන වැඩයි, වෘත්තීය සමිති වැඩයි ඔක්කොම කරන ගමන් සිසිරට තමන්ගේ පුතාගේ අධ්‍යපනය ගැනත් සෑහෙන්න කල්පනා කරන්න සිද්ධ වුනා. ඒ වුනත් ඒ වෙනකොට හතේ පංතියේ ඉගෙන ගත්ත සිසිරගේ පුංචි පුතා අනික් අය වගේ නෙමෙයි.
ඉගෙන ගන්න හරිම දුර්වලයි. හැමදාම පංතියේ අන්තිම සිසුන් අතරේ තමයි ඉන්නේ. මේක සිසිරට දරා ගන්න බෑ. ඒ විතරක් නෙමෙයි සිසරගේ වයිෆ්ට කොහොමටවත් දරා ගන්න බෑ. පවුලේ කට්ටියටත් මේ ළමයා අධ්‍යපනයට දුර්වලයි කියන එක ලොකු ප්‍රශ්ණයක්. ඒත් මේකට වෙන විසඳුමකුත් නෑ. මේ ගැන සිසිරය් එයාගේ නෝනයි සෑහෙන්න කල්පනා කලා. පස්සේ ඒ අය තීරණයකට ආවා. ඒ දෙන්නටම ඕන කොහොම හරි තමන්ගේ පුතාව දොස්තර කෙනෙක් කරන්නයි. ඒ අය ඒකට අපූරු විසඳුමක් හොයා ගත්තා.
සාමාන්‍යයෙන් දුෂ්කර පළාත් වලින් විශ්ව විද්‍යාලයට යන්න අඩු ලකුණු තිබුනම ඇති නිසා ඒ අය ළමයව දුෂ්කර පාසලකට දාන්න තීරණය කළා. පස්සේ ඒ දෙන්නා පුතාව පදවිය ජාතික පාසලට දැම්මා. වයිෆ් පදවියට මාරුවක් ගත්තා ඒ අය පදවියෙන් ගෙයක් කුළියට ගත්තා. සති අන්තයේ මේ අය කොළඹ එනවා. හොදම ගුරුවරු ළගට ළමයව ටියුෂන් යවනවා. සිසිර කොළඹ වැඩ කරනවා. බබයි නෝනයි පදවියේ ඉන්නවා. ඒ දෙන්නගේ තනියට මම්මලා, පප්පලා, ආච්චිලා, සීයලා, නැන්දලා,මාමාලා, ගොඩක් අය මාරුවෙන් මාරුවට පදවියට යනවා. දරුවට මේක ලොකු වෙහෙසක් වුනාට එයා හොදට ඉගෙන ගත්තා.

මේ තීරණය අරගෙන තිබුනේ සිසිර විතරක් නෙමෙයි. සිසිර වගෙම තව ගොඩක් අය මේ පළාතේ මේ විදිහටම දරුවෝ නිසා ඇවිත් තිබුනා. ඒ නිසා ටික කාලයක් යන කොට මේ පළාතත් දියුණු වුනා. මැගී නූඩ්ලස්, හැපි කව් චීස්, කොකා කෝලා මේ පැත්තේ කඩවල හරි හරියට විකිණුනා. මේ මධ්‍යම පාංතික පවුල්ල වලට බඩු ගන්න ෆුඩ් සිටි වගේ වෙළෙද සැල් ආරම්බ වුණා. මේ අයට බෙහෙත් ගන්න ෆාමසි ඇතිවුනා. මැක්ඩොනල්ස් සහ කේ.එෆ්.සී ආයතන තමන්ට මේ පළාත් වල බිස්නස් තියෙනවද කියලා බලන්න සමීක්ෂන කළා.
මේ හිටපු සිසිර වගේ අය ආණ්ඩුවට කියලා මේ පළාත් වල පාරවල් තාර දාලා ලොකු කර ගත්තා. බස් සේවය විධිමත් කර ගත්තා. පදිවියටම යන්න පුලුවන් හයි වේ එකක් හදන්න කියලා ආණ්ඩුවට කීවා. දැන් පදවිය හරිම දියුණු පළාතක් කොළබින් පදවියට ආපු දරුවෝ හොදට ඉගෙන ගත්තා. ටියුෂන් වලට කොලඹ ගියා. ඔහොම කාලයක් යන කොට සිසිරගේ පුතා සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා උසස් පෙළත් සමත් වුණා. එයා ලංකාවෙන්ම පළවෙනියා වුණා. හැමෝටම මේ ගැන පුදුමයි. ටී.වී එකේ පවා එයාව පෙන්නුවා. මාධ්‍ය වලින් කීවා මේ වගේ දුෂ්කර පාසලක දරුවෙක් ලංකාවෙන්ම පළවෙනියා වුණ එක පුදුමයක් කියලා.
හැමෝටම හරිම සතුටුයි. සිසිර රූපවාහිනියට කතා කලේ ඇස්වල කඳුලු පිස දමමිනුයි. සිසිරගේ වයිෆ්ට තමන් අවුරුදු ගාණක් විදපු දුක් කන්දරාවම අමතක වෙලා ගියා. මම්මලාට, පප්පලාට, නැන්දලාට, මාමලාට විතරක් නෙමෙයි සිසිරගේ හත්මුතු පරම්පාරවටම මේක මහා ආඩම්බරයක්. හැමෝම දරුවා බලන්න ගෙදර ආවා. ටී.වී වලට පත්තර වලට සම්මුඛ සාකඡ්චා දීලම දරුවා හෙම්බත් වෙලයි හිටියේ.

දැන් මුලු රටම කතා කරන්නේ සිසිරගේ දරුවගේ දක්ෂකම ගැනයි. දරුවගේ දක්ෂකමටත් වඩා හැමෝම කතා කලේ සිසිරගේ දක්ෂකම ගැනයි. කොළඹ රාජකීය විද්‍යාලයේ, විශාකා විද්‍යාලයේ, අන්න්දේ ,නාලන්දේ ,දේව් බාලිකා එකේ තමන් ලංකාවෙන්ම පළවෙනියා වෙන්න හිතා ගෙන හිටපු දරුවන්ට මේ මොකක්ද වුණේ කියලා හිතා ගන්න බැරි වුණා. සමහරු නම් කීවේ ඔය කොළඹ ඉන්න උන්ට හොද වැඩේ කියලයි.
අන්තිමට සිසිර ජයග්‍රහණය කළා. සිසිර රටේම ජනප්‍රිය වුණා. ඒ හැමදේම සිසිරට ළගාකර ගන්න පුලුවන් වුනේ උත්සහය සහ නොසැලෙන අධිෂ්ඨානය නිසයි. සිසිරගේ ක්‍රමය අපි හැමෝටම ආදර්ශයක් නේද?

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මේකත් හරියට මහින්ද මාමා පිරිත් නුල් බැදන් මිනි මරනවා වගේ කතාවක් නේ .හේරා පෙන්නලා බුරුවා ගහනවා වගේ නේ, කියන්නේ එකක් ෆොටෝ තව එකක් අපේ ඔලුවට දාන්න හදන්නේ තවත් එකක්
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    මේකත් හරියට මහින්ද මාමා පිරිත් නුල් බැදන් මිනි මරනවා වගේ කතාවක් නේ .හේරා පෙන්නලා බුරුවා ගහනවා වගේ නේ, කියන්නේ එකක් ෆොටෝ තව එකක් අපේ ඔලුවට දාන්න හදන්නේ තවත් එකක්

    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනතා විමුක්ති පෙඅමුන විහිළුවක් තමයි. එහ පෙරටුගාමියෝ එට වැඩ විහිළුවක්. නිලතල වලට කැපී පෙන්න ධෙස්පාලනයට අපු අය . අසහාය නායකයෙක් වෙන්න , පොරක් වෙන්න හිතාගෙන අප ගුඩු ූ පොල් ගෙඩි ටික තමයි . පෙරටුගැමියෝ. අන්තිමට එලියට බැහැල ජේ වී පි එකටම මඩ ගහනවා. ජ්ව්ප් කාරයෝ අමුඩේ ගහගෙන පුක එළියේ.......... පෙරටු ගැමියෝ අතින් වහගෙන.......... හු කියනවා

    මුන් වගේ ගොන්නු නිසා තමයි මහින්දය දගලන්නේ, රටේ දනේශ්වරයන්ට විතරක් ලෝකයක් හැදෙන්නේ. ඒ මොකද රටේ අවනක කැපකිරීමක් අරන්න පුළුවන් මිනිස්සු නිකම් වැඩකට නැති දේවල් වලට යොදා ගන්නවා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකක්ද යකෝ උබ මේකෙන් කියන්ඩ උත්සහ කරන්නේ ,,,
    නොදකින් විතරක් බැලුවටත් පාඩුයි.
    උබත් තවත් ආණ්ඩුවට රෙදි නැතුව කඩේයන එකෙක්නම් මේකත් අහගනින්.
    පදවියේ ළමයින්ට ඉස්කෝලේ යන්ඩ තියන එකම බස් එකත් පෙරෙයිදා මහපාර මැද රෝදයක් කඩාගෙන ගිහිල්ලා.
    ඒ ළමයින්ගේ අම්මලා තාත්තලා ඇවිල්ලා පාරේ වාහන යන්ඩ දෙන්නේ නැතිව එකම කෙලියයි.
    එව්වා පේන්නේ නැතුව දවල් හීන දකින උබලා වගේ ගොබ්බයින්ට
    බුදුමසරණයි.......!
    ඔයිට වඩා හොදයි උබ රීලා ගුටික කෑවානම්......
     
    Last edited:

    මෙන්න ඇත්ත ,,,, :yes::yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මොකක්ද යකෝ උබ මේකෙන් කියන්ඩ උත්සහ කරන්නේ ,,,
    නොදකින් විතරක් බැලුවටත් පාඩුයි.
    උබත් තවත් ආණ්ඩුවට රෙදි නැතුව කඩේයන එකෙක්නම් මේකත් අහගනින්.
    පදවියේ ළමයින්ට ඉස්කෝලේ යන්ඩ තියන එකම බස් එකත් පෙරෙයිදා මහපාර මැද රෝදයක් කඩාගෙන ගිහිල්ලා.
    ඒ ළමයින්ගේ අම්මලා තාත්තලා ඇවිල්ලා පාරේ වාහන යන්ඩ දෙන්නේ නැතිව එකම කෙලියයි.
    එව්වා පේන්නේ නැතුව දවල් හීන දකින උබලා වගේ ගොබ්බයින්ට
    බුදුමසරණයි.......!
    ඔයිට වඩා හොදයි උබ රීලා ගුටික කෑවානම්......

    patta kathawa machan..mama a/l kare 2005..mage yaluwek hitiya anande..uge thaththa ambilipitiya paththe judge kenek..kohomahari muuwa epaththen vibageta waadi karala campus yawa gaththa..apith ekka ekata class giye..ehe iskole giyeth naa..vibage liwwa witharai...balapan mehema kochchara ewun karanawada ? anik okokkoma ewun class enne nugegodata..unge apei knowledge eke kisima wenasak naa...
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොකක්ද යකෝ උබ මේකෙන් කියන්ඩ උත්සහ කරන්නේ ,,,
    නොදකින් විතරක් බැලුවටත් පාඩුයි.
    උබත් තවත් ආණ්ඩුවට රෙදි නැතුව කඩේයන එකෙක්නම් මේකත් අහගනින්.
    පදවියේ ළමයින්ට ඉස්කෝලේ යන්ඩ තියන එකම බස් එකත් පෙරෙයිදා මහපාර මැද රෝදයක් කඩාගෙන ගිහිල්ලා.
    ඒ ළමයින්ගේ අම්මලා තාත්තලා ඇවිල්ලා පාරේ වාහන යන්ඩ දෙන්නේ නැතිව එකම කෙලියයි.
    එව්වා පේන්නේ නැතුව දවල් හීන දකින උබලා වගේ ගොබ්බයින්ට
    බුදුමසරණයි.......!
    ඔයිට වඩා හොදයි උබ රීලා ගුටික කෑවානම්......
    11.gif
    එළ නුවන් අයියේ.බොක්කටම දීලා තියනවා:rofl:.මෙලෝ හුත්*ක් මටත් තේරුනේ නෑ.:angry:මූ මේක උත්සහයෙන් විභාගය උනා කියන කතාව කියන්න හදනවා නම් ෆකේ ආන්ඩු ගාවන්නෙ නැතුව ඉන්න ඔනා:baffled:.සිඟිති ආතල්:P
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මේකත් හරියට මහින්ද මාමා පිරිත් නුල් බැදන් මිනි මරනවා වගේ කතාවක් නේ .හේරා පෙන්නලා බුරුවා ගහනවා වගේ නේ, කියන්නේ එකක් ෆොටෝ තව එකක් අපේ ඔලුවට දාන්න හදන්නේ තවත් එකක්

    මේක ලිව්වා කියලා ගොනෙක් මට -2 දීලා හැබැයි සොරි කියලත් ලියලා :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Rajapaksa-1-at-Houston.jpg

    වරෙන් පුතා උබට පදවියට දාන්නම් මම :P:P