සරසවි සිසුවියකගේ හදවතේ උපන් සියුම් විලාපයක්. #අම්මේ සමාවෙන්න
================================================
* මා සරසවිය තුල සිව් අවුරුද්දක් ගත කල ශිෂ්‍යාවක් වෙමි. මට මතකයි මගේ අම්මා අමාරුවෙන් සල්ලී හොයලා, මට උගන්වලා කැම්පස් යවපු විදිහ. මගේ තාත්තා නැති වුනේ පොඩි කාලෙම. ඉතිං හැමවෙලේම මගේ හිතේ තිබුනෙ, හොඳට ඉගෙන ගන්න ඕනේ කියන එක. ඉගෙනීමේ අග්‍ර ඵලය වූ සරසවි වරම් ලබලා, මමත් සරසවියට ගියා. ඒ ශ්‍රී ලංකාවේ සුන්දරම සරසවියට. මන් එදා දැක්කේ මගේ අම්මගේ සතුටු කඳුලු. කැම්පස් එකට ගිය මුල් කාලේ මන් හිටියේ දෙගිඩියාවෙන්.
* අපේ අය ගොඩක් වෙලාවට කරේ අරගල කරපු එක. ගොඩක් වෙලාවට අපිට 1st yr එකේ තනිකරම ලැබුනේ අයියලාගෙන් ඒ ගැන දේශන. එක දවසක් සුදු ලස්සන අයියා කෙනෙක් ආවා. කොන්ඩේ රැලි රැලි මූණට වැටෙනවා. නියම නායකයෙක් වගේ. එයාගේ හඬ පෞරුෂයත් ඒ වගේමයි. එයා නිතරම කිව්වේ මේ ධනපති පංතිය, රජය , පරදලා අපි ඉදිරියට යන්න ඕන කියලා. අපිට හිතුනේ එයා නිර්දන පංතිය වෙනුවෙන්ම බිහි වුන දෙයියෙක් කියලා. ඒ අයියගේ කතාව හදවතටම වැදුනා. අපිත් අරගල කරා. පාරට බැස්සා. පිකටිං කරා. අපේ ගොඩක් අය එහෙමයි. අපි ගොඩක් ගුටි කෑවා. පොලිසියෙන් ගැහුවා. අනේ මන්දා ! ඒත් අපිට ඕන වුනේ අපේ දිනුම. අපි මොකකට මෙහම කරාද මන්දා. ගොඩක් වෙලාවට අපේ නායකයන් කියපු නිසා අපි මෙහම කලා.
* ඔය අතරේ මගේ සමහර යාලුවන් හිටියා ඕවට ගියේ නෑ. එයාලා පාඩම් වැඩ කරා. ඒ වුනාට මට අපේ අය ගැන කැක්කුමක් තිබුනා. එයාලා වෙනුවෙන් මාත් පාරට බැස්සා. මගේ යාලුවා නම් මෙහම කවදාවත් ආවේ නෑ. එදා දැන් ලෙක්චර කෙනෙක්. අපේ අරගල දිගින් දිගටම වැඩි වුනා. අපිට සීමා මායිම් දැම්මා. අන්තිමට අපිත් එක්ක ගොඩක් දෙනා උරණ වුනා. සරසවි ඇඳුරන් පවා. ඒ නිසාම නිකංම නිකං ඩිග්‍රී අරං එන්න වුනා. මගේ යාලුවෝ PhD කරන කොට මං නිකංම ආවා. මෙහෙම කාලයක් ගියා. අපිට කවුද දැන් ජොබ් දෙන්නේ. කොහමහරි මට පොඩි හරි ජොබ් එකක් සෙට් වුනා, ඉගෙන ගත්ත නිසාමද මන්දා. ඒ වුනාට මට මීට වඩා ගොඩක් ඉහලට යන්න තිබුන බව හිතට වද දුන්නා. මගේ යාලුවා වගේ. ඒත් ධනපති පංතියට විරුද්ධව සටන් කරපු නිසා දුකක් නෑ.
* දවසක් මායි මගේ යාලුවයි, හොටෙල් එකක් ලඟින් යනකොට, දැකලා පුරුදු මූණක් නෙත ගැටුනා. අනේ මේ අර නිර්දන පන්තිය වෙනුවෙන් අරගල කරපු අපේ නායකයා නේද. එයා හිටියේ ඇමතිලා වගයක් එක්ක. ආවේ BMW කාර් එකක. අතේ එල්ලිලා හිටියේ, ධනපති පංතියේ සල්ලිකාර කෙල්ලෙක් මන් අඳුනන. එතකොට එයා එදා සරසවියේ ආදරය කරපු අහිංසක ගැමි කෙල්ල කෝ. එයා විරුද්ධ වුන ධනපති පංතියේ හොරු එක්කම එයා ඉන්නවා. එයා එදා අපිට උගන්නපු දේවල් කෝ එතකොට. නොදැනීම මට කඳුලක් ආවා. මට කොතන හරි වැරදුනා අම්මේ ! මට සමා වෙන්න !
{ ජරාජීර්ණ ගඳගහන පක්ෂ දේශපාලනය, ශිෂ්‍ය දේශපාලනය කැම්පස් ඇතුලට එපා. කතා කරපං ප්‍රශ්න වලට. කෑ ගහපං අසාධාරණයට විරුද්ධව. හැබැයි දේශපාලන අතකොලු නොවී, ප්‍රශ්න වලට අවංකවම උත්තර හොයන්න බලාගෙන. සාධාරණය හොයාගෙන. මිනිස්සුන්ට ආදරේ කරපං, නැතුව පක්ෂ වලටවත්, න්යායපත්ර වලටවත් නෙවෙයි. ලැජ්ජයි සහෝදරවරුනි උඹලගෙ හැසිරීම ගැන. } ~~ සත්‍ය කතාවකි ~~