සිහින,බලාපොරොත්තු සමග අතරමං වීම...

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ගොඩක් දුකයි ඔයා ගැන.
ඒත් අධෛයවන්ත වෙන්න එපා.
ඔයාට විතරක් නෙවෙයි සමාජයේ දෛවය නිසා වැරදුන ගොඩක් අය ඉන්නවා.

ඉගෙනීම නවත්වන්නත් එපා.
හොයලා බලන්න ඔයාගෙ අධ්යාපණය සම්පූර්ණකර ගන්න ක්‍රමයක්.
ඒක සම්පූර්ණ නොවුණොත් ඔයාට විතරක් නෙවෙයි අර ඇදේ අසරණව ඉන්න ඔයාගෙ තාත්තටත් ලොකු දුකක්.

ප්‍රතනා කරනවා සියලු පැතුම් ඉටු වේවා කියා.
දුක උරැම මිනිසාටමයි,
දුක නැති කිරීමේ මග දන්නෙත් මිනිසාමයි.
බුදු හාමුදුරැවන්ට ඉපදීම දුකක් වුණා වුන් වහන්සේ නිවන දුක නැති කිරීමේ මග කර ගත්තා.
ඉතින්..........
ඔයාගෙ දුක නැති කර ගන්නත් මගක් ඇති.

අපි හොයලා බලමු නේද.............? :)
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සැලෙන්න එපා මචන් ජීවිතේ අපිට එන හැම බාදකයක්ම ඉස්සරහට යන්න පුලුවන් තල්ලුවක් කරගනින්
    තාත්තාට අමාරු උන හින්ද උඹට පවුලෙ බර කරට ගන්න උනාද කියල නම් මම දන්නේ නෑ ඒත් මචන් මම අදුනන කොල්ලෙක් ඉන්නවා අපිත් එක්ක කොළඹ කැම්පා එකේ සයන්ස් කරන එකෙක් ඌගේ තාත්තා නෑ ඌ ඈත පළාතක
    ඒත් මචන් ඒ කොල්ලා කැමපස් ඇවිත් ටියුෂන් ක්ලාස් එකක් කරන ගමන් ඉගෙන කැම්පස් එකේ අධ්‍යයාපන කටයුතුත් කරනවා ඌ තමා උගේ නංගිට ඉගෙන ගන්න සල්ලි යවන්නේත් මෙහෙ ටියුෂන් දීල හම්බකරල

    මම මේ කතාව උඹට කිව්වේ වෙන එකක් හින්ද නෙවේ කොච්චර අමාරු උනත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා
    ඒක දිගටම කරපන් අපිට ගාව තියෙන හොරුන්ට අරන් යන්න බැරි ස්භාවික විපතකින් නැතිවෙන්නේ නැති එකම දේ තමා අපේ උගත් කම!

    උඹ බොක්කෙන්ම දීපු අවවාදයට ගොඩක් ස්තූතියි සහෝ...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මෙ කථාව ගොඩාක් හිතට සමීපයි, ඒ කථාවේ විවිධ භූමිකා තුල ජීවිත් වූ මට ඔබේ පදවැල හොඳට දැනුනි...

    මල්ලි තැලෙන යකඩය තමයි පන්නරය ලබන්නේ... ඒ පන්නරය තුලින් ලබන බලය... දැණුම... ලබාදෙන්න කිසිම විශ්ව විද්‍යාලයක් සමත් නැත, මන්ද මුලු විශ්වයම පීඨයක් වෙන නිසා.

    නොසැලී දහිරිය අරන් ඉදිරියටම යන්න. ඔබට ජය පතමි.

    ස්තූතියි අයියේ....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    හම්ම් ජීවිතේ ගැටළු සහ බාධා තම්යි සහෝදරයා , ඒවාත් එක්ක ඉදිරියට යා යුතුයි, මොකද අපි ඉපදිලා ඉවර නිසා
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මල්ලියා මේ කථාව මට මීට පෙර දවසක කියලා තිබුණා..

    මල්ලියා ඔය වගේ නොසිතූ නොපැතූ සිදුවිම් වලට මුහුණ දුන්න පලවෙනියත් ඔයා නෙවෙයි මුහුණ දෙන අන්තිමයත් ඔයා නෙවෙයි...

    මල්ලියා මං හිතන්නේ අද ඒ ගැන හිතල හිත උද්දාමයෙන් පුරවා ගත යුතුයි....

    පවුලක ප්‍රධානියා අඩපණ වුනාම මුලු මහත් පවුල් සංස්ථාවෙම ඉපදෙමින් හා හීන් සීරුවේ වැඩෙමින් තියෙන අහස උසට බලාපොරොත්තුවලට මොකද වෙන්නේ??

    ඔන්න ඔතන තමයි අපිට අපේ සමාජ ක්‍රමයේ අපැහැදිලිම තැන......විසඳුමක් නැතිව අපිව එදත් අදත් අතරමං කරන ප්‍රමුඛ පෙලේ සන්ධිස්ථානය...මොකද මාත් ඔවැනිම සංකීර්ණ ජීවන රටාවකින් දුක දිනා ජය ගත් කෙනෙක් නිසා....

    ඔතනදී තමයි සමහරු හිතේ ඇතිවන කලකිරීමට ආයුධ අතට අරන් විසඳුම් හොයන්නේ..

    නමුත් මල්ලියා අනුගමනය කලේ ඊට වඩා කෙතරම් කාලෝචිත හා ප්ඟ්ජාගෝචර ක්‍රියා මාර්ගයක්ද....අද වෙනකොට මල්ලි ඉන්න තත්වය දෙස ආපසු හැරී බලනකොට දැනෙන නිම් හිම් නැති සතුට අප්‍රමාණයි නේද......

    විශ්ව විද්‍යාලය සියල්ලටම විසඳුම නොවන බවටත් ජීවිතයේ දුක දිනා ජය ගැනීමට විශ්ව විද්‍යාල අධ්‍යාපනයම ඇවැසි නැති බවටත් ඔප්පු කිරීමට ඔබ හොඳම ජීවමාන නිදසුනයි.....

    දුක දිනා ජය ගනිමින් සිටිනා හා දුකෙහි ගැලී අප්‍රමාණ දුක් විඳිනා මගේ දයාබර සියලු මල්ලිලාට හා නංගිලාට මින්දද මල්ලීගේ මේ අප්‍රතිහත දිරිය හා නොපසුබස්නා අධිෂ්ඨානය ඉහලම අත්වාරුවක් වේවා..

    මල්ලිට ජය....

    ඔව් අයියේ... මගේ ජීවිතය මට කියලා දීපූ ලොකුම පාඩම තමයි "තමන් හිසට තම අතමය සෙවණැල්ල" කියන පාඩම.නමුත් ජීවිතය ඒ පාඩම කියලා දෙන්න තෝරගත්තේ මගේ ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක්. නමුත් පස්සෙ කල්පනා කරද්දි තේරුණා ජීවිතය හොදම වෙලාව තමයි තෝරගත්තේ කියලා.

    මගේම අයියා කෙනෙක් වගේ මාව හැමදාමත් දිරිගනවන අයියට ගොඩාක් පින් !
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ජිවිතයේ දුක සතුට සමබරව තියන දෙයක් සහෝ... ජීවිතේ කවදාවත් සතුටම විතරක් තියන අය නැහැ දුකත් යම් තාක් දුරකට හරි තියනවා.සතුටු වෙන්න ජීවිතය ඔයා දිනපු එක ගැන.

    දුක හිතෙන නිර්මාණයක් :)
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මෙවන් පුද්ගලයින් අනන්තවත් හමුවී ඇත මෙ වැලි කතරේ.

    ඔවුන් බොහෝ පරිත්‍යාග කර ජීවිත සටනට මුහුණ දී ජයගෙන ඇත. ඔවුන් වැටුන තත්වයෙන් අන් අය ගොඩ කරන්න කටයුතු කරන ඔවුන් උපාධි ලබයි ලෝකයම විශ්ව විද්‍යාලයක් වූ පීඨයක ජීවන විද්‍යාව හදාරමින් ගෞරවයෙන්.

    මල්ලියේ, ඔබද එවන් ගෞරවයෙන් පුද ලබන්නෙක් නෙවේද?
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    65
    Borlesgamuwa.
    අනෙ මල්ලියා ෙම් කතාව අැහුවම හරියට හිතට දැනුන. මෙය ඔබට පමණක් උන සිදුවීමක් නෙවෙයි. අපි ඉපදෙනකොට අපි කිසිවක් ගෙනෙන්නෙ නැහැනෙ. ඒ වගෙම කිසිවක් අරන් යන්නෙත් නැහැ. ඉගෙනීම කියන්නෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනයම නෙවෙයි. සමාජයෙ හොදින් ජීවත් ෙවන්න මෙ කිසිවක් බලපාන්ෙන නෑ. හොද හිතක් තිබුනම හොද අධිශ්ඨාන ශක්තියක් ධෙර්්‍යයක් තිබුනම හොදටම අැති. ඔබ ඉදිරි දිනෙක ජය ගන්නවමයි. ඔබට පුළුවන්නම් කාන්තාරයෙ කුසුම නව කතාව කියවන්න අප්‍රිකාවෙ ඒඩෙර ෙකල්ලක් ෙලා්කයම ජය ගත් හැටි. මම කාලයක් අප්‍රිකාෙව ජීවත් උන නිසා ෙහාදටම දන්නව මෙරටවල මිනිසුන් විදින දුක. අෙප් රට සුරවිමනක් ඔබට. ඔබට ජීවිතය ජයගන්න ශක්තිය ධෙර්්‍යය තිසරණ සරනින් ලැබෙවා!.
     

    coolharrindra

    Member
    Apr 24, 2009
    190
    36
    0
    35
    Negombo - Katana
    දුක් වෙන්න එපා සහෝ,
    ජීවිතය කියන්නෙ අපි බලාපොරොත්තුවෙන සියල්ලම අපිට පහසුවෙන් ලගාකරගත හැකි දෙයක් නෙමෙයි.ජීවිතය ජය ගන්න නම්,සරසවි වරමම ඕන නැහැ,
    පසුතැවෙන්න එපා.
    ඔබට ජය.
    :):):)