අහස් ගැබ තුල තරුත් නලවන
පොලෝ තලයම සිසිල් කරවන
සොඳුරු සඳරැස් වලින් සැනැහුණ
මලක් මෙනි ඔබ ලඟදි මා සිත
ඔබේ සිනහව රසඳුනකි මට
සිතේ දුක් ගිනි මිලින කරවන
හදවතින් බැඳි සොඳුරු සෙනෙහස
හැඟෙනවා ඔය නෙතින් මා හට
සතුටු පිරි සිත උදම් කරවන
සොඳුරු සිත්තම් වලින් සනහන
කවක් මෙනි ඔබ සොඳුරු උතුරන
පද වැලකි මුතු වලින් පබැඳුනු
සුවඳ කුසුමක් වී ඔබේ ඔය
නෙතු තුලම සතැපෙන්න අවසර
දෙනවදෝ පවසන්න කුමරිය
සදාකල් ඔය සිතින් මනහර
මුවඟ රැඳි මදහසින් සැනැහුණු
සිතැති දඟකම් පාන මනයුරු
රුවැති මුවැතිය සෙනෙහෙ උතුරන
එනු මැනවි මගෙ සිහින විමනට
පොලෝ තලයම සිසිල් කරවන
සොඳුරු සඳරැස් වලින් සැනැහුණ
මලක් මෙනි ඔබ ලඟදි මා සිත
ඔබේ සිනහව රසඳුනකි මට
සිතේ දුක් ගිනි මිලින කරවන
හදවතින් බැඳි සොඳුරු සෙනෙහස
හැඟෙනවා ඔය නෙතින් මා හට
සතුටු පිරි සිත උදම් කරවන
සොඳුරු සිත්තම් වලින් සනහන
කවක් මෙනි ඔබ සොඳුරු උතුරන
පද වැලකි මුතු වලින් පබැඳුනු
සුවඳ කුසුමක් වී ඔබේ ඔය
නෙතු තුලම සතැපෙන්න අවසර
දෙනවදෝ පවසන්න කුමරිය
සදාකල් ඔය සිතින් මනහර
මුවඟ රැඳි මදහසින් සැනැහුණු
සිතැති දඟකම් පාන මනයුරු
රුවැති මුවැතිය සෙනෙහෙ උතුරන
එනු මැනවි මගෙ සිහින විමනට
