සීඅයිඒ සංවිධානයෙන් බොබ් මාර්ලි ඝාතනය කල අ
80/90 දශකයේ ජනප්‍රිය මේ අසහාය ගායකයා CIA සන්විදනයෙන් ඝාතනය කල අයුරු ඇසු මට නප්පියටම තද විය. CIA කාරයෝ ඉතුරු කරන්න වටින්නේ නැහැනේ. මෙන්න ලංකාවේ ජාතික පුවත්පතක ලින්කුව
http://divaina.com/daily/index.php/pradeshiya-puwath/4117-2017-12-05-13-08-58
..................................................
ප්‍රකට ජැමෙයිකානු ගායක බොබ් මාර්ලි ඝාතනය කළේ ඔහුට පරිත්‍යාග කළ පාවහන් යුගලේ සවිකර තිබූ පිළිකා වෛරසය අඩංගු ඇණයකින් බව හිටපු සීඅයිඒ ඒජන්ත බිල් ඔක්සිල් වැඩිදුරටත් හෙළි කර ඇත.
තමා ඔහුට එම පාවහන් යුගල පරිත්‍යාග කළ බව පැවසූ ඔක්ස්ලි එක් සපත්තුවක් පාදයට දමා ගත් බොබ් මාර්ලි ඇණය පාදයේ ඇනීම නිසා අවුච් යනුවෙන් හඬ නැඟූ බවද ඕක්ස්ලි කීවේය.
මෙයට පෙරද සාහසිකයන් දෙදෙනකු තැබූ වෙඩි ප්‍රහාරවලින් ඔහුගේ දකුණු බාහුවට වෙඩි වැදී තිබුණි.
සීඅයිඒ සංවිධානය වෙනුවෙන් තමා සේවය කළේ එම සංවිධානය රටේ යහපතට සේවය කරන ආයතනයක් නිසා බව පැවසූ ඕක්ස්ලි මාධ්‍යවේදීන්, විද්වතුන් ඇතුළු රැසක් ඝාතනය කිරීමට සීඅයිඒ සංවිධානය ක්‍රියා කළ බව හෙළි කළේය.
.......................................................................
අන්තර්ජාලයේ බලාගෙන ගිහාම මේක තවත් එක බොරුවක් කියල දැක්කහම පුදුම හිතුන. අද අන්තර්ජාලයේ මේවගේ තොරතුරු හැමතනම. කෝකා කොලා, අජිනමොටෝ වියාජ බිය, බොරු සහ අර්ධ වශයෙන් බොරු වෛද්‍ය විද්‍යාත්මක කරුණු හැමතැනම. අද ගොඩක් දෙනෙක් අන්තර්ජාලය පරිහරණය කලාට, යමක් නිවැරදිද වැරදිද කියල තේරුම් ගන්න ශක්තියක් තියෙන බුද්දියක් ඇති අය ඉන්නේ බොහොම ටික දෙනයි.
මේ ගැන විමසන්න අන්තර්ජාලයේ හොද එකකක් තියෙනවා. මම දන්නේ නැහැ මේක කවුරු කරනවද කියල. එත් ගොඩක් දුරට හරි කරුණු තියෙන බවක් පෙනීයන්නේ.
snopes dot com
https://www.snopes.com/bob-marley-cia/
මේ විදියට එකක් ලංකාවට ඕනේ. මොකද වතුරින් දුවන කාර්, දේශපාලන ලෝකය රත්කරපු රත්තරන් අශ්වයන්, බැසිල් බිලියන ගානක් ගහපු චෝදනා, ලම්බෝගිහි, පිටරට වත්කම් වගේ කරුණු ගැන හරියට විස්වාසවන්තව දැනගන්න අපක්ෂපාති එකක් තිබ්බනම් නියමයි. මොකද මෙතන ඉන්න බහුතරයක් පිළිගත හැකි කරනු මත නොව තමුන්ගේ දේශපාලන මතවාද වලට අනුකුල වන දෙයක් තමයි විශ්වාස කරන්නේ.
ලංකාදීප දිවයින වගේ ජාතික පුවත් පත් පවා මේ විදියට කිසිදු කරුණු හොයා බැලිමෙන් තොරව පට්ටපල් බොරු ලිපි පලකරනවා. සමහර ඒවා එංගලන්තයේ ටැබ්ලොයිඩ් පුවත්පත්වල පලකරන බොරු. කිසිදු හොයා බැලීමෙන් තොරව පල කරනවා. රටේ ජනතාවට නිවැරදි කරුණු දැනගන්න මාර්ගයක් නැහැ.

Last edited:

අනේ මන් විහිලුවනේ කලේ ..... කෝ බන් දැන් අර බ්ලොග් මාදයවෙදිය.. අජිත් පැරකුම් කාරය.. උ රනිල්ට හෙත්තුවෙන්න බැලුව හරිගියේ නැහැනේද ? දැන් මිනිහා උද බලාගෙන කෙලගහගන්නේ