සීතල දෙසැම්බරය
ජීවිත දින පොතේ පරණ වෙන්නෙ නැති
මේ මතක පිටු වලට මම තාමත් ආසයි
දෙසැම්බර් නිවාඩුවට බණ්ඩාරවෙල යන එක
පොඩිකාලෙ ඉදන් පුරුද්දක් උනාට
ඔයා මට ආදරෙයි කිව්වට පස්සෙ
මම දෙසැම්බර් වෙනකම් ඇගිලි ගැන්නා
අවුරුද්දටම එක මාසෙකදි විතරක් ලිය වුනත්
ඒ කතාව කොච්චර සුන්දරද
කෙලවරක් නොපෙනෙන තේ යාය වල
අතරමං වෙනකම් ඇවිදින්න
මීදුමෙන් වැහුණු උදේ පාන්දර
ඔයාගෙ තනියට එලවළු කොටුවට යන්න
බණ්ඩාරවෙලින් කෝච්චියෙ නැගල බහින තැන
තෝර ගන්න හැමදාම රණ්ඩු වෙන්න
ඉදල්ගස්හින්නෙ බැහැල ඈත පල්ලම දිහා බලා ඉන්න
මම කොච්චර ආස වුනත්
ඔයා මොන එහෙකට ඔහියට ආස වුනාද මන්දා
එහෙම බැහැලා ආපහු යන්න කෝච්චියක්
එනකම් සීතලේ ගැහිගැහි ඉන්න කොට
දැන් වගේ වුනානම් උණුහුමට තුරුළු කර ගන්නවා
ඒ දවස් වල එහෙම හැගීම් තිබුනෙ නැහැ නේ...
චූටි නංග අපි ගැන අප්පච්චිලට නොකිව්වනම්
ඊලග දෙසැම්බරයෙත් ඒ කතාව ලියවෙන්න තිබුනා
එතනින් පස්සෙ බණ්ඩාරවෙල මට
තහනම් නගරයක් වුනත්
ඒ සොදුරුම මතක ඇවිත්
හැම සීතල දෙසැම්බරයකම තාමත් මාව
බණ්ඩාරවෙල එක්ක යනවා
මේ මතක පිටු වලට මම තාමත් ආසයි
දෙසැම්බර් නිවාඩුවට බණ්ඩාරවෙල යන එක
පොඩිකාලෙ ඉදන් පුරුද්දක් උනාට
ඔයා මට ආදරෙයි කිව්වට පස්සෙ
මම දෙසැම්බර් වෙනකම් ඇගිලි ගැන්නා
අවුරුද්දටම එක මාසෙකදි විතරක් ලිය වුනත්
ඒ කතාව කොච්චර සුන්දරද
කෙලවරක් නොපෙනෙන තේ යාය වල
අතරමං වෙනකම් ඇවිදින්න
මීදුමෙන් වැහුණු උදේ පාන්දර
ඔයාගෙ තනියට එලවළු කොටුවට යන්න
බණ්ඩාරවෙලින් කෝච්චියෙ නැගල බහින තැන
තෝර ගන්න හැමදාම රණ්ඩු වෙන්න
ඉදල්ගස්හින්නෙ බැහැල ඈත පල්ලම දිහා බලා ඉන්න
මම කොච්චර ආස වුනත්
ඔයා මොන එහෙකට ඔහියට ආස වුනාද මන්දා
එහෙම බැහැලා ආපහු යන්න කෝච්චියක්
එනකම් සීතලේ ගැහිගැහි ඉන්න කොට
දැන් වගේ වුනානම් උණුහුමට තුරුළු කර ගන්නවා
ඒ දවස් වල එහෙම හැගීම් තිබුනෙ නැහැ නේ...
චූටි නංග අපි ගැන අප්පච්චිලට නොකිව්වනම්
ඊලග දෙසැම්බරයෙත් ඒ කතාව ලියවෙන්න තිබුනා
එතනින් පස්සෙ බණ්ඩාරවෙල මට
තහනම් නගරයක් වුනත්
ඒ සොදුරුම මතක ඇවිත්
හැම සීතල දෙසැම්බරයකම තාමත් මාව
බණ්ඩාරවෙල එක්ක යනවා


