සීදුව විජය කුමාරතුංග රෝහල

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ජනාධිපති ලෙස මා ජපානයේ කළ නිල සංචාරයකදී මා හමුවීමට පැමිණි මහායානික භික්ෂුන් වහන්සේ නමක්, හමුව අවසානයේ මට ලංකා මුදලින් කෝටි තුනක මුදලක් ලබා දෙන බව පවසමින් පාර්සලයක් පිරිනැමීය. මම එම ත්‍යාගය ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළෙමි.
    එවිට උන්වහන්සේ නොසතුටට පත්විය. තත්ත්වය තේරුම් ගත් එතැන සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ මුදලින් විජයගේ ගමේ ඔහු නමින් රෝහලක් ඉදිකිරීමට යෝජනා කළේය.
    සීදුව විජය කුමාරතුංග රෝහලේ අතීත කතාව එයයි. අද ද මාගේ සැලකිය යුතු කාලයක් ඒ රෝහලේ ප්‍රවර්ධනය වෙනුවෙන් කැප කරමි. ඔහු වෙනුවෙන් සිදු කරන ඵලදායී පින්කමක් ලෙස සලකා ඉදිරියට ද එහි උන්නතිය වෙනුවෙන් කැපවෙමි.

    හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

    විජය ඔබට සුබ උපන් දිනයක් !

    243903562_1264858320654119_901810501504274238_n.jpg