සීසරුයි ක්ලියෝපැට්‍රායි ඇන්තනියයි

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    සීසරුයි ක්ලියෝපැට්‍රායි ඇන්තනියයි

    a&cd.jpg

    ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ සීසර්, ක්ලියෝපැට්‍රා සහ මාර්ක් ඇන්තනිගේ තුන්කොන් ආදර අන්දරය? මේ කියන්නේ අර තුන්දෙනාම සම්බන්ද වෙච්ච වෙනම පලහිලව්වක් ගැන.

    මේ සිද්ධිය වෙන දවස්වල සීසරුයි ක්ලියෝපැට්‍රායි එකට එකම මාලිගාවේ තමයි ජීවත් වුනේ, කොටින්ම කිව්වොත් දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. ඇන්තනි තමයි සීසර්ගේ දකුණු අත වගේ හිටියේ, දෙන්නා බුදු ෆිට් එක.

    සීසර්ටත් ඒ දවස්වල අම්බානෙකට වැඩ. වැඩ කියන්නේ ඉතින් දවස් තුන්සීය හැටපහේම ඉතින් කොහේහරි වලියක් සෙට් වෙනවාම තමයි.හුස්මක් කටක් ගන්න වෙලාවක් නැහැ.

    ඔන්න ඉතින් එක පාරක් සීසර්ට වලියක් සෙට් වුනා ටිකක් දුර රටක. නොගිහිල්ලත් බැහැ, ක්ලියෝපැට්‍රාව තනියෙන් තියලා යන්නත් ඉතින් මොකක්ද මොකක්ද වගේ. සීසර්ගේ වටේ ඉන්න එවුන් මිනිහටම ෂුවර් නැහැ, ඊටත් වඩා මිනිහට ක්ලියෝපැට්‍රාව ෂුවර් නැහැ. ක්ලියෝපැට්‍රාත් ඉතින් ඇහැට කනට පේන ළමිස්සිනේ..

    සීසර්ට ඉතින් මේ ගැන කල්පනා කර කර ඉන්නකොට ගණ දෙවි නුවණ පහල වුනා. මිනිහා ඇන්තනියාට කතා කරලා කිව්වා මිනිහා යුද්දෙට ගිහින් එනකල් වයිපරේව හොඳට බලාගෙන ඉන්න කියලා, ඇන්තනියාත් ඉතින් එක පයින් කැමති වුනා වැඩේට.ඒ වුනාට සීසර් කාරයාට තාම ටිකක් අප්සෙට්. ඇන්තනියාත් ඉතින් හොඳ හැන්ඩ්සම් කොල්ලානේ. ඉතින් සීසර් රාජකීය වැඩකාරයෝ ටිකක් ගෙනල්ලා හැදුව්වා අලුත්ම ගැජමැටික්ස් කෑල්ලක්. මේක ඇවිල්ලා අන්ඩර්වෙයාර් එකක් වගේ සීන් එකක්, හැබැයි යකඩ වලින් හදලා තියෙන්නේ ඉබ්බෙක් දාලා ලොක් කරන්නත් පුලුවන්.

    සීසර් ඉතින් ක්ලියෝපැට්‍රාට එන්න කියලා මේක ඇන්ඳුවා. කාටවත් ඉතින් ක්ලියෝපැට්‍රාත් එක්ක අහවල් එක කරනවා බොරු. නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් තමා. සීසර් යතුරු දෙකක් හදලා එකක් සීසර් තියාගෙන අනිත් යතුර ඇන්තනීට දුන්නා. ඇයි ඉතින් යුද්දෙදී සීසර්කාරයට කෙල වුනොත් එහෙම ක්ලියෝපැට්‍රාටත් යන කලදසාවක් තියෙන්න එපෑයැ.

    ඔන්න ඉතින් ගන්න තියෙන ඔක්කොම ආරක්ෂක ක්‍රියාමාර්ග එහෙම අරගෙන සීසර් යුද්දෙට යන්න පිටත් වුනා. ඔන්න ඉතින් සීසර් අස්පයා පිට නැගලා යුද්දෙට යනවා. සීසර්ට විනාඩි පහක්වත් යන්න හම්වුනේ නැහැ මෙන්න බොලේ ඇන්තනියා පන දාගෙන අස්සයෙක් පිටේ නැගැලා විදගෙන පස්සෙන් එනවලු. සීසර් ඉතින් අස්සයා නවත්තලා ඇන්තනියාගෙන් ඇහුවලු මොකක්ද හදිස්සිය කියලා.

    උතුමාණෙනි සීසර්, ඔබතුමා මට දීලා තියෙන්නේ වැරදි යතුරක් !!!


    තව කතා කියවන්න ඕන නම් සෙට් වෙන්න

    Untitled-4.jpg


    www.thelastrow.net

    කියවල ඉවර කට්ටිය comment එකක් දාලම යන්න ඉතින් නැත්නම් වැඩේ upset​
    REP​
    දුන්නට තරහ වෙන්නේ නෑ​
     
    • Like
    Reactions: dilshanjvc

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    උතුමාණෙනි සීසර්, ඔබතුමා මට දීලා තියෙන්නේ වැරදි යතුරක් !!!
     
    Nov 28, 2008
    145
    6
    0
    මචං... කතාව නම් පට්ට ෆන් ... ඕකට මටත් කියන්න දෙයක් තියනවා. සීසර් ලගේ අධිරාජ්‍ය කාලේ ... ඔය ලොක් එක දමපු ආණ්ඩවෙයා අන්දනවා කියපු එක ඇත්තම කතාවක්,, ඒ කාලේ යුද්දෙට යන සොල්දාදුවොන්ගෙ ගෑණු හැමෝටම ඕක ඇන්දුවලු..., ඉස්සරහ පැත්ත විතරයි ලොක් කරල තියෙන්නෙ .. යකඩ වලින් හදපු එකක් තමයි දමල තියෙන්නෙ ...උඩින් අත දමල හෝදන්න පොඩි ඉඩක් තිබුනලු. , මුත්‍ර කරන්නත් පොඩිම පොඩි සිදුරක් තිබුනලු. ලොක් කරල යතුර මිනිහ අරගෙන යනවලු.... ඕක ඇත්තම සීන් එකක් ... කොහොමට තියෙන්න ඇද්ද ...... හික්.....
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මචං... කතාව නම් පට්ට ෆන් ... ඕකට මටත් කියන්න දෙයක් තියනවා. සීසර් ලගේ අධිරාජ්‍ය කාලේ ... ඔය ලොක් එක දමපු ආණ්ඩවෙයා අන්දනවා කියපු එක ඇත්තම කතාවක්,, ඒ කාලේ යුද්දෙට යන සොල්දාදුවොන්ගෙ ගෑණු හැමෝටම ඕක ඇන්දුවලු..., ඉස්සරහ පැත්ත විතරයි ලොක් කරල තියෙන්නෙ .. යකඩ වලින් හදපු එකක් තමයි දමල තියෙන්නෙ ...උඩින් අත දමල හෝදන්න පොඩි ඉඩක් තිබුනලු. , මුත්‍ර කරන්නත් පොඩිම පොඩි සිදුරක් තිබුනලු. ලොක් කරල යතුර මිනිහ අරගෙන යනවලු.... ඕක ඇත්තම සීන් එකක් ... කොහොමට තියෙන්න ඇද්ද ...... හික්.....

    ammatasiri... thawa wistara tiye num genath dapanko