සුගලා දේවියගේ සොහොන කැඩූ පාහරයන්....

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සුගලා දේවියගේ සොහොන කැඩූ පාහරයන්....

    උරුමය දවා හළු කළ පසු....!

    http://sinhala.adaderana.lk/news.php?mode=head&nid=2618

    October 4, 2013

    පොළොන්නරුව රාජධාණියේ පරාක්‍රමබාහු රජ දවස විසූ බව කියන සුගලා දේවියගේ දේහය තැන්පත් කර තිබූ විශාල ගල් පර්වතය පුපුරුවා හැර එහි ගල් ගුහාවක තිබූ ඇයගේ දේහය සහිත ගල් පෙට්ටිය කැලයට ගෙනගොස් පුළුස්සා දේහයේ තිබූ රන් ආභරණ කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. මහවැලි සී කලාපයේ මීවත්පුර ප්‍රදේශයේ ගල්කොරියක් පවත්වාගෙන ගිය පිරිසක් විසින් මෙම අපරාධය සිදුකර ඇතැයි වාර්තා වේ. ඔවුන් ගල් පෙට්ටියක තිබූ ඇයගේ දේහය කැලයට ගෙන ගොස් පුළුස්සා දමා ඇති බවට ලැබුණු තොරතුරු අනූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    සුගලා දේවියගේ දේහයේ රනින් කරන ලද ස්වර්ණාභරණ තිබූ බව පැවසෙන අතර, ඒවා කිසියම් පිරිසක් පැහැරගන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම සිද්ධිය මීට සති 2ක පමණ ඉහතදී සිදුව ඇතැයි පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. පොලීසියට මේ පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ද මීවත්පුර, සිරිපුර හා නුවරගල ප්‍රදේශවල පදිංචි ජනතාවගෙනි. මේ අතර මෙම ගල්‍ කොරිය සඳහා ලබාදී තිබූ බලපත්‍රය මීට සති 2ට ඉහතදී අලුත් කර ඇතැයි ද අප වාර්තාකරු පැවසීය.එම දේහය ආවරණය කර තිබූ ඉපැරණි ගඩොල් විශේෂයක් පොලීසිය පරික්ෂා කරන ආකාරය හා දේහය තිබූ බැව් පැවසෙන ස්ථානය පස් දමා ගොඩගසා ඇති අයුරුය මේ.


    ඡායා රූ - ගාමිණි ඔබේසේකර




    1212887550L.jpg