සියල්ල හෙළිවෙයි! මිලියන 3ක් ගත් බව සුජීව පිළිගනී! ඉල්ලා අස්වීමටත් සූදානමින්!
පර්පචුවෙල් ටේරෂරීස් සමාගමෙන් ලැබුණු රුපියල් මිලියන 3ක් සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගත් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අද පිළිගත්තා.එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ගොනු කළ වැඩිදුර විමර්ශන වාර්තාවට අනුව එම රුපියල් මිලියන 3 රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට ලැබී ඇත්තේ මැතිවරණය පැවැත්වීමෙන් පසුවයි.
පර්පචුවෙල් ටේරෂරීස් සමාගම රුපියල් මිලියන 3ක් අවස්ථා තුනකදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ වාර්තා කළා.ඒ, මහබැංකු බැඳුම්කර නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදියි.
ඉන් රුපියල් මිලියනයක චෙක් පතක් ඇමති ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලවා මාරු කරවාගෙන ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ඍජුව ලබාදුන් උපදෙස් අනුව බව වැඩිදුර වාර්තාවේ සඳහන්.එහි දැක්වෙන්නේ අනෙක් චෙක්පත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ මැතිවරණ සහ මුදල් සම්බන්ධීකාරක විසින් පොලිස් නිලධාරීන් ලවා මාරු කර මුදල් ලබාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ පැහැදිළි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමින් අද දින රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ කියා සිටියේ මැතිවරණ සමයේදී තම මිතුරන් විසින් එම චෙක් පත ආරක්ෂක නිළධාරියා ලවා මාරු කර ඇති බවත්, කථානායකවරයා හෝ වගකිව යුතු පුද්ගලයෙකු නැවත එම මුදල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහොත් තමන් එම මුදල් ලබාදීමට සූදානම් බවයි.
මෙන්ඩිස් සමාගම, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ ආයතනයක් බව තමා දැන නොසිටි බව ද ඔහු පැවසුවා.තමා වරදක් සිදුකළ ඇතැයි පවසා සිය පක්ෂයේ නායකයා හෝ කතානායකවරයා තමන්ට දේශපාලනයෙන් ඉවත් වෙන්නැයි සඳහන් කළහොත් තමා සිය මන්ත්‍රීධූරයෙන් පවා ඉල්ලා අස්වීමට සූදානම් බව ද සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම තමාට දේශපාලනයේ එතරම් දැනීමක් නොමැති බවත් තමා මෙන්ම දැනීම අඩු දයාසිරි සහ ෆොන්සේකා වැනි ආධුනික දේශපාලනඥයින් මෙයට හසු වූ බවත් ඔහු පැවසුවා.
සිය නම සහිත චෙක් පතක් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය වී ඇති බව දැනගත් මොහොතේ තමාට හෘදයාබාධයක් වැනි තත්ත්වයක් පවා ඇති වූ බවත් විනාඩි කිහිපයක් තමා සිහිසුන් තත්ත්වක් වැනි ආකාරයකින් පසු වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Last edited:




