සුජීගේ_ෆෝන්එක

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පුවතක අපි නොදුටු ඇත්ත....
කියවන්න මේ සටහන..

සුජීගේ ෆෝන්එක.......


13450232_10154078906136259_5824574117877222321_n.jpg


“සුජී ෆෝන් එක ළමයෙකුට දීපන්... අයියෝ හෙණම ගහපන්. හෙණම ගහපන්, ෆෝන් එක දීපන් ළමයෙකුට මේ නොම්බරේ දීගන්න විදිහක් නැති හැටි, දැන් පැය භාගයක් තිස්සේ කතා කරනවා. ෆෝන් එකේ සල්ලිත් ඉවරයි.




මැදපෙරදිග රටක සේවය කරන කාන්තාව සිය නිවසට දුරකථන ඇමතුමක් ගන්නේ යම්කිසි තොරතුරක් ලබාගැනීමේ අටියෙනි. එය ඇයට ඉතා වැදගත් අවශ්‍යතාවයකි. නමුත් ඇයගේ බීමත් සැමියා එම අවශ්‍යතාව වටහා නොගනී. දරුවෙකුට ද දුරකථනය නොදෙයි. එහිදී ඇය අසරණවන අතර, කේන්තිය මෙන්ම විදේශ රටක අන්තිමට සිදුවන පහත්ම අත්දැකීමේ යථාර්ථය ද ප්‍රකාශ කරන්නීය.
ඇතැම් ආණ්ඩු නිසි ක්‍රමවේදයකින් තොරව කාන්තාවන් මැදපෙරදිග යැව්වෙන් අනිසි ප්‍රතිඵල අප අත්වින්දෙමු. ඇතැම් කාන්තාවන් නැවැත පැමිණියේ ඇඳ සිටි ඇඳුමෙනි. ඇතැමෙකු ඔළුවේ සිට දෙපා දක්වා ගැසූ ඇණ ඇතිවය. දැන් දැන් එවැනි සිදුවීම ඇසීමේ ප්‍රවණතාවය අඩුව ඇත්තේ වාසනාවකටය. එහෙත් මුහුණු පොතේ උක්ත සිදුවීම තුළ ඇති යථාර්ථය වන්නේ අපේ රටේ කාන්තාවගෙ ශ්‍රමය මෙන්ම ලිංගිකත්වය ද මෙම අමනයන් අනීතිකව සූරාකන වගය.
ඇතැම් රූපවාහිනි සංවාදවල පවා මෙම වීඩියෝ පටයේ කතාව උපහාසයට ගෙන වෙනත් අර්ථකථන යෙදූ දේශපාලකයන් අප දුටුවෙමු. “රවී ඔය අය-වැය ළමයෙකුට දීපන්” “හරින් ඔය ඇමැතිකම ළමයෙකුට දීපන්” ආදි වශයෙනි. එවැනි අමන දේශපාලනයට හා පුද්ගලයන්ට කිවයුතු කරුණ වන්නේ ඔබ විඳින හා විඳපු සැප කාමයන් සියල්ලම ඒ අහිංසක කාන්තාවන්ගේ ලේ කඳුළු නිසා බවය.
අප රට සංවර්ධිත රටක් නොවන අතර වෙළඳ ශේෂය ද ඍණ අගයක පවතී. ආර්ථික මට්ටමින් විග්‍රහ කරන කල්හි අපනයනය කිරීමට වඩා ආනයනය සඳහා යන වියදම වැඩිය. එය රටකට මූල්‍යමය වශයෙන් විශාල අර්බුදකාරී තත්ත්වයකි.
එය යම්තාක් දුරට හෝ පාලනය වීමට ප්‍රබලම සාධකය වනුයේ ඩොලර් බිලියන 8ක පමණ වූ ආදායමක් මෙරටට ලබාදෙන මැදපෙරදිග සේවය කරන මෙවැනි කාන්තාවන් ය. මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරියේ කවුරුන්දැයි නොදනිමි. කුමන අරමුණකින් මුදාහැරියා දැයි ද නොදනිමි. ඉන් සතුටු වූවානම්, සිනාසුනානම් ආතල් ගත්තා නම් ඒ තරම් නරුමයන් මේ ලෝකේ තවත් නැති තරම් ය.
ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් රැකියා උත්පාදනයක් පැවතියා නම් අප රටේ කාන්තාවන් විදේශගත නොවනු ඇත. මැදපෙරදිග රටවල වහල් සේවයට නොයනවා ඇත. මෙහි යථාර්ථය වන්නේ මෙම අහිංසක කාන්තාවගේ හැසිරීම හා අසරණතාවය වටහා නොගෙන, එය වීඩියෝගත කර අන්තර්ජාලයට මුදාහැරීමට තරම් පහත් මානසික ශ්‍රී ලාංකීය ජනතාව ද මැදපෙරදිග සිටමය.
විවිධ අතවරයන්ට ලක්ව ලංකාවට පැමිණෙන කාන්තාවන් දෙස වපර ඇසින් බලන ශ්‍රී ලාංකීය ජනතාව මෙන්ම ඇතැම් මාධ්‍යයන් ද ඇති බව අකමැත්තෙන් වුව ද සඳහන් කළ යුතු ය. පොල්ගෙඩි අකුරෙන් පුවත් සිරස්තල මවන්නට පෙර එම කාන්තාවන් පත්වන අපහසුතාවය ගැන ද කල්පනා කළ යුතුය.
විවිධ සරසවිවල නම් යොදා සිසුවියන් දූෂණය කර වීඩියෝගත කර අන්තර්ජාලයට හා මුහුණුපොතට මුදාහැර තිබූ අයුරු පසුගිය වසරවල අපි දුටුවෙමු. බුද්ධිමතුන් නූගත් මිනිස්සු සේ හැසිරෙන්නේ මන්ද, නවකවදයෙන් මහ සංස්කෘතියක් බිහිවූවා නම් මේ සංස්කෘතිය උප සංස්කෘතිය ද එබැවින් වාමවාදීන්ගෙ ගොදුරෙන් මිදී බුද්ධිමත්ව මධ්‍යස්ථව ගමන් ඇරඹීමට මේ හොඳම කාලයයි.
සුජීගේ දුරකතන ඇමතුම මට පෙන්වූ සරසවි සිසුවිය ඉල්ලා සිටියේ “ගැහැනියෙකුගෙ අසරණකම සතුටක් කරගන්න එපා” යනුවෙනි. ඇය උතුම් සරසවි දියණියකි.
මුහුණු‍පොතේ සුජීගෙ දුරකථනය විසන්ධි කර ඇත. චාමර ද රජකර අවසන් ය. “මගෙ සවනි පැටියා” ද පෙනී නොපෙනී සිටී. සවනි වෙනුවට හෙට තව එකියක් උපන් ඇඳුමෙන් පෙනී සිටිනු ඇත. හෙට ඔබේ බිරිඳ, මව, දියණිය, නැගණිය ද මේ ඉරණමට ගොදුරුවී මැදපෙරදිග අතරමං වනු ඇත. එතෙක් නොසිට අන්තර්ජාලය හා මුහුණපොතට මෙවන් වීඩියෝ මුදාහරින්නන්ට ඔබ දැඩි විරෝධය දැක්විය යුතුය.
 

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
හිතන්න දෙයකුත් තියනවා.... :dull:
අපිට උනත් මල පනිනවනේ අපේ හදිසි වැඩකට කාගෙන් හරි දිගින් දිගටම බාධා වෙනකොට
:oo: