සුදර්මා නෙත්තිකුමාර

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ මේකිගෙ දුවත් බැදල..
    ඒත්.. අඩෝ..දැක්කමත් මොකක්ද වෙනව වගේ බන්..
    තාම තෙල් කෑල්ල බන්.. පට්ට.. හුලා ලක් කාරයා....
    නෙද්දකිං..........:dull::dull::dull:
    ඉදපිය මම නංගිට කියන්න....තෝ මේ ඇන්ටිලට සෙවල පෙරනවා කියලා..............:angry::angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අයියෝ ජාතික ආරක්ෂාව පිලිබඳ මද්ද්ය්මද්යස්ටානය
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෙද්දකිං..........:dull::dull::dull:
    ඉදපිය මම නංගිට කියන්න....තෝ මේ ඇන්ටිලට සෙවල පෙරනවා කියලා..............:angry::angry::angry:

    :sorry:
    මම කරන දෙයක් ගැන නෙමෙයි කීවේ.. දැක්ක ගමන් ඉබේම වෙන දෙයක් ගැන. මම මක්ක කරන්න ද ඉතින්..

    ඊයෙ හුලා කියල ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ..ඒකෙ හුලුගල්ලගෙ සීන් එක ගැන ෆුල් විස්තර තිබ්බ..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සුදර්මා සිය දියණිය ගේ විවාහ මංගල්‍යය දා​
    [/QUOTE]

    අම්ම කව්ද දුව කව්ද කියල අදුරගන්න බෑනෙ බන් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Sudarma-33000lk-+%28120%29.jpg


    amma sexy duwata wada
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලක්ෂ්මන් හුළුගල්ල සහ මෙයා ගේ සම්බන්ධය මොකක්ද?

    දන්න එකෙක් කියපල්ලා ලක්ෂ්මන් හුළුගල්ල ගේ මාධ්‍ය මධ්‍යස්ථානය හිටි ගමන් ඩිකමිෂන් කරපු සිද්ධිය මොකක්ද?

    සලාකා සූදු පොළ ගැන නෙත්ති කුමාර ඇත්තම කියයි

    සූදු පිටියක්‌ වැටලූ පොලිස්‌ නිලධාරීන් විසි තුන් දෙනකු බලවත් හස්‌තයක්‌ මගින් මාරු කිරීම සම්බන්ධව අපට විරෝධයක්‌ තිබේ. ඒ සම්බන්ධව මාධ්‍ය සතු කාර්යභාරය ඉටු කිරීම සඳහා අප ගිය ගමනකදී ඔහු අපට හමුවිය. ගාමිණි නෙත්තිකුමාර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාවේ ඇරඹි මුල් මොහොතේ ඔහු සිය ව්‍යාපාරය ආරම්භ කළේය. දිනකට රූපවාහිනි ලොරි තුනක්‌ පමණ, අත්ඔරලෝසු දහස්‌ ගණනක්‌ ඔහුගේ ව්‍යාපාරය විසින් විකුණනු ලැබීය. ප්‍රථම නියෝජිත තැපැල් ආයතනය ආරම්භ කරන්නේද ඔහුය. සූදු පිටිය සම්බන්ධයෙන් ඔහු සතු කතාවක්‌ තිබේ. එම කතාව සමග ඔහුගේ පවුල් ජීවිතයේ ද සම්බන්ධයක්‌ තිබේ. ඔහුගේ දරුවන් තිදෙනාගේ ද සම්බන්ධයක්‌ තිබේ.

    අපට අදාළ වන්නේ බලහත්කාරී පොලිස්‌ මාරුව ගැන කතා කිරීම පමණක්‌ වුවත්, ඒ කතාවේ එක්‌ තැනකදී ගාමිණි නෙත්තිකුමාරගේ හා ඔහුගේ දරුවන් තිදෙනාගේ ජීවිතය ද ඊට සම්බන්ධය. මේ කතාවේදී ඔවුන් ගැන කියන කාරණා, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ අගතියක්‌ සඳහා හේතු නොවේවා යන පැතුම අපටත්, පාඨක ඔබටත් තිබිය යුතුය. තමාට වූ අඩුපාඩුවත්, සමාජයේ ගරා වැටීමත් වෙනුවෙන් ගාමිණි නෙත්තිකුමාර සියලු කාරණා නොවලහා අපට ප්‍රකාශ කළේය. තීරණයන්ට යටත් වාර්තාකරණයක්‌ ලෙස අප එය පළ කරමු. අනුන්ගේ පෞද්ගලික ජීවිතයේ කුණු, රස විඳිනා මාධ්‍යකරණයක්‌ අපට නැතුවා මෙන්ම, විවෘතව කතා බහ කළ ගාමිණි නෙත්තිකුමාරට පාරාවළල්ලක්‌ බවට එම සංවාදය පත් නොවීමේ වගකීම ද අප හා ඔබ සතුය. ඒ සියල්ල සිහියේ තබාගෙන හුලාගේ කතාවේ තවත් කොටසක්‌ ඔබට ඉදිරිපත් කරමු.

    සලාකා කිව්වත්, සෙංකඩ කිව්වත් ඉතා ප්‍රසිද්ධයි. කොහොමද ඔබේ ව්‍යාපාරවල ස්‌වභාවය?

    වරදක්‌ නැහැ. හොඳින් කෙරීගෙන යනවා

    හොඳින් කෙරීගෙන යන්නේ කෑම ව්‍යාපාරය ද නැත්නම් සූදු ව්‍යාපාරයද?

    ඇයි ඕව මගෙන් අහන්නේ (සිනාසෙමින්) මම නොකළ වරදක්‌ ගැන කොහොමද උත්තර දෙන්නේ.

    ඒ කියන්නේ ඔබ මේ සූදු ව්‍යාපාරයේ කොටස්‌කරුවෙක්‌ නොවෙයිද?

    නැහැ. ඒක අයිති අපේ පවුලට සම්බන්ධ වෙනත් නෙත්ති කුමාර කෙනකුට. ඒ කාන්තාවක්‌.

    ඇය ඔබේ කවුද?

    මගේ නෑනා කෙනෙක්‌. ඇය අපේ සහෝදරයකු හා විවාහ වුණ කෙනෙක්‌.

    නමුත් සුදුව කෙරෙන්නේ ඔබේ තැනකනේ?

    නැහැ. ඔය කියන තැන තියෙන්නේ සලාකා එකට ටිකක්‌ එහායින් (ඉබ්බන්වල දෙසට). මේක අද ඊයේ පටන් ගත්ත දෙයක්‌ නෙමෙයි. දැන් අවුරුදු දහයක පහළොවක විතර ඉඳන් කරගෙන එන දෙයක්‌. මෙතනට පොලිසියෙන් පැනල මිනිස්‌සුන්වයි බඩුයි බස්‌වල ලොරිවල දාගෙන යන එකත් අලුත් දෙයක්‌ නෙමෙයි. ඒව මෙතනට බොහෝම හුරුපුරුදුයි. ඊට පස්‌සේ ආරංචි එනවා උසාවියේදී දඩ ගහල තිබුණු බඩු රාජසන්තක කළා කියලා. දවස්‌ දෙක තුනකට පස්‌සේ ආයෙත් සූදුව කලින් වගේම කෙරෙනවා. මේක තමයි සාමාන්‍ය තත්ත්වය.

    ඇයි වැරදිකරුවන්ට දඬුවම් ලැබෙන්නේ නැද්ද?

    මගේ නෑනා මෙය කරගෙන යන්නේ අමුතුම ක්‍රමයකට. එයා මේ සූදු පිටිය සේවකයකුගේ නමට කුලියට දීලයි තියෙන්නේ. ඒක නාමිකව වෙන දෙයක්‌. හැමදාම පොලිසියෙන් අල්ලන්නේ ඒ සේවකයාව. හැමදාම හවසට අපේ නෑනට ලක්‍ෂ විස්‌සක විතර ශුද්ධ ලාභයක්‌ එකතු වෙනවා.

    මොකක්‌ද මේ සූදුවේ ස්‌වභාවය?

    මේකට කියන්නේ රුචිනෝ කියලා. කෙලින්ම මුදල් දාලා කරන සූදුවක්‌. ඊට අමතරව කැසිනෝත් තියෙනවා.

    ඔබත් ගිහින් තියෙනවද?

    මම සුරා සූදුවෙන් තොර කෙනෙක්‌. නමුත් මේ ගැන මා දන්නවා. ඔය ස්‌ථානයේ මගේත් මල්ලිගේත් කොටස්‌ තියෙනවා. සූදු පිටිය තිබෙන්නේ අයියට අයිති කොටසේ. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී ව්‍යාපාරයක්‌.

    නමුත් මේ සූදු ව්‍යාපාරයත් සමග ප්‍රසිද්ධ වෙන්නේ ඔබේ බිරිඳගේ නම?

    ඒක ඇත්ත. ඇය මේ වැඩවලට සම්බන්ධ වෙන්නේ මේ මෑතක.

    ඒ කොහොමද?

    මගේ බිරිඳ පසුගිය කාලේ අපේ ව්‍යාපාර ප්‍රතිපත්තිවලට පටහැනි විදිහට මුදල් රැස්‌ කළා. ඒ අතර ඇය විශාල ලෙස මුදල් පොලියට දීමේ ව්‍යාපාරයකුත් පවත්වාගෙන ගියා. ඒකට එයාගේ යාළුවෝ වගේම සමහර ඇමැතිවරුන්ගේ බිරින්ඳෑවරුත් විශාල ලෙස මුදල් දැම්මා. ඒත් මේ සියල්ල අතරමග කඩා වැටුණා. ඊට පස්‌සේ මිනිස්‌සු සල්ලි ඉල්ලගෙන අපේ ගෙදරට එන්න ගත්තා. සමහරු නඩු දැම්මා. එතනදී එයාගේ ආරක්‍ෂාවට තමයි හුලා ව ආශ්‍රය කරන්න ගත්තේ. මේ දෙන්නව මුණගස්‌වන්නෙත් සල්ලි පොලියට දෙන මගේ බිරිඳගේම යාළුවෙක්‌. ඒ මුල්ම කාලේ හුලා මටත් කියල තියෙනවා එක එක්‌කෙනාට ඕන විදිහට නටන්න දෙන්න බැහැ, අපි ඔයාගේ වයිµaව බේරාගන්න ඕන කියලා. එතැනින් පස්‌සේ තමයි අපේ පවුල් ජීවිත අවුල්වෙලා මේ හැම දෙයක්‌ම වුණේ.

    ඔබේ බිරිඳ සූදු පිටියට සම්බන්ධ වුණු විදිහ කියවුණේ නැහැ?

    මේ වෙනකොට හුලා නමැති පුද්ගලයා සහ මගේ බිරිඳ අතර තිබෙන අනියම් ප්‍රේම සම්බන්ධය පටන් අරගෙන ඉවරයි. ඒ දෙන්නාගෙන් වැඩිම ප්‍රයෝජනය ගත්තේ මගේ නෑනා නෙත්ති කුමාර. කාලයක්‌ අපිත් එක්‌ක තරහවෙලා ඉඳපු නෑනා මගේ බිරිඳත් එක්‌ක යාළුවෙලා බිරිඳව එයාගේ ව්‍යාපාරවලට සම්බන්ධ කරගන්නවා. එතනදී හුලාගේ මාර්ගයෙන් විශාල ආරක්‍ෂාවක්‌ සූදු පිටියට ලැබෙනවා.

    ඔබ කොහොමද කියන්නේ ඔබේ බිරිඳට එවැනි අනියම් සම්බන්ධයක්‌ තිබෙන බව. ඔබට ඒ සඳහා සාක්‍ෂි තිබෙනවද? මේ චෝදනා ඉතා බරපතළයි?

    මේ ගැන මට වඩා හොඳින් දන්නේ කවුද? මේ දෙන්නගේ සම්බන්ධය ඔප්පු කරන්න අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්‍ෂි මා ළඟ තියෙනවා. ඒ දෙන්න මධුසමය ගත කළ හඬ පටය පවා මා ළඟ තියෙනවා. අහල බලන්න මාව විශ්වාස නැත්නම්. (ඔහු අපට හඬ පටයක්‌ ඇසීමට සලස්‌වයි. එය වෙනත් කෙනකුගේ පුද්ගලික ජීවිතයකට අයිති දෙයක්‌ බැවින් අප එය ක්‍රියා විරහිත කරන මෙන් ඉල්ලා සිටියෙමු.) මේ විතරක්‌ නෙමෙයි ඡායාරූප පවා මා ළඟ තියෙනවා.

    මේ සම්බන්ධයට කොච්චර කල්ද?

    දෙදහස්‌ එකොළහ වසරේ අග හරියෙදි විතර තමයි මේ තත්ත්වය ඇති වුණේ. එදා ඉඳන් මටත් දරුවන්ටත් අපේ නිවස අපායක්‌ වුණා. දැන් දරුවො ලොකුයි. ලොකු දුව කසාදත් බැඳලා. අපිට ගොඩක්‌ කරදර වුණා. ඉවසල ඉවසල බැරිම තැන දරුවෝ ගිහින් පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මා. ඒක විභාග කරන්නවත් පොලිසියෙන් ආවේ නැහැ.

    ඇයි ඒ?

    ඔය හුලා කියන පුද්ගලයට තිබුණ අසීමිත බලය තමයි ඒකට හේතුව.

    ඔබ කියන විදිහට බිරිඳගෙන් එතරම් කරදර තිබුණා නම් ඔබට දික්‌කසාද වෙන්න තිබුණනේ?

    මම දැන් තමයි දරුවොත් එක්‌ක කතා කරලා ඒ ගැන වැඩකටයුතු කරගෙන යන්නේ. පුළුවන් උපරිමය ඉවසුවා. පසුගිය කාලේ අපේ ගෙදර පුංචි කතාබහක්‌ ඇති වුණත් ටික වේලාවක්‌ යනකොට පොලිසියේ පනහක්‌ විතර ඇවිත් ඒ පැත්තම වට කරනවා. එහෙම එන්නෙත් පොලිසියේ උසස්‌ නිලධාරීන්. මේ පුද්ගලයා නිතරම මගේ නිවසට යන්න එන්න ගත්තහම අපිට විතරක්‌ නොමෙයි අවට අයටත් ලොකු කරදරයක්‌ වුණා. එස්‌.ටී.එµa. එකයි එයාලගේ ඩිෙµන්ඩර් රථයි දාල මුළු පාරම අවහිර කරනවා. ඒ වෙලාවට අපිට හරි ලැඡ්ජයි. (ඔහු මද වේලාවක්‌ නිසොල්මනේ අප දෙස බලා සිට යළි තම කතාව අරඹයි) බැරිම තැන ළමයි තුන්දෙනා එයාට කියලා තිබුණ ගෙදරට එන්න එපා කියලා. මමත් හුලාගේ කාර්යාලයට ගිහින් ඒකම කිව්වා.

    ඊට පස්‌සේ මොකද වුණේ?

    ගෙදරට ආවේ නැහැ. මහ රෑටයි, දවල්ටයි ඕන ඕන වෙලාවට ගේ ළඟට ඇවිත් බිරිඳව ගෙනත් බස්‌ස වන්න, එක්‌ක යන්න එනවා. ඊට පස්‌සේ මගේම නිවසට මගේ කිසිම අවසරයක්‌ නැතුව පුද්ගලික ආරක්‍ෂක සේවයක්‌ දැම්මා. අන්තිමට මටත් එයාලගේ අවසරය ගන්න වුණා යන්න එන්න. මේ සියලු දේට වියදම් කරන්නේ රාජ්‍ය ආයතනවල මුදල් කියලයි මට හිතෙන්නේ.

    ඔබ සහ ඔබේ නෑනා වන නෙත්ති කුමාර මහත්මිය අතර ආරවුලක්‌ තිබෙනවද?

    ඔව්. නෑනාගේ නීති විරෝධී වැඩ නිසා මා ඇයත් සමග කිසිම ආශ්‍රයක්‌ තිබුණේ නැහැ. ඒකනේ මට විරුද්ධව බිරිඳයි නෑනයි එකතු වෙන්නේ. මගේ ව්‍යාපාර කඩාකප්පල් කරන්න ඒ අය ලොකු වෙහෙසක්‌ ගන්නවා. හුලා ඒ අයත් එක්‌ක ඉන්න එක එයාලට ලොකු ශක්‌තියක්‌ වුණා. ඒ තුන්දෙනා නිතර නිතර විනෝද සවාරි යන තරමට මිතුරු වුණා. මේ ළඟදී නුවරත් ගිහින් තිබුණා. මේ වගේ තත්ත්වයක්‌ තියෙන වෙලාවක තමයි සූදු පිටිය පොලිසියෙන් වැටලුවේත්, එම නිලධාරීන්ට ස්‌ථාන මාරුවීම් දීල ඔය කියන ජරමරය වුණේත්.

    නමුත් හුලා මාධ්‍යයට පවසා තිබුණේ ඔබේ බිරිඳත් එක්‌ක තිබෙන්නේ මිත්‍රත්වයක්‌ පමණක්‌ බවයි?

    යාළුකම කොහොම එකක්‌ද කියල හරියටම දන්නේ මමනේ. මමනේ මගේ බිරිඳගේ ස්‌වාමිපුරුෂයා. ඒකයි මම කලිනුත් කිව්වේ එහෙම නැහැ කියනවා නම් ඒකට අවශ්‍ය වීඩියෝ පට සහ හඬ පට මා ළඟ තියෙනවා කියලා. ඊටත් එහා ගිය ගොඩක්‌ සාක්‍ෂි මා ළඟ තියෙනවා. නමුත් ඒ හැම දෙයක්‌ම මට මාධ්‍යයට කියන්න බැහැ. ඒ නිසා වැඩිය ඕනෙ නැහැ. එයාගෙන් අහන්න හනිමුන් එකට හෝකන්දර ගියා නේද කියලා. ඒ ඇති. ඉතුරු ටික එයා දන්නවා.

    ඔබතුමා ඔහොම චෝදනා කළාට ඔහුටත් පවුල් ජීවිතයක්‌ තියෙනවා. ඒ පැත්තෙන් මෙවැනි චෝදනා දැන ගන්න නැහැ?

    මොකද නැත්තේ. බිරිඳගෙ අනියම් සම්බන්ධය ගැන මට මුලින්ම කිව්වේ හුලාගේ බිරිඳගේ ඥතියෙක්‌. ඒ ගෙවල්වලත් මේ ප්‍රශ්නම තියෙනවා.

    (අප කතා කළ මේ බොහෝ දේ ඔබ සහ ඔබේ පවුල මත තිබෙන පෞද්ගලික ආරවුල්. මාධ්‍යයක්‌ විදිහට අපට ඒ සඳහා මැදිහත්වීමට එතරම් අවශ්‍යතාවක්‌ නැහැ. නමුත් අපට වෙනත් ගැටලුවක්‌ තිබෙනවා. ඒ තමයි මේ රටේ නීතිය පිළිබඳව තිබෙන ගැටලුව)

    පසුගිය දවස්‌වල නැවතත් සූදු පිටිය පොලිසියෙන් වැටලුවනේ. දැන් එතන තත්ත්වේ මොකක්‌ද?

    මේ සිදුවීමේදී මගේ නම තමයි ගොඩක්‌ම කැත වුණේ. සලාකා එකේ දෙවැනි

    තට්‌ටුවේ මේ සූදු පිටිය තිබුණ කියලනේ රටේම ප්‍රසිද්ධ වුණේ. මම යන එන තැන්වලදී මිනිස්‌සු මා දිහා වපර ඇහින් බලන්න ගත්තා. බැරිම තැන මම පොලිසියට ගිහින් කිව්වා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්‌ ඇතිවෙලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා සූදු පිටියේ අයිතිකාරයගේ නම තවත් හංගගෙන ඉන්නේ නැතිව එළියට දාන්න කියලා. ඔවුන් 'ඕකේ' කියලා ඒක පිළිගත්තා. නමුත් මේ මොහොත වෙනකම් ඒක වුණේ නැහැ. ඒ විතරක්‌ නෙමෙයි දැන් අවුරුදු දහයක්‌ පහළවක්‌ තිස්‌සේ මේ සම්බන්ධයෙන් හෝ වෙනත් අයථා වැඩ කරමින් ඉන්න මගේ නෑනගේ නම කවදාවත් එළියට ඇවිත් නැහැ.

    ලස්‌සනම වැඩේ කියන්නේ, සූදු පිටියෙ නඩු විභාගය තිබුණේ පසුගිය විසිපස්‌ වැනිදා. ඒත් හුලා මහත්තයා විසිහතර වැනිදා මාධ්‍යයෙන් කියනවා මේ සූදු පිටිය පවත්වාගෙන ගියේ එතන හිටපු මැනේජර් කෙනෙක්‌ කියල අධිකරණය තීන්දු කරල තියෙනවා කියලා. මෙයා අධිකරණයේ තීන්දුව කලින්ම දන්නේ කොහොමද? ටිකක්‌ හිතල බලන්න මේක කොච්චර බරපතළ කාරණයක්‌ ද කියලා.

    ඔබ ඔය චෝදනා කරන හුලා මහතා මේ රටේ පැවැති යුද්ධයේ අවසන් කාලයේදී විශාල මෙහෙවරක්‌ කළ බවට ඇතැම් අය පවසනවා. ඔබ, මේ ඔහුට විරුද්ධව එල්ල කරන මඩ ප්‍රහාරයක්‌ වෙන්න බැරිද?

    මේ සූදු පිටිය වැටලූ ප්‍රශ්නයත්, එම පොලිස්‌ නිලධාරීන්ට හදිසි ස්‌ථාන මාරුවීම් දීපු ප්‍රශ්නයත් මුල්වරට මා දකින්නේ මාධ්‍යයෙන්. ඒ නිසා ඒක කොහොමද වුණේ කියල මම දන්නේ නැහැ. නමුත් හිතා ගන්න පුළුවන්. නමුත් ඔහුගේ අනියම් ප්‍රේමය නිසා මටත් මගේ දරුවන්ටත් විඳින්න වුණු දුක්‌ගැහැට මා දන්නවා. ඊට අවශ්‍ය සාක්‍ෂිත් මා ළඟ තිබෙනවා. මේ දේවල් වෙන්න කලින් මම මෙයාව දැකලවත් තිබුණේ නැහැ. "කෙල්ලට නිතරම වීරයා වැඩ පෙන්වනවනේ" අපි හැමෝම අහල තියෙන්නේ එහෙමයි. අන්න ඒ විදිහට කෙල්ල ඉස්‌සරහ වැඩ පෙන්වන්න ගිහින් තමයි මෙයා මේ අමාරුවේ වැටුණේ.

    එතකොට ඔබ දුෂ්ඨයාද? ඔව්. ඒ අය හිතන් ඉන්නේ එහෙම තමයි. පොලිසියේ විසිතුනක්‌ කිසිම චෝදනාවක්‌ නැතුව එකපාරටම මාරු කරනවා කියන එක මොනතරම් වීර කමක්‌ද? මේක පුදුම බලයක්‌නේ. ඒ වගේම තමයි ඔය පුද්ගලයා නිලතල හොබවන බැංකු ඇතුළු රාජ්‍ය ආයතනවල යටි මගඩි වැඩ බොහොමයක්‌ පසුගිය කාලේදී සැලසුම් කළේ මගේ නිවසේ ඉඳන්. ඒ බව මා දන්නවා. තමන්ට ලැබුණු බලය අනිසි ලෙස පාවිච්චි කරමින් තමයි ඔහු මේ හැම දෙයක්‌ම කරන්නේ.

    ඔබත් මේ රටේ බොහෝ දැන හැඳුනුම්කම් තිබෙන චරිතයක්‌. ඒ හරහා රටේ ඉහළ පුද්ගලයන්ට හා වගකිවයුතු තැන්වලට මේ පිළිබඳව දන්වන්න තිබුණා නේද?

    මම එහෙම කළා.

    එතකොට මොකද ඔවුන් කිව්වේ?

    ඔප්පු කරන්න පුළුවන් දන්න දේවල් තියෙනවා නම් ඒ සියල්ල හෙළි කරන්න කිව්වා.

    ඒ ඉහළ තැන් මේවට සම්බන්ධ නැහැයි කියල හිතනවද?

    මට හොඳටම විශ්වාසයි මේ ඉහළ අය මේ ගැන කිසිම දෙයක්‌ දන්නේ නැති බවට. මේ සියල්ල හුලාගේ පුද්ගලික අවශ්‍යතා මත කරන දේවල්.

    අඩුම තරමේ ආරක්‍ෂක ලේකම්තුමාවත් නොදන්නා බවද ඔබ කියන්නේ?

    මට විශ්වාසයි එතුමාවත් මේ ගැන දැනගෙන සිටියෙ නැහැ කියලා. මට එතුමාව තවම හමුවෙලා නැහැ. කියන්න ගොඩක්‌ දේවල් තියෙනවා. උත්සාහ කරනවා එතුමාව මුණගැහෙන්න.

    පොලිස්‌පතිවරයා ගැන ඔබේ අදහස?

    ඔහු ඉතා හොඳ නිලධාරියෙක්‌ විය යුතුයි. ඔහුවත් මට හමුවෙලා නැහැ.

    මේ හැම චෝදනාවක්‌ම ඔබේ බිරිඳට ඔබ එල්ල කරන අතරේ ඇයටත් ඔබ සම්බන්ධයෙන් එවැනි චෝදනා ඇති?

    ඔව්. තියෙනවා. ඒක තමයි මම ලෝබකමට ඇය ඉල්ලපු බෙන්ස්‌ කාර් එක අරන් දුන්නේ නැහැ කියන චෝදනාව. ඊට අමතරව පසුගිය දවස්‌වල ඇය මගේ දරුවන්වත් මාවත් උසාවි අරන් ගියා දරුවන්ට ලියල තියෙන දේපළවල අයිතිය ඇයට පවරන්න කියා. මේව තමයි චෝදනා.

    ඔබ දෙදෙනා විවාහ වුණේ ප්‍රේම සබඳතාවකින්ද?

    ඔව්.

    ඒ කාලේ ඇය කොහොමද?

    ඇය මෝදර ප්‍රදේශයේ බොහොම සාමාන්‍ය පවුලක පුංචි ගෙදරක සිටිය හොඳ කෙනෙක්‌.

    මේ හැමදේම හමුවේ ඔබට ජීවිත අවදානමක්‌ තිබෙනවාද?

    පැහැදිලිවම තිබෙනවා. ඒ ගැන මගේ දරුවොත්, මගේ මවත්, හිතවතුනුත් නිතර මට කියනවා.

    ඒ ගැන නීතිමය පියවර ගත්තද?

    පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මා. ඒකනේ කරන්න තියෙන්නේ. ඒත් ඒ ගැන මට වැඩි විශ්වාසයක්‌ නැහැ.

    රංග විදානේ
    http://www.divaina.com/2013/12/01/feature13.html




    hulata kela une meka hinda kiyalanam danne naha,eth last sundy me newa eka giya
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලක්ෂ්මන් හුළුගල්ල සහ මෙයා ගේ සම්බන්ධය මොකක්ද?

    දන්න එකෙක් කියපල්ලා ලක්ෂ්මන් හුළුගල්ල ගේ මාධ්‍ය මධ්‍යස්ථානය හිටි ගමන් ඩිකමිෂන් කරපු සිද්ධිය මොකක්ද?
    salaka casino ekata panna pilice karayo maru karapu eken thamai case eka adenne.
    meyai weerawansage gani tharageta wate yana hati uba dannawane,
    hula paththarekata interview ekak dila bella wala daagannawa. ayayi meyayi police maru karana ekata sambanda naha kiyala.
    passe sudaramage miniha okkoma diga harinawa pati roll kasada minihamai kiyanne.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලක්ෂ්මන් හුලුගල්ල තමයි සොට් එක දීලා තියෙන්නේ ඡාතික ආරක්ෂා මාධ්‍ය මද්‍යස්ථානෙන් පවර් එකෙන් තමයි පොලිස් කාරයෝ මාරැ කරලා තියෙන්නේ දැන්නම් ඌගේ තනතුරටත් බඩු

    අයියෝ ජාතික ආරක්ෂාව පිලිබඳ මද්ද්ය්මද්යස්ටානය

    ලොල් ... ජාතික ආරක්ෂාවට ගිය කලක් :rofl: