සුද්දිගේ තේ වත්ත

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    සුද්දිගේ තේ වත්ත

    සුද්දිගේ තේ වත්ත
    train%2Bpicture-tea%2Bplantation-%2Bsri%2Blanka%2B%252816%2529.JPG



    මිණිපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කල සමයේ මා රාජකාරී වැඩ සඳහා මහ නුවර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට ගියේ හුන්නස්ගිරිය හරහාය​. හුන්නස්ගිරිය ආසන්නයේ විශාල නිසරු මුඩු ඉඩමක් දක්නට ලැබේ.

    " සර් දන්නවද මේක ඉස්සර සරු තේ වත්තක් කියලා ? රියැදුරු පුංචි බණ්ඩා මට මේ මුඩු ඉඩම පෙන්වා කීවේය​.

    පුංචි බණ්ඩා ගේ විස්තර අනුව මෙය ඉතා සරුසාර තේ වත්තකි. එහි අයිතිකරුවා සුද්දෙකි. දැන් සුද්දා මිය ගොසිනි . ඔහුගේ මහළු බිරිඳ තවමත් බංගලාවේ ජීවත් වන්නීය​.

    " කොහොමද තේ වත්ත පාළුවට ගියේ ? මම පුංචි බණ්ඩා ගෙන් ඇසුවෙමි.

    " සර් වත්ත පවරා ගත්තට පස්සේ මිනිස්සු මේකෙ තිබ්බ ගස් කපලා විකුණ ගත්තා. තේ ගස් පවා උදුරලා දරට ගත්තා. හොඳ ආදායමක් තිබූ වත්තක් විනාස කරලා දැම්මා. අපේ මිනිස්සු තමයි මේක කාබාසිනියා කලේ " ඔහු කීවේය​.

    මම තව තවත් හාර හාරා විස්තර ඇසුවෙමි. සිදුවී ඇත්තේ මෙයයි. රන් පවුම් වතු ජනසතු කල යුගයේදී මෙවැනි සරුසාර තේ වතු රජයට පවරාගෙන ඒවා පාලනය සඳහා තමන් ගේ දේශපාලන හෙන්චයියන්ට භාර දෙන ලදි. හාමතෙන් සිටි උන් ඉහගෙන කන්නාක් මෙන් මොවුන් මුලින්ම වත්තේ තිබූ වටිනා ගස් විකුනාගෙන කන ලදි. ඉන් පසු වත්තේ තිබූ කළුවර ගෘහ භාන්ඩ , පියානෝ යනාදියට වග කියන ලදි. ඉන් පසු වත්තේ ආදායම හොරා කන ලදි. තේ ගස් නඩත්තුවට පෝර සඳහා මුදල් වැය කරන බව පෙන්වා මුදල් ගසා ගෙන කෑම නිරන්තරයෙන්ම කෙරුනේය​. . පොහොර හා නඩත්තුව නොමැතිව තේ ගස් මැරුණු විට ගම්වාසීන් සමූහ වශයෙන් වත්තට පැන තේ ගස් උදුරාගෙන යන ලදි. ඉතා හොඳ ආදායමක් ලැබූ දැකුම්කළු වත්ත විනාස කිරීමේ ශෝකය නිසා සුද්දා මිය ගියේය​. ලංකාවට බෙහෙවින් ඇළුම් කල ඔහුගේ බිරිඳ ගරා වැටුණු බංගලාවේ ජීවත් වූවාය​. පසුව මිනිසුන් බලෙන් වත්තේ ඉඩම් අල්ලගෙන පදිංචි වූහ​. දැන් තිබෙන්නේ අතීත ශ්‍රී විභූතියේ නටබුන් පමණි.

    ඉතා හොඳ කළමනාකරණයක් තිබූ ආදායම් ඉපැද්දවූ තේ වත්තක් අපේ අයියලා මෙලෙස විනාශ කලහ​.මේ විනාශය කලේ අධිරාජ්‍යවාදී විරෝධය , වතු ජනසතු කිරීම ආදී වචන යොදා ගනිමින් ගැලරිය පිනවමිනි. තේ වගාව ගැන දැණුම තිබූ විශේෂඥයන් ඉවත් කොට එ් හිඩැස තම නූගත් දේශපාලන ගැත්තන් ගෙන් පුරවා කරන ලද විනාශය අති මහත් ය​. මේ දේශපාලන ගැත්තන් තේ වගාව තබා මිරිස් පාත්තියක් වත් වගා කිරීමට නොදත් අඳ බාලයන් වූහ​.

    තේ වතු වලින් තේ පැළ උගුල්ලවා ඒවා වල බතල සිටවනවා කී විජේවීර 1971 දී සහ 1988 දී තම අනුගාමිකයන් යොදවා තේ ෆැක්ටරි වලට ගිනි තැබුවේය​. මේරිස්ටන් තේ ෆැක්ටරිය යනු ජවිපෙ විසින් 1971 දී විනාශ කල ඉතා විශිෂ්ඨ තත්වයේ තිබූ තේ කම්හල් වලින් එකකි. තේ වතු කෙරෙහි විජේවීරගේ වයිරයට එක් හේතුවක් වූයේ යූ.එන්.පී විරුද්ධවාදීන් විසින් දෙනියාය ප්‍රදේශයේ වතු කම්කරුවන් ලවා පහර දී ඔහුගේ පියා සදාකාලික අබ්බගාතයෙකු කිරීමය​. තවද තේ වතු නිසා නියඟය එනවා කියා ඔහු විශ්වාස කලේය​. මේ හැර ඇන් ඇම් පෙරේරා විසින් අධිරාජවාදීන්ට පාඩමක් ඉගැන්වීම සඳහා වතු ජනසතු කිරීමට සිරිමාවෝ අගමැතිනියට බලපෑම් කලේය​. මේ වතු ඉඩම් උඩරට ගැමියන් ගේ ඒ නිසා ඒවා අපි පවරා ගන්නවා කියමින් ලෝකයේ තිබූ ඉතා හොඳ කෘෂි වියාපෘතියක් මෙයාකාරය​ට සමතලා කරන ලදි. ජනසතුවෙන් පවරාගත් වතු දුර්වළ කළමනාකරණය නිසා පිරිහෙන්නට විය​.

    මෙලෙස කඳුකරයේ තිබූ සරුසාර ආදායම් ඉපැද්දවූ තේ වතු විනාශ මුඛයට යන ලදි. දුර දිග නොබලා න්‍යායන් මත පදනම්ව ගත් දේශපාලන තීන්දු නිසා ලෝකයේ හොඳම තේ නිෂ්පාදනයක් තිබූ ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය පහල වැටුණු අතර ලංකාවේ මෝඩකම් තම වාසියට හරවා ගත් කෙන්‍ යාව තම තේ වතු වැඩි දියුණු කලහ​. ලංකාව පයින් ගසා එලවූ තේ ආයෝජකයන් , තේ වගාව පිලිබඳ විශේෂඥයන් ඔවුන් කෙන්‍ යාවට ගෙන්වා ගෙන තේ වගාව ආරම්භ කලහ​. 2012 වසරේදී කෙන්යාව තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.45 මුදලක් උපයා ගන්නා ලදි.

    Source http://transyl2014.blogspot.com/2017/05/blog-post_22.html
     
    • Like
    Reactions: barath dpriye

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනව වුනත් ඇත්ත ඈ.......
    රටක යම් ප්‍රතිශතයක් සහ සමහර ව්‍යාපාර තියනව මම විශ්වාස කරන විදියට පෞද්ගලික අංශයට තිබිය යුතු.
    වාණිජ වැවිලි වගාවන් ගැන දන්නේ කාලයක පටන් ඔවුන්....ඒක ඔවුන්ට කරන්න දෙන්න ඕන....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තේ වගාව ගැන දැණුම තිබූ විශේෂඥයන් ඉවත් කොට එ් හිඩැස තම නූගත් දේශපාලන ගැත්තන් ගෙන් පුරවා කරන ලද විනාශය අති මහත් ය​.

    මේ වැඩේම තමා දැන් හැම මගුලටම වෙන්නෙ.:(
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Demise of Sri lanka's tea/rubber plantations.

    I can't agree more with this story. Sometime in mid seventies, as a junior school student in RJS I was assigned to collect data for a debate. I got annual tea production (export) details from tea control department for previous 10 years. I cant remember the exact details, but production was going up gradually until the land reform commission send all British planters packing. The very next year, production was less than half compare to the previous year, and gone down further during next couple of years . Not only that, all these Tamil tea estate workers never demand anything from British planters. They may get treated like slaves, but look at the problems they are creating now ??