සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ කලාකරුවෙකු වන සුදත්ත තිලකසිරි එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට එරෙහිව සුදත්ත තිලකසිරි සෘජුව හෝ වක්‍රව අපහාස වන අයුරින් ප්‍රකාශයන් පළ කිරීම මෙන්ම කුමන ආකාරයක හෝ අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම වලක්වාලමින්.
හිටපු අමාත්‍යවරයා විසින් ඔහුට එරෙහිව පවරන ලද නඩුවක් අද (30) කොළඹ දිසා අධිකරණ අංක 01 හි කැදවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.
එම අවස්ථාවේදී පැමිණිලිකාර මනූෂ නානායක්කාර මහතාගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සදුන් විතානගේ මහතා විසින් සුදත්ත තිලකසිරි එරෙහිව වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.
පැමිණිලිකාර මනූෂ නානායක්කාර මහතා වෙනුවන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලී සබ්‍රී මහතා පෙනී සිටියා.
ඒ අනුව නඩුව එලඹෙන අගෝස්තු මස 07 වන දින යළි කැදවීමට නියමිතයි.