සුදුම සුදු කොණ්ඩයකට නොවරදින මඟ Hair gel
මීට අවුරුද්දකට විතර කලින් මම ෆෝන් කාඩ් එකක් ගන්න කඩේකට ගිය වෙලාවෙ ඒ කඩේ කැෂියර් කූඩුවට තරම්වත් උස නැති අවුරුදු 12ක විතර පොඩි කොලු පැංචෙක් එතැනට ඇවිත් අමාරුවෙන් ඉස්සිලා රුපියල් පහක් කැෂියර් මේසෙ උඩින් තිබ්බා. තියලා කෑ ගහලා "අංකල් ජෙල් පැකට් එකක්" කියලා කිව්වා. අවුරුදු ෙදාළහෙන් ජෙල් ගාන්න පටන් ගත්තොත් අවුරුදු 30ක් විතර යද්දි ජෙල් ගාන්න කොණ්ඩයක් ඉතුරු වෙන එකක් නෑ කියලා ඒ පොඩි එකාට කියන්න හිතුණත් පොර "ඉතින් ඔයාට මොකද" වගේ එකක් අහයි කියලා හිතුණු නිසා කට වහගෙන හිටියා. දැන් කාලෙ අපේ අයියලා මල්ලිලාගෙන් සීයට අනූනවයක්ම ජෙල් ගාන්නෙ ස්ටයිල් එකට. ඒත් ඒකෙන් වෙන හානිය ගැන දන්නෙ නෑ.
ජෙල් කියලා කියන්නෙ මේදය සහිත නිෂ්පාදනයක්. මේක පාවිච්චි කරන්න නිර්දේශ කරලා තියෙන්නෙ පැය හතර පහක් වගේ කාලයක් තුළ සෝදලා හරින්න පුළුවන් නම් විතරයි. නමුත් අද කාලෙ අපේ කට්ටිය නම් උදේ ගාගන්න ජෙල් තට්ටුව හෝදලා අරින්නේ රෑට. සමහරු එහෙම කරන්නෙත් නෑ. ඔයගොල්ලො අලුත් දෙයක්නෙ කියලා හිතලා ජෙල් ගෑවට ලෝකෙ ඉස්සෙල්ලාම ජෙල් ගෑවයි කියන්න සාක්ෂි තියෙන්නෙ ඊජිප්තුවෙ පිරමීඩවල. ඒ කාලෙ ජෙල් හදලා තියෙන්නෙ සත්ත්ව තෙල්වලින්. මැන්චෙස්ටර් යුනිවර්සිටි එකේ ඊජිප්තු නෂ්ටාවශේෂ පිළිබඳ විද්‍යාඥවරියක් වුණු නටාලි මැක්ක්රීස් කියන විදියට නම් අද මමිවල ඉන්න අය ඒ කාලෙ පැය 24ම ජෙල් ගාගෙන ඉඳලා තියෙනවා. හැබැයි එයාලගෙ කොණ්ඩෙට කිසිම හානියක් වෙල නැත්තෙ එයාලා ගාපු ජෙල් හදලා තියෙන්නෙ ස්වාභාවික සත්ත්ව තෙල්වලින් නිසාලු. නටාලි මේක කියන්නෙ මමි 18ක කෙස් ගස් අධ්‍යයනය කරලයි.
ඊට පස්සෙ කාලෙ, ඒ කියන්නෙ ක්‍රිස්තු පූර්ව 400දී විතර ස්පාඤ්ඤයෙන් හම්බ වුණු ඇට සැකිලි වගයක් අධ්‍යයනය කරපු විද්‍යාඥයන් පිරිසකට හමුවෙලා තියෙනවා ජෙල් ගැන තවත් අලුත් දෙයක්. අර කියපු ඇට සැකිලි අයිති කෙනාගෙ ඉතුරු වෙලා තිබුණු කෙස් ගස් කීපය අධ්‍යයනය කරලා හොයාගෙන තියෙනවා එයා ඒ කාලෙ ගාලා තියෙන්නෙ පයින් කියන ගස් වර්ගයේ රෙසිනවලින් හදපු ජෙල් එකක් කියලා. ඒ ජෙල් වර්ගය මිනිස් සිරුරට හෝ කෙස්ගස්වලට හානිකර ජෙල් වර්ගයක් නෙවෙයි කියලත් ඒ කට්ටිය කියනවා.
හැබැයි මේ කාලෙ වෙළෙඳ පොළේ තියෙන ජෙල් වර්ග හැම එකක්ම වාගෙ සිරුරට අහිතකරයි. ඒවා අහිතකර වෙන්න හේතු තියෙනවා. එකක් තමයි මේ කාලෙ තියෙන ජෙල් වර්ග ගෑවම කොණ්ඩෙ තෙත ගතියක් ඇති වෙනවා. සමහරු කඩේට ගිහින් ඉල්ලන්නෙම 'වෙට් ජෙල් එකක් දෙන්න' කියලනෙ. ඒ තෙත ගතිය ජෙල් එක හෝදලා හරිනකල්ම කොණ්ඩයේ රැඳිලා තියෙනවා. ඉතින් පැය 24ම කොණ්ඩෙ තෙතට තියෙනවා කියන එකෙන්ම යමක් හිතාගන්න පුළුවන් වෙනව නේද? එහෙම වුණාම වෙන්නෙ කොණ්ඩය සුදුවීමේ වේගය වැඩි වෙන එකයි. ඔයගොල්ලන්ගෙ කොණ්ඩෙ සාමාන්‍ය විදියට සුදුපාට වෙන්නෙ අවුරුදු 40දී නම් හැමදාම ජෙල් ගාන කෙනකුගේ කොණ්ඩය අවුරුදු 25 විතර වෙද්දි සුදු වෙන්න පටන් ගන්නවා කියලා කියන්නෙ මම නෙවෙයි, ඒ ගැන පර්යේෂණ කරපු විද්‍යාඥයන්. ඉක්මනට වයස පාට වෙන්න කැමැති අය ඉන්නවා නම් ඔය විදියට හැමදාම ජෙල් තට්ටු ගා ගත්තට කමක් නෑ.
අනෙත් කාරණය විදියට විද්‍යාඥයන් කියන්නේ මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් හැමදාම ජෙල් ගාන කෙනෙක් ෂවර් එකෙන් නාන්නෙ නැතිව බේසමකට ඔළුව අල්ලලා නාලා බැලුවොත් එයාගෙ කෙස් ගස් කොච්චර ගැලවෙනවද කියලා හොයා ගන්න පුළුවන්ලු. ඒක වෙන්නෙත් ජෙල් නිසා. ජෙල් හදන්න ගන්නෙ රසායනික ප්‍රතිඵල කීපයකට ලක්කරපු ප්ලාස්ටික් වගේ දෙයක්. ඒවා තෙල් ගතියට තියෙන්න පිටතින් එකතු කරන්නෙත් රසායනික ද්‍රව්‍ය. ඒ නිසා ඒවා වැඩි වෙලාවක් ඔළුවෙ තියාගෙන ඉන්න හොඳ නෑ. අනෙත් කාරණය තමයි දීර්ඝ කාලයක් පුරා ජෙල් ගානකොට ජෙල්වල තියෙන යම් යම් මේදමය සංඝටක හිස්කබල ඇතුළට කාන්දු වෙනවා. ඒ කියන්නෙ කාලයක් යද්දි මොළය වටේ තෙල් තට්ටුවක් බැඳෙන්න පුළුවන්.
මේ විදියේ මොන දේශන දුන්නත් අපේ කට්ටිය ජෙල් ගාන එක නතර කරන්නෙ නෑ කියලා අපි දන්නවා. ඒ නිසා ඒකටත් පිළියමක් දෙන්න ඉස්සෙල්ලා කියපු විද්‍යාඥයො තීරණය කරලා තියෙනවා. ඒ තමයි පුරුද්දක් විදියට හැමදාම ජෙල් ගාන අය ජෙල් ගාන්න කලින් ශරීරයට සහ කොණ්ඩයට හිතකර වෙනත් තෙල් වර්ගයක් ඉස්සෙල්ලා කොණ්ඩෙට ගාලා ඉන්න. ඊට පස්සෙ ඒක උඩින් ජෙල් ගාගන්න. ඒ කියන්නෙ මෙතනදි වෙන්නෙ ජෙල් තට්ටුව සෘජුවම කෙස්වල වදින්නෙ නැති වෙන්න ගාන එකයි. එහෙම කළොත් අඩුම තරමෙ තව අවුරුදු දහයක්වත් කොණ්ඩෙ හොඳින් තියාගන්න පුළුවන් වෙයි කියලා ඒ කට්ටිය විශ්වාස කරනවා.
උපුටා ගැනීම - මවුබිම පුවත්පත

???