සුදුලූනු උපත

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    සුදුලූනු උපත
    ඉන්ද්‍ර දේවියට දරු උපත් නැති වූ නිසා ඉන්ද්‍ර ඇයට අමෘතය පෙවීය. ඇය එය ඉතා සැර බැවින් ඔක්කාර කලාය. එසැනින් යම් ප්‍රමාණයක් බිම වැටුනි. ඉන් සුදුලූනු ඉපදවිනි. අපවිත්‍රව තිබූ බිමකට වැටුනු බැවින් ඉන් හටගත් සුදුලූනු ගන්ධයකින් යුක්ත වීය. සුරා සුර යුද්ධයේදී අමෘතය පහල වූ වහාම රාහු අසුරිදු එය පානය කලේය. එවිට විෂ්ණු උහුගේ ගෙල සිඳලීය. ගෙල සිදි තැනින් වැටුනු අමෘතය නිසා සුදුලූනු ඇති විය. මෙවැනිම බටහිර ප්‍රචලිත මිත්‍යා කථා අනුව, සාතන් ආදම්ගේ උයනෙහි ගමන් කරත්දී ඔහු වම් පය තිබූ තැනින් සුදුලූනුද, දකුණු පය තිබූ තැනින් රතුලූනුද පහල විය. ක්‍රි.පූ. 3000 පමණ බැබිලෝනියන් වරු බලගතු ඖෂධයක් ලෙසත් ආහාරයක් ලෙසත් ප්‍රයෝජනයට ගත් බව සඳහන් වේ. බල්ගේරියානු ජනයා වසර 100 වඩා අධිකව ජීවත් වේ. ඔවුන් ඉතා තදින් සුදුලූනු වලට ඇබ්බැහි වී ඇති බැවින් එසේ වන බව ඔවුන්ගේ පිලිගැනීමයි. ඊජිප්තු වැසියා අතීතයේ සිට සුදුලූනු ඉතා බලගතු ද්‍රව්‍යයක් ලෙස සැලකූහ.
    ලෝකයේ සිදු වූ පලමු වැඩ වර්ජනයට හේතු වූයේද පිරමිඩ කම්කරුවන්ට නිසි පරිදි අවශ්‍ය සුදුලූනු ප්‍රමාණය නොලැබී යාමයි.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්දා බන්. අපි අහලා තියෙන ගොඩක් පෝෂණීය කෑම නිසා මිනිස්සු නිරෝගී වෙනවලු.
    එත් බන් අපේ තාත්තා පොඩි වයසේ ඉඳලම රෑට බත් එක්ක සුදුළුණු බික් 2,3 කෑවා. එත් පිළිකාවක් නිසා එයා අවුරුදු 58 දී නැති වුනා.
    :(