සුදුස්සාට සුදුසු තැන

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    රජයේ රැකියාවකට ඉල්ලුම් කරනකොට , ඉල්ලුම් කරු පිලිබඳ පොලිස් වාර්තාවක් සහ උසාවියකින් වරදකරු වී තිබේද වගේ දේවල් අහන්නේ ඇයි ?


    ඉහත ප්‍රශ්නයට කිසිසේත්ම අදාල නැති දෙයක් දාන්න හිතුනා



    H4GMANh.jpg


     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙහෙමනේ
    වරදකරු වෙලා නැති නම් "සුදුසුකම් සපුරා ඇත"
    වරදකරු වෙලා ඇති නම් "ඉතා ඉහල සුදුසුකම් සපුරා ඇත."...ඉහල පඩි වැඩි කිරීම්, උසස්වීම් වලට යෝජනා කල හැකි පුත්ගලයෙක්.


    බන් උබලට ඕවා තේරෙන්නේ නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    එක රටක් එක නීතියක් නිසා තමයි එහෙම අහන්නෙ.

    මේ කතාවත් දාන්නං ආයෙත්. මේක අවාසනාවට ඇත්ත කතාවක්.

    දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට. අද උදේ තමයි දැන ගත්තේ. දැක්ක ගමන් මතක් උනේ තාත්තට තිබ්බ නඩුවක් නිසා නැතිවූ මගේ රැකියාව නැවත ලබා ගැනීමට මම කාපු කට්ට.

    මම පොලීසියට බැඳුනේ 2009 අවුරුද්දේ කොස්තාපල් කෙනෙක් විදියට. මුලින්ම වැඩ කලේ පානදුර පොලිසියේ. ඊට පස්සේ හොරණ සහ පින්වත්ත පොලීසි වල වැඩ කලා. මුලු රාජකාරී කාලය අවුරුදු 3යි මාස 9යි. එම කාලය තුල කිසිදු වංචනික ක්‍රියාවකට වචනයෙන් වත් සහය දීලා නෑ. පගාව අරන් නෑ. රාජකාරිය උපරිම අවංකයෙන් කලා. රාජකාරි අතරතුර විශේෂ වැටලීම් කිහිපයකට සහභාගි උනා. ඒ අතර එවකට පානදුර ඩිවිශන් එකෙන් අල්ලපු විශාලම මත්ද්‍රව්‍ය තොගය අල්ලා ගැනීමත් තිබ්බා. ඒකට නම් TV එකට මූන දා ගන්නත් පුලුවන් උනා. පත්තරෙත් ගියා. පානදුර වොලිබෝල් ටීම් එක රාජසේවා වොලිබෝල් තරගාවලියේ අනූශූරයන් දක්වා අරන් ගියා. ෆුට් බෝල්, රගර් ටීම් වලට ප්ලේ කලා.

    මගේ ටාර්ගට් එක තිබ්බේ SI යන්න. ඒ සඳහා සියලු සුදුසුකම් මට තිබ්බා. විභාගේ ලිව්වා. ඉන්ටර්වීව් වලින් පාස්වුනා. එක පාරක් නෙවේ. හත්පාරක්. ඒකෙන් තුන් පාරක් තේරුනා. වරක් ලංකාවෙන්ම 20ක් ගන්න STF SI බැච් එකක මම 13 වෙනියට තේරුනා. තවත් වරක් ලංකාවෙන් 200 ගන්න SI බැච් එකක මම 84 වෙනියා. ආයෙත් පාරක් STF SI 20ක් ගන්න බැච් එකක මම 3 වෙනියා. මේ හැම පාරම මම ෆේල් උනේ ෆෝම් පුරවන වටයෙන්. එකම හේතුව තාත්තාට සුරාබදු නඩු තිබ්බ එක. ඒකත් අවුරුදු පහකට විතර කලින් තිබ්බ එකක්.

    SI හදාගන්න මන් නොගිය තැනක් නෑ. පක්ශ විපක්ශ මැති ඇමතිවරු ගාව, ලේකම් වරු ගාව, පොලීසියේම ඉහල තනතුරු තියෙන අය ගාව පැය ගණන් රස්තියාදු උනා. ඒ උනාට කාටවත් මුකුත් කරලා දෙන්න බැරි උනා. මට අවුරුදු 14 දී තාත්තා කරපු වරදකට මගේ අනාගතේම වෙනස් උනා. මම උත්සාහය නවත්තන්නේ නැතුව SI ට්‍රයි කරන එක හැමෝටම වදයක් උනා. ගොඩක් අය කිව්වේ තියෙන රස්සාව බේරගෙන ඉන්න උඩ අතු වලට යන්න දගලන්නේ නැතුව කියලා. ඒත් මට තිබ්බේ SI පිස්සුව. අන්තිමට උනේ කට්ටිය කිව්වා වගේම තිබ්බ රස්සාවත් නැති උන එක.

    මගේ පත්වීම අවලංගු කරලා තිබ්බා. හේතුව තාත්තගේ නඩු සම්බන්ධව රැකියාවට ඉල්ලුම් කරද්දී සටහන් නොකිරීම. ඊට පස්සේ ජොබ් එක නැවත හදාගන්න කට්ට. මානව හිමිකම්, රාජ්‍ය සේවා කොමිසමට, පරිපාලන අභියාචන විනිශ්චය අධිකරණය කියන හැම තැනටම ගියා. නඩු අහනවා, කල් දානවා. ලෝයර්ස්ලට ගෙවාගෙන මග වියදම් ඔක්කොම කරගෙන මාරම කට්ටක් කෑවේ. අන්තිමට හැම එකෙන්ම මම වැරදිකරු. අවුරුදු 3ක් විතර ජොබ් එක හදාගන්න හැම තැනකටම ගියා. අන්තිමට මටම එපා වෙලා අත ඇරලා දැම්මා.

    දැං මගේ ජොබ් එක නැති වෙලා අවුරුදු 8කටත් වැඩි. ආයේ කිසිම රජයේ රැකියාවකට යන්න බැරි විදියට තමා මට මගේ ජොබ් එක නැති උනේ. මාත් ඉතිං මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ආයේ කිසිම දවසක තව කෙනෙක් යටතේ වැඩ කරන් නෑ කියලා තමා හිතන් ඉන්නේ. ඒත් පොඩි කාලේ ඉදලා තිබ්බ සිහිනය නැති උන එකට දුකක් නැතුවම නෙවෙයි. ඔක්කොම හොඳටයි කියලා හිත හදා ගන්නවා.

    ඒත් තාත්තට තිබ්බ සුරාබදු නඩුවට පුතාගේ රස්සාව නැති කරන රටක දුමින්ද සිල්වා වගේ මිනීමරුවන්ටත් ඒ වගේ ඉහල තනතුරු ලබා දෙනවා දකින්න ලැබීම ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. ඇත්තටම අපි ඉපදිලා ඉන්නේ මාරම ආශ්චර්‍යමත් රටක..

    Samith Sandaruwan
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එක රටක් එක නීතියක් නිසා තමයි එහෙම අහන්නෙ.
    ඇත්තටම කාටවත් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන්න බැරිද ?
     
    • Like
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇත්තටම මගේ ප්‍රශ්නෙට උඹේ උත්තරේ මොකක්ද ?
    ඔට කරපු පොන්න වැඩේට නම් කුජීත යි…. ජඩයි … නැවත චන්දය දීමට ලංකාවට එන්නේ නැත.. හැබැයි එහෙම කියල ජෙප්පන්ගේ , සජබයියන්ගේ රෙදි නොගලවන්නේද නැත ?
     
    • Haha
    Reactions: hasithayad

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔට කරපු පොන්න වැඩේට නම් කුජීත යි…. ජඩයි … නැවත චන්දය දීමට ලංකාවට එන්නේ නැත.. හැබැයි එහෙම කියල ජෙප්පන්ගේ , සජබයියන්ගේ රෙදි නොගලවන්නේද නැත ?
    ඇත්තටම උඹ චන්දෙ දෙන්න අතින් වියදම් කරගෙන ලංකාවට ආවද බන් ? :rolleyes:
     
    • Sad
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇත්තටම උඹ චන්දෙ දෙන්න අතින් වියදම් කරගෙන ලංකාවට ආවද බන් ? :rolleyes:

    ඇත්ත කියපන් උඹ සේනාල් ගේ අවතාරයක් නේ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඇත්ත කියපන් උඹ සේනාල් ගේ අවතාරයක් නේ
    ඇයි උඹ එහෙම අහන්නේ ? මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීපන්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    eka welawakata widayaka janadipathi kenek ona, anik welawata epa kiyala ain karanna baha..
    dunna nam dunna thama..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇත්තටම කාටවත් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන්න බැරිද ?
    මේ එකට වෙලාව නෙමේ ආයුබෝවන්ට...........

    eka welawakata widayaka janadipathi kenek ona, anik welawata epa kiyala ain karanna baha..
    dunna nam dunna thama..
    විධායක ජනධිපති නෙමේ කට්ටිය ඉල්ලුවේ හමුදා පාලනයක් එකදිපතියෙක්නේ .. දැන් ඉතින් කැමති කැමති ඒවා කරා කියල කරන්න දෙයක් නෑ .... පුදුම වෙන්න දෙයක් නෑ ව්‍යවස්ථාව වෙනස් කරගෙන මැරෙනකන් ජනාදිපති කමේ ඉන්න හදාගත්තත් ... එතකොටත් ඉතින් උඩ බලන් ඉන්න තියෙන්නේ 69 ලක්ෂේටයි ඉතුරු ලක්ෂ ගානටයි දෙගොල්ලොන්ටම :LOL:
    ------ Post added on Aug 11, 2021 at 3:30 PM
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මෙහෙමනේ
    වරදකරු වෙලා නැති නම් "සුදුසුකම් සපුරා ඇත"
    වරදකරු වෙලා ඇති නම් "ඉතා ඉහල සුදුසුකම් සපුරා ඇත."...ඉහල පඩි වැඩි කිරීම්, උසස්වීම් වලට යෝජනා කල හැකි පුත්ගලයෙක්.


    බන් උබලට ඕවා තේරෙන්නේ නෑ

    :baffled: :baffled:
    අපි මුන් දෙන්නගෙන් වත් අහලා බලමු
    @erozan @N A K A M U R A මචන්ලා ප්‍රශ්නෙට උත්තරයක් දීපන්කො
     
    Last edited:
    • Like
    Reactions: wqe123