යුධ වීරයෙකු සිරගත කිරීමේ කුමන්ත්රණයේ සුල මුල: සුවිශේෂී හෙළිදරව්ව
ජනතා අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලබන චුදිතයින් මෙන්න
(ලංකා ඊ නිව්ස් -2011.නොවැ.10, පව.5.30* හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම යුධ හමුදා මාණ්ඩලික ප්රධානීි මේජර් ජෙනරාල් දයා රත්නායක, දැනට විදේශගතව සිටින මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා, හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය, රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක හා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙක් වන හිටපු යුධ හමුදා මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යන අයගේ පුද්ගලික පලිගැනීමක් බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත.
නිලධාරි අංක 0/50912 යටතේ බඳවා ගැනීම් කාණ්ඩ අංක 13 යටතේ යුධ හමුදාවේ පාබල රෙජිමේන්තුව යටතේ සක්‍රිය හමුදා සේවයට එක් වූ වර්තමාන යුධ හමුදා මාණ්ඩලික ප්රධානිවරයා වන මේජර් ජෙනරාල් දයා රත්නායක (ආර්.එම්.බී. රත්නායක* 2007 වසරේදී බි්රගේඩියර් නිලය දරමින් යුධ හමුදාවේ 23 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස එවකට යුධ හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ උපදෙස් අනුව වාකරේ ප්‍රදේශය එල්ටීටීඊ ග්රහණයෙන් මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා දායකව සිටින ලදී. මේ අතර එම මෙහෙයුම සඳහා යුධ හමුදා විශේෂ බලකායද යොදවා තිබුනු අතර එම බලසේනාංකයේ අණදෙන නිලධාරී ලෙස නිලධාරී අංක 0/6075 යටතේ බඳවා ගැනීම් කාණ්ඩ අංකය 17 යටතේ යුධ හමුදා සේවයට එක්වු කර්නල් ප්‍රසන්න සිල්වා පත්කර සිටින ලදී.
වාකරේ මෙහෙයුම අවසන් වීමත් සමග හිටපු යුධ හමුදාපතිවරයා බි්රගේඩියර් දයා රත්නායකට 2008 වසරේදී මේජර් ජෙනරාල් ධුරයට උසස්වීමක් ලබා දෙන ලදී. මේජර් ජෙනරාල් දයා රත්නායක විසින් මේ අවස්ථාව වන විට යුධ හමුදාපතිවරයාට හෝ නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් පරාක්‍රම පන්නිපිටියටද නොදන්වා හමුදා නීති රීති වලට පටහැනිව යුධ බිමේ සිදුවන සිදුවීම් ගැන ආරක්ෂක ලේකම්වරයා වෙත වාර්තාා කිරීම හා එවකට විශ්‍රාමව ගොස් සිටි තවත් පාබල රෙජිමේන්තුවේ හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයෙක් වන නන්දන මල්ලවාරචිචීට යුධ බිමේ තොරතුරු පැවසීමත්, මාවිල් ආරු සොරොවිව බේරා ගැනිමේ මෙහෙයුම අදාල මේජර් ජෙනරාල්වරයාගේ නායකත්වයෙන් සිදුවූ බව කියා පාබල රෙජිමේන්තුවේ සඟරාවක පුවත් පලකිරිම ආදී කරුණු නිසා ගැටළු සහගත තත්වයක් ඇතිවිය.
පාබල රෙජිමේන්තුව් නිලධාරියෙක් වූ නැගනහිර ආඥාපති මේජර් ජෙනරාල් පරාක්‍රම පන්නිපිටිය මෙම කරුණු සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් දයා රත්නායකට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරමින් එය යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට භාර දෙන ලදී. මෙම චෝදනා පත්‍රය සැලකිල්ලට ගනිමින් යුද හමුදාපතිවරයා විසින් 23 වන සේනාංකය භාරව සිටි මේජර් ජෙනරාල් දයා රත්නායක එම ධූරයෙන් ඉවත් කළ අතර පසුව ආරක්ෂක ලේකම්වරයා විසින් චීනයේ ආරක්ෂක විද්‍යා පීඨයේ පුහුණුවක් සදහා පිටත් කර යවන ලදී.
මේ අතර වාකරේ මෙහෙයුමට සමිබන්ධව සිටි කර්නල් ප්‍රසන්න සිල්වා තමාගේ කොන්දේ හටගෙන ඇති වේදනාවක් සඳහා සිංහල වෙද මහතෙක් හමුවී ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය බව පැවසූ බැවින් යුද හමුදාපතිවරයා ඔහුගේ ඉල්ලීම පරිදි ඔහු කොස්ගම හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස පත්කර කොළඹට එව්වේ සිංහල බෙහෙත් ගැනීමටය.
මේ අතර චීනයේ ආරක්ෂක විද්‍යා පීඨයේ පාඨමාලාව හදාරා පැමිණි මේජර් ජෙනරාල් දයා රත්නායක යාපනයේ අතරමැදි කඳවුරක සැපයුම් අණදෙන නිලධාරියා ලෙස පත්කරන ලදී. මෙම සිද්ධියත් සමග යුධ හමුදාපතිවරයා සමග බද්ධ වෛරයෙන් පෙළුනු අතර ඔහු කොළඹ පැමිණි සෑම අවස්ථාවකදීම කර්නල් ප්‍රසන්න සිල්වා මුනගැසී යුද හමුදාපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කිරීමේ මුලික අඩිතාලම සකස් කරන ලදී
ඉදිරියේදී මේ සමිබන්ධයෙන් කතා කිරීම සඳහා වෙනත් අයගේ නම් වලට ජංගම දුරකථන දෙකක් හා අදාල සිම් කාඞ්පත් මිලට ගනු ලැබූ මොවුන් දෙදෙනා තමන්ටම ආවේනික රහස් සංකේත වලින් කතා කරමින් මෙම කුමන්ත්රණයේ ඉදිරි කටයුතු සැලසුම් කරන ලදී.
මේ කිසිවක් නොදත් යුද හමුදාපතිවරයා 2008 වසරේදී යාපනය අර්ධද්වීපයේ ස්ථානගතකර තිබූ යුද හමුදාවේ 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ප්‍රසන්න සිල්වා පත්කරනු ලැබුවේ ඔහු බි්රගේඩියර් නිලයටද උසස්වීමක් ලබාදෙමිනි. මෙහිදී බි්රගේඩියර්වරයා හා මේජර් ජෙනරාල් දයා රත්නායක හමුවී තමන්ගේ ඉදිරි කුමන්ත්රණකාරී වැඩපිලිවල ගැන අවසන් නිගමනවලට එලැඹින.
මෙම නිගමන අනුව යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් හමුදා කුමන්ත්‍රණයක් සිදුකිරීමන් රටේ බලය අල්ලා ගන්න යන බව මේජර් ජෙනරාල් දයා රත්නායක විසින් ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් අතර, ආරක්ෂක ලේකම්වරයා වහාම මේ ගැන ජනාධිපතිවරයාව දැනුවත් කළේය. මෙම හමුදා කුමන්ත්‍රණය ගැන ආරක්ෂක ලේකම්ට සනාථ කළේ ඔහුගේම සුවච කීකරු ගෝලයක් වු හිටපු පොලිස්පති එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ මහින්ද බාලසුරියයි. ඔහුද ඊලඟ පොලිස්පතිවීමේ සිහිනය නිසා මෙලෙස කේලාම් කිමේ ක්රිියාදාමයට එක්වූයේ ය. ආරක්ෂක ප්‍රධානීන්ගේ රැුස්වීම් වලදී නිදා ගැනීම නිසා යුද හමුදාපතිවරයාගෙන් නිරන්තර බැනුම් ඇසීම හේතුවෙන් බාලසූරිය ද සිටියේ යුද හමුදාපතිවරයා සමග නෝක්කාඩුවකිනි.
ආරක්ෂක ලේකම්වරයාගෙන් ලද උපදෙස් අනුව තමන්ට දින 3 ක හදිසි නිවාඩුවක් අවශ්‍ය බව අඟවා හමුදාපතිගෙන් ඉල්ලීමක් කර බි්රගේඩියර් ප්‍රසන්න සිල්වා කොළඹ පැමිණියේ යුද්ධය උචිචතමව පැවති 2009 වසරේ මැයි මාසයේ මුල් සතියේ දිනකදීය.
එසේ පැමිණි බි්රගේඩියර්වරයා කොළඹ සිටි මේජර් ජෙනරාල් දයා රත්නායක සමග දිනක් මධ්‍යම රාති්රියේදී ජනාධිපති මැදුරට ගොස් ජනපති මුනගැසී ප්‍රකාශ කර සිටියේ ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදා කුමන්ත්‍රණයක් සිදුකිරීමට යන බවත්, ඒ සඳහා ඔහුට සේවයේ නියුතු හමුදා මේජර් ජෙනරාල්වරුන් වන සමන්ත සුරියබණ්ඩාර, යුධ හමුදා සැලසුම් අධ්යක්ෂ මහේෂ් සේනානායක, රජිත ද සිල්වා, හිටපු බුද්ධි අංශ ප්‍රධානි ධම්මික ලියනගේ, බි්රගේඩියර් ජනක මොහොට්ටි, බි්රගේඩියර් හැන්නදිගේ හා යුධ හමුදා පොලිසියේ බි්රගේඩියර් බිමල් ඩයස් ඇතුළු පසුව අනිවාර්ය විශ්‍රාම ගැන්වු සියළු නිලධාරීන් මෙයට සම්බන්ධ බවද ප්‍රකාශකර සිටියේ ය.
මෙලෙස ඉතා ද්වේෂ සහගතව හා අසත්‍ය කරුණු ගෙනහැර දක්වමින් කියූ විස්තරය පිලිවඳව ජනාධිපතිවරයා මුලදී විශ්වාස නොකළ අතර, සිද්ධිය ගැන නිසි තොරතුරු හා සාක්ෂි සොයා බැලීමට විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණට උපදෙස් දෙන ලද්දේ මැයි මාසයේ දෙවන සතියේදීය.
යුද්ධය අවසන් විය. ලෝකයේ සිටින දක්ෂතම යුධ හමුදාපතිවරයා ජෙනරාල් සරත් ෆොන්සේකා බව ජනපති හා ඔහුගේ සහෝදරයා ලොවටම හඩ ඟා කීවේ ඒ වන විටත් කපිල හෙන්දාවිතාරණ සිය වාර්තාව පිලියළ කර නොතිබුූ නිසාය.
මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යුධ හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂකව සිටියදී ඔහු විසින් හමුදාවට තොරතුරු දුන් දමිළ වැසියන් ආරක්ෂා නොකිරීම හා ඔවුන් ඝාතනය කිරීම ආදී කටයුතු ගැන ජෙනරාල් සරත් ෆොන්සේකා දැනුවත්ව සිටි අතර ඒ නිසාම කපිල හෙන්දාවිතාරණගේ බුද්ධි තොරතුරු පිළිගැනිමට යුද හමුදාපතිවරයා සුදානම් නොවීය. හෙන්දාවිතාරණ කුමන්ත්‍රණකරුවෙකු බව දැනසිටි හිටපු ජනාධිපතිනිය පවා ඔහුව හමුදා ක්‍රියාවලින් ඉවත් කොට විදේශ රටක නාතාපති සේවයකට යවා තිබිණ. යුද හමුදාපතිවරයා හමුදා බුද්ධිසේවය ශුද්ධ කර එල්ටීටීඊයෙන් මාසික දීමනා ගනිමින් සිටි ඩබල්ගේම් කාරයින් ඉවත් කර එය මේජර් ජෙනරාල් ධම්මික ලියනගේට පැවරීම ගැන හෙන්දාවිතරණ සිටියේ ඔහු සමග වෛරයෙනි.
මෙවැනි ද්වේශ සහගත වෛරය නිසා කපිල හෙන්දාවිතාරණ හමුදාපතිවරයාට එරෙහිව අතිනුත් දමා සකස් කරන ලද වාර්තාව ජනාධිපති අතට ලබා දී පැය 24ක් යන්නට පෙර ජෙනරාල් ෆොන්සේකාට වැඩි බලතල ලබා දෙන බව පවසා ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කළ අතර, යුධ හමුදාවේ 60 වෙනි සංවත්සරයට යොදා තිබු හිටපු හමුදාපතිවරයාගේ ජයාරූප පවා ඉවත් කිරිමට වර්තමාන හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය කටයුතු කරන ලදී.
ජනාධිපතිවරයා මෝඩයෙකු සේ කිසිවක් නිසි සේ සොයා නොබලා තම හමුදාපතිවරයා හමුදා කුමන්ත්රණයකින් බලය ලබා ගන්න ඉන්නවා යැයි ඉන්දියාවට ද දන්වා ඉන්දියාවේ ද සහාය පැතීය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කිරීමට පෙර සිටම ආරක්ෂක මණ්ඩලයේ රැුස්වීමේදී ජනපති හා ආරක්ෂක ලේකම්ගේ කෙනහිලිකම් වලට ලක්වීමට ජෙනරාල් සරත් ෆොන්සේකාට සිදුවිය. එයට හේතුව වුයේ පලිගැනිමේ චේතනාවෙන් පෙළුනු නිළධාරීන් පිරිසකගේ ක්‍රියාකාරකම්ය.
මේ අතර සරත් ෆොන්සේකාට එරෙහිව ඇති චෝදනා ගැන විස්තර හා සාක්ෂි සොයන ලෙස එවක රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායකටද දැනුම් දුන් අතර, ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ෂණ ඒකකය එක්ව පරීක්ෂණයක් සිදු කළද ඔවුන්ටද රජය පෙරලීමේ හමුදා කුමන්ත්‍රණයක් ගැන අංශු මාත්‍රයක හෝ සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි විය. සාක්කි නොමැතිවත් ගජනායක කුමන්ත්‍රණ කතාව තහවුරු කරමින් අසත්‍ය වාර්තාවක් දුන්නේ ය.
එ් වන විට ජෙනරාල් සරත් ෆොන්සේකා විරුද්ධ දේශපාලනයට බැස සිටි නිසා හමුදා කුමන්ත්‍රණ කතාව අතහැරීමට රාජපක්ෂලා සූදානම් නොවීය.
මේජර් ජෙනරාල් දයා රත්නායකගේ නායකත්වයෙන් යුතුව ගොතන ලද මෙම කුමන්ත්‍රණ කතාව පුස්සක් වීම වැලැක්වීම සදහා හිටපු නීතිපතිවරයා වන මොහාන් පීරිස්ට ද මේ පිලිබඳව තොරතුරු හෝ සාක්ෂි සොයන ලෙස නියෝග කර ඇත්තේ ඔහුව මී ලඟ අගවිනිසුරු පදවිය ලබා දෙන බව පවසාය. එහෙත් හිටපු නීිතිපතිවරයාටද එක් සාක්ෂියක් හෝ සොයා ගැනිමට නොහැකි විය. ඔහුද මේ කුමන්ත්රණයේ කොටස් කරුවෙකි.
1971 ඉන්දු-පකිස්ථාන් යුද්ධය නිමාවුයේ ඉන්දියාවට ජය අත්කර දෙමිනි. එහිිදී ඉන්දීය හමුදාව මෙහෙයවු ජෙනරාල් ජම්ෂෙයිඞ් මන්කේෂාවි ට එරෙහිවද හමුදා කුමන්ත්‍රණයක් කරන්න යන බව එවකට ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධිට කේළාම් කරුවන්ගෙන් දැන ගන්න ලැබිණි. මඳක් ඒ ගැන සිතා බැලූ ඉන්දීය අගමැතිනිය සිය හමුදා ප්‍රධානියාව කැඳවා තමන්ට අසන්නට ලැබුනු දේ ගැන විමසා සිටියාය. මෙහිදී ඉන්දිය හමුදාපතිවරයා සිනා සී සිය සේනාධිනායිකාවට පවසා සිටියේ, තමා යුද්ධ කිරීමට දන්නා නමුත් රට පාලනය කිරීමට නොදන්නා බවයි. නොදන්නා දෙයක් කරන්න ගොස් අමාරුවේ වැටෙන්න තමා කිසිසේත් අකමැති බවත්, තමාට සුපුරුදු හමුදා සේවයේ යෙදීම හැර රටේ බලය ඇල්ලීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. තම ජෙනරාල්වරයාගේ පිලිතුරෙන් සෑහීමට පත් ඉන්දීය අගමැතිනිය අදාල ඉන්දීය හමුදාපතිවරයා එරට හමුදා ඉතිහාසයේ පලමු ෆීල්ඞ් මාෂල් ධූරයට පත්කරන ලදී.
ජනාධිපති මහින්ද රාජපක්ෂට මොලේ කලඳක් හෝ තිබුනා නමි අනුන්ගේ කේළාම් නොඅසා ඉන්දීය අගමැතිනිය සිය ගැටළුව නිරාකරණය කරගත් ආකාරයට කටයුතු කළානමි අද රට මෙතරම් අවුලකට නොවැටෙනු ඇත. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකලේ තමාට කේළම් කියන්නන්ගේ මුසාබස්වලට රැුවටී ඔවුන්ට උසස්වීම් ලබා දී රට බේරාගත් රණවිරුවාට ජම්පරය අන්දවා ඔහුව සිරගෙට නියම කිරිමයි. මෙය කෙතරම් යුක්ති සහගතදැයි මඳක් ඔබ ඔබගේ හෘදසාක්ෂියෙන් විමසා බලන්න.
( මතු සම්බන්ධයි - කැප්පෙටිපොල නිලමේ විසිනි *