සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    යුධ වීරයෙකු සිරගත කිරීමේ කුමන්ත්‍රණයේ සුලමුල


    http://184.172.224.185/Sinhala/news.php?id=18694


    313566_2301422288241_1029705657_32135507_850979347_n.jpg

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,538
    113
    Inside Your Laptop ;)
    යුධ වීරයෙකු සිරගත කිරීමේ කුමන්ත්‍රණයේ සුලමුල


    http://184.172.224.185/Sinhala/news.php?id=18694


    313566_2301422288241_1029705657_32135507_850979347_n.jpg



    යුධ වීරයෙකු සිරගත කිරීමේ කුමන්ත‍්‍රණයේ සුල මුල: සුවිශේෂී හෙළිදරව්ව
    ජනතා අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලබන චුදිතයින් මෙන්න​


    (ලංකා ඊ නිව්ස් -2011.නොවැ.10, පව.5.30* හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානීි මේජර් ජෙනරාල් දයා රත්නායක, දැනට විදේශගතව සිටින මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා, හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය, රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක හා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙක් වන හිටපු යුධ හමුදා මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යන අයගේ පුද්ගලික පලිගැනීමක් බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත.


    නිලධාරි අංක 0/50912 යටතේ බඳවා ගැනීම් කාණ්ඩ අංක 13 යටතේ යුධ හමුදාවේ පාබල රෙජිමේන්තුව යටතේ සක‍්‍රිය හමුදා සේවයට එක් වූ වර්තමාන යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානිවරයා වන මේජර් ජෙනරාල් දයා රත්නායක (ආර්.එම්.බී. රත්නායක* 2007 වසරේදී බි‍්‍රගේඩියර් නිලය දරමින් යුධ හමුදාවේ 23 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස එවකට යුධ හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ උපදෙස් අනුව වාකරේ ප‍්‍රදේශය එල්ටීටීඊ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා දායකව සිටින ලදී. මේ අතර එම මෙහෙයුම සඳහා යුධ හමුදා විශේෂ බලකායද යොදවා තිබුනු අතර එම බලසේනාංකයේ අණදෙන නිලධාරී ලෙස නිලධාරී අංක 0/6075 යටතේ බඳවා ගැනීම් කාණ්ඩ අංකය 17 යටතේ යුධ හමුදා සේවයට එක්වු කර්නල් ප‍්‍රසන්න සිල්වා පත්කර සිටින ලදී.


    වාකරේ මෙහෙයුම අවසන් වීමත් සමග හිටපු යුධ හමුදාපතිවරයා බි‍්‍රගේඩියර් දයා රත්නායකට 2008 වසරේදී මේජර් ජෙනරාල් ධුරයට උසස්වීමක් ලබා දෙන ලදී. මේජර් ජෙනරාල් දයා රත්නායක විසින් මේ අවස්ථාව වන විට යුධ හමුදාපතිවරයාට හෝ නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් පරාක‍්‍රම පන්නිපිටියටද නොදන්වා හමුදා නීති රීති වලට පටහැනිව යුධ බිමේ සිදුවන සිදුවීම් ගැන ආරක්ෂක ලේකම්වරයා වෙත වාර්තාා කිරීම හා එවකට විශ‍්‍රාමව ගොස් සිටි තවත් පාබල රෙජිමේන්තුවේ හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයෙක් වන නන්දන මල්ලවාරචිචීට යුධ බිමේ තොරතුරු පැවසීමත්, මාවිල් ආරු සොරොවිව බේරා ගැනිමේ මෙහෙයුම අදාල මේජර් ජෙනරාල්වරයාගේ නායකත්වයෙන් සිදුවූ බව කියා පාබල රෙජිමේන්තුවේ සඟරාවක පුවත් පලකිරිම ආදී කරුණු නිසා ගැටළු සහගත තත්වයක් ඇතිවිය.


    පාබල රෙජිමේන්තුව් නිලධාරියෙක් වූ නැගනහිර ආඥාපති මේජර් ජෙනරාල් පරාක‍්‍රම පන්නිපිටිය මෙම කරුණු සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් දයා රත්නායකට එරෙහිව චෝදනා පත‍්‍රයක් ගොනු කරමින් එය යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට භාර දෙන ලදී. මෙම චෝදනා පත‍්‍රය සැලකිල්ලට ගනිමින් යුද හමුදාපතිවරයා විසින් 23 වන සේනාංකය භාරව සිටි මේජර් ජෙනරාල් දයා රත්නායක එම ධූරයෙන් ඉවත් කළ අතර පසුව ආරක්ෂක ලේකම්වරයා විසින් චීනයේ ආරක්ෂක විද්‍යා පීඨයේ පුහුණුවක් සදහා පිටත් කර යවන ලදී.


    මේ අතර වාකරේ මෙහෙයුමට සමිබන්ධව සිටි කර්නල් ප‍්‍රසන්න සිල්වා තමාගේ කොන්දේ හටගෙන ඇති වේදනාවක් සඳහා සිංහල වෙද මහතෙක් හමුවී ප‍්‍රතිකාර ගැනීමට අවශ්‍ය බව පැවසූ බැවින් යුද හමුදාපතිවරයා ඔහුගේ ඉල්ලීම පරිදි ඔහු කොස්ගම හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලෙස පත්කර කොළඹට එව්වේ සිංහල බෙහෙත් ගැනීමටය.


    මේ අතර චීනයේ ආරක්ෂක විද්‍යා පීඨයේ පාඨමාලාව හදාරා පැමිණි මේජර් ජෙනරාල් දයා රත්නායක යාපනයේ අතරමැදි කඳවුරක සැපයුම් අණදෙන නිලධාරියා ලෙස පත්කරන ලදී. මෙම සිද්ධියත් සමග යුධ හමුදාපතිවරයා සමග බද්ධ වෛරයෙන් පෙළුනු අතර ඔහු කොළඹ පැමිණි සෑම අවස්ථාවකදීම කර්නල් ප‍්‍රසන්න සිල්වා මුනගැසී යුද හමුදාපතිවරයාට එරෙහිව කුමන්ත‍්‍රණයක් දියත් කිරීමේ මුලික අඩිතාලම සකස් කරන ලදී


    ඉදිරියේදී මේ සමිබන්ධයෙන් කතා කිරීම සඳහා වෙනත් අයගේ නම් වලට ජංගම දුරකථන දෙකක් හා අදාල සිම් කාඞ්පත් මිලට ගනු ලැබූ මොවුන් දෙදෙනා තමන්ටම ආවේනික රහස් සංකේත වලින් කතා කරමින් මෙම කුමන්ත‍්‍රණයේ ඉදිරි කටයුතු සැලසුම් කරන ලදී.


    මේ කිසිවක් නොදත් යුද හමුදාපතිවරයා 2008 වසරේදී යාපනය අර්ධද්වීපයේ ස්ථානගතකර තිබූ යුද හමුදාවේ 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ප‍්‍රසන්න සිල්වා පත්කරනු ලැබුවේ ඔහු බි‍්‍රගේඩියර් නිලයටද උසස්වීමක් ලබාදෙමිනි. මෙහිදී බි‍්‍රගේඩියර්වරයා හා මේජර් ජෙනරාල් දයා රත්නායක හමුවී තමන්ගේ ඉදිරි කුමන්ත‍්‍රණකාරී වැඩපිලිවල ගැන අවසන් නිගමනවලට එලැඹින.


    මෙම නිගමන අනුව යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් හමුදා කුමන්ත‍්‍රණයක් සිදුකිරීමන් රටේ බලය අල්ලා ගන්න යන බව මේජර් ජෙනරාල් දයා රත්නායක විසින් ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් අතර, ආරක්ෂක ලේකම්වරයා වහාම මේ ගැන ජනාධිපතිවරයාව දැනුවත් කළේය. මෙම හමුදා කුමන්ත‍්‍රණය ගැන ආරක්ෂක ලේකම්ට සනාථ කළේ ඔහුගේම සුවච කීකරු ගෝලයක් වු හිටපු පොලිස්පති එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූ මහින්ද බාලසුරියයි. ඔහුද ඊලඟ පොලිස්පතිවීමේ සිහිනය නිසා මෙලෙස කේලාම් කිමේ ක‍්‍රිියාදාමයට එක්වූයේ ය. ආරක්ෂක ප‍්‍රධානීන්ගේ රැුස්වීම් වලදී නිදා ගැනීම නිසා යුද හමුදාපතිවරයාගෙන් නිරන්තර බැනුම් ඇසීම හේතුවෙන් බාලසූරිය ද සිටියේ යුද හමුදාපතිවරයා සමග නෝක්කාඩුවකිනි.


    ආරක්ෂක ලේකම්වරයාගෙන් ලද උපදෙස් අනුව තමන්ට දින 3 ක හදිසි නිවාඩුවක් අවශ්‍ය බව අඟවා හමුදාපතිගෙන් ඉල්ලීමක් කර බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා කොළඹ පැමිණියේ යුද්ධය උචිචතමව පැවති 2009 වසරේ මැයි මාසයේ මුල් සතියේ දිනකදීය.
    එසේ පැමිණි බි‍්‍රගේඩියර්වරයා කොළඹ සිටි මේජර් ජෙනරාල් දයා රත්නායක සමග දිනක් මධ්‍යම රාති‍්‍රියේදී ජනාධිපති මැදුරට ගොස් ජනපති මුනගැසී ප‍්‍රකාශ කර සිටියේ ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදා කුමන්ත‍්‍රණයක් සිදුකිරීමට යන බවත්, ඒ සඳහා ඔහුට සේවයේ නියුතු හමුදා මේජර් ජෙනරාල්වරුන් වන සමන්ත සුරියබණ්ඩාර, යුධ හමුදා සැලසුම් අධ්‍යක්ෂ මහේෂ් සේනානායක, රජිත ද සිල්වා, හිටපු බුද්ධි අංශ ප‍්‍රධානි ධම්මික ලියනගේ, බි‍්‍රගේඩියර් ජනක මොහොට්ටි, බි‍්‍රගේඩියර් හැන්නදිගේ හා යුධ හමුදා පොලිසියේ බි‍්‍රගේඩියර් බිමල් ඩයස් ඇතුළු පසුව අනිවාර්ය විශ‍්‍රාම ගැන්වු සියළු නිලධාරීන් මෙයට සම්බන්ධ බවද ප‍්‍රකාශකර සිටියේ ය.


    මෙලෙස ඉතා ද්වේෂ සහගතව හා අසත්‍ය කරුණු ගෙනහැර දක්වමින් කියූ විස්තරය පිලිවඳව ජනාධිපතිවරයා මුලදී විශ්වාස නොකළ අතර, සිද්ධිය ගැන නිසි තොරතුරු හා සාක්ෂි සොයා බැලීමට විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණට උපදෙස් දෙන ලද්දේ මැයි මාසයේ දෙවන සතියේදීය.


    යුද්ධය අවසන් විය. ලෝකයේ සිටින දක්ෂතම යුධ හමුදාපතිවරයා ජෙනරාල් සරත් ෆොන්සේකා බව ජනපති හා ඔහුගේ සහෝදරයා ලොවටම හඩ ඟා කීවේ ඒ වන විටත් කපිල හෙන්දාවිතාරණ සිය වාර්තාව පිලියළ කර නොතිබුූ නිසාය.


    මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යුධ හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂකව සිටියදී ඔහු විසින් හමුදාවට තොරතුරු දුන් දමිළ වැසියන් ආරක්ෂා නොකිරීම හා ඔවුන් ඝාතනය කිරීම ආදී කටයුතු ගැන ජෙනරාල් සරත් ෆොන්සේකා දැනුවත්ව සිටි අතර ඒ නිසාම කපිල හෙන්දාවිතාරණගේ බුද්ධි තොරතුරු පිළිගැනිමට යුද හමුදාපතිවරයා සුදානම් නොවීය. හෙන්දාවිතාරණ කුමන්ත‍්‍රණකරුවෙකු බව දැනසිටි හිටපු ජනාධිපතිනිය පවා ඔහුව හමුදා ක‍්‍රියාවලින් ඉවත් කොට විදේශ රටක නාතාපති සේවයකට යවා තිබිණ. යුද හමුදාපතිවරයා හමුදා බුද්ධිසේවය ශුද්ධ කර එල්ටීටීඊයෙන් මාසික දීමනා ගනිමින් සිටි ඩබල්ගේම් කාරයින් ඉවත් කර එය මේජර් ජෙනරාල් ධම්මික ලියනගේට පැවරීම ගැන හෙන්දාවිතරණ සිටියේ ඔහු සමග වෛරයෙනි.

    මෙවැනි ද්වේශ සහගත වෛරය නිසා කපිල හෙන්දාවිතාරණ හමුදාපතිවරයාට එරෙහිව අතිනුත් දමා සකස් කරන ලද වාර්තාව ජනාධිපති අතට ලබා දී පැය 24ක් යන්නට පෙර ජෙනරාල් ෆොන්සේකාට වැඩි බලතල ලබා දෙන බව පවසා ඔහු ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට පත්කළ අතර, යුධ හමුදාවේ 60 වෙනි සංවත්සරයට යොදා තිබු හිටපු හමුදාපතිවරයාගේ ජයාරූප පවා ඉවත් කිරිමට වර්තමාන හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය කටයුතු කරන ලදී.


    ජනාධිපතිවරයා මෝඩයෙකු සේ කිසිවක් නිසි සේ සොයා නොබලා තම හමුදාපතිවරයා හමුදා කුමන්ත‍්‍රණයකින් බලය ලබා ගන්න ඉන්නවා යැයි ඉන්දියාවට ද දන්වා ඉන්දියාවේ ද සහාය පැතීය.


    ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට පත්කිරීමට පෙර සිටම ආරක්ෂක මණ්ඩලයේ රැුස්වීමේදී ජනපති හා ආරක්ෂක ලේකම්ගේ කෙනහිලිකම් වලට ලක්වීමට ජෙනරාල් සරත් ෆොන්සේකාට සිදුවිය. එයට හේතුව වුයේ පලිගැනිමේ චේතනාවෙන් පෙළුනු නිළධාරීන් පිරිසකගේ ක‍්‍රියාකාරකම්ය.


    මේ අතර සරත් ෆොන්සේකාට එරෙහිව ඇති චෝදනා ගැන විස්තර හා සාක්ෂි සොයන ලෙස එවක රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායකටද දැනුම් දුන් අතර, ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය එක්ව පරීක්‍ෂණයක් සිදු කළද ඔවුන්ටද රජය පෙරලීමේ හමුදා කුමන්ත‍්‍රණයක් ගැන අංශු මාත‍්‍රයක හෝ සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි විය. සාක්කි නොමැතිවත් ගජනායක කුමන්ත‍්‍රණ කතාව තහවුරු කරමින් අසත්‍ය වාර්තාවක් දුන්නේ ය.


    එ් වන විට ජෙනරාල් සරත් ෆොන්සේකා විරුද්ධ දේශපාලනයට බැස සිටි නිසා හමුදා කුමන්ත‍්‍රණ කතාව අතහැරීමට රාජපක්ෂලා සූදානම් නොවීය.


    මේජර් ජෙනරාල් දයා රත්නායකගේ නායකත්වයෙන් යුතුව ගොතන ලද මෙම කුමන්ත‍්‍රණ කතාව පුස්සක් වීම වැලැක්වීම සදහා හිටපු නීතිපතිවරයා වන මොහාන් පීරිස්ට ද මේ පිලිබඳව තොරතුරු හෝ සාක්ෂි සොයන ලෙස නියෝග කර ඇත්තේ ඔහුව මී ලඟ අගවිනිසුරු පදවිය ලබා දෙන බව පවසාය. එහෙත් හිටපු නීිතිපතිවරයාටද එක් සාක්ෂියක් හෝ සොයා ගැනිමට නොහැකි විය. ඔහුද මේ කුමන්ත‍්‍රණයේ කොටස් කරුවෙකි.


    1971 ඉන්දු-පකිස්ථාන් යුද්ධය නිමාවුයේ ඉන්දියාවට ජය අත්කර දෙමිනි. එහිිදී ඉන්දීය හමුදාව මෙහෙයවු ජෙනරාල් ජම්ෂෙයිඞ් මන්කේෂාවි ට එරෙහිවද හමුදා කුමන්ත‍්‍රණයක් කරන්න යන බව එවකට ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධිට කේළාම් කරුවන්ගෙන් දැන ගන්න ලැබිණි. මඳක් ඒ ගැන සිතා බැලූ ඉන්දීය අගමැතිනිය සිය හමුදා ප‍්‍රධානියාව කැඳවා තමන්ට අසන්නට ලැබුනු දේ ගැන විමසා සිටියාය. මෙහිදී ඉන්දිය හමුදාපතිවරයා සිනා සී සිය සේනාධිනායිකාවට පවසා සිටියේ, තමා යුද්ධ කිරීමට දන්නා නමුත් රට පාලනය කිරීමට නොදන්නා බවයි. නොදන්නා දෙයක් කරන්න ගොස් අමාරුවේ වැටෙන්න තමා කිසිසේත් අකමැති බවත්, තමාට සුපුරුදු හමුදා සේවයේ යෙදීම හැර රටේ බලය ඇල්ලීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. තම ජෙනරාල්වරයාගේ පිලිතුරෙන් සෑහීමට පත් ඉන්දීය අගමැතිනිය අදාල ඉන්දීය හමුදාපතිවරයා එරට හමුදා ඉතිහාසයේ පලමු ෆීල්ඞ් මාෂල් ධූරයට පත්කරන ලදී.


    ජනාධිපති මහින්ද රාජපක්ෂට මොලේ කලඳක් හෝ තිබුනා නමි අනුන්ගේ කේළාම් නොඅසා ඉන්දීය අගමැතිනිය සිය ගැටළුව නිරාකරණය කරගත් ආකාරයට කටයුතු කළානමි අද රට මෙතරම් අවුලකට නොවැටෙනු ඇත. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකලේ තමාට කේළම් කියන්නන්ගේ මුසාබස්වලට රැුවටී ඔවුන්ට උසස්වීම් ලබා දී රට බේරාගත් රණවිරුවාට ජම්පරය අන්දවා ඔහුව සිරගෙට නියම කිරිමයි. මෙය කෙතරම් යුක්ති සහගතදැයි මඳක් ඔබ ඔබගේ හෘදසාක්ෂියෙන් විමසා බලන්න.
    ( මතු සම්බන්ධයි - කැප්පෙටිපොල නිලමේ විසිනි *
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සිංහයෙක් එක්ක පොන්නයන්ට හැප්පෙන්න බෑ බොලවූ. ඇවිත් සමාව අරගෙන නිදහස් වෙන්න කියල නිකන් නොන්ඩි උනා. බඩගින්නෙ මැරුණත් සිංහයා තණකොළ කන්නෙ නෑ.තීන්දුව මොනවා උනත් එතුමා නියම එඩිතර වීරයෙක් අදටත් හෙටටත් හැමදාටමත්
     
    • Like
    Reactions: lasa.lasa
    Nov 2, 2011
    990
    76
    0
    eya eliyata meya atulata hikz

    http://www.lankaguardian.com/

    අනෝමාට එරෙහිව නඩු පැවරීමට යයි


    දේශපාලන සිරකරු ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මියට එරෙහිව නඩු පැවරීමට ජනාධිපතිවරයාගේ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.


    ෆොන්සේකා යුවළගේ බෑණා වන ධනුක තිලකරත්න මහතා රටින් පිට කිරීමට කුමන්ත‍්‍රණය කිරීම ඇයට එරෙහිව ඇති චෝදනාව වේ.


    මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනෝමා ෆොන්සේකා මහත්මියට එරෙහිව නඩුවක් ගොනු කිරීමට අදාළ ලිපිගොනු සියල්ල පසුගිය සතියේදී නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇත.


    අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති ධනුක තිලකරත්න මහතා මේ වන විට ඇමරිකාවේ පදිංචිව සිටින බවටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    Rata pawaa dipu ekawa antha parajayakata lak karala denna ona hodama daduwama rate athi bahuthara janathawama laba dila thiyenawa.

    kumbala katu kawanam widawapan kalawaddo :lol:

    තො වගේ හරකෙක් ,
    මට මේක කියපන් තොපේ අර ආඩම්බර කාක්කද උතුරට ගිහින් යුද්ද කලේ නැත්නම් සරත් ෆොන්සෙකාද තොගේ මහින්ද මහ එකා ඉන්න ඇති ඔනෙනම් AC room එකකට වෙලා ආතල් එකේ .. බොල සරත් ෆොන්සෙකා හන්දා තම යුද්දේ දිනුවේ නැතිව උබේ මහ එකා හන්දා නෙමේ .

    මහින්දය , ෆොන්සෙකාව හිරෙ දැම්මේ චන්දේ ඉල්ලපු හන්දනේ ඔක මුලු රටම දන්න දෙයක් .. බලපන් උබලගේ මහින්දායට මේ කරන අපරාද වලට කවද හරි පාරේ වෙඩි කාල බල්ලෙක් වගේ මැරිල යන හැටි :D
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    eya eliyata meya atulata hikz



    අනෝමාට එරෙහිව නඩු පැවරීමට යයි

    උබලගේ ආණ්ඩුවට පුලුවන් ඔච්චර තම ගැනුන්ට පාර්ට් දාන්න තමා , උබලටම හොදයි තොපේ පොන්න ආතල් ආණ්ඩුව , අරහේ උබලගේ පක්ශයේ මිනීමරාගත්ත එව්න් එවගෙන් නිදහස් කරන්න පිට රට යවනවා , අර පර මර්වින් සිල්වා වගේ හරකුන් මිනුස්සුන්ට පාරේ ගහනව කො ඒවගේ හිවලුන්ට එරෙහිව නීතිය නැද්ද .. යකො ලැජ්ජ වියන්
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    උබේ ලිවිමේ හැකියාව තිබ්බට මචන් සිතිමේ හැකියාව ගැන මට දුකයි.උබ දන්නවද මචන් අපේ රටේ යු ඇන් පි හා ශ්‍රීලංකා කියලා පක්ෂ දෙකෙන් හැර වෙන පක්ෂයක් රට පාලනය කරලා නැ නේද ? ඒ කියන්නේ ඔය පක්ෂ දෙක හැර වෙන පක්ෂයකින් ජන්දේ ඉල්ලලා දිනන්න බැරිබව ඔනේම ගොනෙක් දන්න දෙයක්.උබ හිතනවද විමල් විරවංශ වගේ එකෙක් තනියම ජන්දේ ඉල්ලුවනම් ඔය වගේ ජන්ද ලැබෙයිද.එකියන්නේ අපේ රටේ ම්නිස්සුන්ගේ ආකල්ප ගොඩනැගිලා තියෙන්නේ එ පක්ෂ දෙක මත පමණයි

    ජෙනරාල් ආන්ඩුවට විරුද්ධව ජන්දේ ඉල්ලන තැනට ආවේ මොකද කියලා පොඩ්ඩක් හිතපන්.
    එ වගේම හිතපන් යුද්දේ ඉවරවෙලා අවු 03කට කිට්ටුයි.ආන්ඩුව දුන්න ව්සදුම් කෝ
    රටේ නීතියක් තියෙනවද ,අධිකරනය කොයිතරම් දුරට ස්වාධිනද ,භාරත ඝාතනයේ සැකකරුවෝ රෝහල් වල සැප ගන්නවා.උන් කුඩුකාරයෝ.උන්ට රජයේ ආරක්ෂක අමාත්‍යංශය බාර දිලා
    මේවා වැරදි විදියට උබ දකින්නෙම නැද්ද
    මමත් මචන් දැන් අවු 35 තිස්සේ විතර දේශපාලනය ගැන පොඩ්ඩක් දන්නවා .එත් මේ විදියට නීතිය බල්ලට ගිය යුගයක් දැකලා නැ.මොකද මමත් නීතිය සම්බන්ද රැකියාවක් කරන නිසා මට එක හොදට දැනෙනවා
    :yes::yes:
    මචන් ඔක උබට අපිට තෙරුනාට මේකේ ඉන්න හරකුන්ටයි ආණ්ඩුවට කඩේ යන එව්න්ටයි තෙරෙන් නැ බන් ..:D
    මුන් හිතාන ඉන්නේ මහින්දයා යුද්ද කරල යුද්දේ දිනුවා කියලා, අර එක සහොදරයෙක් මීට කලින් කිවා වගේ , සරත් ෆොන්සෙකා අමාරුවෙන් ගහපු ගේම දිනුවට පස්සෙ , මහින්දයයි උගේ හරක් රැලයි ඒක විකුනගෙන කනවා තාමත් .. රටේ මොඩ මිනිස්සු උන් ලැජ්ජ වෙන්න ඔනේ මෙහෙම නීතිය බල්ලට ගිය රටක ජීවත් වෙනවට :)
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචං ජෙනරාල් ෆොන්සේකා මේකෙන් නිවැරදිකරු උනොත් එයාව නිදහස් කරයිද ?
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මචං ජෙනරාල් ෆොන්සේකා මේකෙන් නිවැරදිකරු උනොත් එයාව නිදහස් කරයිද ?

    සිංහයා එලියට ආවොත් පිස්සු බල්ලන්ට මොකද වෙන්නෙ?

    313566_2301422288241_1029705657_32135507_850979347_n.jpg


    අභීත සෙන්පතිතුමනි ඔබට දීර්ඝායුෂ!


     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔහු මරා දැමූ දවස අදයි!

    rohana.jpg


    මට හොඳට මතකයි ඒ දිනය. 1989 නොවැම්බර් මාසෙ 13 වැනිදා. එතකොට මම වැඩ කළේ ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පියා ලෙස. මම හිටියේ ලාන්ස්‌ කෝප්‍රල්වරයකු ලෙස. ඒ දවස්‌වල මම රාජකාරි කළේ නාරාහේන්පිට යුද හමුදා පොලිස්‌ මූලස්‌ථානයේ.......

    හමුදාවට සම්බන්ධ විවිධ උත්සවවල වගේම කොළඹ එවකට තිබූ වධකාගාරවලට ගෙනෙන විවිධ අන්දමේ පුද්ගලයන්ගේ ඡායාරූප ගැනීමත් මගේ දෛනික රාජකාරියේ කොටසක්‌ වෙලා තිබුණා. මට මතක විදියට එතකොට කොළඹ ප්‍රධාන පෙළේ හමුදා වධකාගාර 7 ක්‌ විතර තිබුණා. ඒ හැම එකකටම මම ගියා. එකක 60 ක්‌ විතර අපේ තරුණ තරුණියෝ හිටපු විත්තිය මට මතකයි.

    ඒක මහ මූසල දවසක්‌. උදේ පාන්දර 1.00 ට විතර කවුදෝ මගේ ඇඳ ළඟටම ඇවිත් මාව කීද්දුවා. මම නැඟිටලා බලන කොට තරු තුනක නිලධාරියෙක්‌ මගේ ඇඳ ළඟ හිටගෙන. සාමාන්‍යයෙන් නිලධාරීන්ට රාත්‍රියට අපි වගේ සෙබළු ඉන්න ප්‍රදේශයට ඒම තහනම්. අපට ඒ අය ඉන්න ප්‍රදේශයට යාම තහනම්. මේ නිසා මවිතයට පත් වුණු මම එකවරම නැඟිට සිටියා..........

    සද්ද කරන්න එපා. ඔබ ඡායාරූප ගන්නා සියලුම ආම්පන්නත් රැගෙන වහාම ගිහින් එළියේ නවත්තල තියෙන අණදෙන නිලධාරියාගේ වාහනයකට නඟින්න............

    මටත් ජීවිතයේ මරණ බය දැනෙන්න පටන් ගත්තා. මොකද එතකොටත් මම ජනතා විමුක්‌ති පෙරමුණට ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස සම්බන්ධ වෙලයි හිටියේ. මට එකවරම කර්නල් ලකී අල්ගම කියූ එක්‌තරා ප්‍රකාශයක්‌ මතක්‌ වුණා.

    "කවුරුහරි කෙනෙක්‌ තමුසෙලා ගන්න පින්තූර ජනතා විමුක්‌ති පෙරමුණට සපයනවා. මේ දවස්‌වල ඒ කවුද කියල හොයන්න පරීක්‍ෂණයක්‌ දියත් වෙනවා..........

    මගේ ඇඟ සීතල වෙන්න පටන් ගත්තා. අද මම ජීවත් වෙන අවසන් දවස කියල මට හිතුණා. ඉහළ නිලධාරියා මා දිහා බලාගෙන. මට පිටුපාන්න බෑ..... මා වහාම ඔහු කියූ දෙය කළා....... විනාඩි කිහිපයකින් මම හමුදා කඳවුර ඉදිරියේ නවතා තිබූ මගේ අණදෙන නිලධාරියාගේ වාහනයට ගොඩවුණේ ජීවිතයේ අවසාන ගමන යන්න හිතාගෙන........

    මගේ අණදෙන නිලධාරියා කර්නල් එස්‌. අයි. එස්‌. දසනායක.... ඔහු ඉදිරි අසුණේ සිටියා........

    ඔබට පෙම්වතියක්‌ ඉන්නවාද....?

    මම "නැහැ" කියා කිව්වා.

    එහෙනම් හොඳයි........ අපි දැන් මේ යන රාජකාරිය ගැන කිසිම මොහොතක කිසිම කෙනකුට වචනයක්‌වත් කියනවා එහෙම නෙවෙයි.

    එතකොටයි මගේ ඇඟට ලේ පොදක්‌ ඉනුවේ. මේ යන්නේ වෙනත් විශේෂ රාජකාරියකට බව අණදෙන නිලධාරියාගේ ඒ කතාවෙන් මම වටහා ගත්තා.

    අපි ගියේ තිඹිරිගස්‌යායේ පවත්වා ගෙන ගිය "ඔප්ස්‌ කොම්බයින්" කියන රහසිගත හමුදා මෙහෙයුම් මූලස්‌ථානයට.

    මූලස්‌ථානයේ දෙවන තට්‌ටුවේ සම්මන්ත්‍රණ ශාලාවට අපි ගියේ. ඒක ඇතුළේ යුද හමුදාපතිවරයා වන සිසිල් වෛද්‍යරත්න ඇතුළු ඉහළම හමුදා ප්‍රධානීන් 15 දෙනෙක්‌ විතර හිටියා. ඒ අය යුද හමුදාවේ හා ක්‍ෂණික විහිදුම් බළකායේ ඉහළම නිලධාරියෝ බව මම දැක්‌කා.............

    එයාලා එක්‌ සිවිල් පුද්ගලයෙක්‌ගෙන් ප්‍රශ්න කරන ආකාරය මම දැක්‌කා. ඔහු බොහොම නිර්භයව උත්තර දුන් බොහොම සෘජු අවංක පිළිතුරු නිසා ටික වේලාවකින් මගේ සිත තුළ සැකයක්‌ මෝදු වුණා. මේ ඉන්නේ අපේ නායක සහෝදරයා වත්ද............ මම හිතුවා. මම ඒක කර්නල් මුතාලිෆ්ගෙන් ඇහුවා (එවකට මේජර්)

    ඔව්....... ඌ තමයි.............. උඹට තවමත් සැකද.... කියල ඔහු හිනාවෙවී මගෙන් ඇහුවා..... මගේ ඇඟ ඇතුළේ එකවරම විදුලියක්‌ දිව ගියා වගේ මට දැනුණා. ඒත් මේ සාකච්ඡාව බොහොම සාමකාමීයි. මහත්මා ගතිය හැමදෙනා තුළම දක්‌නට ලැබුණා. මට දැන් පැවරෙන්නේ කාගේ පින්තූර ගන්නද කියලා මට වැටහුණා.

    එතකොට මම අපේ නායක සහෝදරයව හැබැහින් දැකල නැහැ. ඈතට දැක්‌කේa 1982 ජනාධිපතිවරණයේදී විතරයි.......

    හමුදා ප්‍රධානීන් අහපු ප්‍රශ්න තාම මට මතකයි....... නායක සහෝදරයා දීපු උත්තර හරිම සෘජුයි..... හරිම කෙළින්.............. වරක්‌ මගේ අණදෙන නිලධාරී අයිවන් දසනායක මෙන්න මෙහෙම ඇහුවා...........

    ඔබලාගේ සංවිධානය ඇතුළේ හමුදා සාමාජිකයන් කොපමණ ඉන්නවාද?.......

    ඇත්තටම මම ඒක දන්නේ නැහැ. නායක සහෝදරයා කිව්වා.......

    ඔබ බොරු කියනවා.... ඔබ හොඳින් දන්නවා... ආයෙත් ඇහුවා..

    නැහැ........... මම කීදෙනෙක්‌ ඉන්නවද දන්නේ නැහැ. හැබැයි එකක්‌ මම දන්නවා. අද මේ වනවිට හමුදා ලොරි 2 ක්‌ පිරෙන්න කොටි සංවිධානයට නවීනතම අවි ආයුධ සපයපු බව මම දන්නවා. අවි ආයුධ, සිමෙන්ති තොග ඔවුන්ට යවන්න ඔබලාත් සම්බන්ධයි..... හෙට අනිද්දා මේ ගැන හමුදාවේ සාමාන්‍ය සෙබළා දැනගනීවි...... මෙතැනදී කලකිරෙන රට ජාතිය ගැන ආදරයක්‌ තියෙන හැම සෙබළෙක්‌ම ජනතා විමුක්‌ති පෙරමුණ හා රොක්‌ වෙනවා කියන එක නම් මම දන්නවා.....

    හමුදා නායකයෝ මූණෙන් මූණ බලා ගත්තා මිස කිසිවක්‌ ඊට කිව්වේ නැහැ.

    විජය කුමාරතුංග ඝාතනය කළේ ඇයි.........?

    ඔය ප්‍රශ්නය මගෙන් අහන ඔබ හොඳින්ම දන්නවා විජය මැරුවේ කවුද කියලා..... එක්‌කෝ ඔබ ඒක දැන දැනත්, මම මොනවා කියයිද කියල බලන්න ඒක මගෙන් අහනවා. එක්‌කෝ ඔබ ඇත්තටම දන්නේ නැහැ. දන්නේ නැත්aනම් අහගන්න. විජය ඝාතනය කළේ එජාපයේ සැලැස්‌මකට.....

    නමුත් ඔබලාගේ කිසිවෙක්‌ ඒ ඝාතනය නිසා දුක්‌වන බවක්‌ අපි දුටුවේ නැහැ...

    ඊට හේතුවක්‌ නැහැ. විජය නළුවෙක්‌ හැටියට ඔහුගේ මරණය ගැන දුක්‌වෙච්ච අය ඉන්න ඇති. අපට ඔහුගේ දේශපාලනය ගැන විවේචන තිබුණා. ඔහු ඊ. පී. ආර්. එල්. එෆ්. එකෙන් පුහුණුව ලබල තිබුණා. නියෝජිත කණ්‌ඩායමක්‌ සමග ගොස්‌ "කිට්‌ටු" මුණ ගැහිලා තිබුණා. ඒ සමගම ඉන්දු - ලංකා ගිවිසුමට සම්බන්ධව වැඩ කළා. ඒ නිසා ඔහුගේ දේශපාලන භාවිතය සම්බන්ධව අපට ගැටලු තිබුණා...........

    මට මතකයි සමහරු ඇහුවේ දේශපාලනයට කිසිම සම්බන්ධයක්‌ නැති ප්‍රශ්න.

    ඔබ ජ්‍යෙdතිෂය විශ්වාස කරනවාද?..

    නැහැ. හැබැයි සූර්යයාගේ බලපෑම පෘතුවියට තිබෙන බව මම දන්නවා. ඒක තනි තනි පුද්ගලයාට උපන් වේලාවට අනුව බලපානවා කියල මම විශ්වාස කරන්නේ නැහැ.

    ඒ ප්‍රශ්න කිරීම් අතරතුර මට පැවරුණා. ඔහුගේ ඡායාරූප ගන්න. මම ඔහුව තිරයක්‌ යොදා වෙනම සකස්‌ කරල තිබුණ තැනක තියල ඡායාරූප 8 ක්‌ ගත්තා විවිධ පැතිවලින්......... ඒ අතරේ මමත් ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක්‌ ඇහුවා. අනෙක්‌ අයට නොදැනෙන්න.

    ඔබතුමා රෝහණ විජේවීරද........

    ඔව්...........

    මොන නමින්ද හිටියේ...

    මම අත්තනායක යන නමින් හිsටියා. ඇයි මගේ ෆොටෝ ගන්නේ..... මොනවද මට කරන්න යන්නේ........

    මට පැවරුණ රාජකාරියයි මේ. මගේ රාජකාරිය ෆොටෝ ගැනීම. කියා මම ඔහු දෙස කෙළින් බලා හිනා වුණා. මට විශ්වාසයි ඔහු මාව හඳුනා ගත්තා කියලා. මොකද යුද හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පියෙක්‌ හමුදාව ගන්නා ඡායාරූප පක්‍ෂයට දෙන බව ඔහු දැන ගෙන හිටියා. ඔහු මගේ මුහුණ දෙස කෙළින් බලා සිනාසුණා........... ඉන්පසුව නායක සහෝදරයාගේ ප්‍රකාශයක්‌ ඇතුළත් වීඩියෝ පටයක්‌ පටිගත කෙරුණා.

    එතැනදී හමුදා නිලධාරියෝ නායක සහෝදරයට කිව්වේ අවි ආයුධ බිම තියල යටත් වෙන්න කියන පණිවුඩය තරුණ තරුණියන්ට දෙන්න කියලයි. නමුත් නායක සහෝදරයා ජනතා විමුක්‌ති පෙරමුණේ බිහිවීම හා පැතිරීම් හා ක්‍රියාකාරීත්වය විග්‍රහ කරමින් විනාඩි 20 ක විතර දේශනයක්‌ පැවැත්වූවා. ඒක අවසානයේ කිව්වා ආයුධ බිම තියලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්‌වෙන්න කියන පණිවිඩය.

    මේ දේශනය හමුදාවේ එතැන සිටි ලොකු කුඩා ඔක්‌කොම අහගෙන හිටියා. සමහරු ඒ දේශනයෙන් සම්පූර්ණ වෙනස්‌ මිනිස්‌සු බවට පත් වුණා. ජවිපෙ සටන්කාමී මාවතට තල්ලු කළේ කවුද කියන එක නායක සහෝදරයා ඉතා මැනවින් පැහැදිලි කළා.....

    ඒක අවසානයේ ආයෙත් අර සාකච්ඡා මේසයට නායක සහෝදරයව අරන් ගියා. ප්‍රශ්න කිරීම දිගටම කෙරුණා.

    ගමනායක ඉන්නේ කොහේද?....... නිලධාරියෙක්‌ ඇහුවා............

    ඒක මේ වෙලාවේ මගෙන් අහන එක හොඳ නැහැ නේද?........ නායක සහෝදරයා කිව්වා...........

    ඒ අතරේ එතැනට ආපු තවත් නිලධාරියෙක්‌ හමුදාපතිවරයාට විශේෂ දුරකථන ඇමතුමක්‌ ජනාධිපතිවරයාගෙන් තිබෙන බව කිව්වා. ඔහු ගියා ඒක ගන්න.......

    ඒ අතරතුර කර්නල් මුතාලිෆ් මට තවත් රාජකාරියක්‌ පැවරුවා..... පහළ කාමරයක ඉන්නවා එච්. බී. හේරත්. ඔහුගේත් ඡායාරූප ගන්න ඕන කියලා මට නියෝග කළා. මම එතැනට යනවිට ඔහු ඡායාරූප ගන්න පුළුවන් මට්‌ටමක හිටියේ නැහැ. හොඳටම වදදීපු මස්‌ වැදැල්ලක්‌ වෙලා. මම ඔහුව බිත්තියට හේත්තු කරල අත ගන්නකොට නැවත කඩා හැලුණා. අමාරුවෙන් ඔහුගේත් ෆොටෝ දෙක තුනක්‌ ගත්ත මම ඉතා ඉක්‌මනට උඩට ගියා. උඩ මොනවද වෙන්නේ කියලා බලන්න........

    හමුදාපති ජෙනරාල් සිසිsල් වෛද්‍යරත්න හා ජනාධිපතිතුමා අතර දුරකථන සංවාදය ටික වේලාවක්‌ පැවතුණා. .....

    ඉන් පසුව එතන සිටි ඉහළම නිලධාරීන් 5 දෙනකු සමග හමුදාපතිවරයා වෙනම කාමරයක රහසිගත සාකච්ඡාවක්‌ පැවැත්වූවා. මේජර් තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු තවත් දෙදෙනෙක්‌ ඊට ගිය බව මට මතකයි....

    ඉහළ නිලධාරීන් පස්‌දෙනා හා හමුදාපති අතර සාකච්ඡාව විනාඩි 10 කින් අවසන් වුණා. එළියට ආපු ඔවුන් පැජරෝ රථ දෙකක්‌ ලෑස්‌තිකරන්න කියා අණ කළා. නායක සහෝදරයාව පහළ පෝටිකෝව යටට ගේන්න කියලත් කිව්වා...

    ඒත් නායක සහෝදරයා මරාදමාවි කියල අපට එවෙලේ නිකමට වත් හිතුණේ නැහැ. මොකද ඊට පෙර එතැන පැවැති සාකච්ඡාව සාමාන්‍යයෙන් මරා දමන්නෙක්‌ සමග කරන සාකච්ඡාවක්‌ නොවෙයි.

    ඊට අමතරව ඒ වන විට රටේ ජනාධිපතිවරයා කියා තිබුණා ඉන්න තැනකින් රෝහණ

    විජේවීර සාකච්ඡාවකට එන්න කියන තැනකට ඇස්‌ දෙක බැඳගෙන හරි එන්නම් කියලා.

    ඊට අමතරව රජයට සම්බන්ධ තවත් ජනමාධ්‍යයක කියල තිබුණ විජේවීරට හෘදයාබාධයක්‌ තියෙනවා කියල ආරංචි වෙලා තියෙනවා ඉල්ලීමක්‌ කළොත් විදේශ රටකට යවල හරි ප්‍රතිකාර කරන්න රජය සූදානම් කියලා.

    මේ වගේ ප්‍රකාශ, අදහස්‌ රටපුරා ගිය විදියටත් නායක සහෝදරයා අල්ල ගත්ත මොහොතේ සිට ඉහළ නිලධාරීන් ක්‍රියා කළ ආකාරයත් අනුව ඔහුව මරා දමාවි කියල කිසිවකුට හිතන්න බැහැ. නමුත් සියල්ල වෙලා තියෙන්නේ ඉහත කී දුරකථන ඇමතුමෙන් සහ ඉහළ නිලධාරීන් 6 දෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුවයි.

    ක්‍ෂණයකින් පැජරෝ වර්ගයේ වාහන දෙකක්‌ ඔප්ස්‌ කොම්බයින් මූලස්‌ථානයේ පෝටිකෝව යටට ආවා. නායක සහෝදරයා එතනටත් ආවේ සාමාන්‍ය පරිදි අනිත් අය වගේ ඇවිදගෙන. එතන හරි අපූරු දෙයක්‌ වුණා. එක නිලධාරියෙක්‌ නායක සහෝදරයගේ දකුණු අත අරගෙන අල්ලත් පිට අල්ලත් ඇඟිලිත් ඉතා හොඳින් පරීක්‍ෂා කර බැලුවා.

    ඇයි.. මගේ අතේ මරණීය සලකුණු තියෙනව කියලද බලන්නේ. නායක සහෝදරයා එහෙම ඇහුවා. ඒකට අනිත් නිලධාරීන් ඔක්‌කොම හඬ නගලා හිනහ වුණා.

    නැහැ... මම බැලුවේ මෙයා ජංගල් ටේ්‍රනින්වලට එහෙම ගිහිල්ලා තියනවද කියලයි.

    ජංගල් ටේ්‍රනින් වලට මම යන්න ඕන නැහැ. මම හිටියේ ජනතාව අතර. කොටින්ම මම ඔයාලයි ජනාධිපතිතුමාගේ රැස්‌වීම් වලටත් ගිහින් එයාගේ කතා අහගෙන ඉඳලත් තියෙනවා.

    මෙම කතාවටද ඉහළ නිලධාරීන් අන්ද මන්ද වුණා. ඒ අතර එතන සිටි එක්‌ නිලධාරියෙක්‌ නායක සහෝදරයා ළඟට ඇවිත් ඔහුගේ උපැස්‌ යුගලය ගලවා ඔහුගේ සාක්‌කුවටම දැමුවා. අනතුරුව කළු රෙදි කැබැල්ලකින් ඔහුගේ දැස්‌ බැඳ දැම්මා.

    සිදුවන්නට යන මොකක්‌ හෝ අමිහිරි සිදුවීමක ඉවක්‌ මට දැනෙන්න පටන් ගත්තා. උගුර ගොළු වුණා. උගුරේ යමක්‌ හිරවෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. මට කරගන්න දෙයක්‌ නැහැ.

    නායක සහෝදරයා අවස්‌ථාව තේරුම් ගත්තා. ඔහු ඇහුවා මාව කොහේද මේ අරගෙන යන්නේ කියලා. කිසිවෙක්‌ සද්ද නැහැ. මට ඔබලා මොනවා කළත් කමක්‌ නැහැ. මගේ දරුවන්ට විතරක්‌ මොනම කරදරයක්‌වත් කරන්න එපා කියල ඔහු අපි හැමෝම ඉදිරියේ ලොකු විවෘත ඉල්ලීමක්‌ කළා. අන්තිමේ නිලධාරින් දෙදෙනකු සමග සෙබළු කිහිප දෙනෙක්‌ නායක සහෝදරයා සමග ඉදිරියෙන් ගිය පැජරෝවට නැග්ගා. ඒ වෙලාවේ එතන එහේ මෙහෙ aසිටි සෙබළු ටිකත් කතාකරගෙන තවත් නිලධාරීන් කිහිප දෙනෙක්‌ පසුපස පැජරෝවට නැගුණා. වාහන දෙක ඉගිල ගියා.

    මට යන්න වාහනයක්‌ නැහැ. මම හෙව්වා අපේ ප්‍රධාන අණ දෙන නිලධාරියාව. ඒ වන විට එයා හිටියේ උඩ කාමරයක ඔළුවට අත ගහගෙන දැඩි කලකිරීමක... ඔහු හුඟක්‌ වෙනස්‌ වෙලා. නායක සහෝදරයාගේ දේශනයක්‌ අහපුවම මනුස්‌සකම ටිකක්‌ තියෙන රටට ආදරය කරන මිනිස්‌සු සංවේදී වෙනවා. ගල් හිතක්‌ වුණත් උණු වෙනවා. ඒක අපේ අණදෙන නිලධාරියාටත් වෙලා බව මම දැක්‌කා.

    සර්... අපි යන්නේ නැද්ද. මම ඇහුව.

    අපි යන්න ඕන නැහැ. අපි ඔන්න ඔහොම සද්ද නැතිව කෑම්ප් එකට යමු. ඔහු එහෙම කියලා නැගිට්‌ටා.

    ඒත් ඒ මොහොතේම එතනට හමුදාපතිතුමා පැමිණියා. එතුමා අපේ සී. ඕ. එස්‌. අයි. එස්‌. දසනායකව දැක වියරු වැටිලා අඩි පොළවේ හප්පලා කෑගහන්න පටන් ගත්තා.

    යකෝ උඹ තාම මෙතනද... උඹට මං ඕඩර්ස්‌ කළේ ගිහින් ඒ වැඩේ සිද්ධවෙන හැටි මට රිපෝට්‌ කරන්න කියල නේද.. තෝ ඒකට ගියේ නැත්නම් මම තෝව බල්ලෙක්‌ වගේ වෙඩි තියල මෙතන මරල දානවා.

    මේ තර්ජනයත් සමගම තැතිගත් අපේ සී. ඕ. මටත් කතා කරගෙන එතනින් ඇවිත් ඔහුගේ කාරයට ගොඩ වුණා. ගොඩවෙලා ඉදිරියට ගන්න ගමන් මගෙන් ඇහුවා දැන් අපි කොහාටද යන්න ඕන..

    මම දන්නේ නැහැ සර්...

    විජහයින් ගිහින් දුවල අහගෙන එනවා බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් ඊළඟට අපි කොහාටද යන්න ඕන කියලා.

    මම දිව්වා... මම යනකොට ජනරාල් වෛද්‍යරත්න ආපහු ගෙදර යන්න වාහනයට නගිනවා. දැන් මගදි අපේ සර් වාහනය මග නවත්තන් ඉන්නවා දැක්‌කොත් අනිවාර්යයෙන්ම එයා අපේ සර්ට වෙඩි තියනවා. මම දුවල ඇවිත් සර්ට කිව්වා ඔන්න සර් ජෙනරාල් එනවා අපි වෙන පාරකට දාල ඉමු කියලා.

    අපි ජනරාල් යනකන් හැංගිලා ඉඳලා පස්‌සේ බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් යන්නේ කොතනටද කියල අහගෙන තමයි බොරැල්ල කනත්තට ගියේ.

    ඒ වෙනකොට වෙන්න තියෙන ඔක්‌කොම දේවල් වෙලා ඉවරයි. අපේ නායක සහෝදරයාගේ ඔළුවෙනුයි පපුවෙනුයි උණු උණු ලේ ගලා ගිය ප්‍රාණය නිරුද්ධ නොවුණ සිරුර ආදාහනාගාරය ඉදිරියේ බිම දමා තිබුණා. එතන සිටි හැමෝම හිටියේ මහ තිරිසන්නු වගේ. සමහරු මේ ඉන්නේ රෝහණ විජේවීර කියලා හාංකවිසියක්‌වත් දැන සිටියේ නැහැ. අපි යන්න කලින් ගොල්ෆ් පිට්‌ටනියට අරන් ගිහින් තමයි වද දීල වෙඩි තියල තිබුණේ.

    ආදාහනාගාරයේ යතුර තිබුණේ නැහැ. කිහිපදෙනෙක්‌ ඔහුගේ නිල නිවසට ගිහින් යතුර ඉල්ලා හිටියා. ඔහු අන්ද මන්ද වුණා.

    අනේ සර්... මේක මගේ රාජකාරිය. මේ වගේ වැඩ මෙතෙන කෙරෙන්නේ නැහැ. යතුර නම් දෙන්න බැහැ...

    ඉහළ නිලධාරියාට යකා නැග්ගා ඔහු පිස්‌තෝලය ඇදල අරන් අර පුද්ගලයගේ ඔළුවට තිබ්බා. මේක විශේෂ රාජකාරියක්‌ පරයෝ. බල්ලෙක්‌ වගේ මරල දාන්න කලින් දීපන් යතුර...

    ඔහු යතුර දුන්නා. ආදාහනාගාරයේ දොරවල් දඩිබිඩි ගා ඇරුණා.

    යකෝ ඕකව උස්‌සල පද්දල වීසිකරපන් ඇතුළට. ඉහළ නිලධාරියා අණ දුන්නා. කිහිපදෙනෙක්‌ නායක සහෝදරයගේ සිරුර අමාරුවෙන් උස්‌සල පද්දල ඇතුළට වීසි කළා. සිරුර ආදාහනාගාරයේ කටේ වැදිලා ආපහු බිමට වැටුණා. නායක සහෝදරයා කෙඳිරි ගාන්න පටන් ගත්තා....

    අර ඉහළ නිලධාරියගේ කුණුහරුප වරුසාවක්‌ මැද ආයෙත් සැරයක්‌ සිරුර අමාරුවෙන් උස්‌සලා ඇතුළට වීසිකර ගත්තා..

    විනාඩි කිහිපයකින් ඔක්‌කොම ඉවර වුණා. මට බලා ඉන්න බැහැ. මම අපේ සී. ඕ. ළඟට ආවා.

    අපි යමු කෝප්‍රල්... ඔහු මට කිව්වා අපි වාහනේ නැගිල ආපහු ආවා. කවුරුවත් වචනයක්‌ කතා කළේ නැහැ.

    පහුවදා එළිය වැටුණාම දහවල් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳෙව්වා. එහිදී ඔහු හරි අපූරු ප්‍රකාශයක්‌ කළා.

    ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්තනායක නමින් උලපනේ ප්‍රදේශයේ සෙන්ට්‌ මේරි නම් වතුයායේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවත්, ඉන් පසුව ඔහු පක්‍ෂයේ සියලු රහසිගත තොරතුරු රජයේ ආරක්‍ෂක අංශවලට ලබාදුන් බවත්, කොළඹ පැවැති ජවිපෙ මූලස්‌ථානයේ තිබෙන තොරතුරු අඩංගු ලිපිගොනු රැසක්‌ ලබාදීමට ඔහු ආරක්‍ෂක අංශ සමග මූලස්‌ථානයට ගිය බවත්, එහි සිටි එච්. බී. හේරත් නමැත්තා අමතා රෝහණ විජේවීර ඉහත කී ලිපිගොනු බාර දෙන්නට කී බවත් රන්ජන් විජේරත්න ප්‍රකාශ කළා. ඒ අවස්‌ථාවේ ලිපි ගොනු අරගැනීමට ලාච්චුවක්‌ ඇර එහි තිබූ පිස්‌තෝලයක්‌ ගෙන එච්. බී. හේරත් එක වරම විජේවීරට වෙඩි තැබූ බවත් එහිදී ආරක්‍ෂක අංශ පෙරලා හේරත්ට වෙඩි තැබූ බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා අවසානයේ කීවේ වෙඩි තබා ගැනීම්වලින් දෙදෙනාම මියගිය බවය. ආරක්‍ෂක තත්ත්වය සලකා දෙදෙනාගේම සිරුරු බොරැල්ල කනත්තේදී ආදාහනය කළ බවද ඔහු ප්‍රකාශ කළා.

    ඇත්ත කතාව උඩු යටිකුරු කළ ප්‍රකාශයකින් සියල්ල නිමා වුණේ එහෙමයි. මටත් වැඩිකල් මෙහෙම ඉන්න නොලැබෙන බව මට තේරුණා. එතැන් සිට අපේ නායකයෝ එක්‌කෙනා එක්‌කෙනා අහුවුණා. ඒ කිසිවෙක්‌ගෙන් මං ගැන තොරතුරු ලැබිල තිබුණේ නැහැ. නමුත් දෙසැම්බර් 29 වැනිදා අත්අඩංගුවට පත් වුණ සමන් පියසිරි ප්‍රනාන්දුගේ අතේ තිබුණ ලිපි ගොනුවකින් මම ගැනත් තොරතුරු හෙළි වුණා. ඒ අනුව 1990 මාර්තු 14 වැනිදා අත්අඩංගුවට පත්වුණ මම යටාරෝ වධකාගාරයේ එක දිගට දින 19 ක්‌ දුක්‌ වින්ද... මම අද මේ බේරිලා ඉන්නේ එක්‌තරා දෛවෝපගත සිදුවීමක්‌ නිසා.

    බුලිත ප්‍රදීප් කුමාර


    උපුටා ගැනීම දිවයින පුවත්පත අන්තර්ජාල සංස්කරණය 2011.11.13

    http://www.divaina.com/2011/11/13/feature07.html
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මෙම නඩු තීන්දුව නොවැම්බර් 18 දිනට යෙදීමෙන් පැහැදිලි වන්නේ නමට මහරජා කාලකන්නි තෘප්තියක් ලැබීමට යන බව නොවේද? මෙවන් පහත් සිත් ඇති තිරිසනුන් ගේ අවසානය වැඩි ඈතක නොවේවායි පතමු!
    :yes::yes::yes: