සුදු වෙන්න ක්‍රීම් ගාන අයට

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
සුදු වෙන්න ක්‍රීම් ගාන අයට

දැන් ගොඩක් අය සම සුදු කරගන්න ක්‍රීම් ගාන්න පුරුදු වෙලා ඉන්නවනේ. ගැහැණු ළමයි වගේම පිරිමි ළමයිනුත් දැන් මේ දෙයට යොමුවෙලා. :yes:
හැබැයි ඉක්මනට සුදු වෙන්න පුළුවන් මේ ක්‍රීම් වර්ග සමට එච්චර හිතකර නැහැ. :no: ඒ මේවායේ වැඩි වශයෙන් බ්ලිචින් මෙන්ම අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන නිසා. :baffled: ඇත්තටම වටින්නේ නිරෝගී පැහැපත් තරුණ බවින් යුත් සමක් පවත්වාගෙන යාම මිසක් සමේ වර්ණය වෙනස් කරගැනීම නෙමෙයි. අපේ රටේ අය ගොඩක් සුදු වෙන්න හිතුවට වෙනත් රටවල් වල අය පිළිගන්නේ tan color එක තමයි ලස්සන කියලා. :D

f6ozI1Z.jpg


බ්ලිචින් ක්‍රීම් වර්ග වලින් සිදුවන්නේ මොකක්ද?

සමේ ස්වාභාවික මෙලනින් තත්ත්වය පාලනය කර සමේ ඇති කරන පිළිස්සීමේ ක‍්‍රියාවලියක් ඔස්සේ ඉතාම කෙටි කාලයකින් සම සුදු පැහැයට හැරවීම.

මෙය සමට අහිතකර ලෙස බලපාන්නේ කොහොමද?

01. බ්ලිචින් ක්‍රීම් දිගු කාලයක් භාවිතා කරනකොට සම සිනිඳු වෙලා සංවේදීතාව වැඩි වෙනවා. මේ නිසා අව්වට ගිය ගමන් කලින්ට වඩා දෙගුණයකින් සම කළු වෙනවා.
02. සම ඉක්මනින් වියලි භාවයට පත්වෙලා රැලි වැටෙනවා.
03. සම මත පැල්ලම් ආකාරයට ලප ඇතිවෙනවා.
04. සමේ පිළිකා ඇතිවීමට බලපානවා.
05. සම රතු වීම, සම කැසීම, සම ඉදිමීම වැනි තත්වයන් මතුවෙනවා.
06. සම ඉක්මණින් එල්ලා වැටීම සහ සමේ තරුණ බව ඉක්මණින්ම අතුරුදන් වීමට ලක්වෙනවා.
07. සමේ තුවාලයක් වැනි දෙයක් ඇති වූ විට එය සුව වීමට කාලයක් ගතවෙනවා.
08. සම නිරෝගී බවින් සහ ප‍්‍රතිශක්තියකින් තොර තත්ත්වයකට ලක්වෙනවා.

ඔන්න ඔය කියන භයානක ප්‍රතිඵල තමයි රසදිය අඩංගු ආලේපන දිගුකාලීනව භාවිත කිරීම මගින් ඇතිවෙන්නේ. සමහරවිට මේ තත්වයන්ට මුහුණදීලා ඉන්න අය මෙතන ඉන්න පුළුවන්. :sorry:
ඒ වගේම තමයි රසදිය අඩංගු ආලේපන වර්ග සම මතුපිට ආලේපනය කළත් ඒ්වා ශරීරයට උරා ගත් විට ඒවා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි කිරීමේ අවදානමක් පවතිනවා කියලත් වෛද්‍යවරුන් කියනවා.
දැන් ඔයාලට තේරෙනවා ඇති බ්ලිචින් ක්‍රීම් ආලේප කිරීමෙන් ඇතිවන භයානක තත්වය ගැන. :baffled: නොදැනුවත්කම නිසා හෝ ඔබ මෙම ආලේපන භාවිතයට පුරුදුවෙලා ඉන්නවා නම් එයින් මිදීමෙන් නැවත නිරෝගීමත්, පැහැපත් සමක් ඇති කරගන්න පුළුවන්. :yes:

සමේ පැහැපත් බව සහ නිරෝගී කම ආරක්ෂා කරගැනීමට කල හැකි දේවල්?

01. දිනකට ජලය ලීටර් 2ක් වත් පානය කරන්න.
02. නිතරම පලතුරු ආහාරයට ගන්න.
03. සමේ පැහැපත් බව වර්ධනය කරගැනීමට සුදු හඳුන්, කහ, කෝමාරිකා වැනි ස්වභාවික දේවල් භාවිතයට යොමුවන්න.
04. අව්වට යාමේදී සුදුසු sunscreen එකක් ආලේප කරන්න.
05. සම නිතරම පිරිසිදුව තබාගන්න.
06. සමේ පෝෂණයට අවශ්‍ය විටමින් A-B , විටමින් C, විටමින් E අඩංගු ආහාර ලබාගන්න.

සුදු, තලෙළු, කළු මොන පාට වුනත් නිරෝගී සම තමයි ලස්සන. ඒ නිසා අවදානමක් අරගෙන සුදු වෙනවට වඩා තියෙන සම නිරෝගිව තියාගන්න උත්සහ කරන්න. :yes::)
 

Snoooxx

Banned
  • Oct 22, 2017
    183
    20
    18
    මම නම් සුදු වෙන්න කිරි පිටි ගාන්නේ!:cool:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    සුදු, තලෙළු, කළු මොන පාට වුනත් නිරෝගී සම තමයි ලස්සන.
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    පිටර සුද්දො සුද්දියන්ගෙ (විශේෂයෙන් මැදි වයසෙ) හම නිකං හඩු වෙලා වගේ තියෙන්නෙ ඇයි.
    ගොඩක්ම අත පය වල මම දැකල තියෙනව

    ඔව්...හේතුව නම් දන්නේ නැ.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සුදු, තලෙළු, කළු මොන පාට වුනත් නිරෝගී සම තමයි ලස්සන
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොච්චර සුදු වෙන ක්‍රීම් ගෑවත් ලංකාවෙ උන් සුද්දියො තරම් ලස්සන නෑ :lol: