සුදු වෙන හැටි

hpalpola

Well-known member
  • සමාජ මාධ්‍යය ඇතුලෙ වගේම ජනමාධ්‍යවලත් ඔබ දැක ඇති සමහරක් වැඩසටහන් තියෙනවා එක්තරා පිරිසක් ඇවිල්ලා තමන් දියුණු වුන හැටි කියලා, බලන් ඉන්න අයටත් කියනවා ඔයාලත් මන් වගේ දියුණු වෙන්න කියලා. මේ අතරෙ ඇහැ ගැටුනා සුදු වෙන්න එහෙම නැත්නම් පැහැපත් වෙන්න ගාන ක්‍රීම් විකුණලා කෝටිපතියො වෙච්චි අයත් ඉන්න ආකාරය. ඇත්තටම ඒ මිනිස්සුන්ට දොස් කියන්න අවශ්‍ය නැහැ. ඒ අය කරන්නේ වෙළඳපලට අවශ්‍ය භාණ්ඩ සැපයීම. ඒ සැපයීම සඳහා මිලක් නියම කිරීම. ඒ තුළින් ඔවුන් වෙළඳාමක් කරලා ලාභ උපයනවා.

    වැඩේ කියන්නෙ ඒක නෙමෙයි. අපේ සමාජය අද ඉන්න තැන. අපි දන්නවා අපේ ඇඟේ පාටත් යුරෝපයේ ඉන්න මිනිස්සුන්ගේ ඇඟේ පාටත් වෙනස් කියලා. නිදසුනකට ගත්තොත් යුරෝපයේ ඉන්න මිනිස්සුන්ගේ ඇඟේ හම උපතින්ම සුදු පාටයි. හැබැයි අපේ ඇඟේ හම තද පාටයි. මේ වගේම තමයි අප්‍රිකානු රටවල ඉන්න මිනිස්සුන්ගේ හම කළු පාටයි. ඊට වඩා අපේ හම පැහැපත්. මේ හමේ පාට ලැබිලා තියෙන්නේ අපේ අකුසල කර්මයකටත් වඩා අපි ජීවත් වෙන කලාපය හැටියට. දැන් අපි ඉන්නේ සමකයට ආසන්නවනෙ. ඒ නිසා තමයි අපිට මේ හමේ තියෙන පාට ලැබිලා තියෙන්නේ. ඇයි අපිට එහෙම පාටක් ලැබිලා තියෙන්නෙ? වෙන මොකකටවත් නෙමෙයි අපේ ම ජීවිත ආරක්ෂාවට. ඔය පාට හදන රසායනික ද්‍රව්‍යයට කියන්නේ මෙලනින් කියලා. මෙලනින් වැඩි වෙන්න වැඩි වෙන්න තමයි ඇඟ කළු පාට වෙන්නෙ. මෙලනින් සඳහා විවිධ කරුණු බලපානවා. ඒ අතරෙ තියෙන එකක් තමයි හිරු එළිය. මේ ගැන කැමති අය අන්තර්ජාලය මගින් හෝ වෛද්‍යවරයකු මගින් තොරතුරු හොයා බලන්න.

    සමහර විට මේ කියවන ඔබ දැක ඇති සමේ රෝග නිසා සුදු වෙලා ඉන්න අය. සමහර වෙලාවට සුදු කබර හැදිලා කියලා අපි කියන්නේ. ඉතින් මේ අයට වෛද්‍යවරු බොහෝ වෙලාවට ප්‍රතිකාර කරද්දි නිර්දේශ කරනවා දැඩි අව් රශ්මියට නිරාවරණය වෙන්න එපා කියලා. ඒ වගේම ආහාර ජාතිත් විශේෂයෙන් නිර්දේශ කරනවා. ඒ, ඒ වගේ හම සුදු කෙනෙක් දැඩි අව් රශ්මියට නිරාවරණය වුනොත් නැත්නම් නුසුදුසු ආහාරයක් ගත්තොත් එයාට ඒක හානියක් වෙන නිසා.

    ඉතින් අපේ ඇත්තො මොකද කරන්නෙ. අර කලාපෙට ගැලපෙන්න නැත්නම් ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙන ස්වභාවික ආරක්ෂිත පාට වෙනස් කරගන්න හදනවා. පාට මදි. අන්තිමට මොකද වෙන්නෙ, ඇඟෙන් ම ඇඟ ආරක්ෂා වෙන්න හැදිලා තියෙන ආරක්ෂක පද්ධතිය, අපේ මැදිහත් වීමෙන් අයින් වෙනවා. ඉන්පස්සෙ වෙන දේ ගැන විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.

    හැබැයි ඉතින් දැන් සුදු වෙන්නත් එපැයි. ඒක මහා අවශ්‍යතාවයක් නැත්නම් ඉල්ලීමක්. ඉල්ලුම තියෙන ඕන දෙයක් විකුණන්න පුළුවන්. ඒ සරල න්‍යාය හඳුනාගන්න එක්තරා කොටසක් ගෑවොත් හරි බීවොත් හරි සුදුවෙන ද්‍රව්‍යයක් අර ඉල්ලීමට සපයනවා. සමහරු හොඳ බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරනවා. සමහරු ලෝකල් පාවිච්චි කරනවා. හොඳ බ්‍රෑන්ඩ්ස් අරන් බලන්න. ඒවා බහුතරයක් යුරෝපයට හදන ඒවා. ඇයි ඉතින් එහෙ සුදට ඉන්න එපැයි. මොකද යුරෝපය කියන්නෙ සමකය නෙමෙයිනෙ. හැබැයි ඉතින් සුදු වෙන්න අවශ්‍ය නිසා ඒවා තමයි සෑහෙන මිලක් දීලා ගන්නෙ.

    සමහරක් මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ ඇයි කියලා හිතා ගන්න අමාරුයි. ඒක අවිද්‍යාවද නැත්නම් මෝඩ කම ද කියලා දන්නෙ ඒ අයම තමයි.

    ඒක එහෙම තිබියදෙන්කො. බුදුහාමුදුරුවො දේශනා කරනවා නේ මෛත්‍රියෙ අනුහස්. එයින් එකක් තමයි හමේ වර්ණය ප්‍රසන්නවීම. බෞද්ධයො දන්නවා බුදුහාමුදුරුවො බොරු කියන්නෙ නැහැ කියලා. ඒත් කව්ද ඉතින් මෛත්‍රී කරන්නෙ? නොමිලයේ, මහන්සියක් නැතුව සහ වැඩදායී විදියට තමුන්ටත් යහපතක් කර ගෙන තමුන්ගෙ හම ප්‍රසන්න කර ගන්න තියෙන අවස්ථාවට වඩා මිනිස්සු කැමැති අනුන් දියුණු කරන්න. ඒකත් හොඳයි ඉතින්. කව්රු හරි දියුණු වෙනවනෙ.