සුදු_තේ_බොමු

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ලෝකෙටම සුදු තේ හදන ගාල්ලෙ ඇත්තෝ,නෙලන්නේ කන්‍යාවියෝ,කිලෝවක් 1,80,000 යි.


    Screenshot_2018-04-09-07-25-35_crop_530x240.jpg

    ශ්‍රී ලංකාව ඉපැරණි කාලයේ පටන් තේ වලට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන රටක්. කාතාවට කියන්නේ අපේ රටේ තේ යාය අහසට වියන් බැද ඇති සේ පෙනෙන බවකි. මේ කතාව ද තේ ගැන වුවද සාමාන්‍ය යෙන් පවතින තේ නොව මේ සුදු තේ ගැනයි. රන් කතුරු වල හඩත් රන්බදුන්වල රුවත් තරුණ තුරුණු රැවැති වු භද්‍ර යෞවන වියේ පසුවන කන්‍යාවියන්ගේ සුන්දරත්වයද එක්වු පසුව සත්තකින්ම මේ සුදු තේ යාය හැර දමා යන්නට මටනම් සිතක් නැත. එහෙත්,….. අපිත් සුදු තේ කෝප්ප කිහිපයකටම වග කියා මේ අසිරිමත් හරිත යායේ පිහිටි කළු තේ ගස්වලින් නිපදවෙන සුදු තේ දළුවලට සමු දී පිය නැගුවෙමු. යළිත් මනුලොවේ මිස දෙවිලොවේ දැකිය නොහැකි මේ දසුන් කියන්නේ ලංකාවේ සුන්දරත්වයි.

    සුදු තේ හදන ලොව පළමු රට ලංකාවයි. සුදු තේ කි‍ලෝවක මිල රුපියල් 1, 80,000කි. මිනිස් ස්පර්ශයෙන් තොරව සැකසෙන මේ සුදු තේ පළමු වරට මිනිස් ශරිරයේ ස්පර්ශවන්නේ දෙතොල්වල පමණි. එසේ වන්නේ මෙම සුදු තේ පානය කරන විට පමණි.

    ලෝකයට ම සුදු තේ සපයන මෙම තේ කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ ගාල්ල ඉමදුව අන්දුගොඩ ග්‍රාමයේය. මනරම් වටපිටාවකින් යුතු මෙම තේ කර්මාන්ත ශාලාව බැලු බැල්මටම අපුරුය. මනස්කාන්තය. වෙනත් රටකට ගියාදැයි සැක හිතේ.

    සුදු තේ කර්මාන්ත ශාලාවේ අධිපති ව්‍යාපාරික මාලිංග හර්මන් ගුණරත්න මහතා ලොව ප්‍රථම සුදු තේ නිපදවන පුද්ගලයාය, මේ සම්බන්ධයෙන් ඔහු මෙසේ පවසයි,

    මේ සදහා අපට රජයෙන් උපකාරයක් අවශ්‍ය නෑ. අපට මේ සදහා මුදල් තියනවා. හැකියාව තියනවා. මේ සම්බන්ධයෙන් කැපවීමක් කරන්න අපට හැකියාවක් තියනවා.අපි රටට ලෝකයට දිය යුතු වන්නේ තේ කර්මාන්තයට ඒ වාගේම සුදු තේ වලට ලෝකයේම මහගෙදර ලංකාව කරන්න උවමනායි. මේ සදහා පරිසරයක් තියෙන්නේ සකස් කරන්න හැකියාවක් තියනවා කියලා අපි ලෝකයටම කියන්න උවමනායි. මේ කර්මාන්තයට නව නිෂ්පාදන ක්‍රම හදුන ගන්න වෙනවා.

    Screenshot_2018-04-09-07-25-44_crop_538x356.jpg

    අපි මෙහි නව තේ වර්ගයක් හදනවා. අමු දළු කිලෝවකට රුපියල් 150ක සිට රුපියල් 175 දක්වා අපි ගෙවනවා. නමුත් සාමාන්‍ය අමු තේ කිලෝවක් වෙන්නේ රුපියල් 80ක් පමණයි. මේවාට මහන්සි වෙන්න උවමනායි. උඩ රට තේ වලට වඩා හොදයි . මෙය අප විතරයි ලංකවේ සිදු කරන්නේ මේ සුදු තේ වෙන කිසිදු තැනක සිදුකරන්නේ නෑ. මේ සුදු තේ අප සකස් කරන්නේ අමුතුම ආකාරයටයි. මෙය සත්තකින්ම හිතා ගන්නත් බැරි දෙයක් කියලා හිතෙන්න පුළුවන්. මා කල්පනා කරන්නේ මෙම සුදු තේ නිෂ්පාදනය වන විට තේ දළු තේ ගසෙන් කඩන අවස්ථාවේ සිට මෙම සුදු තේ සකස් කර ඇසුරුම් වල දමා දෙස් විදෙස් වෙළෙද පොළට ගෙනියන අවස්ථාව දක්වා ද කිසිදු අවස්ථාවක මිනිස් සම හෝ කිසිදු අවයවයක් ගෑවෙන්නේ වත් නෑ. ස්පර්ශ වන්නේ නෑ. මෙයයි මේ සුදු තේ කර්මාන්තයේ නිෂ්පාදනයේ ඇති සුවිශේෂ වු ලක්ෂණය. මේ සුදු තේ පළමු වතාවට මිනිස් ශරිරයට ස්පර්ශ වන්නේ ගැණුම් කරුවා මේ තේ පනය කරන විට පමණයි.ඒ තොල්වලට තමයි පළමු ස්පර්ශය ඇති වන්නේ ඒ නිසා කිසිදු අවස්ථාවක මේ සුදු තේ නිෂ්පාදනයේ දී මිනිස් ස්පර්ශයක් සිදුවන්නේ නෑ.

    මේ සුදු තේ නිෂ්පාදනය කරන තේ ගස කළුපාටයි.

    මේ සුදු තේ නිෂ්පාදය කරන තේ දල්ලේ ද නවතම විශේෂත්වයක් තිබෙනවා. මෙම තේ දළු නෙළන්නේ තරුණ කාන්තාවන් මේවා නිෂ්පාදන ක්‍රියාවලියේ සිට ඇසුරුම් කරනය දක්වාම සියල්ම සිදුකරන්නේ කන්‍යාවියන්ගේ දෑත්වලින් තමයි. මෙයත් මේ සුදු තේ වලට ඇති ආකර්ශණය ට බල පානවා. රත්තරන් කතුරුවලින් තමයි මේ සුදු තේ දළු නෙලන්නේ. පිරිසිදු රන් බදුන්වලට දමන්නේ අතින් අල්ලන්නේ නෑ. මිනිස් ස්පර්ශයක් නෑ.

    විශේෂිත ඇදුමක් සකස් කර තිබෙනවා මේ දඵ නෙලන යුවතියන්ගේ සිට නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ඇසුරුම් කරනය දක්වා සෑම කටයුත්තක දීම එය සිදුවනවා.

    මම මාගේ පුද්ගලිකවම මේ ක්‍රියාවලිය අධ්‍යනය සිදු කරනවා. අත්වැසුම් මුව වැසුම් දමාගෙන තමයි මේවා සකස් කරන්නේ රත්තරන් කතුරු රත්තරන් බදුන් රත්තරන් වලින් සකසන ලද විශේෂ උපකරණ වලින් තමයි සියල්ම සිදුවන්නේ පරිසරයේ සුන්දරත්වය ගහකොල වල ඇති පරිසරයක තමයි සියල්ලම සිදුවන්නේ.සමහර තේ ගස්වල මේ සුදු තේ වලට ගන්නා වු තේ දළු තියෙන්නේ එකක් හෝ දෙකක් පමණයි. මෙය මහා පරිමාණයෙන් සකස් කරන්න බෑ.

    අපේ තේ කර්මාන්ත ශාලාවටම ඇති වතුවලින් මාසයකටම මේ සුදු තේ කිලෝ 20 ක් වත් සකස් කර ගන්න බෑ.අපේ තේ කර්මාන්ත ශාලාවේම ආදායම මේ මගින් ලැබෙනවා. නමුත් සුදු තේ කිලෝවක් අප අළෙවි කරන්නේ රුපියල් 180,000ක් වැනි මුදලකට. දේශිය ගැණුම් කරුවන්ද සුදු තේ මිල දී ගන්නවා. විදේශිය ගැණුම්කරුවන් තමයි මෙම සුදු තේ වැඩි වැඩියෙන් මිල දී ගන්නේ.

    තේ කර්මාන්තයට ලෝකයේ පොදු ලොකු ඉල්ලුමක් තියනවා. ඉදිරියේ දි ඇතිවන කාලගුමෙය සකස් කරන හැටි ඇත්තටම රහසක්. විස්මයක් වශයෙන් තමයි කියන්න තියෙන්නේ. වසර 5000 කට පෙර සොන් හා ටැන් අධිරාජ්‍ය යුගය දක්වා මෙය ගමන් කරනවා. චීන අධිරාජ්‍ය යුගයේ චීන අධිරාජ්‍යට ලබාදුන් තිළිණයක් වශයෙන් තමයි මෙය සදහන් කළ හැක්කේ.

    පූජනීය ලබාදීමක් වශයෙන් තමයි සිදුකර තිබෙන්නේ. රන් කතුරුවලින් තේ දළු කපා සකස් කර එය මිනිස් ස්පර්ශයෙන් තොරව සකස් කර රන් භාජනයකට දමා තිළිණ කළා අධිරාජ්‍යයාට. සත්භාවයෙන් පූජනීය භාවයෙන් යුතුව. මෙම තේ මිනිස් ශරිරයේ ස්පර්ශ වන්නේ තේ බොන විට විතරය.

    මූලාශ්‍රය : දිනමින පුවත්පත
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කොහෙද දන්නේ නැහැ ඔය තේ දළු නෙලන්නේ නේද?:D;)
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    කොහෙද දන්නේ නැහැ ඔය තේ දළු නෙලන්නේ නේද?:D;)

    ඇයි කන්‍යාවියක් හොයා ගන්නද? :P
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    කන්‍යා වියක් කියල sure කරන්නේ කොමද
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    සුදු තේ කිවුවට, තම්බුවම සුදු වෙන්නේ නැහැ මම හිතන්නේ
    බොරු ප්‍රෝඩාවක් වගේ මට පෙන්නේ
    ලොකුවට කන්‍යයවියෝ කියල විකිණුම් සෙල්ලමක් යන්නේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    සුදු තේ කිවුවට, තම්බුවම සුදු වෙන්නේ නැහැ මම හිතන්නේ
    බොරු ප්‍රෝඩාවක් වගේ මට පෙන්නේ
    ලොකුවට කන්‍යයවියෝ කියල විකිණුම් සෙල්ලමක් යන්නේ

    ඉතින් බන් උන් උබට ඒවා විකුනන්නේ නැහැනේ.EXPORT නේ කරන්නේ.ඒකෙන් රටට විදේශ විනිමය එනවා.උබනම් නියම සිංහලයෙක් තමා.:rolleyes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කන්‍යාවියක් කියල බලන්නේ කොහොමද දන්නේ නැහැ නෙහ්. දළු කඩන්න පෙර බොක්ස් එක පරික්ෂා කරනවද ? රත්තරන් බඳුන් සහ කතුරු. :D විකාර නැත්නම් ෂෝක්. මේවා ඉතින් මෙච්චර මුදලක් ගෙවලා ගන්නේ මැන්ටල් කාරයෝ තමයි.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කන්‍යාවියක් කියල බලන්නේ කොහොමද දන්නේ නැහැ නෙහ්. දළු කඩන්න පෙර බොක්ස් එක පරික්ෂා කරනවද ? රත්තරන් බඳුන් සහ කතුරු. :D විකාර නැත්නම් ෂෝක්. මේවා ඉතින් මෙච්චර මුදලක් ගෙවලා ගන්නේ මැන්ටල් කාරයෝ තමයි.

    උන්ගේ target එකේ මේ ලාඕජි බොන උන් නෙමෙයි
    සෝබන වලට කැමති සල්ලිකාරයා‍ෙ
    ඒකයි ඔය කන්‍යාවියා‍ෙ,රත්තරං කතුරැ bla bla
    විකාර කරන්නේ