සුන්දර ඉන්දියාව

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මිනිසුන් 11,304 ක් නර්තනයෙන් සහභාහී වූ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ බිහූ උත්සවය.

    අපි අවුරුදු සමරන වෙලාවේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මිනිස්සු ගිනස් ලෝක වාර්තාවක් තිබ්බා. ඒ මිනිසුන් 11,304,ක ගේ සහභාගිත්වයෙන් එක වර නර්තනයක් ඉදිරිපත් කිරීමෙන්.

    බිහූ උත්සවය වාර්ෂිකව ඇසෑම් හී පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනයක්. එය ආගමික උත්සවයක් නොවුනත් හිංදු සහ බෞද්ධ සංස්කෘතීන්ගේ මුහුවෙන් අප්‍රේල් මාසයේ සැමරෙන අලුත් අවුරුදු සහ වී අස්වනු නෙලීම හා සම්බන්ධ සැමරීමක්.

    මෙහි විශේෂත්වය තමයි ඇසෑම් ප්‍රාන්තයේ සිටින සියළුම ජන කොටස් වල සහභාගිත්වය සහ සංස්කෘතික මුහු වීම මෙම උත්සවය ඔස්සේ ඔප් නංවා ගැනීම. එකිනෙකාට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීමට එය වැදගත්.

    පොටෝ බලලා මදි කියලා හිතුනොත් google කරලා වීඩියෝ බලන්න.

    ජයවේවා !

    පැතුම් කර්නර්
    #හරිත
     
    • Like
    Reactions: Thiefx and Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    පැතුම් කොරනෙල් එලකිරි සමාජිකයෙක් බව විශ්වාසවන්ත ආරංචිමාර්ග තොරතුරක් ලැබුනා. හැබැයි මේ ත්‍රෙඩ් ටිකටනම් පොරටත් හිනා
     
    • Like
    Reactions: riduna pm