සුනාමියට එහා ගිය බඩගින්න.

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ගෙඳවානේ kyanne koheda ban?


    sunamiya ape paththata awe naa. api ithin passe udaw karana ewata giya. eda poya dawase TV eke bana aha aha hitiye. ITN da koheda, Kande wihare thamai thibune wadasatahana.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවුරුදු 11 ට පස්සේ උඹට මොකද හිතෙන්නේ මචං...? :sorry:

    අවුරුදු එකොළහක් ගියා කියන එකත් හිතාගන්න බැහැ මචන්. අද ඊයේ වගේ ඒ මතකය.. අවුරුදු එකොළහක් තිස්සෙම මම මාසෙට කීප වතාවක් හීනෙන් සුනාමි එක්ක දුවල බයවෙලා ඇහැරෙනවා.

    එක වෙලාවේ එකට එකතුවෙලා මැරෙන්නේ එකට එකතුවෙලා පව් කරපු පිරිස් බන්. අකුසලය පරද්දන්න නම් කුසල් කල යතුයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෑහෙන දුක්බර මතකයක්......මට කැම්පස් එකේ යාලුවෙක් කියපු කතාවක් ඌ කියපු විදියටම කියන්නම් (පොරගේ ගෙවල් තිබ්බේ වැලිගම වෙරල අයිනේමයි.......)

    මචන් සුනාමිය එද්දි මමයි අම්මයි නංගියි ආච්චියි විතරයි ගෙදර හිටියේ......තාත්තා වැඩට ගිහින්......

    මම TV බල බලා හිටියේ......එක පාරටම මිනිස්සු කෑගහන සද්දයක් ඇහිලා අම්මයි නංගියි මමයි තුන් දෙනාම ගෙදරින් එලියට ආවා.......
    එතකොටම මහ විශාල රැල්ලක් ඈතින් එනව දැක්කා......දුවන්න වෙලාවක් නෑ කියන එක අපිට තේරිලා තිබ්බේ......ඊටත් වැඩිය බය හින්දමද කොහෙද අපි තුන්දෙනාම දිව්වේ නෑ.....
    අපි තුන්දෙනාම රැල්ලට අහුවුනා.....මට පීනන්න පුලුවන් හින්දා මිදුල් අයිනේ තිබ්බ පොල් ගහ ගාවට අමාරුවෙන් පීනගෙන ගිහින් පොල් ගහ හයියෙන් බදාගෙන හිටියා......

    එතකොටම මම දැක්කා නංගි ගහගෙන යනවා......තිබ්බ බය කොහෙන් ගියාද නෑ කියහන්කො......
    පුලුවන් උපරිම වෙර දාලා ආපහු පීනගෙන ගිහින් නංගිව අරන් ඇවිත් පොල් ගහ බදාගෙන ඉන්න කිව්වා.......

    නංගි මට පෙන්නුවා අම්මත් ඈත පොඩි ගහක් බදාගෙන ඉන්නවා......කොහොමහරි ගිහින් අම්මවත් පොල් ගහටම ගෙනාවා......

    ඒත් එක්කම මට ඇහුනා ඈතින් කෑගහන සද්දයක්......බලද්දි අපේ ආච්චි ඈතට ගහගෙන යනවා......
    මම ආයෙත් පීනගෙන යන්න හදද්දි අම්මා මගේ අත හයියෙන් අල්ලගෙන අඬ අඬා කිව්වා "පුතේ ඒ මගේ අම්මා උනත් දැන් යන්න එපා" කියලා.......

    ඒ වෙලාවෙන් පස්සේ මම කවදාවත් ආච්චිව දැක්කේ නෑ......

    Fuck..... :( :( :(
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පොලාගෙ බ්ලොග් එක පැත්තෙ යන්න බැරිවුනා කාලෙකින්...