සුනාමියට හසුවූ මා - මෙතෙක් නොකී කතාව - 2
සුනාමියට හසුවූ මා - මෙතෙක් නොකී කතාව - 1
....ඒ සමගම මිනිසුන්ද මුහුද පැත්තේ සිට පාරට දිව එමින් තිබේ "මුහුද ගොඩගලනෝ" ඒ සමගම වෑන් රථය නතර කෙරිනි....
එතැන් සිට
වෑන් රථයේ උන් සියලු දෙනා එයින් බැසගත් අතර , පසුපසින් පැමිණි මෝටර් රථයද නතර කෙරිණි. මෝටර් රථයේ ඉදිරිපස අසුනේ රියපදවමින් මාමාද අනික් පස බාප්පාද විය, බාප්පා එකෙනෙහිම
" මොන බොරුද යං යං යං "
කියා වාහනය ගොඩ වෙන්නට උස්සාහකරද්දී ගර්භණී කාන්තාවක් ඉතා වේගයන් පාරට දිව එන්නට විය
" අයියෝ මගෙ ළමයි දෙන්න නෑ වතුර පාර ආවා අනේ ඉක්මනට යන්"
එවෙලේ ඇතිවූ හැඟීම් ප්රකාශ කල නොහැකි අතර කරන්නේ කුමක්දැයි පවා සිතාගත නොහැකි විය. මේ අතර අප ඉදිරියෙන් ගිය මෝටර් රථය පෙනෙන්නට නොවීය. වහාම මාගේ පියා විසින් දුරකථන අමතුමක් ගන්නට විය.
" උඹ කොහෙද ඉන්නේ, ඉක්මනට වරෙන් මුහුද ගොඩගලනවා"
එහා පසින් අප සහෝදර අයියා කෙනෙකු කිසිවක් ප්රකාශ කල අතර දුරකථනයද විසන්ධි ගියාක් සේය. මොකෝ කියන්නේ මම පියාගෙන් විමසීය.
" අන්න ගඟක් උඩහට ගලනවලු උන් ඒක බලන් ඉන්නවා කියන්නේ"
පියාවිසින් නැවත ඇමතුමක් ගන්නා ලදී
" අම්මට #@$% නැතුව වරෙන් !@#$ බලන්නේ මෙහේ මුහුද ගොඩගලනවලු "
විනාඩියක් යන්නට මත්තෙන් ඔවුන් අප සිටි ස්ථානයට නැවත ලගාවිය . දැන් තව ප්රශ්නයකි බාප්පා පැමිණි මෝටර් රථය හරවා නැවත කලුතර පැත්තට ගමන් කර තිබේ.
අප වෑන් රථය සහ අයියා පැමිණි මොටර් රථයත් කලුතර දෙසට ගමන් කරයි. ඉදිරියෙන් මමත් පියාත් තව කීපදෙනක් සිටින වෑන් රථයත් , පසුපසින් සහෝදර අයියාගේ මෝටර් රථයත් පැමිණේ , බාප්පාගේ රිය පේනතෙක් මානයක නැත , ඔවුන් රට තුලට හැරෙව්වාද එහෙමත් නැත්නම් පාරේ කෙලින්ම ගියාද? මට මතක විදියට එවෙලේ දුරකථන ඇමතුමක් ගන්නට උත්සාහකලත් පලක් නොවීය. සියලු සම්බන්ධතා ඇණ හිට තිබේ.
එකෙනෙහිම දකින දෙයින් වෑන් රථයේ සිටි පිරිස තුශ්නිම්භූත වී ගියාක් සේය, පසු පස සිටි උන් කෑ ගසන්නටත් අඩන්නටත් වූ අතර පියා පැවසුවේ "කෑ ගහලා වැඩක් නෑ රට ඇතුලට වාහනේ හරවගන්න ඕනා , ඒත් කෝ අනික් කාර් එක කරන්න දෙයක් නෑ අපිට ඉස්සරහටම යන්න වෙනවා"

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1574186