සුනාමි... අනවශ්‍ය කලබල එපා...

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සුනාමි... අනවශ්‍ය කලබල එපා...

මම තංගල්ලෙ සහ කුඩාවැල්ලේ මුහුද ලග ඉදල දැන් ආවේ... මුහුදෙහි වෙනසක් නැත... ගොඩාක් බෝට්ටු වරායෙන් ගැඹුරු දියඹට රැගෙන යනවා...

මචන්ලා අනවශ්‍ය කලබල එපා... දැනට මගේ ඇස් දෙකෙන් වාහාන අනතුරු 4ක් විතර දැක්කා... කොල්ලො ආතල් එකට හෙල්මට් නැතිව හෙඩ්ලයිට් දාගෙන බයික් පැදන් යනවා... නිකන් අනතුරු ඇති කරගන්න එපා...

ජනාධිපතිතුමා අළුත් අවුරුද්දට ඇවිත් තංගල්ලේ කාල්ටන් වල හිටියේ... සුනාමි දැනුම් දීමත් සමග ඔහු මැදමුලනට ගියා... වැඩේ කියන්නේ තංගල්ලේ සිට පහසුවෙන් කෙලින්ම මැදමුලනට යන්න පුළුවන්කම තිබුණත් ආරක්ෂක හේතුමත බෙලිඅත්ත හරහා පරංගියා කෝට්ටේ යන්න වගේ වටෙන් තමා ගියේ....

ෆොරිනර්ස්ල බෙලිඅත්ත හරහා ගොස් වෙනත් හෝටල් වලට ගිහින්...(හැමෝම නෙමේ). වැඩේ කියන්නෙ මෙහෙට පණිවිඩේ එන්න කලින් සුද්දො දැනගෙන ගිහිල්ලනේ බන්.... වැඩි විස්තර පසුව කියන්නම්... ආයෙ ටවුන් එක පැත්තට ඔළුව දාල එන්නම්...
 
jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    vcn.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න මචන්ලා මම ආවා... කියන්න දේවල් ගොඩාක් තියෙනවා නිදහසේ ඒ තොරතුරු දෙන්නම්... මොනව වුනත් මේ වගේ වෙලාවකදී ආරක්ෂක අංශ සහා වෙනත් ආයතන කටයුතු කරපු විදියනම් ප්‍රශංසනීයයි....

    අනික තමා දැන් අපේ මිනිස්සු සුනාමිය ගැන හොදට දැනුවත්.... දියඹට ගිය බෝට්ටු නම් තවම ආවෙ නෑ... අපේ මුහුදු සීමාවේ ඉන්න මිනිස්සු නම් හොදින් මෙයට මුහුණ දුන්නත් මේ සුනාමි නොඓන තැන්වල ඉන්න අයගේ කලබලය නිසා ගොඩාක් කරදර උනා...

    කොහොම උනත් මුහුද නම් වෙනදට වඩා හරිම වෙනස්... ඒ ගැන පසුව කියන්නම්..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැසූ කඩවල් දැන් එකෙන් දෙක විවෘත කරනවා....
    ට්‍රැෆික් එකනම් තාම එහෙම්මමයි...

    කැතම වැඩේ කියන්නෙ ගොඩාක් අය ෆුල් ටැංක් ගහනවා බයට... එක සෙඩ් එකක තෙල් ඉවරයි... අනිකේ පට්ට පෝලිම...

    වැල්ලේනම් කිසිම වෙනසක් නෑ... සුනාමි අනතුරු ඇගවීම වෙලාවෙත් එහි ලොකු කලබලයක් තිබුනේ නෑ... දැන් දැන් දියඹට ගිය බෝට්ටු නැවත එනවා...

    දියඹට ගිය සහෝදරයො කිහිපදෙනෙක් ඉන්නවා.. ඔවුන් පැමිණි විගස අළුත් තොරතුරු දෙන්නම්...

    කොහොම උනත් වැල්ලේ මිනිස්සු කලබල නොවුනේ ඇයි කියන එකනම් ගැටළුවක්.. සුනාමි කියල වාර්තා උනාම ගොඩට දුවන්න ඕන එකේ ගොඩාක් අය ආවේ මුහුද පැත්තට... බය නැතිවද මෝඩ කමද මම දන්නේ නෑ...

    නිකන් අනවශ්‍ය කලබලය නිසා අනතුරු නම් බරගානක් උනා... අපිට පුළුවන් විදියට ඔවුන් ඉස්පිරිතාල වලට යැවුවා... දැන් නම් අනතුරු සංඥා නිවා දමල තියෙන්නේ...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අමුතු මුසල ගතියක් තියනවා . මහ සුනාමියට කලින්දා වගේ .
    අම්මට සිරි,, කොහොම හරි ආයෙනම් එවන් විපතක් සිදු නොවේවා කියලා තමයි ප්‍රර්ථනා කරන්නේ..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    :D

    වැසූ කඩවල් දැන් එකෙන් දෙක විවෘත කරනවා....
    ට්‍රැෆික් එකනම් තාම එහෙම්මමයි...

    කැතම වැඩේ කියන්නෙ ගොඩාක් අය ෆුල් ටැංක් ගහනවා බයට... එක සෙඩ් එකක තෙල් ඉවරයි... අනිකේ පට්ට පෝලිම...

    වැල්ලේනම් කිසිම වෙනසක් නෑ... සුනාමි අනතුරු ඇගවීම වෙලාවෙත් එහි ලොකු කලබලයක් තිබුනේ නෑ... දැන් දැන් දියඹට ගිය බෝට්ටු නැවත එනවා...

    දියඹට ගිය සහෝදරයො කිහිපදෙනෙක් ඉන්නවා.. ඔවුන් පැමිණි විගස අළුත් තොරතුරු දෙන්නම්...

    කොහොම උනත් වැල්ලේ මිනිස්සු කලබල නොවුනේ ඇයි කියන එකනම් ගැටළුවක්.. සුනාමි කියල වාර්තා උනාම ගොඩට දුවන්න ඕන එකේ ගොඩාක් අය ආවේ මුහුද පැත්තට... බය නැතිවද මෝඩ කමද මම දන්නේ නෑ...

    නිකන් අනවශ්‍ය කලබලය නිසා අනතුරු නම් බරගානක් උනා... අපිට පුළුවන් විදියට ඔවුන් ඉස්පිරිතාල වලට යැවුවා... දැන් නම් අනතුරු සංඥා නිවා දමල තියෙන්නේ...

    ade machan ubanam hodai pradeesheeya wartha karuwekuta :D :D :D.:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mamath hawasa seen eka balanna kiyala Mount Lavinia beach ekata yanna hitiyata yanna widiyak naha,Piliyandala-Katubadda route eke patta traffic ekak thibune,Tangalle,Galle,Kataragama wage dura buses okkoma giye mehen,godakma Kottawa highway eka haraha yawanna ona nisa thamai ehema karala thiyenne.